fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට වැඩිහිටියන් 12%කට දත් නෑ

    මෙරට වැඩිහිටියන් 12%කට දත් නෑ

    ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට දත් සියල්ල අහිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    එබැවින් දන්ත සෞඛ්‍යයේ වැදගත්කම පාසල් මට්ටමින් ඉගැන්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමිනි.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජීවිත කාලය පුරාවට මුඛ දන්ත සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගැනීම වැදගත් බවයි.

    අද රටේ විශාල පිරිසක් මුඛ පිළිකාවෙන් පෙළෙන බවද ඔහු පැවසීය.

    එවැනි රෝග වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

    මේ අතර මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63%ක් දත් දිරායෑමට ලක්ව ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවකින් තහවුරු වී තිබේ.

    ලෝකයේ සුලභම රෝගය බවට හඳුනාගෙන ඇත්තේ දත් දිරා යෑමේ රෝගයයි.

    මේ වනවිට එම රෝගය හේතුවෙන් ලෝක ජනගහනයෙන් බිලියන 3.5 දෙනකු පීඩාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය.

    මෙරට දරුවන් තුන්දෙනකුගෙන් එක් අයකු රාත්‍රියට නින්දට යෑමට පෙර දත් නොමදින බවට වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය.

    ‘සතුටු මුවයි – රුවැති සිරුරයි’ තේමාව කරගනිමින් පෙරේදා (20) යෙදී තිබූ ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මෙරට පුද්ගලයකු වසරකට සීනි කිලෝග්‍රෑම් 39ක් පරිභෝජනයට ගන්නා බවට වාර්තා වී ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එය තුන් ගුණයක වැඩි වීමකි.

    එමෙන්ම මුඛ රෝගයන්ට සීනි පරිභෝජනය බලපා ඇතැයි ද ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.