fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියානු හදවතක් ලද පකිස්ථාන යුවතිය

    ඉන්දියානු හදවතක් ලද පකිස්ථාන යුවතිය

    දහනව හැවිරිදි පකිස්ථාන යුවතියකට ඉන්දියාවේ චෙන්නායි පිහිටි එම්.ජී.එම් හෙල්ත්කෙයාර් රෝහලේ දී සාර්ථක හදවත් බද්ධ කිරීමක් කර තිබේ.

    පසුගියදා සිදුකළ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය ලැබු 19 හැවිරිදි අයේෂා රෂාන් මෙනවිය පළමුවරට මාධ්‍යට පැමිණෙමින් තමන්ට නැවත ජීවිතය දීමට දායක වු ඉන්දියානු වෛද්‍යවරුන්ට සිය කෘතවේදිත්වය පළ කළාය.

    අයේෂා රෂාන් මෙනවියට මෙලෙස බද්ධ කර තිබුණේ ඉන්දියාවේ දිල්ලි නුවර මොළය මියගිය හැටපස් හැවිරිදි අයෙකුගේ පරිත්‍යාගශීලි හදවතයි. මෙම පරිත්‍යාගයට මුල පිරූ සියලුදෙනාටත් අයිෂ්වර්යන් භාරය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත් ඇයගේ මව සිය අවංක ස්තුතිය පළ කළාය.

    මම නැවත ඉන්දියාවට එනවා යැයි අයේෂා රෂාන් උද්වේගයෙන් යුතුව මාධ්‍යට පැවසුවාය. ඇයගේ සිහිනය රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස ජීවිතයේ ඉදිරියට යාමයි. ඇයට කළ මෙම සැත්කම තවත් ආකාරයකට ඉන්දු පකිස්ථාන බැඳීම ශක්තිමත් කිරීමට දෙන සමාජ පණිවුඩයක් බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

    පරිත්‍යාගශීලීන්ගේ හදවත දිල්ලියේ සිට පැමිණි අතර තරුණ දැරිය වාසනාවන්ත වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරේෂ් රාඕ සහ සැත්කමට නායකත්වය දුන් වෛද්‍ය කේආර් බාලක්‍රිෂ්ණන් මහත්වරු පැවසූහ.

    “ඇය මගේ දුව වගේ… හැම ජීවිතයක්ම වැදගත්” වෛද්‍යවරු ඇගේ සතුට දැක පැවසූවේ එවැන්නකි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.