තවත්

    නාදියා මුරාද්

    0

    නාදියා තවමත් වයසින් තිස්විය ඉක්මවා නැත. එහෙත් ඈ වෙතින් පළවන කල්පනාකාරී ශෝකභරිත ස්වභාවය ඈ ට ඊට වඩා මුහුකුරා ගිය පෙනුමක් ලබා දී ඇතැයි සිතේ. ඉරානීය-පර්සියානු සම්භවයක් සහිත යසිඩි ජාතිය නියෝජනය කරන ඈ පසුගිය 2018 වසරේ ලෝක සාමය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නමුත් ඒ වෙත පැමිණි ඇගේ ගමන කිසිසේත්ම සුන්දර වූවක් නොවේ.

    ඉරාකයේ සින්ජාර් කඳුකරය අසල කොචෝහි උපන් ඈ සම්ප්‍රදායික ගොවි පවුලක ගැහැණු ළමයෙක් වූවාය. ඉරාකයේ අරාබි සම්භවය ඇති බහුතර මුස්ලිම්වරුන් විසින් නිරන්තර පීඩනයට ලක් කළ එරට සුළු ජන කොටසක් වූ යසිඩිවරුන්ගෙන් පැවත ආ ඇය කුඩා කාලයේ සිටම සිය සම්ප්‍රදාය හා ආගම දිවි දෙවෙනි කොට ඇදහීමේ ඉගැනුම ලද්දියකි. දුගීබවත්, අඩු අධ්‍යාපනත් වෙලාගත් කොචෝ හි කෙදිනක හෝ රූපලාවන්‍ය ශිල්පිනියක වීමේ නොතිත් ආසාවක් මිස එ.ජා.ගේ මහ සමුළු අමතන හීනයක ඈ නොසිටියාය.

    වාර්ගික දේශපාලනයත්, එහි අතුරු ඵල ලෙස හටගත් ත්‍රස්තවාදයත් ඇගේ රට ගිල ගනිද්දී ඈ එහි අමිහිරි ප්‍රතිපල ලබන්නේ එසේ සම්ප්‍රදායික යසිඩි තරුණියක ලෙස තම ගමේම තුන්වේලට හොඳ හැටි ආහාර ගන්නට හැකි තරමේ ආදායම් මාර්ගයක් තමන්ටත් තම පවුලටත් හිමි වේවා යන අහිංසක බලාපොරොත්තුවක සිටිනා කාලයකය.

    අයිඑස්අයිඑස් ත්‍රස්තයන් ඇගේ සොහොයුරන් හය දෙනෙකුත්, ඈ මහත් සේ ආදරය කල දේශපාලනය යනු කුමක්දැයි හරි හැටිවත් නොදැන හිටි නූගත් ගැමි ගැහැණියක වූ මවත් හිත්පිත් නැති සේ මරා දමද්දීත්, ඉන්පසු ලිංගික වහලියක කරගෙන ඇගේ ආත්මය අමු අමුවේ මරා දමද්දීත් අනාගත ලෝකයක් වෙත ත්‍රස්තවාදයේ කුරිරු බව තේරුම් කර දෙන්නට බලාපොරොත්තුවක් ඈ වෙත නොදැල්වී පැවතුන බව පෙනේ. 2014 නොවැම්බර් මාසයේ අයි එස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් මිදී ජර්මනියට යන ඈ එහි සිටත් ඉන් පසු ලෝකය පුරාත් තම වර්ගයාට සිදුවූ කුරිරු අසාධාරණය ගැන තම හඬ අවදි කිරීමට අවස්ථාව ලබන්නීය. 2017 දී එංගලන්තයේ සුප්‍රකට නීතිවේදිනියක වූ අමල් ක්ලූනි ගේ අවධානයට පාත්‍ර වන ඈ ඒ යහපත් කාන්තාවගේ උදව් ඇතිව එක්සත් ජාතීන්ගේ අවධානය කොචෝ අර්බුධය වෙත ලබා දෙන්නට සමත් වන්නීය.

    කවර ආගමකට හෝ කවර ජාතියකට අයත් වුව ද හිංසනයන් තොරව ජීවත් වීමට මිනිසාට අයිතිවාසිකමක් ඇති බව ඇගේ කතාව ලෝකයට කියා දෙයි. 2017 දී The last girl : my story of captivity and my fight against the Islamic state ස්වයං චරිතාපදානයෙන් ඇය විඳි සාහසිකත්වයන් නිරාවරණය කරමින් නිදහස පිළිබඳ අගයේ සමානාත්මතාව ගැන ලෝකය නිරුත්තර කරන්නීය.

    සැබෑවටම ලෝකයට තවත් තමන්ට වන අසාධාරණ හඬ ගා කියන නාදියා මුරාද්ලා අවශ්‍ය නැත. ලෝකයට අවශ්‍ය විය යුත්තේ තම හීනය හඹා ගොස් රූපලාවන්‍ය ශිල්පිනියක වන ගැමි කෙල්ලක ගේ කතාවකි.

    නමුත් අවාසනාවකට එය එසේ නොවීය.

    (ඇගේ කෘතිය රෝහණ වෙත්තසිංහ විසින් ගිනිගත් සඳ නමින් පරිවර්තනය කර ඇත.)

    අයවැයට කලින් ගුරු- විදුහල්පතිවරුන්ට බැසිල් කී රහස

    0

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අයවැයෙන් අමතර රුපියල් මිලියන 30,000ක් වැය කරන බවත් ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපන සඳහා වැය කරන මුදල සමස්ත අයවැයෙන් 7.51%ක් වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ට අද දැනුම් දී තිබේ.

    විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ. ඒ අනුව වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීමට ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තුති කළේය.

    මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

    “අපි මේ පිළිබඳව මුලින්ම සාකච්ඡා කළේ ජූලි මාසේ 26 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීයි. එහි දී මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමත්, ගාමිණී ලොකුගේ මැතිතුමා, ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමත්,විමල් වීරවංශ මැතිතුමත්, උදය ගම්මන්පිල මැතිතුමත්, රමේෂ් පතිරණ මැතිතුමත්, ලසන්ත අලගියවන්න මැතිතුමත් ඇතුළත් කමිටුවක් පත් කළා. ඒක පසුව 4 දෙනෙකුට සීමා වුණා. එහි නිර්දේශයක් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යවරයා හැටියට මගේ නිරීක්ෂණය ඉදිරිපත් කළේ මූලිකව මෙම ඉල්ලීම් සියල්ල වැටුප් වැඩිවීමක් නෙමෙයි කියලා. මේක අවුරුදු විස්සක් විසි පහක් පවතින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක්. මෙය නිවැරදි කරන්න කියලා තමයි ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණෙ. අපේ නිර්දේශය වුණේ සමස්ත රාජ්‍ය සේවය තුළ වැටුප් සම්බන්ධ අසමමිතිකතාවක් ඇති නොවන පරිදි ඉදිරි අය-වැය තුළින් සළකා බැලීම සුදුසුය කියලා.

    දැන් අය-වැය එනවා. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කරලා තියෙනවා. මේ පිළිබඳව මල්-වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දේශපාලන පක්ෂත්, මා හමුවුණ අවස්ථාවලදිත් පැවසුවේ මේ ගුරු-විදුහල්පති ප්‍රශ්නය මෙවර අය-වැය තුළින් විසඳන්න කියලා. ගරු අගමැතිතුමත් විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අධ්‍යාපන ඇමතිතුමත් නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම මේක විසඳන්න කියලා. වෘත්තිය සමිති පැත්තෙන් විශාල සහයෝගයක් මේ වෙලාවේ අපට ලැබිලා තියෙනවා. අපට ඕන වුණ එකම දේ අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. මේ වෙනකොට සියලුම පාසල් විවෘත කරලා සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් කටයුතු සිදුවෙනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් වුණත් නිර්දේශිත මේ මුදල වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

    මේක විෂමතාවක් ඉවත් කිරීමක් මිස වැටුප් වැඩිවීමක් නෙමෙයි. මෙතන සිටින මහා සංඝරත්නය ඇතුළු වෘත්තිය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා අවුරුදු විසි ගණනක් විසඳන්න බැරිව තිබුණ වැටුප් විෂමතාවක් සාධාරණ මට්ටමෙන් විසඳීමක් විධියට දකින්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව දැනට වෙන් කරලා තියෙන මුදලට අමතරව රු. මිලියන 30000ක් අපි ලබන අය වැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වෙන් කරනවා. අය-වැයටත්, කැබිනට් මණ්ඩලයටත් ඉස්සරවෙලා ඔබතුමාලට කිව්ව එකම රහස ඒක.

    අනිත් ඇමතිවරු දොස් කියන එකක් නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මෙතන නොහිටියත් මේක විසඳන්න කියලා ඉල්ලුවා. එයත් සිහිපත් කරනවා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය වෙනුවෙන් මෙය විසඳන්න අපි තීරණය කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්න කියලා සමහරු උද්ඝෝෂණය කළා. අවසානයේ ඔවුන්ගෙ වැටුප් සියල්ල වැඩි කළා. හැබැයි ඊට පස්සේ සියයට 6 අමතක කළා.

    හැබැයි අපි මේ පාර අය වැය ලේඛනයෙන් අපේ සම්පූර්ණ වියදමෙන් සියයට 7.51ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන් එය වෙන්කරන්නෙ. ජනාධිපතිතුමත්,අගමැතිතුමත් විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමත් අපෙන් ඉල්ලුව මේක කරන්න කියලා. මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අය වැයෙන් සියයට 6 ඉක්මවන්නෙ.

    එදා උද්ඝෝෂණ කළ අයට අමතක වුණාට, මහින්ද ජනාධිපතිතුමා ඇතුළු අපේ රජයට එය අමතකු වුණේ නැහැ. අපි පිළිගන්නවා අධ්‍යාපනය මේ රටේ ලොකුම ආයෝජනය කියලා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ගත්තම අපි ලෝකයේ ඇතැම් දියුණු රටවලට සමාන මට්ටමේ ඉන්නවා. දකුණු ආසියාවේ අපි ඉහළම තැනක ඉන්නවා. අයෝජනය වගේම ඵලදායීතාවත් වැඩි කරන්න කියලා අපි මේ හැම වෘත්තිය සමිති නියෝජිතයෙකුගෙන්ම ඉල්ලනවා. අධ්‍යාපනය දියුණු කරන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය අධ්‍යාපන අමාත්‍යාංශයට, රජයට දෙන්න කියලා ඉල්ලනවා. ඊට එහා යන ඉල්ලීම් ගැන මුදල් ඇමතිවරයා හැටියට අපිට කතා කරන්න පුළුවන්” යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න,වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං,ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීශ්වර විමලරත්න, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් වීරසිංහ මහත්ම මහත්මීහු ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ පත්කිරීමට කොළඹ සරසවි ආචාර්යවරුන්ගෙන් විරෝධයක්

    0

    කොළඹ විශ්ව විද්‍යාල නව කුලපතිවරයාගේ පත්කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    කොළඹ විශ්ව විද්‍යාවිද්‍යාලයේ කුලපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සභාපති මහාචාර්ය සුදර්ශනී වාසල තන්ත්‍රී මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

    විශ්වවිද්‍යාලයක කුලපතිවරයා යනු එම විශ්ව විද්‍යාලයේ ගෞරවණීයත්වයේ සංකේතයක් හා මූර්තියක් බඳු යැයි ද කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ගෞරවයට පාත්‍ර වූ විශ්ව විද්‍යාලයක් බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් තම සංගමය කනස්සල්ලට පත්වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

    වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් OIC පුටුවක්

    0

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් ස්ථානාධිපති ධූරයක් හෙට නැවත හිමිවීමට නියමිතය.

    ඒ හෙට අලුතින් විවෘත කරන ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධුරයයි.

    ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක් වන කාංචනා සමරකෝන් මහත්මිය එහි ස්ථානාධිපතිවරිය ලෙස පත්කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ .

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් පළමුවරට පොලිස් ස්ථානාධිපති ධුරයක් දරා ඇත්තේ 1997 වසරේදීය.

    ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කළ පද්මිණි මහත්මියයි.

    ඇයගෙන් පසු කාන්තා පොලිස් නිලධාරිනියකට මෙතෙක් පොලිස් ස්ථානාධිපති ධුරය හිමිව තිබුණේ නැත.

    කාංචනා සමරකෝන් මහත්මිය ද මේ දක්වා පොලිස් ස්ථානවල කාන්තා හා ළමා කාර්යංශවල ස්ථානාධිපති ධුරයේ කටයුතු කළ තැනැත්තියකි.

    කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.එම්.අයි. කාංචනා සමරකෝන් ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ දී හෙට ප.ව. 4.00 වැඩ බාරගැනීමට නියමිතය.

    මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් එදින විවෘත කිරීමට නියමිතය.

    කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාංචනා සමරකෝන් කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී.

    1997 දී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති අතර, හලාවත, වව්නියාව, ගම්පහ, මිරිගම, නිට්ටඹුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාශයන්හි සේවය කර ඇත.

    ඇගේ ස්වාමිපුරුෂයාද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන අතර, ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

    නවසීලන්ත අගමැතිනිය මුහුණදුන් සුන්දර ඇබැද්දිය

    0

    නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් පසුගියදා ෆේස් බුක් ඔස්සේ එරට ජනතාව අමතමින් සිටියදී අපූරු ඇබැද්දියකට මුහුණ දුන්නාය.

    මේවන විට නවසීලන්තයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ජනනතාව දැණුම්වත් කිරීමට ඉකුත් සඳුදා රාත්‍රියේ ෆේස් බුක් ඔස්සේ සජීවීව ජනතාව ඇමතූ අතර එහිදී ඇයට සිය තුන් හැවරිදි දියණියගෙන් බාදාවක් එල්ලවිය.

    එම අවස්ථාවේදී ඇයට මොහොතකට තමන් රටේ අගමැතිනිය බවට අමතකවී රාත්‍රී වී ඇති බැවින් නින්දට යන ලෙසට සිය දියණියට උපදෙස් දීමට සිදුවිය.

    එහෙත් මෙම සියල්ල සජීවීව ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වූ අතර එහිදී මදකට සිය කතාව නතර කර සිනා සී යලිත් සිය කතාව ආරම්භ කළාය.

     

    “ආණ්ඩුව මේ වෙලාවෙත් පික්පොකට් ගහනවා”- සජිත්

    0

    මේ ව්‍යසනකාරී මොහොතේත් වත්මන් ආණ්ඩුව පික්පොකට් ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    රටට කොඩිවිනයක් වී ඇති පාලනයට තිත තබා,ජනහිතකාමී ජනතාවාදී පාලනයක් මේ රට තුළ බිහි කිරීමේ අරගලය සමගි ජන බලවේගය, පොදු ජනතාව සමග එක්ව ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය.

    විපක්ෂ නායකවරයා අද(10) මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවයට එක් වෙමිනි.

    වත්මන් ආණ්ඩුව යටතේ මෙරට භූ දේශපාලනය තුළ බලපුළුවන්කාර රටවල සූදු පිටියක් බවට පත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ,එදා ජාතික ආරක්ෂාව පිළිබඳව වහසි බස් දෙඩූ ආණ්ඩුව මේ පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරන බවද පැවසීය.

    ජනතාව වෙනුවෙන් කැප විය හැකිනම්,ජනතා දුක්ගැනවිලි ඉදිරියේ සංවේදී විය හැකිනම්,රට ගොඩනගන්නට අවංක උවමනාවක් ඇත්නම් එවැනි සියලු දෙනාට සමගි ජන බලවේගයේ දොරටු විවෘත බව බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

    පසුගිය ජනාධිපතිවරණයේදී තමන් රටෙන් ඉල්ලා සිටියේ මනුස්සකම, සංවේදීකම රජයන රටක් බිහි කරන්න තමන්ට ඡන්දය දෙන ලෙස බව පැවසූ විපක්ෂ නායකවරයා, නමුත් එදා බොහෝ දෙනා පුහු වීරත්වයට ඡන්දය ලබාදුන් බවත් එහි ආදීනව අද මුළුමහත් රටටම අත්විඳින්නට සිදුව ඇති බවත් පැවසීය.

    අද රටම ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වය බවත් සංවේදී පාලනයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ උදෙසා ඇපකැප වන්නේ දේශපාලනය වෙනුවට දේශ සේවය ලබා දෙන සමගි ජන බලවේගය බවද පැවසීය.

     

    මාස දෙකක් තිස්සේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ නෑ – උපුල් රෝහණ කියයි

    0

    මාස දෙකක පමණ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (10) දින පැවසීය.

    ඒ අනුව මීට පෙර පී.සී.ආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ ස්ථානවලින් 99%කම මේ වනවිට පරීක්ෂණ සිදු නොකරන බව ඔහු සඳහන් කළේය.

    මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලද කිසිදු PCR පරීක්ෂණයක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

    දෛනික ආසාදිතයන් වාර්තාවන්නේ රෝහල්වලින් සහ අත්‍යවශ්‍ය හේතු මත සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලට පැමිණ පරීක්ෂණ කරන පුද්ගලයන්ගෙන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එසේ වුවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ පැවති බව නිව්ස් වේව් වෙත වාර්තා විය.

    පෙරටුගාමී ප්‍රචාරක ලේකම් ඇතුළු 05 කට වරෙන්තු

    0

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කඩුවෙල අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

    ඒ ඊයේ අධිකරණය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයේ දේපළ වලට හානි කිරීමත් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණ රෙජිස්ටාර් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ කරුණු දැක්වීමට මෙම වරෙන්තු නිකුතුව සිදුවිය.

    කොතලාවල පනතට එරෙහිවපාර්ලිමේන්තු මාර්ගයේ ආසන්නයේ කළ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල ගෙන දෙමින් කලහාකාරි ලෙස හැසිරීමත් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයන්ට ඇප ලබාදෙන ලෙස සඳහන් කරමින් එම උත්ඝෝෂණය පවත්වා තිබුණ.

    ගුරු- විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්න අගමැති එකඟ වෙයි

    0

    ගුරුවරුන්ගේ හා විදුහල්පති වරුන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එකඟ වූ බව ගුරු සංගම් නියෝජිතයෝ පවසති .

    අග්‍රාමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී එම දී එම තීරණය ගත් බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය .

    ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුව කළ යෝජනාව වැටුප් වැඩිවීම එකවර ලබා දීමට අග්‍රාමාත්‍යවරයා එහිදී පොරොන්දු වූ බව ද ස්ටාලින් මහතා කීය.

    ඒඅනුව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් පසුව ලබාදෙනු ඇතැයි ද ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    ගුරු සංගම් හා විදුහල්පති සංගම් ඉල්ලා සිටි ප්‍රධාන යෝජනාව ඒ මගින් ඉටුවන බව ද මගින් ඉටු වන බවද එහෙත් සමස්ථ වැටුප් වැඩිවීම දිනා ගැනීම සඳහා ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවදුරටත් සටන් කරන බවද ස්ටාලින් මහතා පැවසීය.

    ලබන 22 දා සිට සයිනෝෆාම් එන්නත් ගත් අයටත් එංගලන්තය විවෘතයි

    0
    Sinopharm

    ලබන 22 සඳුදා සිට, එක්සත් රාජධානියේ නිරෝධායනයකින් තොරව ගමන් කිරීම සඳහා එහි අනුමත එන්නත් වලින් එකක් ලෙස සයිනොෆාම් පිළිගැනේ.

    රටවල් 135 ක සංචාරකයින් සඳහා දැනටමත් පිළිගත් එන්නත් ලැයිස්තුවට බලධාරීන් Sinovac සහ Covaxin එකතු කර ඇත.

    නමුත් මේ මොහොතේ මෙය අදාළ වන්නේ එංගලන්තයට පමණක් වන අතර, ස්කොට්ලන්තය සහ වේල්සයට ඔවුන්ගේම නීති පවතී.

    මෙයින් අදහස් කරන්නේ යම් අයකු එංගලන්තයට යාමට දැන් දින 10ක නිරෝධායනයකින් තොරව යා හැකි බවය.

    මීට අමතරව අමෙරිකාව, මාලදිවයින, ඕමානය, තායිලන්තය, මොරොක්කෝව, අයිලන්තය, මොරිෂස් යන රටවලට ද සයිනොෆාම් එන්නත් ගත් අයට සංචාරය කළ හැකිය.

    සජබ 26 වැනිදා පාර්ලිමේන්තුව වටලන්න යයි

    0

    මෙම කන්නය වගා කිරීමට අවශ්‍ය පොහොර කඩිනමින් ගොවීන්ට ලබාදීමට රජය කටයුතු නොකරන්නේ නම් 26 වැනිදා ගොවීන් සමඟ එක්ව පාර්ලිමේන්තුව වටකරන බව සමඟි ජනබලවෙිගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

    කෘෂිකාර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශයවල අය වැය කාරක සභා විවාදය 26 වැනිදා පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම කන්නය වගාකිරීමට අවශ්‍ය පොහොර ගොවීන්ට ලබාදීමට රජය තවමත් කටයුතු කර නැති බවය.

    මේ නිසා ගොවි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව කී මන්ත්‍රීවරයා ර⁣ටේ සමස්ත ගොවි ජනතාව සමඟ එක්ව 26 වැනිදා පාර්ලිමේන්තුව වටකර රජයට දැනෙන පාඩමක් උගන්වන බවද සඳහන් කළේය.

    පැන්ඩෝරා හෙළිදරව්ව නිසා චිලී ජනපතිට දෝෂාභියෝගයක්

    0

    පැන්ඩෝරා පත්‍රිකා මගින් ආන්දෝලනාත්මක ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් සති කිහිපයකට පසු චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනෙරා දෝෂාභියෝගයට ලක් කර තිබේ.

    කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඊයේ මෙය ඉදිරිපත් කළේ ඔහු බලයේ සිටියදී පවුලේ දේපලක් විකිණීමට අනුග්‍රහය දැක්වූ බවට වූ චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් සභාවේදී චෝදනා කරමිනි.

    පිනෙරා ජනාධිපතිව සිටියදී ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් කොටස් ඩොලර් මිලියන 138 විකිණීම සම්බන්ධ ගිවිසුමක්, අක්වෙරළින් අත්සන් කරන ලද බවට හෙළිව ඇති අතර එකල රජය විසින් නව පාරිසරික රෙගුලාසි පනවා නොගැනීම සම්බන්ධව පැන්ඩෝරා විමර්ශනයෙන් අනාවරණය විය.

    එරට විපක්ෂය තර්ක කළේ එම ගනුදෙනුව තුළ නීතිමය තත්ත්වයක් තුළ කියැවෙන සබැඳියාව පිළිබඳ ගැටුමක් ඇති බවයි.

    දෝෂාභියෝගය සඳහා වූ ඡන්දයට මන්ත්‍රීවරුන් 155 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ අවශ්‍ය අවම ඡන්ද 78 ක් ලැබුණු අතර පැය 20 ක අඛණ්ඩ සැසියකින් පසුව ඡන්ද විමසීම සිදුවිය.

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළුව මන්ත්‍රීන් 67 දෙනෙක් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන්හ. තවත් අය ඡන්දය දීමෙන් වැළකී හෝ නොපැමිණියහ.

    මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගෙන් යුත් සෙනෙට් සභාව විසින් ඔහු ඉවත් කරනු ඇතැයි සිතිය නොහැකි බව ද පැවසේ. එහිදී විපක්ෂයට ඇත්තේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය ඡන්ද 29 න් 24 ක් පමණි.

    පිනෙරා විසින් තමා වැරදි කළ බව ප්‍රතික්ෂේප කරයි. කෙසේවෙතත් දෝෂාභියෝගය දැන් අනුමත කර ඇති අතර එය දැන් සෙනෙට් සභාව වෙත ගමන් කරයි. එරට ජනාධිපති සහ ව්‍යවස්ථාදායක මැතිවරණ මේ මස අගදී පැවැත්වීමට නියමිතය.

    Piñera යනු Pandora Papers හි අක්වෙරළ ගනුදෙනු හෙළිදරව් වූ වත්මන් ලතින් ඇමරිකානු ජනාධිපතිවරුන් තිදෙනාගෙන් කෙනෙකි. එමෙන්ම පැන්ඩෝරා ගෝලීය විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස දැන් පරීක්ෂණවලට මුහුණ දෙන ලෝක නායකයින් ගණනාවකින් කෙනෙකි.

    පැය 14කට වැඩි කාලයක් තිස්සේ විවාදයට අදහස් දැක්වූ විපක්‍ෂ නායක ජේමි නරංජෝ පැවසුවේ “මෙම පාර්ලිමේන්තුව අපයෝජනයන්ට, මේ රජය ක්‍රියා කර ඇති දණ්ඩමුක්තියට තිත තැබීමට මෙම පාර්ලිමේන්තුවට හැකි බවට ආදර්ශයක් සහ සාක්ෂියක් වීමට මට අවශ්‍යයි. ” යනුවෙනි.

    ගිනි අවි තොගයක් සමඟ ජෝතිෂ්‍යවේදියෙක් STF දැලේ

    0

    සිය අනියම් බිරියගේ සැමියාට ගිනි අවියක් එල්ලකර තර්ජනය කළේ යැයි කියනු ලබන ජෝතිෂ්‍යවේදියෙක් සහ තවත් අයෙක් ගිනි අවි රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම ගිනි අවි අතර 0.22 වර්ගයේ පතොරම් යෙදිය හැකි රිවෝල්වරයක්, මයික්‍රෝවර්ගයේ අවියකට සමාන ඉතාලියේ නිෂ්පාදිත පුහුණු පිස්තෝලයක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ විවිධ වර්ගයේ පතොරම් රැසක් මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    ජෝතිෂ්‍යවේදියා අනියම් සම්බන්ධය ඇතිකරගෙන සිටින කටානේ කාන්තාවගේ විවහාක සැමියා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකි. මෙම ජෝතිෂ්‍යවේදියාගෙන් වේලපත්කල බලා ගැනීමට ගිය අවස්ථාවකදී ඇතිවූ දැන හදුනා ගැනීමක් මෙසේ අනියම් සම්බන්ධයක් දක්වා දුරදිග ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම සම්බන්ධය නතරකරන ලෙසට විවහාක සැමියා සිය බිරිඳට නිතර දැනුම් දෙන බවත් ඒ සම්බන්ධයෙන් උරණ වූ ජෝතිෂ්‍යවේදියා මෑතකදී විවාහක සැමියා ඉතාලියේ සිට පැමිණි අවස්ථාවේදී ගිනි අවියක් එල්ලකරමින් ඔහුට තර්ජනයකර ඇති බවත් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් පොලීසියට විවාහක සැමියා පැමිණිල්ලක් කර ඇතත් ගිනි අවිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. මේ ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලද තොරතුරකට අනුව විමර්ශන කටයුතු විශේෂ කාර්ය බලකායට පවරා තිබේ.

    ඒ අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතායටතේ ක්‍රියාත්මක ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිළක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට මෙම විමර්ශන කටයුත්ත පැවරී ඇත.

    දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කටානේ කොන්දගම්මුල්ල , දෙමන්හංදියේ පදිංචිව සිටින 51 වියැති ජෝතිෂ්‍යවේදියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී ඔහු තමාට ගිනි අවිය ලබාදුන් අයෙක් ගැන තොරතුරු හෙළිකර ඇත. ඒ අනුව විශේස කාර්ය බලකායේ නිලධාරීන් කොටුගොඩ ගනේපොල පදිංචිව සිටින 55 වන වියේ පසුවන පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. ගිනි අවි හමුවී ඇත්තේ ඔහු සන්තකයේ තිබියදීය.

    විදේශයකින් එම ගිනි අවි තමා රැගෙන පැමිණී බව ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පවසා තිබේ. බෝර 12 ගිනි අවියට ඔහුට බලපත්‍ර ඇතත් එම අවියට යොදන පතොරම් ප්‍රමාණය සන්තකයේ තබා ගැනීමට අවසරය ඇති ප්‍රමාණයට වඩා තිබුුණු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

    වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවටගත් සැකකරුවන් ගිනි අවි සහ පතොරම්ද සමග කටාන පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කෘෂිකර්ම ඇමති සී.අයි.ඩී.යට

    0

    ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීීක්ෂණයක් පවත්වන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    උදෑන 9.30 ට පමණ එම පැමිණිල්ල ඇමතිවරයා ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර තිබුණි.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාා සදහන්කරනුයේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීමේදී කිසිදු වංචාවක් සිදුව නොමැතිබවය. වංචාවක් සිදුවී තිබේ නම් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එය සිදුවී ඇති අයුරු පාඨලී චම්පික මන්ත්‍රීවරයා පෙන්වාදිය යුතු බවත් ඔහු එය පෙන්වීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇමතිවරයා සදහන් කරයි.

    බැණ තර්ජනය කිරීමකට මාවනැල්ල උප සභාපති සහ මන්ත්‍රීවරු 2ක් අත්අඩංගුවට

    0
    arrested

    ගුරු සහ දෙමාපිය උද්ඝෝෂණයක් පැවති ස්ථානයකට වඩා වැදී උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසට බැණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතා සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අද අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    මෙම ගුරු- දෙමාපිය උද්ඝෝෂණය පැවැත්වෙන්නේ ඉකුත් 03 වෙනිදාය. මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු පිරිස කළ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානයට උද්ඝෝෂකයන් විසින් පැමිණිල්ලක්ද කර තිබුණි.

    ඒ අනුව සැකකරුවන්ට එරෙහිව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් ගුරුවරුන් අවස්ථා කිහිපයකදීම මාවනැල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේද නිරත විය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත්කරන බවය.

    කොන්දොස්තරවරයකු නිසා බේරී ගෙදර ආ අතුරුදන්ව සිටි දැරියෝ

    0

    කොළඹ කෙසෙල්වත්තේ මාටිස් පටුමගේ නිවසකින අතුරුදන්වූ බාලවයස්කාරියන් තිදෙනා හමුවී ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ඥාති නිවසක රැදී සිටියදී බව පොලීසිය කියයි.

    ඊයේ පෙරවරුවේ සිට ඔවුන් ඒ නිවසේ රැදී සිට ඇති බවත් ඥාතීන් විසින් ඔවුන් තිදෙනාව සඟවාගෙන සිට ඇති බවත් පොලීසිය කියයි.

    මෙම බාලවයස්කාරියන් තිදෙනා පෙරේදා පෙරවරුවේදී නිවසියන්ට නොදන්වා හොර රහසේ නිවසින් පිටත්ව කොළඹ පිටකොටුවෙන් අනුරාධපුරය බලා ගමන් ගත් බස් රථයකට ගොඩවී ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත. බස් රථයේ අනුරාධපුරයට ගමන් ගන්නා අතර මඟදී බස් රථයේ සිටි තරුණයින් පිරිසකගේ උසුළු විසුළුවලට මෙම තරුණියන් තිදෙනා ලක්ව තිබෙන බවද පොලීසිය සදහන් කරයි. එහිදී මෙම බාලවයස්කාරියන්ගේ හැසිරීම ගැන සැකසිතූ බස් කොන්දොස්තර මේ අයගෙන් තොරතුරු විමසීමේදී නිවැසියන්ට නොදන්වා හිතුමතේට අනුරාධපුරයේ යන බව මෙන්ම ඒ අය අනාරක්ෂිත වී ඇති බවත් දැනී ඇති බවද පොලීසිය කියයි. ඒ අනුව බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා අනුරාධපුරයේදී මෙම දැරිවියන් තිදෙනා මන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩකර කොළඹින්ම ඒ අය බස්සවන ලෙසට එම බස් රථයේ කොන්දොස්තර හා රියදුරුට භාරදී ඇතැයිද පොලීසිය සදහන් කරයි.

    ඒ අනුව ඔවුන් ඊයේ අළුයම් කාලයේ කොළඹට පැමිණ ඥාති නිවසේ සැඟවී සිට ඇතැයි පොලීසිය කියයි. එහෙත් එම ඥාතීන් ඒ ගැන කිසිවක් හෙළි නොකර සිටීම නිසා පොලීසිය මොවුන් තිදෙනා සොයා ගැනීමට විශාල වෙහෙසක නිරත වූ බවත් අධිකරණයට පවා කරුණු වාර්තා කිරීමට සිදුවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම දැරිවියන් තිදෙනා නිවසින් මේ ආකාරයට පිටව යන්නට හේතුවක් නිෂ්චිතවම අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරන බවත් එම නිලධාරියා කීය.

    අතුරුදන්වීමෙන් පසු මෙසේ හමුවන්නේ ෆාතිමා රක්ෂා (15) ඇගේ නැගණිය වන ෆාතිමා කදීරා (13) සහ ගම්පොළ සිට පැමිණි ඥාති දියණියක් වන ෆාතිමා වාර්යා යන දියණියන් තිදෙනාය.

    මොවුන් තිදෙනා පෙරේදා පෙරවරු 8.30 සිට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ ගමන් මලුද කරේ එල්ලාගෙනය. ඔවුන් මාර්ගයේ ගමන්කරන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබුණි. මෙම දැරිවියන් නිවසින් පිටව යන විට මවගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇත.

    මෙම තිදෙනා අතුරුදන්වූ බවට පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

    අද එන්නත් මධ්‍යස්ථාන 106ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 16ක් පුරා මධ්‍යස්ථාන 106 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 10.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-10

    0
    ලොව පළමු යතුරුපැදිය ඩයිම්ලර් රෙයිට්වැගන් මත ලොව පළමු යතුරුපැදි ධාවන ගමන සිදුවූයේ 1885 නොවැම්බර් 10 වන දිනයි
    ලොව පළමු යතුරුපැදිය ඩයිම්ලර් රෙයිට්වැගන් මත ලොව පළමු යතුරුපැදි ධාවන ගමන සිදුවූයේ 1885 නොවැම්බර් 10 වන දිනයි

    ලොව පළමු යතුරුපැදිය ඩයිම්ලර් රෙයිට්වැගන් මත ලොව පළමු යතුරුපැදි ධාවන ගමන සිදුවූයේ 1885 නොවැම්බර් 10 වන දිනයි

    අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

    0

    කොළඹ කෙසෙල්වත්තෙන් අතුරුදන්වූ දැරියන් තිදෙනා නිවසට පැමිිණ ඇත.

    කෙසෙල්වත්ත පොලිසිය සදහන් කරනු ලැබුවේ එම දරුවන්ගෙන් මේ වන විට අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවය.

    දැරියන් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් තොරතුරු ප්‍රකාශයට පත්වීමත් සමඟ ඔවුන් මෙසේ පැමිණ ඇති බව පොලීසිය කියයි.

     

    දිස්ත්‍රික් 11කට තවදුරටත් නායයාම් අවදානමක්

    0
    landslide

    දිස්ත්‍රික් 11කට අයත් ප්‍රදේශ ගණනාවකට හෙට දිනය දක්වා නායයාම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම් ඇති බවට අනතුරු අඟවා ඇත.

    අවදානම් සහිත ප්‍රදේශ ලැයිස්තුව පහත දැක්වේ.

    ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් භාරත පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබති

    0

    නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී ඊයේ (08) පැවැති භාරත පද්ම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් “පද්ම ශ්‍රී” සම්මානයෙන් පුද ලද බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණියට මෙසේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රදානය කෙරිණි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමුණු 2020 වසරේ සම්මාන උළෙල මෙලෙස ඊයේ දිනයේ පැවැත්විණි. නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වත්සලා දසනායක මෙනවිය ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් පද්ම ශ්‍රී සම්මානය ලබාගත්තාය.

    ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට හිමි පද්ම ශ්‍රී සම්මානය කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නුදුරු දිනක දී කොළඹ දී ප්‍රදානය කිරීමට නියමිතය.

    රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට දුන් සහනය 14 දායින් අවසන්

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩ ගෙවීමට රියදුරන්ට ලබාදුන් සහන කාලය ලබන 14 වෙනිදායින් අවසන් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණයකර ඇත.

    තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඔක්තෝම්බර් 31 වෙනිදායින් පසු නිකුත් කරන රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩපත්‍රිකා සදහා කිසිදු සහනයක් නොලැබෙන බවය.

    2021.11. 01 දින සිට කරන කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් භාර ගැනීමත් , දින 28 ක් දක්වා රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අය කර භාර ගැනීමත් දින 28 ඉක්ම වූ රථවාහන දඩ පත්‍රිකා භාර නොගන්නා බවත් තැපැල් දෙපාර්තමේනතුව නිවේදනය කරයි.

    අතුරුදන් වූ දැරියන් ගැන CCTVවලින් හෙළිවූ දේ

    0

    කොළඹ කෙසෙල්වත්තේ මාටිස් පටුමගේ නිවසක පදිංචිව සිටි බාලවයස්කාරියන් තිදෙනෙක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ගම්පොළ සිට එම නිවසට පැමිණ සිටි ඥාති සහෝදරියක් මෙසේ අතුරුදන්ව ඇත.

    ෆාතිමා රක්ෂා (15) ඇගේ නැගණිය වන ෆාතිමා කදීරා (13) සහ ගම්පොළ සිට පැමිණි ඥාති දියණියක් වන ෆාතිමා වාර්යා යන දියණියන් තිදෙනා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    මෙම බාලවයස්කාරියන් තිදෙනා ඊයේ පෙරවරු 8.30 සිට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ ගමන් මලුද කරේ එල්ලාගෙනය. ඔවුන් මාර්ගයේ ගමන්කරන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබී ඇත. පොලීසිය සදහන් කරන්නේ ඔවුන් නිවැසියන්ට හොරා එසේ නිවාසවලින් පිටව ගොස් ඇති බවය.

    මෙම දැරිවියන් නිවසින් පිටව යන විට මවගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

    මෙම තිදෙනා අතුරුදන්වූ බවට පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ අද අලුයම් කාලයේදී බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මොවුන් තිදෙනා මෙසේ අතුරුදන්වූයේ ඇයි දැයි කිසිවක් මෙතෙක් හෙළිවී නැති අතර දෙමාපියන් පොලීසියට පවසා ඇති ආකාරයට අනුව ඔවුන්ට නිවාස අතහැර යන්නට තරම් ගැටළු ද තිබී නැත.

    මේ සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තතා කිරීමටද පොලීසිය පියවර ගත් බවද එම නිලධාරියා සදහන් කළේය.

    මෙම බාලවයස්කාරියන් ගාලුමුවදොර පිටියේ සැරිසරා ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කල බවත් ඔවුන් එහි සැරිසැරූ බවට පැහැදිලි සාක්ෂියක් මෙතෙක් හමුවී නැති බවත් එම නිලධාරියා කීය.

    මෙම බාලවයස්කාරියන්ට නිවසින් පිටව යාමට කිසියම් අයෙකුගේ සහයක් ලැබී ඇතැයි පොලීසිය සැකකරයි.

    මල්වතු ඔයේ පහළ ප්‍රදේශවලට අද රෑ සිට ගංවතුර අවදානමක්

    0

    මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්‌, මඩු, මුසාලෛ, නැනඞ්ඩාන්‌ යන ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශවලට අයත්‌ මල්වතු ඔය ද්‍රෝණියේ ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට අද රාත්‍රියේ සහ හෙට දින ගංවතුර අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟව‍ා තිබේ.

    ඊයේ රාත්‍රී කාලයේ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වය හේතුකොටගෙන මල්වතු ඔය පහලධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතී.

    කාලගුණ අංශවල අනතුරු ඇඟවීම්‌ අනුව මල්වතු ඔය පහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්‌ අද රාත්‍රියේ ලැබීමේ ඉහල සම්භාවිතාවයක්‌ ඇති බවට බවට වාර්තා වී ඇත.

    මේ තත්ත්වය මත ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන්‌ කටයුතු කළ යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    තවද මේ තත්ත්වය සම්බන්ධයෙන්‌ අවධානයෙන්‌ සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්‌ ආපදා කළමනාකරණ සහ දිස්ත්‍රික්‌ පරිපාලන අංශවලින්‌ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්

    0

    ‍චීනයේ ශැංහයි නගරයේ සාර්ථකව පැවැත්වෙන සිවුවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ව්‍යවසායකයෝ 62කට අධික පිරිසක් සිය නවතම නිෂ්පාදන 100ක් පමණ එළිදැක්වීමට එක්ව සිටිති.

    එම නිෂ්පාදනවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් ප්‍රථම වරට එළිදැක්වීම, විශේෂත්වයකි. මෙම දැවැන්ත ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ට ද ඉහළ ආකර්ෂණයක් හිමිව තිබේ.

    මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා ව්‍යාපාර 18ක් එක්ව සිටීම කැපීපෙනේ. කුළුබඩු, තේ, පොල් නිෂ්පාදන, ආහාර වර්ග සහ මැණික් ආදී විශේෂ ශ්‍රී ලාංකික නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර චීනයේ එම නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉන් අවස්ථාව උදාවනු ඇත.

    චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලොව විශාලතම මිලදී ගැනීම් සහ සැපයුම් වේදිකාවක් බවට පත්ව ඇති බව ඊට එක්ව සිටින ගෝලීය ව්‍යවසායකයෝ පෙන්වා දෙති.

    මෙය ලොව පුරා ආයෝජකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට චීන වෙළඳපොළට පිවිසීම සඳහා සැකසෙන මහඟු අවස්ථාවක් ද වේ.බිලියන 1.4ක ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනය සතුව ඇත්තේ ලොව කිසිදු ව්‍යවසායකට නොසලකා හැරිය නොහැකි දැවැන්ත වෙළඳපොළකි.

    චීන පාරි‍භෝගිකයන්ගේ අවශ්‍යතා අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් නව තාක්ෂණික නිෂ්පාදිත සඳහා ද ඉහළ වෙළඳපොළක් එයින් නිර්මාණය ‍වී තිබේ.

    ශැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී නොවැම්බර් 5වැනිදා ඇරඹුණු සිව්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 10වැනිදා අවසන් වේ.

    රටවල් 58ක් හා ජාත්‍යන්තර සංවිධාන 3ක් ජාතික ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, රටවල් හා ප්‍රදේශ 127ක ව්‍යවසායකයෝ 3000කට අධික පිරිසක් ව්‍යාපාරික ප්‍රදර්ශනයට එක් ව සිටිති.

    ඉන්දියාවේ රෝහලක ගින්නකින් බිළිඳුන් සිව්දෙනෙකු මරුට

    0

    ඉන්දියාවේ බෝපාල් හී රෝහලක ඇති වූ ගින්නකින් බිලින්දන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇත.

    ඊයේ (8) රාත්‍රීයේ බිලින්දන් රඳවා සිටි වාට්ට්වේ හදිසියේම ළගින්න හටගෙන ඇති අතර ඒත් සමගම රෝහල දුමින් වැසී ගිය බව ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

    ගින්න පැතිරීමත් සමඟම බිලින්දන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ගිනි නිවන භටයන් සමත්ව ඇත.

    ගින්නට හේතුවක් මේවන තෙක් අනාවරණය වී නොමැති බව එරට වාර්තා සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා සිය කණගාටුව පළකර ඇති අතර අගතියට පත්වූවන්ට ඉන්දීය රුපියල් ලක්ෂ හතරක වන්දි මුදලක් ගෙවීමටද උපදෙස් දී තිබේ.

    මීට දින කීපයකට පෙරද ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කළ රෝහල් වාට්ටුවක ගින්නකින් ආසාදිතයින් දස දෙනෙකු මරණයට පත්විය.

    විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

    0

    විශ්‍රාමිකයින් සඳහා යෝජිත අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

    බෝට්ටුවෙන් කැනඩා යන්න ගිය පිරිසක් කොටුවේ

    0

    මීගමුවෙන් ඉකුත් 05 වෙනිදා බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් හලාවතින් අද ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවී ඇත.

    පුද්ගලයින් 19 දෙනෙක් එසේ කොටුකරගෙන තිබේ. මෙම පිරිස රැගෙන යාමට පැමිණි වෑන් රථයක්ද එහි රියදුරු සහ රිය සහයකයෙක්ද මෙම පිරිසට අමතරව කොටුකරගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    මීගමුවෙන් කැනඩාව බලා යාත්‍රා කල බහුදිිින යාත්‍රාවේ මෙම 19 දෙනාට අමතරව තවත් පිරිසක් ගමන්කකර ඇති බවද කොටුකරගත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කිරීම් වලදී අනාවරණ වී ඇත.

    අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුද රළුවීම හේතුවෙන් ඇතිවුණු අනතුරුදායක තත්ත්වය මත බහුදින යාත්‍රාවේ සිටි පිරිස් කුඩා බෝට්ටටු කිහිපයක් ගෙන්වාගෙන ඒවායේ නන්වා ගොඩබිමට රැගෙනවිත් ඇතැයිද විමර්ශන වලින් හෙළිවී තිබේ.

    නාවික හමුදාවට කොටුවී ඇත්තේ එසේ ගොඩබිමට පැමිණි එක් කණ්ඩායමකි. ඔවුන්ව කොටුවී ඇත්තේ හලාවත මෝය ප්‍රදේශයේ දී බව නාවික හමුදාව සඳහන් කරයි.

    එසේ කොටුවූ අය අතර පිරිමින් 16 දෙනෙක් සහ කාන්තාවන් 03දෙනෙක් සිටිති. ඒ අය අතර දරුවන් 03දෙනෙක් සිටී.

    කැනඩා ගමන සඳහා රුපියල් ලක්ෂ 20 සිට ඉහළට මුදල් අයකරගෙන ඇති බවද අනාවරණය වී ඇත.

    විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස හලාවත පොලිසියට බාර දිිිිිිිිිි තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොට්ඨාසය මගින් ද මේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු සොයමින් සිටියි.

    තෙල් මිල තීරණය මුදල් ඇමතිට බාරයි

    0

    මේ අයවැය මාසය බැවින් ඉන්ධන මිල පිළිබඳ තීරණයක් ගැනීම මුදල් අමාත්‍යවරයාට බාර වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය කතාවේදී ඒ පිළිබඳ දැනගත හැකි වනු ඇති බව හෙතෙම කියා සිටී.

    ගහෙන් වැටුණු මිනිහට මිනිහට ගොනා ඇන්නා වගේ වෙන නිසා පාඩුව දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු නොකළ බව අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ය.

    පවතින ගෑස් සහ ඉන්ධනවල තත්ත්වය හේතුවෙන් භූමිතෙල් පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

    තැපැල් සේවාත් මහපාරේ

    0

    ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් සේවා වෘත්තීය සමිති විසින් කොළඹදී අද විරෝධතාවක් පවත්වා තිබේ.