fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PHI භාණ්ඩාගාරික මරන්න ඔත්තු බැලූ සැකකරු රටින් පනින්න යද්දී අල්ලයි

    PHI භාණ්ඩාගාරික මරන්න ඔත්තු බැලූ සැකකරු රටින් පනින්න යද්දී අල්ලයි

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය
    ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

    ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පත්තිනි දේවගේ තිවංක මනෝහර නැමැති අයෙකි .

    ඔහු මෙරටින් පළා යාම සදහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබුණි .

    ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙකි .

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img