fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේට් කුමරියට පිළිකාවක් (📹)

    කේට් කුමරියට පිළිකාවක් (📹)

    බ්‍රිතාන්‍යය රජ පවුලේ විලියම් කුමරුගේ බිරිඳ වන වේල්සයේ ආදිපාද කේට් කුමරියට පිළිකාවක් ඇතැයි හඳුනාගෙන තිබේ.

    මේ බව ඇය විසින්ම නිකුත් කළ නිවේදනයක් මගින් අනාවරණය කර ඇත.

    අනාගත රැජින එම වීඩියෝවෙන් තවදුරටත් පැවසුවේ ඇගේ රෝගී තත්ත්වය සිය දරුවන් වන ජෝර්ජ්, චාලට් සහ ලුවීට ‘ඔවුන්ට සුදුසු ආකාරයෙන් පැහැදිලි කිරීමටත්, මම හොඳින් සිටින බවට ඔවුන්ට සහතික වීමටත්’ කාලයක් ගත වූ බවයි.

    ඇය පිළිකාව වැළැක්වීමේ රසායනික චිකිත්සාවකට භාජනය වූ බවට ද පවසා ඇත.

    මෙම ප්‍රකාශය ඇය විසින් කර ඇත්තේ පසුගිය දෙසැම්බරයේ සිට රජ පවුලේ සහභාගිත්වය අවශ්‍ය වන නිල කටයුතුවලදී ඇයව දැකීමට නොහැකි වීමෙන් පසු ඇය සිටින ස්ථානය පිළිබඳ ‍විශාල වශයෙන් සමාජ මාධ්‍ය මගින් කුකුසක් ඇතිකරලීමටත් සහ කුමන්ත්‍රණකාරී ප්‍රකාශ යනාදිය පිළිබඳ පළවෙමින් ඇති පසුබිමක දී ය.

    42 හැවිරිදි ඇය ජනවාරියේදී උදරයේ සැත්කමකට ද භාජනය වී තිබේ. එහෙත් ඇගේ උදර ශල්‍යකර්මය කරන විට ඇගේ තත්ත්වය පිළිකාවක් නොවේ යැයි සිතූ බවද කේට් පැවසුවාය.

    මාර්තුවේදී TMZ සඟරාවේ ඡායාරූපයකට පෙනී සිටින තෙක් ඇයව ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.

    කේට් ඇගේ රෝගය ගැන මෙසේ පැවසුවාය.

    “ඇත්ත වශයෙන්ම මෙය විශාල කම්පනයක් ඇති කළා. ඒවගේම විලියම් සහ මම අපගේ තරුණ පවුල වෙනුවෙන් මෙය පුද්ගලිකව සැකසීමට සහ කළමනාකරණය කිරීමට අපට හැකි සෑම දෙයක්ම කරමින් සිටිමු.”

    “මා ඔවුන්ට කී පරිදිම, මට සුවපත් වීමට උපකාර වන දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මගේ මනස, ශරීරය වගේම මගේ ආත්මය තුළත් දිනෙන් දින හොඳින් සහ ශක්තිමත් වෙමින් සිටිමි.”

    කේට් සිය ප්‍රකාශය අවසන් කළේ “පිළිකා රෝගයට ගොදුරු වූ සියලු දෙනා ගැන මම හිතනවා. කුමන ස්වරූපයෙන් වුවද, මෙම රෝගයට මුහුණ දෙන සෑම කෙනෙකුටම මම කියන්නේ,  කරුණාකරලා, විශ්වාසය හෝ බලාපොරොත්තුව නැති කරගන්න එපා. ඔබ තනිවී නැහැ.” යනුවෙන් පවසමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.