රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඩුබායි බලා ගමන් කිරීමට සූදානම් වූ ගුවන් මඟියෙක් අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම 2.55 ට ඩුබායි බලා පියාසර කළ ඒ.කේ 649 ගුවන් යානාවේ ගමන් කිරීමට එම ගුවන් මගියා සූදානමින් සිට ඇත.
විසිහත් හැවරදි වියේ පසුවන ඔහු කොළඹ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොල රේගු අංශය සඳහන් කළේය.