fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඒක වෙනයි, මේක වෙනයි' -මහබැංකු අධිපතිගෙන් මන්ත්‍රීලාට උත්තර (📹)

    ‘ඒක වෙනයි, මේක වෙනයි’ -මහබැංකු අධිපතිගෙන් මන්ත්‍රීලාට උත්තර (📹)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එහි නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

    සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ කථානායකවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) හෝ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවා පැහැදිලි කිරීමක් ලබා ගත හැකි බව ය.

    ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස 2023 වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර තිබීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

    මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රජය සහ මහබැංකුව යනු වෙනම ආයතන 2ක් වන නමුත් දෙකම රාජ්‍ය ආයතන වන බවයි.

    කෙසේවෙතත් මහබැංකුව නීතිය යටතෙත් වෙන්කරන ලද වෙනම වගකීමක් ඇති නියාමන වගකීම්ද සහිත විශේෂිත රාජ්‍ය ආයතනයක් බව හෙතෙම අවධාරණය කළේ මෙසේ ය.

    මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව පාඩු ලබන ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් එහි අධිපතිවරයා පැවසුවේ “මහබැංකුව පාඩුයි කියන්නේ අවබෝධයක් නැතිකම.” යනුවෙන් පවසමින් ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

    ශ්‍රී ලංකා මහබැංකුව අධික ලෙස අලාභ ලබමින් තිබියදී එහි සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබාගත් එහි පාලක මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා තිබුණි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2023 වර්ෂය තුළ සිදුකළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පිළිබඳ යාවත්කාලීන කෙරුණු විස්තර ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව උපුටා දක්වමිනි.

    මහබැංකුව ලාබද පාඩුද යන්න මනින්නේ කෙසේද යන්න පිළිබඳ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද දින කරන ලද පැහැදිලි කිරීම පහතින්.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img