fbpx
තවත්
    මුල් පිටුවspecialරජයට එරෙහිව චීනය පුරා අරගල

    රජයට එරෙහිව චීනය පුරා අරගල

    චීනය පුරා දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් නිර්මාණය වී ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසින් චීන ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව මේවන විට දහස් ගණනක් වූ විරෝධතාකරුවන් චීනයේ ෂැංහැයි නගරය වෙත පැමිණ ඇති බවත් එහිදී ඔවුන් විසින් දැඩි ආණ්ඩුවිරෝධී පාඨ සහ පුවරු සහිතව සිය විරෝධය පළකරන බව බීබීසි පුවත්සේවය වාර්තා කර තිබිණි.

    මෙම විරෝධතා වලට මූලික හේතුව වී ඇත්තේ චීන රජය විසින් එරට තුල ගෙන යන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර චීනය පුරා හටගෙන ඇති විරෝධතා වර්ධනය වීමට ප්‍රධානතම හේතුවක් ව ඇත්තේ චීනයේ Urumqi නගරයේ කොරෝනා වැලැක්වීම සඳහා එහිසිටි ජනතාව සමඟ වසා දැමූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු මියයාමයි.

    එහිදී ජනතාව ප්‍රකාශ කර ඇත්තේ රජයේ දැඩි කොරෝනා මර්ධන සීමා හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටින ජනතාවට පිටතට පැමිණීමට නොහැකි වූ බවයි.

    චීනයේ විශාලතම නගරය සහ රටේ නැගෙනහිර ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහයි හි සෙනසුරාදා රාත්‍රියේ විරෝධතාවයේදී මිනිසුන් “ෂී ජින්පින්, ඉවත් වන්න” සහ “කොමියුනිස්ට් පක්ෂය, ඉවත් වන්න” වැනි සටන් පාඨ විවෘතව කෑගසනු ඇසුණූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    එහිදී ඇතැම් පුද්ගලයින් සමහරු හිස් සුදු බැනර් අතැතිව සිටි අතර තවත් සමහරු ඉටිපන්දම් දල්වා Urumqi හි විපතට පත් වූවන් වෙනුවෙන් මල් තැබූහ.
    එවැනි ඉල්ලීම් චීනය තුළ අසාමාන්‍ය දසුනක් වන අතර, රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම සෘජු විවේචනයක ප්‍රතිඵලයක් වශයෙන් දරුණු දඬුවම් පැමිණවිය හැකිය.

    එහෙත් විශ්ලේෂකයින් පවසන්නේ චීනයේ කොරෝන මර්ධන ප්‍රතිපත්ති කෙරෙහි වැඩෙන අතෘප්තිය රජය දැඩි ලෙස අවතක්සේරු කර ඇති බවක් පෙනෙන්නට ඇති අතර, එයින් ඉවත් නොවන බවට මෑතකදී ප්‍රතිඥා දුන් ෂී ජින්පිං සමඟ තත්ත්ව දරුණු අතට පත්ව ඇති බව ආවරණයවේ.

    කෙසේවෙතත් චීනය මේවන විට ගෙන යන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති එරට ආර්ථිකයටද දැඩි ලෙස බලපා ඇති අතර එය එරට ආර්ථික වර්ධන වේගය මෙන්ම ඇතැම් නිෂ්පාදනගාර චීනයෙන් වෙනත් රටවල පිහිටුවීමටද අයෝජකයින් පියවරගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.