fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවට ISIS ප්‍රහාරයක්

    රුසියාවට ISIS ප්‍රහාරයක්

    රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මරණයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

    ස්ව්‍යංක්‍රීය ගිනි අවි මගින් ප්‍රසංග ශාලාව වෙත මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී පුද්ගලයින් 150දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවටද වාර්තාවේ.

    සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවන්ට අනුව තුවක්කුකරුවන් පස්දෙනෙකු පැමිණ ඇති බවට අනාවරණය වන අතර ඔවුන් අඛණ්ඩව වෙඩි තැබීම සිදුකර ඇති බවටද එහිද දැක්වේ. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉස්ලාම් රාජ්‍යක් සඳහා වූ කණ්ඩායම වගකීම භාරගෙන ඇති බවද බටහිර මාධ්‍ය සඳහන් කරයි.

    මේ අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද බුද්ධ අංශ විසින් මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක කණ්ඩායමක් ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.