fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද යුක්රේනුවා ඇතුළු 8ක් අල්ලයි

    අනුන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද යුක්රේනුවා ඇතුළු 8ක් අල්ලයි

    පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගණුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ප්‍රවිශ්ඨ වී රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ හැටපන්දහසක මුදලක් වංචා සහගතව ලබා ගැනීමක් සම්බන්ධයෙන් යුක්රේන් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල, ගාල්ල යන ප්‍රදේශවලදී ප මෙම සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 වෙනිදාය.

    සැකකරුවන් අවුරුදු 22ත් 26ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔවුන් වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් 08 දෙනා පෙරේදා (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.