fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කියන දේ නාහන රාජ්‍ය ආයතනවලට ඉහළින් දැඩි නියෝගයක්

    කියන දේ නාහන රාජ්‍ය ආයතනවලට ඉහළින් දැඩි නියෝගයක්

    රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන වියදම් අත්හිටුවමින් නිකුත් කර ඇති චක්‍රලේඛය තදින් ක්‍රියාත්මක කරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යළි දැනුම් දී තිබේ.

    රජයේ වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන විසින් විවිධ උත්සව සදහා දරනු ලබන වියදම් අත්හිටුවමින් අංක 3/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛය නිකුත් කර තිබුණේ අප්‍රේල් මස 26 වනදායි.

    පසුව තවත් චක්‍රලේඛ කිහිපයක් මගින් උත්සව කටයුතුවලට අදාලව වියදම් නොදැරිය යුතු බවට රාජ්‍ය ආයතන දැනුම්දීමක් කර තිබුණද එම නියමයන්ට පටහැනිව තවදුරටත් එවැන වියදම් දරනු ලබන බවට වාර්තා වි ඇත.

    භාණ්ඩාගාර ලේකම් කේ.එච්. මහින්ද සිරිවර්ධන විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් මෙන්ම රාජ්‍ය බැංකු ප්‍රධානීන් වෙත පෙරේදා යලි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ඒ අනුව ය.

    මේ යටතේ රාජ්‍ය ආයතනවල විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරි භාර ගැනීම හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයිම් භාවිත කරමින් දරනු ලබන වියදම් නැවැත්විය යුතු බවට නැවත අවධාරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.