fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැරදි මුදල් අත්පත් කරගන්න පනතක්

    වැරදි මුදල් අත්පත් කරගන්න පනතක්

    “වැරදි සහගත ලෙස මුදල් හම්බ කරලා තියෙනවා නම් ලෝකෙ කොහේ ඒ මුදල් තිබ්බත් එම මුදල් අත්පත්කරගත හැකි පනතක් ළඟදීම ගෙන එන බව” ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

    මාබිම නව ලිට්රෝ පිරවුම් පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සාගල රත්නායක මහතා අද(08)මේ බව සඳහන් කළේය.

    සාගල රත්නායක මහතා මෙසේ ද කීවේය.

    “ගෑස් පෝලිම තෙල් පෝලිම නැතිව විතරක් නෙමෙයි රට වැටිච්ච තැනින් අවුරුදු දෙකක දි ඉදිරියට ඇවිත් තිබෙනවා. රුපියල තවත් ශක්තිමත් වෙලා තියෙනවා. ඇ.ඩො අගය 296ට ඇවිත් තියෙනවා. උද්ධමනය සියයට හැත්තෑ හයේ ඉඳන් සියයට 3ට අඩුවෙලා තියෙනවා.

    ද්විපාර්ශවික වෙළඳ ගිවිසුම් ශක්තිමත් කරමින් පුනර්ජනනීය බලශක්තිය දියුණු කරලා, කෘෂිකර්මාන්තය නවීකරණය කරලා, නිෂ්පාදන වියදම් අඩු කරලා කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා. අධ්‍යාපනයෙ ඉඳන් අපි අපේ මානව සම්පත දියුණු කරන්න ඕනි.

    රජයට තනි අතින් අත්පුඩි ගහන්න බෑ. පුරවැසියනුත් රටේ අනාගතය වෙනුවෙන් එකතු වෙන්න ඕන. හොඳ දේට හොඳයි කියන්න හැමෝටම පුළුවන් වෙන්න ඕන. රට වෙනුවෙන් අණ පනත් රෙගුලාසි ගෙනත් තියෙනවා.

    වැරදි සහගත ලෙස මුදල් හම්බ කරලා තියෙනවා නම් ලෝකෙ කොහේ ඒ මුදල් තිවුවත් ඒවා අත්පත්කරගන්න පුළුවන් පනතක් අපි ළඟදීම මේ රටට ගෙන එනවා. රජයක් වශයෙන් අපි ඒ අභියෝගය භාරගන්නවා.

    ඡන්දයක් තියෙනවා කිවුවත් ජනාධිපතිතුමා තාමත් කරන්නෙ රට හදන කටයුතු. ඔබ දැක තිබෙනවා ද එතුමා ඡන්ද වැඩ කරනවා. ඒ නිසා අපි එකතුවෙලා මේ රට හදමු” යැයි සාගල රත්නායක මහතා පැවැසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.