fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ අධිකාරියේ හිටපු ලොක්කා CIDයට

    ඖෂධ අධිකාරියේ හිටපු ලොක්කා CIDයට

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්ණකරමින් සිටී.

    අද උදෑසන ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කල දැනුම්දීමකට අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

    ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව මෙම ප්‍රශ්න කිරීමේ සිදුවේ.

    මෙම එන්නත් කුප්පි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවීමත් සමඟ ඊට අදාල සංවේදී තොරතුරු විනාශ කළ බවට විජිත් ගුණසේකර මහතාට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් චෝදනාද නැගුවේය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරින් පහකරන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.