තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩයනා සුදුසු නෑ -මන්ත්‍රී පුටුවෙන් දොට්ට

    ඩයනා සුදුසු නෑ -මන්ත්‍රී පුටුවෙන් දොට්ට

    සංචාරක රාජ්‍ය අමාත්‍ය, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු අසුන දැරීමට නීත්‍යනුකූල සුදුසුකම් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද(මැයි 08) ප්‍රකාශ කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ අභියාචනයක් විභාගයට ගැනීමෙන් පසුව අධිකරණය මේ බව පවසා ඇත.

    සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

    ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද ද්විත්ව පුරවැසිභාවය සහිත තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    සමගි ජනබලවේග‍යෙන් පාර්ලිමේන්තුවට පත්වුවද ඇය පසුව ආණ්ඩුවට සහය දැක්වීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img