තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුදුසුකම් ලැබීමේ ශූරතාව ලක් දියණියන්ට

    සුදුසුකම් ලැබීමේ ශූරතාව ලක් දියණියන්ට

    ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගත්හ.

    අබුඩාබි හි පැවති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත නායිකාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළාය.

    ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්හ.

    නායකත්වයේ සුපුරුදු ඉනිම ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු හැට තුනක දී ලකුණු 102ක් ලබා ගත්තාය.

    ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 170ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසිය ද කඩුලු 7ක් දැවී නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළ දී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.

    දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදේෂිකා ප්‍රබෝධනී සිය පන්දුවාර හතර අවසානයේ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.

    අවසන් මහා තරගයේ වීරවරිය සම්මානය චමරි අතපත්තුට හිමි වූවාය.

    කණ්ඩායම් 10 අතුරින් අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් එළැඹෙන විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට තරග වදිනු ඇත.

    ශ්‍රී ලංකාව 169/5 (20)

    ස්කොට්ලන්තය 101/7 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img