fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොන්දොස්තරවරයකු නිසා බේරී ගෙදර ආ අතුරුදන්ව සිටි දැරියෝ

    කොන්දොස්තරවරයකු නිසා බේරී ගෙදර ආ අතුරුදන්ව සිටි දැරියෝ

    කොළඹ කෙසෙල්වත්තේ මාටිස් පටුමගේ නිවසකින අතුරුදන්වූ බාලවයස්කාරියන් තිදෙනා හමුවී ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ඥාති නිවසක රැදී සිටියදී බව පොලීසිය කියයි.

    ඊයේ පෙරවරුවේ සිට ඔවුන් ඒ නිවසේ රැදී සිට ඇති බවත් ඥාතීන් විසින් ඔවුන් තිදෙනාව සඟවාගෙන සිට ඇති බවත් පොලීසිය කියයි.

    මෙම බාලවයස්කාරියන් තිදෙනා පෙරේදා පෙරවරුවේදී නිවසියන්ට නොදන්වා හොර රහසේ නිවසින් පිටත්ව කොළඹ පිටකොටුවෙන් අනුරාධපුරය බලා ගමන් ගත් බස් රථයකට ගොඩවී ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත. බස් රථයේ අනුරාධපුරයට ගමන් ගන්නා අතර මඟදී බස් රථයේ සිටි තරුණයින් පිරිසකගේ උසුළු විසුළුවලට මෙම තරුණියන් තිදෙනා ලක්ව තිබෙන බවද පොලීසිය සදහන් කරයි. එහිදී මෙම බාලවයස්කාරියන්ගේ හැසිරීම ගැන සැකසිතූ බස් කොන්දොස්තර මේ අයගෙන් තොරතුරු විමසීමේදී නිවැසියන්ට නොදන්වා හිතුමතේට අනුරාධපුරයේ යන බව මෙන්ම ඒ අය අනාරක්ෂිත වී ඇති බවත් දැනී ඇති බවද පොලීසිය කියයි. ඒ අනුව බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා අනුරාධපුරයේදී මෙම දැරිවියන් තිදෙනා මන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩකර කොළඹින්ම ඒ අය බස්සවන ලෙසට එම බස් රථයේ කොන්දොස්තර හා රියදුරුට භාරදී ඇතැයිද පොලීසිය සදහන් කරයි.

    ඒ අනුව ඔවුන් ඊයේ අළුයම් කාලයේ කොළඹට පැමිණ ඥාති නිවසේ සැඟවී සිට ඇතැයි පොලීසිය කියයි. එහෙත් එම ඥාතීන් ඒ ගැන කිසිවක් හෙළි නොකර සිටීම නිසා පොලීසිය මොවුන් තිදෙනා සොයා ගැනීමට විශාල වෙහෙසක නිරත වූ බවත් අධිකරණයට පවා කරුණු වාර්තා කිරීමට සිදුවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම දැරිවියන් තිදෙනා නිවසින් මේ ආකාරයට පිටව යන්නට හේතුවක් නිෂ්චිතවම අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරන බවත් එම නිලධාරියා කීය.

    අතුරුදන්වීමෙන් පසු මෙසේ හමුවන්නේ ෆාතිමා රක්ෂා (15) ඇගේ නැගණිය වන ෆාතිමා කදීරා (13) සහ ගම්පොළ සිට පැමිණි ඥාති දියණියක් වන ෆාතිමා වාර්යා යන දියණියන් තිදෙනාය.

    මොවුන් තිදෙනා පෙරේදා පෙරවරු 8.30 සිට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ ගමන් මලුද කරේ එල්ලාගෙනය. ඔවුන් මාර්ගයේ ගමන්කරන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබුණි. මෙම දැරිවියන් නිවසින් පිටව යන විට මවගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇත.

    මෙම තිදෙනා අතුරුදන්වූ බවට පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.