තවත්

    ජනමාධ්‍යයේ අනාගතය වෙනුවෙන් කැබිනට්ටුවෙන් ගත් තීරණය

    0
    FILE- In this Nov. 22, 2019 file photo, Sri Lankan President Gotabaya Rajapaksa, center, stands during an oath-taking ceremony of his new cabinet members in Colombo, Sri Lanka. A proposed amendment to Sri Lanka’s constitution that will consolidate powers in the President’s hands has raised concerns about the independence of the country’s institutions and the impact on its ethnic minorities who fear their rights could be undermined by the majoritarian will.(AP Photo/Eranga Jayawardena, File)

    මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය කිරීමටත් ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත්කිරීමට කමිටුවක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබේ.

    ඒ සඳහා වර්තමානයට ගැළපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයේ සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 115 කදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Vaccination Centers on 24.11.2021

    පළාත් පාලන මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම් වේ

    0

    පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව නොවැම්බර් මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව තිබේ.

    එලෙස පළාත් පාලන මැතිවරණය නියමිත ලෙස පැවැත්වීමට තීරණය කළහොත් ඊට අවශ්‍ය මූලික සූදානමක් ලෙස ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු ආදිය සිදු කිරීමට ඊයේ (23) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-24

    0
    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකිරීම සදහා මුල්ගල තබන ලද්දේ 1970 නොවැම්බර් 24 වන දිනයි
    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකිරීම සදහා මුල්ගල තබන ලද්දේ 1970 නොවැම්බර් 24 වන දිනයි

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකිරීම සදහා මුල්ගල තබන ලද්දේ 1970 නොවැම්බර් 24 වන දිනයි

    මෙරට ප්‍රථම අධි තාක්ෂණික කේබල් මතින් යන පාලම අද ජනතා අයිතියට

    0

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකල නව කැළණි පාලම අද (24) සන්ධ්‍යාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට කෙරේ.

    මෙම නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ.

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇත.

    එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2012 වසරේ මූලික සැලසුම් සකස් කර 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා නව කැළණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කරන ලදී.

    ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කර ලදි.

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ.

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වේ.

    කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.

    පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.

    ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය මත මෙම පාලම ඉදිකර ඇත.

    ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර නව කැලණි පාලම විදුලි ආලෝකකරණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

     

    වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් අද – හෙට වර්ජනයක්

    0

    හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් විසින් අද (24) පෙරවරු 07 සිට දින 2 ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ “හෙට (24) උදේ 7ට පැය 48ක එසේ නැතිනම් දින දෙකක වැඩවර්ජනයක් අරම්භ කරනවා. ඒ වැඩවර්ජනය පැය 48ක් දිවයින පුරා තිබෙන සමස්ත රෝහල් පද්ධතියේත්, ඒ වාගේම මහජන සෞඛ්‍ය සේවාව තුළත් ක්‍රියාත්මක වන්නට නියමිතයි.” යනුවෙනි.

    අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මෙසේ කීය.

    “මේ ඉල්ලීම් 7 සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය සේවාත්, අතුරු වෛද්‍ය සේවාත්, හෙද සේවා කියන වෘත්තීයවේදීන් 50,000ක් හෙට දවසේ අපි වර්ජනයට කැඳවනවා. මේ වර්ජනයේදී අපි තවදුරටත් වගකිවයුතු වෘත්තීය සමිති විදිහට ළමා රෝහල්, පිළිකා රෝහල් මාතෘ රෝහල් සහ විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ රෝහල්වල කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක් දියත්වන්නේ නැහැ. හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි පවත්වා ගන්නවා. සමහර වෛද්‍ය පරිපාලකයෝ ඉන්නවා රෝහල්වල මේක අවුල්කරන්න ඕනේ අය. හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ස්වෙච්චාවෙන් දෙන්න යනකොට ඒ අය ඒ අයගේ ලොකුකම් පෙන්නට ආවෝත් ඒ කිසිම සේවාවක් ඒ ස්ථානවල ලැබෙන්නේ නැහැ.” යනුවෙන් ද ඔහු පැවසීය.

    අවදානම් කඩුගන්නාව පාරට වෙන්න යන දේ

    0

    නායයෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය යථාතත්ත්වයට පත්කොට වෙළෙඳසැල් නැවත ඉදිකිරීමට වහා පියවර ගන්නැයි මහාමාර්ග අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමක දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු පිරිසක් ද පහළ කඩුගන්නාව වෙළෙඳ සංගමය නියෝජනය කරමින් පිරිසක් ද එම රැස්වීමට සහභාගී වී ඇත.

    නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමටත් මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටත් මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හඳුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුව තිබේ.

    එම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

    ගැසට් රිවස් කළ පළිබෝධ රෙජිස්ට්‍රාර් කලිනුත් සමාගම්වල පදේට නැටූ බවට චෝදනා

    0

    ධුරයෙන් පහ කිරීමට නියෝග කර ඇති පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයා මීට පෙර ද රසායනික සමාගම්වල අවශ්‍යතාවට අනුව ඊට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳ විනය පරීක්ෂණවලට ලක්වූවකු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පළිබෝධනාශක 5ක් තහනම් කරමින් 2014 දී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හේතුවෙන් මෙම නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමට තමා නියෝග කළ බවට මැතිසබය වෙත කරුණු දක්වමිනි.

    එහිදී මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා මෙසේ ද කීය.

    “මේ පුද්ගලයා විසින් මීට කලිනුත් රසායනික සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වන්න කටයුතු කරල මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ රජය මේ තීන්දුව ගනිද්දී අමාත්‍යාංශය විදියට අපට තියෙන ලොකුම අභියෝගය තමයි මේ රසායනික පොහොර සමාගම්, රසායනික පොහොර ආනයනකරුවන් අපි අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. ඒ නිසාම ඒක මීට කලිනුත් පළිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේ දී, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ දී මේ පුද්ගලයා විසින් සමාගමකට පක්ෂව යෝජනාව එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. දෙවනි වරටත් ඒ විදියටම එවල තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා එම තනතුරෙන් ඉවත් කරන්න උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව සඳහන් කරන්න කැමතියි.” යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

    මේ අතර පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද අද (23) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විය.

    එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය, දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමට එහිදී උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

    නව මැනුම්පතිවරයා ලෙස ඒ. දිසානායක පත්වෙයි

    0

    ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව මැනුම්පතිවරයා ලෙස ඒ. දිසානායක මහතා පත් කරනු ලැබ සිටී.

    දිසානායක මහතා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පනස් දෙවන මැනුම්පතිවරයා වේ.

    වැලිගම ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1985 මාර්තු මස 06 වැනි දින සහකාර මිනින්දෝරු අධිකාරිවරයකු ලෙස රාජ්‍ය සේවයට එක් වී තිබේ.

    1991 වසරේදී එක්සත් ජාතීන්ගේ වැඩසටහන යටතේ ශිෂ්‍යත්වයක් යටතේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ භූමිතික හා මැනුම් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාවේදී උපාධි උපාධිය නිම කිරීමෙන් අනතුරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එක්ව කටයුතු කළේය.

    පසුකාලීනව දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට දිසානායක මහතා හෙබවීය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති දිසානායක මහතා මැනුම්පති ධුරයට පත්වූයේ වසර 36ක සේවා පළපුරුද්දක් ඇවෑමෙනි.

    බල්ගේරියාවේ බස් රථ අනතුරකින් 46ක් මරුට

    0

    බල්ගේරියාවේ සිදුවූ බස් රථ අනතුරකිදී හටගත් ගිනි ගැනීමකින් ළමුන් 12 දෙනෙකු ඇතුළු 46 දෙනෙකු මරණයට පත්ව ඇත.

    එරට අගනුවර නිරිතදින් පිහිටි මාර්ගයක බල්ගේරියානු වෙලාවෙන් අද අළුයම 2කට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.

    අනතුරට පත් බස් රථය උතුරු මැසිඩෝනියාවට අයත් සංචාරකයින් ප්‍රවාහනය කරන ලද්දක් බව එරට බලධාරීන් පවසයි.

    අදාල අනතුර සිදුවන අවස්තාවේදී එහි තුර්කියේ ස්තාන්බුල් නගරයේ සංචාරයක නිරතව යලිත් පැමිණෙමින් සිටි පිරිසක් බවට වාර්තා වේ.

    අනතුරකින් පුද්ගලයන්ට හත් දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන්ද පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

    අනතුර හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර අනතුර සිදුවන අවස්ථාවේ මගීන් නින්දේ පසුව ඇති බවට බලධාරීන් සැක කරයි.

    සිද්ධිය සමබන්ධයෙන් බල්ගේරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බොයිකො රශ්කොව් ප්‍රකාශ කර ඇත්තෙ විපතට පත්වූවන දරුණු ලෙස පිලිස්සීමට ලක්ව ඇති බවයි.

    ජා-ඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – ශ්‍රීලනිපෙ කොටසක් විරුද්ධව ඡන්දය දෙයි

    0

    ජාඇල ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය වැඩි ඡන්ද 13 කින් අද සම්මත විය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 23 දෙනා සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු, ස්වාධීන මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය.

    ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිටින අතර ඉන් තිදෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව ද සභාපතිවරයා කීය .

    ජාඇල ප්‍රාදේශීය සභාවේ 2022 වසරේ වියදම රුපියල් කෝටි හතළිහක් ලෙස ද ලෙසද ඇස්තමේන්තු ගත කර ඇත .

    වගකීම් විරහිත වැඩ නිසා පාසල් ආශ්‍රිත කොවිඩ් අවදානමක්

    0

    පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ ඇතැම් දෙමාපියන් හා ගුරුවරුන් වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා පාසල් ආශ්‍රිතව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    පාසල් ආශ්‍රිතව කොරෝනා වයිරසය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් ගැටළු කාරී තත්ත්වයක් මතුව ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දෙන ලෙස ඔහු ගුරුවරුන්ගෙන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා සදහන් කරන්නේ කොවිඩ්19 වයිරසය ආසාදනය වන පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසල්වල නිසි ක්‍රමවේදයක් නැති බවයි.

    දැන්ම මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ඉදිරියේදි බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

    ආයෙත් මහ වැසි

    0

    ඉදිරි පැය 24 තුළ දී නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අඩු පීඩන කලාපයේ බලපෑම යටතේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.

    කින්නියා පාලම් පාරු අනතුරින් කුපිත වූ පිරිසක් මන්ත්‍රී නිවසට පහරදෙති

    0

    කින්නියා හීදී පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් පසු කළහාකාරී වූ පිරිසක් මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ගල්මුල්වලින් පහරදී හානිකර ඇත.

    පහරදීමට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කරයි.

    නිවසේ දොර ජනේල්වලට දැඩිව හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    සෘජු ගුවන් ගමන්වලට අලුතින් සමාගම් 04ක්

    0

    නව ගුවන් සමාගම් 04ක් ලබන මාසයේ දී මෙරටට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    රුසියාවේ AZUR ගුවන් සමාගම ලබන මස 03 වැනිදා සිට සතියකට දෙවතාවක් මෙරටට ගුවන් ගමන් අරඹයි. එමෙන්ම කසකස්ථානයේ සිට AIR ASTANA ගුවන් සේවයද එදින සිට සතියකට දෙවතාවක්ම මෙරටට ගුවන් ගමන් අරඹයි.

    එමෙන්ම පෝලන්තයේ lOT POLISH ගුවන් සමාගම ලබන මස 8 වැනිදා සිට මෙරටට සෘජු ගුවන් ගමන් අතර ඉතාලියේ සිට NEOS ගුවන් සමාගම ලබන මස 15 වැනිදා සිට මෙරටට ගුවන් ගමන් අරඹන බවද අමාත්‍යවරයා පැවසීය.

    කොවිඩ්19 වයිරස ව්‍යාපෘතියට පෙර ගුවන් සමාගම් 37ක් මෙරටට ගුවන් මෙහෙයුම් සිදුකළ අතර මේ වනවිට ගුවන් සමාගම් 17ක් පමණ ගුවන් මෙහෙයුම් සිදුකරයි. එමෙන්ම ගුවන් සමාගම් 8ක් ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදුකරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

    ජනපති ඉල්ලීමට අමෙරිකාවේ තානාපති ධුරයට යන්න මන්ත්‍රී කමින් ඉවත්වෙනවා

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
    ඒ අනුව ලබන 29 වැනිදා වනවිට අමෙරිකාවට ගොස් තමන් එම ධුරයේ කටයුතු අරඹන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සඳහන් කළේය.

    මහින්ද සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ තානාපති ධූරය භාරගන්න කියලා කිව්වා. ඒ අනුව ලබන 29 වැනිදා වෙනකොට අමෙරිකාව බලා පිටත්වෙන්න තීරණය කරලා තියෙනවා. අමෙරිකාව එක්ක විශේෂයෙන් අපේ සම්බන්ධතාව තබා ගන්න එක වැදගත්. ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ සම්බන්ධතාවෙන් ඇති කර ගත යුතු බව ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා.
    මේ දක්වා මාව පාර්ලිමේන්තුවට තෝරපු කළුතර දිස්ත්‍රික්කයෙ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 27ක් එක දිගට මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විධියට කටයුතු කරලා තියෙනවා.

    මම ඉදිරියටත් දේශපාලනයේ නිරත වෙනවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම යන්නෙ. එහෙ ගිහිං ඇවිත් අනාගතයේ නැවත කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම නායකත්වය දෙනවා යැයි මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    රන් දියකර ගුද මාර්ගයේ ගෙනගිය ලාංකිකයෝ 10ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    0

    රත්රන් දියකර තලප සේ සකසා සිය ගුද මාර්ගවල සඟවාගෙන මෙරට සිට ඉන්දියාවට රැගෙන ගිය කාන්තාවන් අට දෙනෙක් ඇතුළු ශ්‍රී ලංකිකයින් 10 දෙනෙක් ඉන්දියාවේ බෙන්ගලාරූ හි කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොල රේගු අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉකුත් සෙනසුරාදා මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ගමන්කර ඇති බව සදහන්ය.

    මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටියකට අධික බව ගණන් බලා තිබේ.

    මෙම පිරිස ආගමන විගමන අංශය වෙත යමින් සිටියදී බැංගලෝර් රේගු දෙපාර්තමේන්තුවේ ගුවන් බුද්ධි අංශය (AIU) විසින් නතර කර ඇත.

    සැකකරුවන් 10 දෙනා සිය සිරුරු තුළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් දියකර තලපයක් ආකාරයෙන් මෙම රත්‍රන් තොගය සඟවාගෙන සිටි බව පරීක්‍ෂණයකින් අනතුරුව නිලධාරීන්ට පෙනී ගියේය.

    බැංගලෝර්හි මෙම ජාවාරම් හසුරුවන්නන් හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    විත්තිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් මූලාශ්‍රය සොයා ගැනීමටත් සම්පූර්ණ රත්‍රං ජාවාරම් කල්ලිය කොටුකර ගැනීමටත් නියමිතය.

    වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය වාර්තා පවසයි.

    ලක්ෂ 10ක් වටිනා ආභරණ මල්ලේ හිමිකරු සොයා දුන් පොලිස් නිලධාරියාට ලක්ෂ 2ක තෑග්ගක්

    0

    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට කිරිබත්ගොඩ සිට ඉල් පොහොය යෙදී තිබුණු ඉකුත් 18 වෙනිදා පැමිණි කාන්තාවක් විසින් උඩමළුව බෝධිමන්දිරයේ අතපසුවීමකින් දමා ගොස් තිබුණු ලක්ෂ 10 ක් පමණ වටිනා රන් ආභරණ සහිත ගමන් මල්ල ආරක්ෂාකාරීව එම කාන්තාවට නැවත ලබාදීමට පොලිස් සැරයන් එස්.එම්.ඒ සිරිපාල මහතා පියවර ගෙන තිබේ.

    උඩමළුව පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් එස්.එම්.ඒ සිරිපාල (48176) මහතාගේ එම ක්‍රියාව අගයමින් රුපියල් ලක්ෂ 02 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන තිබේ.

    එදින බුද්ධ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි මෙම නිලධාරියා හිමිකරුවෙක් නොමැති ගමන් මල්ල දැක එය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී මුදලින් රුපියල් 4500 ක්ද රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් අභාරණද දැක ඇත.

    ගමන් මල්ලෙහි තිබුණු තොරතුරුවලට අනුව එහි හිමිකරු කිරිබත්ගොඩ සිට පැමිණි කාන්තාවක් බව හදුනාගෙන ඇයව සොයා එම ගමන්මල්ල ඇය අතට පත්කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම නිලධාරියාගේ එම සත්ක්‍රියාව අගයමින් මුදල් තයාගයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිරනැමීමට පියවර ගෙන ඇත්තේ සෙසු නිලධාරීන්ටත් එය ආදර්ශයක් වනු ඇති නිසා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

    රටින් පිට කරන්න හැදූ කෝටියක සල්ලි එක්ක ගුවන් මගියා අල්ලයි

    0

    රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඩුබායි බලා ගමන් කිරීමට සූදානම් වූ ගුවන් මඟියෙක් අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අලුයම 2.55 ට ඩුබායි බලා පියාසර කළ ඒ.කේ 649 ගුවන් යානාවේ ගමන් කිරීමට එම ගුවන් මගියා සූදානමින් සිට ඇත.

    විසිහත් හැවරදි වියේ පසුවන ඔහු කොළඹ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොල රේගු අංශය සඳහන් කළේය.

    පාලම් පාරු අනතුරෙන් 20 දෙනෙකුගේ දිවි බේරේ – 06 ක් මියගිහින් (📸)

    0

    කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පෙරලීගිය පාලම් පාරුවේ ගමන් කළ 20 කට ආසන්න පිරිසකගේ දිවි බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    දියේ ගිළිණු 06 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර නාවික හමුදාවේ කිමිදුම් කරුවන් විසින් දියේ ගිළිනු තවත් පිරිස් සිටීදැයි සොයා මෙහෙයුම් දියත්කර ඇතැයි කින්නියා පොලීසිය පවසයි.

    පාලම් පාරුව පෙරළී ඇත්තේ එහි ප්‍රමාණයට වඩා වැඩිපිරිසක් ගමන් කිරීම නිසා බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

     

    අද එන්නත් මධ්‍යස්ථාන 148ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 148 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    එම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 23.11.2021

    මැතිසබේ මන්ත්‍රීලාට පුටුවෙන් නැගිටින්න බැරි වෙලාව ගැන කතානායක මතක් කරයි

    0

    2020 වසර්ජන පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අද ආරම්භ වන පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී සෑම මන්ත්‍රීවරයෙකුම වෙන් කරන ලද ආසනයේ සිට පමණක් කථා කළ යුතු බවට කතානායකවරයා විසින් අද නිවේදනය කළේය.

    මීට පෙර පාර්ලිමේන්තුවලදී ද මෙම අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කථානායකවරයා විසින් නිවේදනය කර තිබේ.

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් කතානායකවරයා විසින් මෙම සිහිපත් කිරීම නිවේදනය කර ඇත.

    කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරළෙයි- දැනට 05 ක් මිය ගිහින්

    0

    ත්‍රිකුණාමලය කින්නියා හී කලපුවේදී පාලම් පාරුවක් අද උදෑසන පෙරලීමෙන් එහි ගමන් කරමින් සිටි 20 කට වැඩි පිරිසක් දියේ ගිලී ඇත.

    කින්නියා පොලීසිය සදහන් කරනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දියේ ගිලුණු පිරිස් බේරා ගැනීමට එම අවස්ථාවේදීම මෙහෙයුමක් දියත් කළ බවය.

    එහිදී කුඩා ළමුන් ඇතුළු 05 දෙනෙකුගේ මළ සිරුරු දියේ ගිලී තිබී හමුවී ඇති අතර 07 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

    පාසල් දරුවන් පවා මෙම පාලම් පාරුවේ ගමන්කරමින් සිට ඇත. දියේ ගිලුණු තවත් පිරිසක් සොයා මේ වන විටත් මෙහෙයුම් දියත්වන බව පොලීසිය සදහන් කරයි.

    පාලම් පාරුවට දරා ගැනීමට නොහැකි පිරිසක් ගොඩවී ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකකෙරේ.

    ලංගම සේවකයෝ තිස්දාහක් ඉල්ලති

    0

    ලංගම සේවයන්ට ප්‍රසාද දීමනාවක් ලෙස රුපියල් 15000 ක් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා නැවත ගෙවීමේ පදනම මත රුපියල් 15000 ක් ලෙස රුපියල් 30000 ක කඩිනම් ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    තමසේවකයන් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිව ‘කොවිඩ්’ ව්‍යාප්තිය කාලයේ ද ජීවිත අවදානම ද නොතකා සේවය කළ බැවින් මෙම ප්‍රසාද දීමනාව ලබාදීමට මැදිහත් වන ලෙස ඔවුන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

    එම සංගමයේ ඉල්ලීම මත පසුගිය වසරේ රුපියල් 23,500 ක මුදලක් ලබා දුන්න ද වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු කර මෙවර කිසිඳු වර්ගීකරණයකින් තොරව රුපියල් 30,000 ක සම්පූර්ණ මුදල සියලුම ලංගම සේවකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

    ඇමති ගාමිණි ලොකුගේටත් කොවිඩ්

    0

    විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.

    මේ වන විට ඇමතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

    පළිබෝධ තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයෙන් ඉවතට

    0

    ග්ලයිෆොසෙට්,‍ ප්‍රොනනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ ගැසට්පත්‍රය අවලංගුකරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගුකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් සිදු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-23

    0
    විදෙස් කිරීට පාලන සමයේදී අතහැර දමනු ලදුව වල් බිහි වී තිබූ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කර දෙවන වරට කොත් පළදන ලද්දේ 1939 නොවැම්බර් 23 වන දිනයි
    විදෙස් කිරීට පාලන සමයේදී අතහැර දමනු ලදුව වල් බිහි වී තිබූ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කර දෙවන වරට කොත් පළදන ලද්දේ 1939 නොවැම්බර් 23 වන දිනයි

    විදෙස් කිරීට පාලන සමයේදී අතහැර දමනු ලදුව වල් බිහි වී තිබූ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කර දෙවන වරට කොත් පළදන ලද්දේ 1939 නොවැම්බර් 23 වන දිනයි

    හෙට අනිද්දා සෞඛ්‍ය වැඩවර්ජනයක්

    0

    පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් හෙට (24) සහ අනිද්දා යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

    වැටුප් විෂමතා ඉවත් කිරීම, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් මාණ්ඩලික තත්වයට උසස් කිරීම, වැටුප් විෂමතා නිවැරදි කිරීම, විශේෂ රාජකාරි දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් එම වැඩ වර්ජනය සිදුකරන බවද රවි කුමුදේශ් මහතා පැවසීය.

    මීට ඉහත ද ඉහතද එනම් පසුගිය 17 වැනි දින පරිපූරක සහ සහ වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක නිරත වූ බව ද රවි කුමුදේශ් මහතා පැවසීය.

    රජය දිගින් දිගටම පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ප්‍රශ්න මගහරිමින් සිටින නිසා මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

    ජර්මනියත් කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට සැරසෙයි

    0

    සියලුම වැසියන්ට කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජර්මනිය තුල කතා බහක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව එරට චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂයේ සමාජිකයින් පවසා ඇත්තෙ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළයුතු බවයි.

    ජර්මනිය එරට ජනතාවගෙන් සියයට 68කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබුනද යුරෝපා කලාප සමග සසදන විට එක පහත අගයක් ගනී.

    ඒ අනුව එරට ජනගහනයෙන් ඉතිරි පිරිසටද එන්නත ලබාදීමට මෙම නව නීතී වල අපේක්ෂාව වේ.

    මේ අතර මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ  තරුණ සංගමයේ ප්‍රධානී ටිල්මන් කුබාන් පවසා ඇත්තෙ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමත් එන්නත් නොගත් පුද්ගලයන්ට සංචරණ සීමා පැනවීමත් සිදුකළ යුතු බවයි.

    කෙසේවෙතත්  ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වීමට බොහෝවිට ඉඩ ඇති මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක  හැවිරිදි ඕලෆ් ෂොල්ස් පවසන්නෙ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවයි

    පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

    0

    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමිනි.

    ඒ අනුව ග්ලයිෆොසෙට්,‍ ප්‍රොනනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක ය.

    2255-05_S