fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර අම්පිටියේ සිසුවාට පෙට්‍රල් දමා ගිනිතැබූ මෘගයා අල්ලයි

    මහනුවර අම්පිටියේ සිසුවාට පෙට්‍රල් දමා ගිනිතැබූ මෘගයා අල්ලයි

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් ලබාගත් සිසුවෙකුගේ පියාගෙන් කප්පම් ඉල්ලා එය නොලැබුණු තැන දරුවාගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තැබූ මහනුවර අම්පිටියම පොලීසියේ ආශිර්වාදයෙන් බිය ගන්වාගෙන සිටින පැතුම් නැමැති අපරාධකරුව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.

    බූවැල්ලේ ගෙදර මලික් නිසංසල නොහොත් පැතුම් නැමැති මෙම අපරාධකරු විසින් පසුගිය 26 වෙනිදා එම දරුවාට ගිනි තබා ඇත.

    අම්පිටියේ ශාන්ත ක්ලෙමන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින ග්‍රේෂන් නියුමන් බර්නි සපෝන් නැමැති මෙම දරුවා මෙවර අපොස සාමාන්‍ය විභාගයට මුහුණ දී ඒ සාමාර්ථ 06ක්, බී. සාමාර්ථ 02ක් සහ සී සාමාර්ථ 01ක් ලබාගෙන ඇති අයෙකි.

    විභාගය මෙතරම් ඉහළින් සමත්වීම හේතුවෙන් මෙම දරුවාගේ මවගේ නැගණිය විසින් දරුවාට ඉකුත් 26 වෙනිදා සිය නිවකට ආරාධනාකර රාත්‍රී ආහාර වේලක් ලබාදී තිබේ. ඒ සඳහා දරුවා පැමිණ ඇත්තේ සිය පියා සමඟ යතුරු පැදියක නැගීය. මවට පැමිණිමට නොහැකි වූ බැවින් නැගණිය විසින් ඇයටද කෑම පාර්සලයක් සකස්කර දී තිබේ.

    එම නිවසේ සිට යතුරු පැදියේ නැගී මෙම දරුවා පියා සමඟ නැවත සිය නිවසට යමින් සිටියදී කඩුවක් අතින් ගත් පැතුම් නැමැති අපරාධකරු පාර හරහා පැන මුදල් ඉල්ලා ඇති බවත් මුදල් නොදීම හේතුවෙන් දරුවාට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇති බවත් පොලීසිය කියයි. මේ වන විට එම දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

    මෙම අපරාධකරු ඊට පැයකට පමණ පෙර අම්පිටියේ නිවසකට දොර කඩාගෙන ඇතුළු වී පැට්‍රල් දමා නිවසට ගිනි තබා රුපියල් 10,000ක කප්පමක්ද ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.

    මෙම අපරාධකරු පසුගිය 07 වෙනිදා පුද්ගලයෙකුව විදුලි කණුවක ගැටගසා කඩුවකින් කපාකොටා තුවාල කර ඇති බවත් ඒ පුද්ගලයාද මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත. ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිලි කර ඇතත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට එතරම් උනන්දුවකින් කටයුතු කර නැත. ඒ තත්වය මත එම අපරාධයට හවුල් වූ පැතුම් නැමැති අපරාධකරුගේ ගෝලයෙක් ගමේ කිහිප දෙනෙක් එක්ව පහරදී ඇති බව ගම්වැසියන්ගෙන් ලැබෙන තොරතුරුවල සදහන්ය. එහිදී පොලීසිය දැඩි උනන්දුවකින් එම පුද්ගලයාගේ පැමිණිල්ල සටහන්කරගෙන ගම්වැසියන්ව අත්අඩංගුවට ගෙන සැකකරුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙමින් පැමිණිල්ල සමථයකට පත්කර ඇති බවද සඳහන්ය.

    එදා පොලීසිය ක්‍රියාත්මක වෙමින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළේ නම් අහිංසක දරුවෙක්ට මෙවැනි අපරාධයක් සිදු නොවන බව ගම්වැදියන් සඳහන් කරති.

    මෙම අපරාධකරු අම්පිටියේ පාතාල භීෂණයක් පතුරුවාගෙන සිටින්නෙක් බවත් පොලීසියෙන් ඔහුට ලැබෙන සහය නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් ගම්වැසියන් සඳහන් කරති.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.