තවත්

    පාසල්වල සාපෙළ උපෙළ පන්ති ඇරඹේ

    0

    දිවයින පුරා සියලු පාසල්වල 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා,සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ ශ්‍රේණි අද (08) ආරම්භ වේ.

    සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ විභාග ඉලක්ක කර ගනිමින්‌ 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් කමිටුවෙන්‌ ලද නිර්දේශ අනුව මෙලෙස පාසල්‌ විවෘත කර ඇත.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල්‌ පැවැත්වේ.

    ඒ යටතේ පාසල තුලදීත්‌ මුහුණු ආවරණ පැළදීම, දෑත්‌ විෂබීජහරණය සහ සිසුන්‌ අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත්‌ අනුගමනය කිරීම අනිවාර්ය ය.

    අග්‍රහාර එපා නම් විශ්‍රාමිකයින් ලබන 15 දාට කලින් අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න

    0

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින සියළුම සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ලබාදීමට රජය තීරණය කර තිබේ.

    අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මෙතෙක් හිමි වූයේ 2016 ජනවාරි මස පළවෙනි දිනෙන් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට පමණි.

    මින් ඉදිරියට 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ගොස් සිටින සියළු රාජ්‍ය සේවකයින්ටද අග්‍රාහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවේ.

    අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට කැමැත්ත හෝ අකමැත්ත ලබාදීමට විශ්‍රාමිකයින්ට ලබන 15 වැනිදාට පෙර දැනුම් දිය යුතු වේ.

    කිසියම් විශ්‍රාමිකයෙකු අකමැත්ත පළ නොකළ හොත් ඔහු කැමැත්ත පළ කළා යැයි සිතා ඔහුට අග්‍රහාර ප්‍රතිලාභ රක්ෂණ ලබාදෙන බවද රජය නිවේදනය කර ඇත.

    අග්‍රහාර ප්‍රතිලාභ ලබාදීම සඳහා සෑම විශ්‍රාමිකයෙකු ගෙන්ම මෙතෙක් මාසික විශ්‍රාම වැටුපෙන් රුපියල් දෙසීයක් අයකළ අතර නව තීරණයත් සමඟ එම මුදල රුපියල් හාරසිය දක්වා වැඩි කර ඇත .

    අග්‍රහාර ප්‍රතිලාභ හිමි රාජ්‍ය සේවකයින්ට රෝහල්ගතව ප්‍රතිලාභ ලබා ගැනීමේදී සෞඛ්‍ය පරීක්ෂණවලදී හා වෙනත් අසනීපවලදී වන්දි මුදල් හිමි වන අතර වසරකට ලබාදෙන උපරිම වන්දි මුදල රුපියල් 120000ක් වේ.

    අග්‍රහාර ප්‍රතිලාභ රක්ෂණයට අකමැත්ත පළ කර දැනුම් දීම ක්‍රම කිහිපයක් ඔස්සේ කළ හැකි බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

    විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම රක්ෂණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න.

    අග්‍රහාර රක්ෂණය ලබාගැනීමට විරුද්ධත්වය පළකරමින් පෝරමයකින් භාරදීමට අවශ්‍ය ඇමුණුම 2 පහතින් දක්වා ඇත.

    මෙම නිවේදනය සහ අග්‍රහාර රක්ෂණය ලබාගැනීමට විරුද්ධත්වය පළකිරීමේ ඇමුණුම 2 සහිත සම්පූර්ණ චක්‍රලේඛය පහත දැක්වේ.

    1636113005-04-2020;

     

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-08

    0
    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි
    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි

    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි

    අද හෙට වැස්ස වැඩිවෙයි – මිලිමීටර් 150 පනී

    0

    බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (08) සහ හෙට (09) වැසි තත්ත්වය තවදුරටත්‌ වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්‌ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලන්‌ ඇතැම්‌ ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

    එමෙන්ම වයඹ සහ උතුරු පළාත්වලත්‌ මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්‌ ඇතැම්‌ ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    ජනතාව ගතයුතු ක්‍රියා මාර්ග ලෙස කාලගුණ විද්‍යාඥයන් දන්වා සිටින්නේ ගිගුරුම්‌ සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකංලික තද සුළංවලින්‌ සහ අකුණු මඟින්‌ සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

    දිවයින ආසන්නයේ පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන්‌ මෙම වැසි වර්ධනය වීමට බලපා ඇති බව ඔවුහු කියාසිටිති.

    රටම ඩෙංගු වසංගත අවදානමක – අද සිට මර්දන සතියක්

    0
    dengue

    රට පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    ඉකුත් ඔක්තෝම්බර් මාසයේ දී ඩෙංගු උණ රෝගීන් 2021 ක් ද නොවැම්බර් මාසයේ මුල් දින හතර ඇතුළත රෝගීන් පන්සියයකට වැඩි පිරිසක් ද හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    එම නිසා බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල අද (08) සිට සෙනසුරාදා (13) වැනිදා දක්වා දින 6ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද සමරවීර මහතා කීය.

    බස්නාහිර හා නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59ක එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

    සෞඛ්‍ය සේවකයින්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය හා ස්වේච්ඡා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බව ද සමරවීර මහතා කීය.

    ලංකාවත් ක්‍රීඩා කරන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද ඇරඹෙයි

    0

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘’අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද (08) දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වේ.

    මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයේ ධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ් එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

    මෙම තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව සලසා ඇත. ඔවුන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ටිකට්පත්, නේවාසික පහසුකම් හා තරගාවලි ප්‍රවේශ පත්‍ ඇතුළත් විශේෂ පැකේජයක් හඳුන්වා දී ඇත. ඒ හරහා මේ වනවිටත් විදෙස් පාපන්දුලෝලීන් දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රේක්ෂකාගාරය තුළ දේශීය හා විදේශීය ක්‍රීඩාලෝලීන් හට වෙන් වෙන්ව තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙන පරිදි ස්ථාන වෙන් කර ඇත.

    තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය හා සී ෂෙල්ස් රාජ්‍යය අතර අද (08) ප.ව.4.00ට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. දෙවන තරගය අද රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වේ.

    ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා අවසන්ත මහා තරගයේ තරග වැදීමට නියමිතය. ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක් පිරිනැමේ.

    මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා ද (Gianni Infantino) සහභාගීවීමට නියමිතය.

    Four Nations Match Schedule

    රටපුරා සංවර්ධන නිලධාරීහු හෙට ලෙඩ වෙති

    0

    රටපුරා සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් හෙට (08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවෙති.

    රාජ්‍ය හා පළාත් පලාත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන් පිරිසක් සිටින අතර ඔවුන් අද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා කීය.

    වැටුප් විෂමතා ඉවත් කිරීම, උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කිරීම, පිළිගත හැකි රාජකාරි ලැයිස්තුවක් ලබා දීම, අත්හිටුවා ඇති විශ්‍රාම වැටුප් හිමිකම් යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බවද සූරියාරච්චි මහතා කීය.

    සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය ගැටලූවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට පෙරවරු 10:30 ට ජනාධිපතිවරයාට සහ මුදල් ඇමතිවරයාට සංදේශයක් භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය වෘත්තීන් 15ක් අනිද්දා වර්ජනයක

    0

    පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක සාමාජික සාමාජිකාවෝ ලබන අඟහරුවාදා (09) එක් දින වැඩ වර්ජනයකට නිරත වෙති.

    වෛද්‍ය, රසායනාගාර විද්‍යාඥ, හෙද, ඖෂධවේදීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය 15ක නියෝජනයෙන් එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

    එම වැඩ වර්ජනය අඟහරුවාදා පෙරවරු 8 ට ආරම්භ කර පසුදින පෙරවරු 8ට නිම කරන බව ද රවි කුමුදේශ් මහතා පැවසීය.

    වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වෘත්තීයවේදී උපාධියට හිමි තනතුරුවල නොපිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් ස්ථාපිත නොකිරීම, ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් එම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවද රවි කුමුදේශ් මහතා කීය.

    වසර හතරක විශේෂවේදී උපාධියක් ලැබූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් මේ වන විට ඩිප්ලෝමාධාරීන්ගේ වැටුපකට හිර කර තිබෙන බවද කුමුදේශ් මහතා පැවසීය.

    බිය නැති කතුන් එක්වන Raid Amazones ලබන වසරේ ලංකාවේ

    0

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවය, පැරිස් සහ කොළඹ අතර සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමඟ, ලොව විශාලතම කාන්තා වික්‍රමාන්විත චාර්කාව වන Raid Amazones 2022 හි නිල ගුවන් හවුල්කරු බවට පත්ව තිබේ. Raid Amazones යනු ප්‍රංශ ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන විවිධ ක්‍රීඩා ඉසව්/ක්‍රියාකාරකම් හරහා ජයග්‍රහණය කරා යන වික්‍රමාන්විත චාරිකාවකි.

    2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන මාලාවක් – සීගිරිය, හබරණ, කවුඩුල්ල සහ මොරගහකන්ද, පාරිසරික සුන්දරත්වය, සංස්කෘතික උරුමයන් සහ අව්‍යාජ ගැමි ජීවිතයේ ගුණාංග වලින් පොහොසත් වන අතර එමඟින් උත්සවයට අද්විතීය විචිත්‍රවත් පසුබිමක් ලබා දෙනු ඇත. පළමු අදියර 2022 මාර්තු 13-23 දක්වා සහ දෙවන අදියර 2022 මාර්තු 27 සිට අප්‍රේල් 6 දක්වා පිළිවෙළින් පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළුව 550 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

    ප්‍රංශ ජාතිකයින් අතර වඩාත් ඉල්ලුමක් ඇති ක්‍රීඩා තරඟයක් වන මෙහි ආකෘතිය වන්නේ කුඩා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඔරු පැදීම, පැදීම, ධාවනය, දුනු ශිල්පය වැනි ත්‍රාසජනක අභියෝග රාශියකට සහභාගී වීමයි. ඔවුන්ගේ විඳදරාගැනීම, කණ්ඩායම් හැඟීම සහ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී පරීක්ෂා කරයි.

    සෑම වසරකම, මෙම උත්සවය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක පැවැත්වෙන අතර එමඟින් පුරවැසියන්ගේ ජීවන රටාව, පාරිසරික සුන්දරත්වය සහ සංස්කෘතිය වැනි ආවේනික ලක්ෂණ ගෝලීය මාධ්‍ය හරහා ලොවට ප්‍රදර්ශනය කෙරේ. Connaissance de Ceylan 2022 සංස්කරණයේ නිල හැසිරවීමේ සහකරු වනු ඇත.
    ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, මෙරට සංචාරක ප්‍රවර්ධන ප්‍රයත්නවල පුරෝගාමියෙකු වන අතර, මේ හරහා අනාගතයේදී ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට ප්‍රංශයේ සිට පැමිණෙන බොහෝ සංචාරකයින් පොළඹවනු ඇතැයි අපේක්ෂා කරයි.

    (වමේ සිට දකුණට) සංචාරක අමාත්‍ය ගරු. ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, Raid Amazones හි ජීන් ලුවී කොනේසා මහතා සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු සමඟින්.

    ජනපති අගමැති ප්‍රධානත්වයෙන් පැවැති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණසමරුව

    0

    දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ‌ ප්‍රධානත්වයෙන් අද (07) දින පෙරවරුවේ දී පැවැත්විණි.

    පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, එස්.එම් චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වි චානක,ජානක වක්කුඹුර,තේනුක විදානගමගේ,දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් පළමුව ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

    ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුව වෙනුවෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක සහ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උපුල් දිසානායක මහත්වරු සහ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා දී ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පළදා ගෞරව දැක්වූහ.

    තංගල්ල වගේගොඩ පුරාණ වජිරගිරිය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි මෙහි දී පැවිදි අනුශාසනාව පැවැත්වූහ.

    රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමි, තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ ධීරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

    මේ අතර වීරකැටිය මැද මුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝන දන්දිනා සමරසිංහ දිසානායකගේ ස්මාරක වෙත ඊයේ (06) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිවරු පහන් දල්වා දෙමාපිය ගුණ සිහිපත් කළහ.

    මේ දවස්වල මුදල් ගසාකෑමේ ජාවාරමක් ගැන හෙළිදරව්වක්

    0

    විදෙස් රැකියා සපයා දෙන බව පවසා, වංචනික පිරිසක් විසින් මුදල් ගසා කෑමේ ජාවාරමක් සිදුකරන බවට තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල්, දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා ලබාදෙන බව පවසමිනි.

    සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු කෙරේ.

    මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කරයි.

    ජපානයේ රැකියා සඳහා දෙරට අතර ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවා ගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් එය සිදු කෙරේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරන බවයි.

    මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරන බව ඔවුන් සඳහන් කරයි.

    අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කරන අතර
    මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත.

    දිස්ත්‍රික් 8 කට නායයාම් අවදානමක්

    0
    Landslide

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මාතලේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්වලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල පස්සර ප්‍රදේශ ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, බද්දේගම, ඇල්පිටිය නෙළුව කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, යටිනුවර, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළේ, උඩුනුවර, දොළුව, හාරිස්පතුව පාතහේවාහැට උඩපළාත යන ප්‍රදේශ වලට නායයාමේ අනතුරු අඟවා තිබේ.

    මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල, රුවන්වැල්ල, රඹුක්කන සහ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය මාවතගම, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර කුරුවිට මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට උකුවෙලට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    RMV නිලධාරිනියක් අත්අඩංගුවට

    0

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    යතුරුපැදි 3ක් සඳහා ලියාපදිංචි සහතික අනවසරයෙන් සකස් කර මුද්‍රණය කළ කළ බවට චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

    සුවබර දිවියට සංගීත චිකිත්සාව – Music Therapy For Health

    0

    හේෂාණි බණ්ඩාර

    ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් ” සංගීතය ” නම් මානව කලාංගය බොහෝ කායික, මානසික රෝගීන් සුවපත්භාවය සඳහා යොදා ගනී. බුද්ධ දේශනාවට අනුව සුවය ( Relax ) අත්විඳීමට නොහැකි වූ විට මිනිසාට නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙයි.

    මව් කුසෙන් එළිය දුටු දරු පැටියකු නැළවෙන්නේ මවගේ මුවින් පිටවන ආදරණීය වචන, නැළවිලි ගී රාවයෙනි.

    අපේ රටේ තරමක් දුර්වල වු සංගීත චිකිත්සාව දියුණු රටවල රෝගීන් සුවපත් වීමට මහත් ඔසුවක් වී ඇත.

    Note-Able Music Therapy Services

    නූතන ජීව විද්‍යාඥ පර්යේෂණ හා කායික විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අනුව පෙනහළු නිරෝගී කිරීම, ආසාධන තත්ත්ව අවම කිරිමට ස්නායු පද්ධති නිරෝගීතාවයට ගායන වාදන හා රසාලිප්ත සංගීතමය සංයෝජයන්ට මහත් මෙහෙයක් කළ හැකි බව වාර්තා වෙයි. නූතන හෘද රෝග පිළිබඳව කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් හා ඖෂධ ප්‍රතිකාර හෘද රෝගීන් සුවපත් කිරිමෙහිලා සංගීතය එක් ප්‍රතිකාර රටා ක්‍රමයක් ලෙස යොදා ගනු ලබයි.

    හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණයන් හී නියැළි රුසියානු ජාතික වෛද්‍ය කණ්ඩායම් පවසන්නේ ” ඩෙජියල් ” සංගීත ශ්‍රවණය කිරිමෙන් මානසික ආතතිය මඟහැරි රුධිර සංසරණ රිද්මය නිවැරදි වන බවත් ය.

    සංගීතයේ ස්වභාවය රිද්මය තානය හා නාදමය හැඩය මත සිරුරේ වෙනස්කම් හෘද ස්පන්දනීය රිද්ම විපරිත තත්ත්වයන් ඇති වෙයි. ඝෝෂාකාරී වූ අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය වීම පුද්ගල භාවමය සිත ප්‍රකෝප වෙයි. පුද්ගල සිරුරේ නාඩි වේගය, හෘද ස්පන්දනීය රිද්ම ලතාව මෙන්ම මාංශපේශින්ගේ චලනය , අධි රුධිර පිඩනය, ලේ වල සීනි ප්‍රමාණය ඉහළ යෑම සිදුවන බවට ජීව විද්‍යානූකූල පර්යේෂණ පෙන්වා දෙයි.

    Music is Good For the Soul, But Our Musicians Are Struggling — BolderBeat

    එමෙන්ම රම්‍යවූත්, සුරම්‍යවූත් සංගීත ශ්‍රවණය මඟින් සුබදායක වූ බොහෝ ප්‍රතිඵල ලැබේ. මානසික ආතතිය මඟ හැරිමට උපකාර වෙයි. රුධිර පීඩනය සමතුලිත වෙයි. මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් පුද්ගල වින්දනය කරන සංගීතය ඝෘජුවම බලපෑම් කරනු ලබයි.

    රුසියානු ජාතික මනෝවෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය S. ගුරෙවිච් හා H. චාල්ඛනිකා පවසන්නේ කිසියම් පුද්ගලයෙකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කරගනිමින් ශාරීරික, මානසික වෙනස්කම් රැසක් ඉවත්ව යන බවයි.

    මිනිසාගේ පැවැත්ම හා විනාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාවේ වගේම සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයයි. ඔවුන්ගේ නව දර්ශනය, සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබල් ප්‍රමාණය අනුව මිනිසා හා මිහිකත මෙන්ම වායුගෝලය ද ආරක්ෂා වෙන බවයි.

    මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සංගීත චිකිත්සාවක් ලෙස යොදා ගෙන ඇති බව පුරාණවේද ග්‍රන්ථයක් වන ගන්ධර්ව වේදය මනාව විස්තර කර තිබෙයි. වා, පිත්, සෙම් පුද්ගල ශාරීරික දෝෂයන්ට අමතරව මනසේ තත්ත්ව 03 ක් වන සත්ව, රජස්, තමස් ලෙස ආයුර්වේදය තුළ විස්තර කරයි.

    සංගීත චිකිත්සක ක්‍රමය හරහා කාර්යබහුල ජීවන රටාව තුළ ඇතිවෙන මානසික, කායික, ශාරිරික පීඩන රෝගයන්ට විශාල පිටුවහලක් ලැබෙයි. උදාහරණ ලෙස විෂාදය, හිසරදය, ඉරුවාවදය, පෙෂර්, දියවැඩියාව, ශ්වසන ආබාධ, හෘද රෝග වැනි සිරුරේ හටගන්නා රෝගයන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව වෛද්‍ය විද්‍යාව පර්යේෂණ මත සනාථ කරයි.

    වර්තමානයේ දී යෝග දර්ශනය කායික මානසික ලිහිල්භාවය ඇතිකරවන යෝග අභ්‍යාස ඉතා ප්‍රචලිත වී ඇත. එහි දී ස්වභාදහම විවිධ නාද රටා / හඩවල් උපයෝගී කරගනී. උදාහරණ විදියට වැසි ජල හඩ, සංගීත භාණ්ඩ හඩ (ගිටාරය/ වයලීනය / සිතාර හඩ/ බටනලා) දිය පහර හඩ, පක්ෂින්ගේ හඩවල්, උදම් රළ හඩ යොදා ගනි.
    ඊට අමතරව යෝග ප්‍රගුණ කිරිමේ දී යොදා ගන්නා විවිධ මන්ත්‍ර මනසේ ශක්තීන් අවදි කිරීමට හා මනස ශක්තිමත් කිරීමට යොදා ගනී.

    විවිධ භාවයන් උද්දිපනය කිරිමත් කරුණා, වීර්යය රස වල දී දුක් දොම්නස් පහව යන්නා වූ රසයන්ගෙන් යුත් කානී හා ආශාවරී රාගයන්ගෙන් සෑදු සංගීතය යොදා ගනී. විශේෂයෙන් වාත දෝෂයට බලපාන්නා වූ සවස් කාලය තුළ ඇසීමට සැලැස්වීම වඩා ඵලදායි වන බව නවීන පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

    සුවපහසු නින්දක් නොලැබීම කාර්යබහුල ජීවන රටාව හා මතු වී තිබෙන විවිධ රෝග වලට බලපෑමක් කරයි. සුවපත් නින්දකට හොඳම ඖෂධයක් ලෙස සංයමදාරී සංගීතය ( Sentimental Tranqilizing Music) බොහෝ පිටුවහලක් වනු ඇත.

    Best Wireless Headphones You Can Buy in 2018 — Tecraze

    මිහිරි සංගීත භාණ්ඩ රාව සවස් කාලය හා රාත්‍රී කාලයට ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධති මගින් නිපදවන නයිට්‍රජන් ඔක්සයිඩ් (No) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන් බැක්ටීරියා හා වෛරස් ආසාධන සිරුරට ඇති හැකියාව වැඩිවන බව එනම්, සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවන බව සොයාගෙන ඇත. සිරුරේ හෝමෝන අසමතුලිතතාවයන් පාලනයට සංගීත චිකිත්සාව යොදා ගනී. සිරුරේ උෂ්ණත්වය සමනයට හා ආවේගකාරී සිතුවිලි එනම්, ආයුර්වේදයේ සඳහන් රජස් හා පිත් කෝපාකාරී ගත් ලක්ෂණ පාලනයට ද විශේෂයෙන් ශාන්ත/ කරුණා රසයක් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කර ගැනීම ඵලදායි බව සොයාගෙන ඇත.

    රසය යනු කලාවේ බීජයයි. විඳීමට සිතක් තිබිය යුතුයි. අපගේ වම් – දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත වන අතර කලාත්මක හැකියාවන් හා නිර්මාණශීලි ක්‍රියාකාරකම් හා දකුණු අර්ධගෝලය මගින් ආදරය, දුක, විරහව එකට බැඳි පවතින හැඟීම්ය. විශේෂයෙන් ම විරහව විවිධ මානසික ශක්ති වලට හේතුවක් ලෙස හැඳින්විය හැක.

    තමස් එනම්, උදාසීන ගති ඉස්මතු කරන මෙවැනි අවස්ථාවක ශුංගාර රසය දනවන සංගීතය එනම්, කල්‍යාණ බිලාවල් හා තමජ රාග ආශ්‍රීත සංගීත ශ්‍රවණය මනස සංසුන් කරගෙන යාමට හැකි බව සොයා ගෙන ඇත.

    සිතෙහි හටගන්නා අසමතුලිතාවයන් හා මානසික අවපීඩනයන් හේතු කරගෙන පුද්ගල චින්තන රටාවේ වෙනස්කම් ඇති වීම වැළැක්විය නොහැක. ශරිරයේ ජෛව රසායනික ක්‍රියාවලියේ විවිධ වෙනස්කම් පාලනයට නූතන ක්‍රම වේද 02 ක් ප්‍රයෝජනයට ගත හැක.
    1.       බෞද්ධ භාවනාව
    2.       සෞම්‍ය වූ රාගධාරී / සම්භාව්‍ය සංගීතය

    සංගීත ශීල්ප ක්‍රම, නාද සංයෝග මානව හිතවාදි ක්‍රියාකාරකම් වලට වගේම පරිසරයටත් බොහෝ සේ සුබවාදී වී ඇත. උදාහරණ විදියට ඇතැම් ගොවිබිම් වල සංගීත ආශ්‍රය කරගෙන සිදු කර කෘෂිකාර්මික කටයුතු වල දී විශිෂ්ඨ අස්වැන්නක් ලබා ගැනීමට සමත් වූ බව වාර්තා වෙයි.

    ඒ වගේම ගර්භණි මවකට තම ප්‍රසුතිය නිරෝගී කර සෞඛ්‍ය සම්පන්න දරු ගැබක් රඳවා ගැනීමට මිහිරි නාද මාලා මිහිරි සංගීතය භාවනා ගාථා උපයෝගී කර ගත හැක.
    සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසා පමණක් නොව මිහිතලය පවා සුවපත් කරන ගුණයක් මේ සංගීතය සතුව ඇත. වෙම් අපුර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන ඔබ ද මිහිතලය ද නිරෝගී සුවය ළඟා කර ගැනීමට හැකියාව උදා කරගනීමු.
     
    වෛද්‍ය උපදෙස්
    ආයුර්වේද වෛද්‍ය සෙව්වන්දි කොඩිතුවක්කු
    ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී, නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

    අයවැය නිසා ඇමතිලාට මාසයක් විදෙස් සංචාර තහනම්

    0

    ලබන 12 වැනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාලය තුළ සියලුම අමාත්‍යවරුන්‌, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල හෝ පෞද්ගලික විදේශ සංචාරවලින් වළකින ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

    එමෙන්ම අයවැය සැකසීම සඳහා ඍජුව දායකත්වය දක්වන සියලු රාජ්‍ය නිලධාරීන්ට ද මෙම කාලය තුළ විදේශ සංචාරවලින් වළකින ලෙසට සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පීඑස්/සීඑස්ඒ/චක්‍රලේඛ/9/2021 අංක දරන චක්‍රලේඛයක් මගින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නියෝග කර ඇත.

    අයවැය සඳහා සියළුම අමාත්‍යවරුන්‌, රාජ්‍ය අමාන්‍යවරූන්‌, අමාත්‍යාංශ ලේකම්වරුන්‌, දෙපාර්තමේන්තු ප්‍රධානීන්‌ හා අදාළ නිලධාරින්ගේ සෘජු දායකත්වය මුදල්‌ අමාත්‍යාංශයට ලබා දිය යුතු බව ජනාධිපතිවරයා විසින්‌ පෙන්වා දී තිබේ.

    2022 අයවැය ලේඛනයට අදාළ කටයුතු සිදුකෙරෙන බැවින්‌, මුදල්‌ අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන්‌ හා ජාන්‍යන්තර සංවර්ධන අරමුදල්‌ ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගයීම්වල යෙදේ.

    අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කර ඇති අයවැය කාලසටහන අනුව, 2021 නොවැම්බර්‌ 12 වන දින මුදල්‌ අමාත්‍යවරයා විසින්‌ අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන්පසු දෙවනවර කියවීමේ විවාදය මෙන්ම කාරක සභා විවාදයන්‌ පවත්වා දෙසැම්බර්‌ මස 10 වන දින අයවැය ඡන්ද විමසීමට සැලසුම්‌ කර ඇත.

    එබැවින්‌, මෙම කාලය තුළ අමාත්‍යවරුන්‌ නිල හෝ පෞද්ගලික විදේශ සංචාර සැලසුම්‌ නොකරන ලෙසද, අයවැය සම්පාදනයට මෙන්ම අයවැය විවාද සඳහාද පූර්ණ දායකන්වය ලබා දෙන ලෙස උපදෙස්‌ දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය දන්වයි.

    විශේෂ අවස්ථාවන්‌ සඳහා විදේශ තානාපති කාර්යාලවලට විදේශ අමාත්‍යාංශය මගින්‌ අදාළ නියෝජනය ලබා දිය හැකි බව ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙයි.

    එබැවින්‌, අත්‍යාවශ්‍ය කටයුතු හැර වෙනන්‌ විදේශ සංචාරවලට මෙම කාලය තුළ සහභාගිවීමෙන්‌ වලකින ලෙස අමාත්‍යවරුන්‌, අදාළ නිළධාරීන්‌ දැනුවත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම්‌ දී ඇත.

    කොවිඩ් පොකුරු හදන උත්සව ගැන වාර්තා – මෙහෙම ගියොත් යළි සීමා

    0

    කොවිඩ් වසංගතය රෝගය පැතිරෙන ආකාරයට පැවැත්වුණු උත්සව, සාද ,මංගල උත්සව කිහිපයක් පිළිබඳ වාර්තාව වූ ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

    ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පැනවීමට සිදුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-07

    0
    නිදහස් සටන වෙනුවෙන් සිය ජීවිතය පිදූ වීර පුරන් අප්පු ජාතික වීරවරයා උපන්නේ 1812 නොවැම්බර් 07 වන දිනයි
    නිදහස් සටන වෙනුවෙන් සිය ජීවිතය පිදූ වීර පුරන් අප්පු ජාතික වීරවරයා උපන්නේ 1812 නොවැම්බර් 07 වන දිනයි

    නිදහස් සටන වෙනුවෙන් සිය ජීවිතය පිදූ වීර පුරන් අප්පු ජාතික වීරවරයා උපන්නේ 1812 නොවැම්බර් 07 වන දිනයි

    ඉන්ධන බවුසරයක් පුපුරා සියෙරා ලියෝන්හි සිදුවූ මරණ ගණන ඉහළට

    0

    සේරා ලියොන් හී ඉන්ධන රැගත් බවුසරයක් ලොරි රථයක ගැටීමෙන් ඇති වූ පිපිරීමකින් පුද්ගලයන් 99 දෙනෙකු මරණයට පත්ව තිබේ.

    බවුසරය ලොරියේ ගැටීමත් සමඟ මාර්ගය පුරා ඉන්ධන කාන්දුවීමකට ලක්ව ඇති අතර ඒත් සමග ඉන්ධන රැස් කර ගැනීමට ජනතාව එක්රොක් වී ඇතැයි වාර්තා වේ.

    ජනතාව එම ස්ථානය පැමිණීමත් සමඟම බවුසරය පුපුරා ගොස් ඇති අතර එහිදී ඉන්ධන එක් කරමින් සිටි ජනයා ඊට මැදිවන්නට ඇති බවට බලධාරීන් සැකකරයි.

    සිද්ධියෙන් විශාල පිරිසක් එම ස්ථානයේදීම දරුණු පිලිස්සුම් හේතුවෙන් මරණයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් දරුණු පිලිස්සුම් තුවාල සහිත රෝහල් ගතකර ඇත.

    සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නෙ ඇතැම් සිරුර හදුනාගත නොහැකි වන පරිදි පිලිස්සි ඇත බවයි.

    කෙසේවෙතත් සිද්ධියෙන් වූ හානිය තවම කෙතෙක්දැයි ගණන් බලා නොමැති බවද බලධාරීන් ප්‍රකාශ කරයි.

     

    ඉන්දියාවේ කොරෝනා වාට්ටුවක ගින්නක්- රෝගීන් 11ක් මරුට

    0

    ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ රෝහලක කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් රෝගීන් 11 දෙනෙකු මරණයට පත්ව ඇත.

    අදාල වට්ටුවෙ රෝගීන් 17 දෙනෙකු ප්‍රතිකාර ලබා ඇති අතර දිවි ගලවාගත් රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    ගින්න සුළු වෙලාවක් තුල පාලනය කිරීමට හැකියාව ලැබුනද ගින්නට හේතුව මේවන තෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ගින්නෙට මරණයට පත්වූනට සිය කණගාටුව සහ අනෙක් රෝගීන්ට ඉක්මන් සුවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රාර්ථනා කරනු ලැබ තිබේ.

    ඉකුත් මැයි මාසයේදීද ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මරණයට පත්විය.

    රෝහල් සහ යන්ත්‍ර වල නිසි නඩත්තු කිරීමට ලක් නොවීම මෙවැනි ගිනි ගැනීම් වලට හේතුව බව බලධාරීන් පෙන්වා දෙයි.

    අදත් දිස්ත්‍රික් 13ක එන්නත් කෙරේ

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 13ක් පුරා මධ්‍යස්ථාන 91 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 07.11.2021

    “මිලටරි ගෝඨා නොවී ජනතාවට පොරොන්දු වුණ විප්ලවීය වෙනස කරනවා”

    0

    අවශ්‍යනම් හමුදාවේ කෙනෙක් වගේ හැසිරෙන්න පුළුවන්.ඒත් මේක ප්‍රාජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනාවලට අදටත් අපි ජිනීවා මානව හිමිකම් කොමිසමට යනවා. එහෙම තැනට රට පත් නොකර මම පොරොන්දුවුණ විප්ලවීය වෙනස රට වෙනුවෙන් කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික උත්සවය වීරකැටිය මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පැවති අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීම, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එක රටක් එක නීතියක් කමිටුවේ ප්‍රධානත්වයට පත්කිරීම, ගොවි ජනතාවගේ පොහොර ගැටලුව සහ අනාගතය මෙන්ම ජනපති සැප සම්පත් තමන් භුක්ති නොවිදීම ගැනත් සඳහන් කරමින් ඒක තමයි වෙනස යැයි ජනාධිපතිවරයා මෙම කතාවේ දී ප්‍රකාශ කළේය.

    වූහාන්වල සිරවුණ ශ්‍රී ලාංකිකයො අපි ලංකාවට ගෙනල්ලා. නිරෝධායන ආරම්භ කරලා. මැදපෙරදිග එක්ලක්ෂ පනස් දහසක් නිරෝධායන කරලා. රට දහ වතාවක් වහලා.

    රට ඇරලා තියෙන කොට විපක්ෂය වහන්න කියනවා. රට වහලා තියෙන කොට අරින්න කියනවා. ඩොලර් බිලියන 5ක ආදායමක් ගෙනාපු සංචාරක ක්ෂේත්‍රය කොවිඩ් නිසා බින්දුවට වැටුණා. ඔබ වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් එමගින් කොපමණ දුෂ්කරතාවක් ආර්ථිකයට ඇතිවෙනවා ද කියලා. ඉහළම හොටලයේ ඉදන් තැඹිලි ගෙඩිය විකුණන මිනිහා දක්වා මිලියන 3ක් කඩා වැටුණා. අපි රට වහනකොට කුඩා වෙළඳ සැලේ ඉදන් ඉහළම ව්‍යාපාරිකයා දක්වා වැටෙනවා. ඇගළුම් කර්මාන්තයේ අදායම නැතිවුණා. ඒක දැන් අපි හදාගෙන තියෙනවා. මැදපෙරදිග රැකියා නැතිවීම නිසා. ඒ අයගෙන් ආපු මුදලුත් අපට නැතිවුණා.

    මේ විධියට ආර්ථිකය කඩා වැටුණත්, අවුරුද්දට ඩොලර් බිලියන 4ක් ණය ගෙවන්න වුණා. මේ අවුරුද්දටත් අපි ගෙව්වා. සෛවරී බැදුම්කර වාර්ෂිකව ඩොලර් බිලියන 1.5 ක් ගෙවන්න ඕනි. අපි ගෙව්වා. පහුගිය ආණ්ඩුව අපට භාර දුන්නේ ඉතා කුඩා සංචිතයක්. අපට ගෙවන්න තිබුණ ණය එක්ක ගත්තම කොයිතරම් අමාරුවෙන්ද මේ වගේ අභියෝගයක් ජයගන්න ඕනි කියලා ජනතාව තේරුම් ගන්න ඕනි.

    අවුරුදු දෙකක් ගුරු භවතුන් ගෙදර හිටියේ. අපි ඒත් පඩි ගෙව්වා. රජයේ සේවකයන්ගෙ පඩි කැපුවේ නැහැ. කොවිඩ් හැදුණු පවුල්වලට අපි මුදල් ලබා දුන්නා. අද ගොවි මහත්වරු කියලා උද්ඝෝෂණ කරනවා. කවුද ගොවියාව බලාගත්තෙ මොන ආණ්ඩුව ද ? මම බලයට එනකොට රුපියල් 25ට වී විකුණ ගන්න බැරිව හිටියා. එදා ගොවි මහත්තයෙක් ප්‍රවෘත්තිවල වී වලට රුපියල් 40ක් දෙන්න ඉල්ලුවා. එදා රුපියල් 25ට විකුණගන්න බැරි වී කිලෝව අපි ඇවිත් ගොවියට අපි රු.50ක සහතික මිලක් දුන්නා. ඊටත් වැඩිය ගන්නවා. කමක් නෑ ඒක ගොවියට යනවනම්.

    හැට නව ලක්ෂයක් ජනතාව මට ඡන්දය දුන්නෙ මගේ මූණට නෙමෙයි. හරිත කෘෂි නිෂ්පාදනය හදනවා කියලා අපි කිව්වා. ආහාර සුරක්ෂිතතාව කියන්නෙ වස විස ආහාර දෙන එක නෙමෙයි. ඒක අපි පොරොන්දු වුණා. ඒක අමාරු කාර්යයක්. වෙනසක් ඉල්ලුවාම විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. පුරුදු ක්‍රමයට හැමෝම කැමතියි. මට අවශ්‍ය නෑ ගොවි ජනතාවට බලෙන් කාබනික පොහොරවලට යන්න කියන්න. මම කරේ හරි දේ. පොරොන්දු වුණ දේ.

    සමහරු කියන්නෙ මිලටිරි කෙනෙක්ලු ඉල්ලුවේ ගෝඨාභය කියලා. මට කියන්න පුළුවන් හමුදාවට ගොවියගෙ බෙල්ලෙන් අල්ලලා මේක කරපං කියලා. හමුදාවේ වගේ කෙනෙක් වෙන්න පුළුවන් මට ඕනි නම්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අදත් අපි ජිනීවා යනවා බොරු චෝදනාවලට. මට අවශ්‍ය නැහැ මේ රට ඒ තැනට ගේන්න. නමුත් මම පොරොන්දු වෙච්ච විප්ලවීය වෙනස මම කරනවා.

    අපිට තෙල් නෑ. අපට ගල් අගුරු නෑ. අපට ගෑස් නෑ. නමුත් අපට තියෙනවා හිරු එළිය. වතුර සුළග. අපට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක් තියෙනවා. මේවා තමයි රටක් හැටියට අපි කරන්න පොරොන්දු වුණේ.

    ජනාධිපති අගමැති යනකොට වෙනදා විශාල කාර් ප්‍රමාණයක් යනවා. ඇම්බුලන්ස් යනවා. ෆයර් බ්‍රිගෙඩ් යනවා. දැන් මට යන්නෙ වාහන දෙකයි. අමෙරිකාවේ මම ගියපු වෙලාවේ වාහන 15ක් ගියා. එ.ජා සැසිවාරයට මම ගිහිං හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ බිරිඳගෙ ටිකට් එකට මම සල්ලි දුන්නා. මාත් එක්ක ගියේ 7 දෙනයි. මාත් එක්ක මගේ ඥාතීන් ගියා නම් සංතෝෂයි. හැබැයි යන්න නැති වුණාම එයාලටත් හිතට හොඳ නෑ. අයියෝ අපේ මාමා වැඩක් තියෙනවා ද අපට යන්නත් නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි වෙනස. මටත් අර රජ ගෙදරක් තියෙනවා. මම ඉන්නෙ හිටපු ගෙදරමයි. සමහරු ඇවිල්ලා අහනවා ඇයි අර රජ ගෙදර ඉන්නෙ නැත්තෙ කියලා. විශාල මන්දිරවල අපි ලයිට් පුච්චන්නෙ නෑ. ඒකයි වෙනස.

    බලන්න හාමුදුරුවනේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මම කොළඹ විශ්ව විද්‍යාල්යේ කුලපතිකම දුන්නා. උන්වහන්සේ අපිව බලයට ගේන්න වැඩ කළා. ඒක ඇත්ත. අපට විරුද්ධව කතා කරපු ගමන් පහුගිය දවසේ විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අර ස්ටාලිංද කවුද, මහින්ද ජයසිංහ, ඔක්කොම එතැනට ගියා උපදෙස් ගන්න. හැබැයි උන්වහන්සේට කුලපතිකම දුන්නම ඒකට සුදුසු නෑ කියනවා.

    අනුරාධපුරයේ ආපු වෙලාවක ස්වාමීන්වහන්සේ නමක් කිව්වා කෝ ජනාධිපතිතුමා අර එක රට එක නීතිය කියලා. මම කිව්වා ඒක සංකල්පයක් කියලා. ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තමයි අවුරුදු 5ක් එක රටක් එක නීතියක් ගැන කතා කළේ. ඉතිං මම කිව්වා ඔබ වහන්සේ මට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හදලා දෙන්න කියලා. මුං ඇටවලට අද කීයක් හම්බවෙනවාද ? රු.450ක්. අද ගම්මිරිස්වලට කීයක් හම්බෙනවා ද ? කුරුඳුවලට අද කීයක් හම්බවෙනවා ද ? දැන් කහවලින් අපි ස්වයං පෝෂිතයි. අද ඉඟුරුවලට කීයක් හම්බෙනවාද ? ගොවියට වැඩිපුර හම්බවෙනකොට පාරිභෝගිකයාට ඒ මුදල වැඩිවෙනවා. අපි ගොවියා බලාගන්න ඕන. ඒ වගේම පාරිභෝගිකයාට සහන දෙන්න ඕන.

    ගොවියට රුපියල් 50ට නාඩු ගත්තොත් සියලු ලාභ එක්ක 98 දෙන්න පුළුවන්. හැබැයි 60-70 වෙනකොට සහල් මිලත් වැඩිවෙනවා. අතරමැදියට නැතිව ගොවියට ඒ මුදල යනවා නම් අපි සතුටුයි. අපි පාරිභෝගිකයාට යම් සහනයක් දෙන්නම්. අපි සෞභාග්‍ය දැක්මේ කිව්ව විප්ලවය අපි කරනවා. තරුණයො ඇවිත් තාප්පවල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු වැපිරුවා. මම ඒ අයට නැවත ආරාධනා කරනවා. ඇවිල්ලා කුඹුරු වපුරන්න. මේක විශාල වෙනසක්. අපට මේ වෙනස කරන්න පුළුවන් නම් මේක පළවෙනි රට ලෝකයේ කාබනික වගාව කරපු කියලා කියන්න පුළුවන්. අපේ අහාර පිටරට යවලා අපට ඒ සඳහා හොඳ මිලක් ගන්න පුළුවන්. මේක පර්යේෂණයක්.ගොවි මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි වගා කරලා බලමු.

    ඉල්ලපු විප්ලවීය වෙනස දෙනවා කියන බලාපෙරොත්තුවෙන් මම නවතිනවා යැයි ජනාධිපතිතුමා කීවේය.

    සිමෙන්ති මිල ඉහළට

    0

    කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 177/-කින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව සිමෙන්ති පැකට් එකක නව මිල රු. 1,275/-ක් දක්වා ඉහළ යනු ඇත.

    රජය සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු සමාගම් විසින් මෙලෙස මිල ඉහළ දමා තිබේ.

    සබැඳි පුවත්
    ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ ගිහින් – ක්ෂේ්ත්‍රයම අර්බුද රැසක- දැන්වත් පාලනයක් ඕනෑ

    “මගෙන් වෙනස ඉල්ලපු සමහරුන්ට ඒ විප්ලවය කරද්දී රිදෙනවා”- ජනපති

    0

    “මට විරුද්ධව කතාකරන පිරිස කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි පහුගිය අවුරුදු දෙක ගෙවුණු හැටි නොදන්නා අය. අනෙක් කොටස තමයි මගෙන් වෙනසක් ඉල්ලපු අය.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    හෙතෙම මේ බව කියාසිටියේ මාර්ග 1500ක් වැඩ නිමකොට ජනතා අයිතියට පැවරීමේ “මංපෙත් විප්ලවය” වැඩසටහන අමතමිනි.

    “මම ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන්නේ නොවැම්බර් මාසයේ. දෙසැම්බර් වෙද්දී ලෝකයටම වසංගතයක් ආවා. කවුරුත් නොදන්න වසංගතයක්. අපේ රට විතරක් නෙවෙයි ලෝකයේම ආර්ථිකය ඒකෙන් කඩාවැටෙන්නට වුණා. ඒ බව ‍නොදන්නවා වගේ කතා කරන අය තමයි පළමු කොටස. අනෙක තමයි මගෙන් වෙනසක් ඉල්ලපු අය. ඒ වෙනස කරන විප්ලවය කරද්දී සමහරුන්ට රිදෙනවා”

    මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකර මාර්ගයන් 1500ක් එකම දිනක දී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් සහ ලෝක බැංකුවේ උප සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වේ.

    බැසිල්ගේ මංගල අයවැයට පාර්ශ්ව 102කින් යෝජනා

    0

    ලබන වසර සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ලබන 12 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙවර අයවැය ඔහුගේ මංගල අයවැය ද වේ.

    මෙවර අයවැය සකස් කිරීම සඳහා රාජ්‍ය, ව්‍යාපාරික, අධ්‍යාපන, ප්‍ර්‍රවාහන ආදී ක්ෂේත්‍ර ගණනාවකට අයත් පාර්ශ්ව 102කින් අදහස් හා යෝජනා ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

    ඒ අතරින් රාජ්‍ය හා පරිපාලන අංශ වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදර පක්ෂ නායකයින්, රාජ්‍ය ඇමතිවරුන්, පසුපෙළ මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් නායකයින්, එක් එක් දිස්ත්‍රික් දේශපාලන අධිකාරි, දිස්ත්‍රික් ලේකම්වරුන්
    ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් යෝජනා ලබාගෙන තිබේ. එමෙන්ම මෙරටට සහය දක්වන ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුවේ ද මෙරට සිටින විදේශිය තානාපතිවරුන්ගෙන් සහ විදේශියන්හි සිටින ශ්‍රීලංකා තානාපතිවරුන්ගෙන් ද අදහස් මේ සඳහා ලබාගෙන තිබේ.

    ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් තේ අපනයනකරුවන්ගේ සංගමය, කොළඹ තේ වෙළඳ සංගම්, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමය, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, පොල් ආශ්‍රිත උපස්ථර අපනයනකරුවන්ගේ සංගමය, පොල් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය, කර්මාන්ත අමාත්‍යාංශය – උපදේශක කමිටුව (කොහු අංශය), රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය, කුඩා හා මධ්‍යම රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්ලාස්ටික් කර්මාන්ත සංගමය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය, ලංකා පළතුරු සහ එළවළු නිෂ්පාදකයින්ගේ සැකසුම්කරුවන් සහ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය, කුළුබඩු කවුන්සිලය සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයින් සහ වෙළඳ සංගමය, මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය, නිවර්තන විසිතුරු මසුන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමය, වාත්තු සංවර්ධන සේවා ආයතනය, ශ්‍රී ලංකා මැණික් ස්වර්ණාභරණ සංගමය, ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය, බෝට්ටු ගොඩනැගීමේ තාක්ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනය, ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ කවුන්සිලය, ලංකා නැව් නියෝජිත සංගමය, බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගම්, ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ භාණ්ඩ ප්‍රවාහන සංගම්, හබ් මෙහෙයුම ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය, සිමෙන්ති බවුසර භාණ්ඩ ප්‍රවාහනය, ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගම් වලින් ද අදහස් හා යෝජනා ලබාගෙන ඇත.

    ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ තවත් අංශ නියෝනය කරමින් අත්‍යාවශ්‍ය ආහාර වෙළද භාණ්ඩ ආනයනකරුවන් හා වෙළදුන් සංගමය, ශ්‍රී ලංකා තොග වෙළදුන් සංගමය, ජාතික ඒකාබද්ධ ත්‍රීවිල් රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය, ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පාලස් ළමුන් ප්‍රවාහන සංගමය, ශ්‍රි ලංකා පොදුජන පුද්ගලික බස්රථ සංගමය, මල් අපනයන කරුවන්ගේ සංගමය, මල් හා විසිතුරු පැළ වවන්නන්ගේ සංගමය, මල් වගාකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේ සංගමය, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුව, පළාත් ආණ්ඩුකාරවරුන් හමුව, පළාත් සභා මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම, සහෝදර පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම, පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ ලංකා අපනයනකරුවන්ගේ එකමුතුව මගින් ද අයවැයට යෝජනා ලබාගෙන ඇත.

    මේ අතර මෙරට වෙනත් ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය, පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන දේශිය වෛද්‍යවරුන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන නීති ශිෂ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන නිතීඥ සංගමය, ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, ශ්‍රීලංකා පොදුජන සාමවිනිසුරු සම්මේලනය, ශ්‍රි ලංකා පොදුජන පෞද්ගලික බස් රථ හිමි සහ සේවක සංවිධාන එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන රණවිරු සංකල්පය, සමුපකාර ජාතික සංසදය, ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානය, ශ්‍රි ලංකා පොදුජන පොල් වගාකරුවන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන කුඩා රබර් වතුහිමියන්ගේ සම්මේලනය, රූපලාවන්‍ය නියෝජිත එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන ඖෂධ ප්‍රවර්ධකයින්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණ, ශාන්තිකර්ම වේදීන්ගේ සංවිධානය, ශ්‍රිලංකා පොදුජන ඇගලුම් නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන උපාධිධාරි සංගමය, ශ්‍රීලංකා පොදුජන පෙරපාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රීලංකා පොදුජන වෛද්‍ය පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන දහම් පාසල් සහ පිරිවෙන් ගුරු සංවිධානය, ශ්‍රී.ල.පොදුජන තරුණ සංවිධානය, ශ්‍රී.ල.පොදුජන කාන්තා සංවිධානය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා වෙළද සංවර්ධන සභාව, දේශිය ව්‍යාපාර සුරකීමේ සභාව, ලංකා වාණිජ මණ්ඩලය, වරලත් ගණකාධිකාරී සංගමය, ආහාරයට ගත හැකි තෙල් පිරිපහදු කරන්නන්ගේ සංගම්, සිනි ආනයනකරුවන්, සිමෙන්ති ආනයනකරුවන් සමඟ ද අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර තිබේ.

    ෆයිසර්- මොඩර්නා ආරක්ෂාව මාස 6න් බහී – දෙසැම්බරයේ එන පොට හොඳ නෑ

    0

    කොවිඩ් මර්දනය සදහා භාවිත කළ ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ප්‍රතිශක්තීකරණය මාස 06 ක කාලයක් ඇතුළත සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවට අමෙරිකානු පර්යේෂකයන් කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

    ඒ අනුව 89%ක් පැවති ෆයිසර් එන්නතේ ඵලදායිතාව 58% ක් දක්වාත්, 87%ක් වූ මොඩර්නා එන්නතේ ඵලදායිතාව 43% දක්වාත් 86%ක්ව තිබූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් ආරක්ෂාව පහල ගොස් ඇත.

    මෙරට තුළ ද වැඩි වශයෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාගෙන ඇති බැවින් ඒ පිළිබඳ රජය අවධානයෙන් සිටින බව ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

    “මාර්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා මාස හයක කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ලෙසම භාවිත කරපු ෆයිසර්‌, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වර්ග තුනේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා කියලා මේ පර්යේෂණයට අනුව මාර්තු මාසයේදී 89% ක් වූ ෆයිසර්‌ එන්නතේ ඵලදායිතාවය 58%ක් දක්වා අඩුවෙලා තියෙනවා. 87%ක් වූ මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වාත් අඩු වෙලා තියෙනවා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ 86%ක ආරක්ෂාවක් ලැබෙනවා එය සියයට 13% දක්වා අඩුවෙලා.

    අපේ රටෙත් ෆයිසර්‌ සහ මෝඩර්නා සෑහෙන ප්‍රමාණයක් දුන්නා. මේ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවෙලා තියෙනවා. මේ පර්යේෂකයන් යෝජනා කරන දේ තමයි තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ මුව ආවරණය බරපතළ ලෙස අනිවාර්ය කිරීම, එකිනෙකා අතර පරතරේ තියාගන්න. මේ දෙසැම්බරයේ එන පොට හොඳ නැති බවයි මේ පර්යේෂණ දත්ත වලින් අනාවරණය කරල තියෙන්නෙ.” යැයි ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ගමන් මල්ලෙන් හමුවූ කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුලියේ නිවසකදී – අඹුසැමි යුවල් ඇතුළු 03ක් අල්ලයි

    0

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගයේ තිබුණු කසල ගොඩකින් සොයාගත් ගමන් මල්ලක දැමූ කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුළියේ නිවසකදී හිසට පොල්ලකින් පහරදී බව හෙළිවී ඇත.

    ඇය සමග එකට බූරු ගසන කාන්තාවක් සහ එම කාන්තාවගේ සහෝදරයා එක්ව ඇයව මරා දමා ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

    රොෂානා නැමැති එම කාන්තාවගේ සහෝදරයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින්නෙක් බව මොහෙසඩ් නෞෂාඩ් නැමැත්තෙක් බවත් ඇගේ සැමියා නිසි රැකියාවක් නොමැතිව ජීවත්වන්නෙක් බවත් පොලීසිය කියයි.

    ඝාතනයට ලක්වූ කාන්තාව රොෂානා නැමැති සැකකාර කාන්තාව දැන හදුනාගෙන ඇත්තේ බූරු පිටිවලදීය. රොෂානා නැමැති කාන්තාව සූදුව නිසා හැම තැනටම ණය වී සිටින්නියක් බවද අනාවරණය වී ඇත. ඝාතනය වූ කාන්තාව උකස් කර ඇති රන් භාණ්ඩ බේරාගැනීමේ ව්‍යාපාරික කටයුත්තකද නිරතව සිට ඇති බව සදහන්ය. සූදුව සදහා උකස් කළ රන් මුදුවක් උකස්කර ඇති බැවින් එය සින්න වීමට නියමිත බැවින් එය බේරාගෙන තමාටද කීයක්හරි දෙන ලෙස රොෂානා නැමැති කාන්තාව ඝාතනයට ලක්වූ කාන්තාවට පවසා ඇති බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඒ අනුව ඉකුත් 28 වෙනිදා උකස් පොලට දෙදෙනාම ගොස් රන් මුදුව බේරාගෙන මට්ටක්කුළියේ නිවසට ගොස් තිබේ. එහිදී රොෂානාත් ඇගේ සහෝදරයාත් එක්ව මෙම කාන්තාවගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇගේ කණකර භාණ්ඩ ගලවා මළ සිරුර ගමන් මල්ලක දමා ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

    මෙම ඝාතනය සිදුවන විට රොෂානා නැමැත්තියගේ සැමියා නිවසසෙිට නැති අතර එදින සවස ඔහු නිවසට පැමිණෙන විට මළ සිරුර දැක ඒ ගැන විමසීමේදී සිදුවූ දෙය පවසා තිබේ. එදින එම මළ සිරුර එම නිවසේ තබා පසුදින ලොරි රථයක් කුළියට ගෙන නිවසේ ශිතකරණය කැඩී ඇති බව පවසමින් එය ලොරියට පටවාගෙන වැල්ම්පිටියට රැගෙන ගොස් ඇත. ශීතකරණය සමග මළ සිරුර තිබුණු ගමන් මල්ල පැදුරක ඔතා එයට ලොරියට දමාගෙන තිබේ.

    වැල්ලම්පිටියේදී එම මළ සිරුර සහිත ගමන් මල්ල රොෂානා නැමැති කාන්තාවගේ සහෝදරයා විසින් පදවාගෙන පැමිණි ත්‍රී රෝද රථයක පටවා ඇත. එදිනම එම මළ සිරුර සපුගස්කන්න කමල ගොඩට විසිකර ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

    මෙම ඝාතනයට සම්බන්ධ සියළු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් අනතුරුව කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    ලබන සඳුදා සිට පාසල්වල 10-13 ශ්‍රේණි ඇරඹීමට සියල්ල සූදානම්

    0

    ලබන සඳුදා දිනයේ සිට පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.

    කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට මෙලෙස ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය නිර්දේශ ලැබීමත් සමඟ ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී.

    පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු තවමත් ආරම්භ කර නොමැත.

    ඒ අනුව ඉදිරියේදී එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

    අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    විධිමත් පුහුණුවකින් පසු Barista ජාත්‍යන්තර ජාලයට එක්වන්න අවස්ථාවක්

    0

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ බැරිස්ටා කොෆි ලංකා පුද්ගලික සමාගම අතර “ Barista Training Programme” නව පාඨමාලාවක් ආරම්භ කිරිම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම සහ එම ගිවිසුම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය වෙත ලබාදීම අද (5) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

    බැරිස්ටා කොෆි ලංකා පුද්ගලික සමාගම යනු කෝපි පානයෙන් ලොව පිළිගත් Barista ජාත්‍යන්තර අවන්හල් ජාලයේ මෙරට ක්‍රියාත්මක අවන්හල් ජාලය වන අතර වඩාත් ගුණාත්මක සේවයක් ලබාදීම වෙනුවෙන් නිපුණත්වයෙන් යුත් ශිල්පීන් බිහිකිරිම මෙම නව පාඨමාලාව ආරම්භයේ අරමුණයි.

    ප්‍රායෝගික සහ න්‍යායික දැනුම ලබාදෙමින් මාස 06 ක කාලසීමාවක් තුළ පැවැත්වෙන ‘Barista Training’ පාඨමාලාව සඳහා ප්‍රථම කණ්ඩායම ලෙස සිසුන් 20 දෙනෙකු සම්බන්ධ කරගැනීමට නියමිතයි. ‘Barista Training’ පාඨමාලාව අතරතුරදි ප්‍රයෝගික පුහුණුව දීමනාවක් සහිතව රැකියාගතව ලබාදීමට කටයුතු කෙරේ.

    පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගන්නා සිසු සිසුවියන් හට මෙරට සහ Barista ජාත්‍යන්තර අවන්හල් ජාලය සමග සම්බවන්ධ වීමටද අවකාශය සැලසෙනු ඇත.

    කුලපති සහ මහාචාර්ය තනතුරු…!

    0


    සටහනමහාචාර්ය සුනෙත් අගම්පොඩි
    රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ වසංගත රෝග විද්‍යාඥ

     

    පසුගිය දින කිහිපය තුල ලංකාවේ වූ කුලපති පත්වීම් හරහා විශ්ව විද්‍යාල පිලිබඳ කතිකාවතක් ඇතිවූ අතර ඉන් එක පත් කිරීමක් මහාචාර්ය පදවියක් ඇති අයෙකු වීමත් හරහා මේ කතිකාවත තවත් අතකට යොමුව ඇත.

    මේ පත්වීම් සිදු කරන්නේ කෙසේද?

    කුලපති යනු විශ්ව විද්‍යාලයේ නාමික තනතුරක් වන අතර දේශපාලනික පත්කිරීමකි. පත් කිරීම කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.
    උප කුලපති යනු විශ්ව විද්‍යාලයේ සියලු තීන්දු තීරණ ගන්නා තනතුරය. මෙහි මුලික නම (නම් තුනක්) යෝජනා යොමුකරනුයේ විශ්ව විද්‍යාල සනාතන සභාව තුලිනි. සනාතන සභාවේ සිටිනුයේ ආචාර්ය මහාචාර්ය වරුන් විසින් පත්කරගත් පීඨධිපතිවරු සහ අදාළ අමාත්‍යවරයා හරහා පත්වීම් ලැබූ සභිකයන්ය. අවසන් පත් කිරීම කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.
    විශ්ව විද්‍යාලයක මහාචාර්ය පත්වීමක් ලබා දෙන්නේ ඒ මහාචාර්ය වරයාගේ ඉගැන්වීම්/ ක්ෂේත්‍රයේ විශාධරත්වය/ශාස්ත්‍රීය දියුණුව යන අංශද , පර්යේෂණ/නව නිර්මාණ ක්‍රියාවලියද, ආයතනික/ජාතික/අන්තර්ජාතික දායකත්වයද ඇගයීමට ලක්කරන අංශ ප්‍රධානී, පීඨධිපති, උපකුලපති, අනෙකුත් මහාචාර්යවරු ඇතුළු සමුහයක් විසිනි.

    (මේ සටහන ඉහත අවස්ථා තුනට පමණක් සිමා කරමි. බොහෝසේ කතා කලයුතු අනෙකුත් පත්වීම් වෙනමම සාකච්චා කල යුතුය)

    ඉහත කී කුලපති තනතුරට නුසුදුස්සෙකු පත් කිරීම අදාළ විශ්ව විද්‍යාලයට නිග්‍රහයකි. උප කුලපති තනතුරට නුසුදුස්සෙකු පත් කිරීම අදාළ විශ්ව විද්‍යාලයට නිග්‍රහයක් පමණක් නොවේ විනාශ කිරීමකි. එහෙත් මහාචාර්ය තනතුරක් සදහා නුසුදුස්සන් පත්කිරීම මුළු මහත් උසස් අධ්‍යාපනයම නිග්‍රහයට පාත්‍ර කිරීමක් සේම මුළුමනින්ම විනාශ කිරීමකි.

    දේශපාලනික පත්වීම් ගැන අපට බොහෝ විවේචන තිබුනද ඉහත තුන්වන අවස්තාව (මහාචාර්යවරුන් පත්කිරීම) පිලිබඳ වගකීම ඇත්තේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටිනා පිරිසටමය. අප විශ්ව විද්‍යාල පද්ධතිය ගරා වැටීම ගැන සාකච්චා කරන්නේ නම් පළමුව විශ්ව විද්‍යාල පද්දතිය තුලම සිදුවන ගරා වැටීම නැවැත්විය යුතුය. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා නොකරන්නේ එය උඩබලාගෙන කෙල ගසා ගැනීමක් හෝ “පාවා දීමක්” ලෙස සලකන බැවින් සහ ඉන් අනතුරුව විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටීම ඉතාම අසීරු කාර්යක් බැවිනි. එනමුත් මේ සිදුවෙමින් පවත්නා දේ නිවැරදි කිරීමේ වගකීම ඇත්තේ විශ්ව විද්‍යාලය තුල සිටින පිරිසටමය.
    මහාචාර්යවරයෙකු පත්කරන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාව තුල මහාචාර්යවරයෙකු පත්කිරීම සඳහා නිකුත්කල චක්‍ර ලේඛයක් ඇත. එය මෙම වෙබ් ලිපිනයෙන් (https://tinyurl.com/j33bmpjd) මහජනතාවට ලබාගත හැකිවනු අතර එය රහස් ලියවිල්ලක් නොවේ. මේ පත්කිරීම් පිලිබඳ ඇති උපදෙස් මාලාව මුළුමනින්ම පැහැදිලි කිරීමට කාලය වැය කිරීමට ඇති අකමැත්ත නිසා එහි එක කොටසක්/ ජනතාවට සොයා බැලිය හැකි කොටසක් පමණක් මෙහි විස්තර කරමි.

    මහාචාර්යවරයෙක් වීම සඳහා අවශ්‍ය ලකුණුවලින් වැඩිම ප්‍රමාණය (අවම ලකුණු 50ක්) නිර්දේශ කොට ඇත්තේ පර්යේෂණ සහ නවනිපැයුම්, නිර්මාණ ( RESEARCH, SCHOLARSHIP AND CREATIVE WORK) සඳහාය.

    මේ ලකුණු අතරින් ඉහලම ලකුණු ලබා දීම සිදුවන්නේ index journal ලෙස හදුනාගත් සඟරාවල සිදුකරන පළකිරීම් වෙනුවෙනි. යමෙකුට මේ සඟරා index journal යටතේ ගැනෙනවාද යන්න ඉතා පහසුවෙන් මෙම (https://mjl.clarivate.com/home) වෙබ් අඩවියෙන් පරික්ෂා කල හැක. මේ index සඟරා ගැන ඇති විවේචන ගැන මම විග්‍රහ නොකරන්නේ, මෙම ලිපියේ අරමුණ දැනට ඇති තත්වය පැහැදිලි කිරීම පමණකි. (එනමුදු මේ index journal යනු ලෝකය පුරාම බෙහෙවින් පිළිගත් දෙයකි). ශ්‍රී ලංකාව තුල ඇති විශ්ව විද්‍යාල සහ මහාචාර්යවරු ලෝකයේ පිළිගත් මට්ටමක තබා ගැනීමට නම් මේ ප්‍රධාන පෙලේ සඟරාවල පර්යේෂණ පත්‍රිකා පලවී තිබීම අත්‍යාවශ්‍යය.

    දෙවැනි මට්ටම නම් වසරකට දෙවරක්වත් පලකරන, අගයීමකට ලක්වීමෙන් පසුව පමණක් ප්‍රකාශයට පත්වන (refereed journals) නමුත් index journal ගණයට නොගැනෙන සඟරා වල පලකරන පර්යේෂණ පත්‍රිකාය. මේ කාණ්ඩය ඉතා පුළුල් පරාසයක විහිදෙන අතර ඉතා විශිෂ්ඨ ගනයේ අන්තර්ජාතික හෝ ජාතික සඟරා මෙන්ම, කිහිප දෙනෙක්ගේ කණ්ඩායමක් එක්වී පවත්වාගෙන යන කුඩා සඟරාවක් වුවද මෙම කාණ්ඩයට අයත්විය හැක.

    මෙහි තුන්වන මට්ටමවන්නේ index නොවන, වසරකට දෙවතාවක් පල නොකරන අගයීමකට ලක්වීමෙන් පසුව පමණක් ප්‍රකාශයට පත්වන (refereed journals) සඟරා වල පලකරන පර්යේෂණ පත්‍රිකාය. ඉහත දෙවැනි තලයේ සඟරා මෙන්ම මේ සඟරාද පුළුල් පරාසයක විහිදේ.

    ඉන් අනතුරුව ලකුණු හිමිවන්නේ ජාතික හෝ අන්තර්ජාතික සම්මන්ත්‍රණ වලදී ඉදිරිපත්කරන පර්යේෂන පත්‍රිකා සඳහාය. මේ සඳහා උපරිම ලකුණු පහළොවක සීමාවක් ඇත.

    මීට අමතරව තම පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිපල අන් පර්යේෂකයන් විසින් ඔවුන්ගේ පර්යේෂන පත්‍රිකා වල යොදා ගැනීම සඳහා වෙනම ලකුණු ප්‍රමාණයක් එක්වේ. මෙහිදී එක පත්‍රිකාවක් සදහා ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 10කට සීමා කොට ඇත.

    පර්යේෂණ පත්‍රිකා වලට අනතුරුව, යමෙකු තම විෂය ක්ෂේත්‍රය තුල පලකරන පෙළපොත් සහ අනෙකුත් ප්‍රකාශන සදහාද, සඟරාවක කතෘ ධුරය දැරීම සඳහාද, සඟරා සඳහා එවන පත්‍රිකා ඇගයීම සඳහාද යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගත හැක.

    මිට අමතරව විශේෂයෙන්ම සමාජ විද්‍යා සහ කළා ක්ෂේත්‍රයන්ගේ තම විෂය පථය තුල සිදුකෙරෙන නිර්මාණාත්මක ක්‍රියාවලි සඳහාද ලකුණු ප්‍රමාණයක් වෙන්ව ඇත.

    අවසන් වශයෙන් නව නිපැයුම් සඳහා වන පේටන්ට් බලපත්‍ර වෙනුවෙන්ද සිමා රහිත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් මේ චක්‍රලේඛයේ ඇත.

    මේ සියලුදෙයට අමතරව අදාළ අයදුම්කරු විසින් ප්‍රකාශිත ප්‍රධානම පත්‍රිකා 5ක් විශේෂයෙන් ඉදිරිපත් කල යුතු අතර මේ පත්‍රිකා පහ විශේෂ ඇගයීමකට ලක්විය යුතුය. මේ පත්‍රිකා සඳහා ලකුණු විශේසයෙන් හිමිනොවන නමුදු අදාළ අයදුක්කරුගෙන් පර්යේෂණ ක්ෂේත්‍රයට වූ දායකත්වය ප්‍රධාන ලෙසම මේ පත්‍රිකා පහ හරහා සලකා බලමු ලබයි.

    මේ චක්‍ර ලේඛය මතුපිටින් පරික්ෂාකොට බැලුවහොත් මහාචාර්ය ධුරයක් ලබා ගැනීම සැලසුම් සහගතව පහසුවෙන් කල හැකි දෙයක් සේ පෙනී යයි. උදාහරණයක් ලෙස වුර්තිය සගයන් කිහිප දෙනෙක් එක්ව, තමන්ම කතෘ මණ්ඩලය ලෙස ක්‍රියා කරමින් වසරකට වරක් හෝ දෙකක් තම තමන්ගේ පත්‍රිකා කිහිපයක් පලකොට (ඔවුන්ම ඇගයීමෙන් අනතුරුව), ඒ පත්‍රිකා තුලම ඉන් පෙර පලකල පත්‍රිකා ගැන සදහන් කොට (self citation) ලකුණු ප්‍රමාණයක්ද, ඔවුනොවුන් එක්ව සම්මන්ත්‍රණයක් සංවිධානය කොට එය “අන්තර්ජාතික” ලෙස නම් කොට (International Conference) එහි පත්‍රිකා ප්‍රකාශ කොට ලකුණු 15ක් සහ කිසිදු ඇගයීමක් නොමැතිව තමා විසින් පලකරන පොත් (පෙළපොත් නොවේ) කිහිපයකින්ද මේ ලකුණු සකසා ගත හැකි බව පරිස්සමින් මේ පිලිබඳ විග්‍රහ කරන්නෙකුට පෙනී යාමට ඉඩ ඇත.

    එනමුත් මේ චක්‍රලේඛයේ මේ ඇගයීම පිලිබඳ සම්පුරණ වගකීම මේ අයදුම්පත්‍රය සලකා බලන මහාචාර්යවරුනට පවරා ඇත. යමෙක් මේ චක්‍ර ලේඛයේ හිදැස් ඇති සේ තර්ක කල හැකි වුවද මහාචාර්යවරයෙක් ලෙස මේ චක්‍ර ලේඛය නිවැරදි ලෙස අර්ථ නිරුපනය කිරීම සහ තම වුර්තිය ගරුත්වය ආරක්ෂා කරමින් මේ ඇගයීම කිරීම 100%ක්ම මහාචාර්යවරයෙකුගේ වගකීමකි (academic integrity and responsibility). මහාචාර්යවරයෙක් මෙවැනි පත්‍රිකා ඇගයීමේදී එම පත්‍රිකා වල ගුණාත්මකභාවය, එහි ප්‍රතිපල විෂය ක්ෂේත්‍රයට කරන බලපෑම සහ පර්යේෂණය තුල අදාළ අයදුම්කරුගේ කාර්යභාරය තියුණු විග්‍රහයකට ලක්කිරීමෙන් අනතුරුව පමණක් ලකුණු ලබාදීම සිදු කලයුතුය. විශේෂයෙන්ම අදාළ අයදුම්කරු ඉදිරිපත්කරන ප්‍රධාන පත්‍රිකා පහ තුල මහාචාර්ය පදවියක් ලබා දීමට තරම් ප්‍රධාන පෙලේ දායකත්වයක් එම පුද්ගලයා පර්යේෂණ ක්ෂේත්‍රයට ලබාදී ඇත්ද යනවග විග්‍රහ කල යුතුය.

    මේ ලකුණු ලබාදීම හරිහැටි නොකළහොත් අවශ්‍ය මුලික අවශ්‍යතා සම්පුර්ණ නොකළ පුද්ගලයෙකුට මහාචාර්ය පදවියක් ලබා දීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ අදාළ ඇගයීම කරන මහාචාර්යවරුන්ටයි. හිතවත්කම් හෝ හිත්නරක්වීම් නවතාගැනීම සඳහා මේ වගකීම හරිහැටි ඉටු නොකළහොත් අදාළ මහාචාර්යවරුන්ද තම වුර්තිය වගකීම නොදන්නා සහ අදාළ ධුරයට නුසුදුසු ලෙස සැලකිය හැක.යමෙක් එම නිර්දේශ අයුතුලෙස භාවිතාකොට මහාචාර්ය පදවි ලබාදීම සිදු කිරීම සිදුවේනම් මේ අපදකිනා ගරා වැටීම් විෂ චක්‍රයක් සේ දිගින් දිගට සිදුවනු ඇත.

    වරින් වර පත්වන සමහර උපකුලපතිවරුන් මේ ගැන දැඩි අවධානයක් යොමු කොට මේ ක්‍රියාවලිය නිසිලෙස සිදුකිරීමට ක්‍රියා කරන අතර සමහරෙක් මෙය නිසිලෙස අධීක්ෂණයට භාජනය නොකරයි.

    මේ කාරනා කෙසේ වුවත්, රටේ මහජනතාවට ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රයට ඇති දායකත්වය පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබා ගැනීම අපහසු නොවේ.

    සියලුම දෑ digital තාක්ෂනය හරහා බලා ගත හැකි මොහොතක Google Scholar Profiles හරහා ඕනෑම ආචාර්ය මහාචාර්ය වරයෙකුගේ නම ඇතුළුකොට අදාළ පුද්ගලයාගේ පර්යේෂණ පත්‍රිකා (research publications), ඔහුගේ දායකත්වය (authorship detail), පලකොට ඇති සඟරා, අන් පර්යේෂකයන් එම පත්‍රිකා පිලිබඳ දක්වා ඇති උනන්දුව (citations) යනාදී සියල්ල මේ හරහා බලාගත හැක.

    H index හෝ citation යනාදී දර්ශක පර්යේෂකයෙකුගේ පර්යේෂණ පිලිබඳ සම්පුර්ණ අවබෝධයක් ලබා නොදෙන මුත් අප විශ්වවිද්‍යාල සහ එහි ආචාර්ය මහාචාර්යවරු අන්තර්ජාතික තලයේ ලා සැලකීමට නම් මේ දර්ශකවල අවම මට්ටමක් හෝ පවත්වාගෙන යාමට අප ක්‍රියා කල යුතුමය.

    දැනට පවතින තත්වය යටතේ විශ්ව විද්‍යාල හෝ රටේ ජනතාවට ඇති ප්‍රශ්න කිහිපයකි.

    1. දැනට සිදු කෙරෙන මහාචාර්ය පත්වීම් වලදී අදාළ ඇගයීම් නිසි පරිදි සිදුවේද?
    2. මේ ඇගයීම් වලදී චක්‍ර ලේඛයේ ඇති හිදැස් හරහා රිංගා යාම අධීක්ෂණයක් සිදු වේද?
    3. ඇගයීම් කිරීමේදී දැනට සිටින මහාචාර්යවරු තම තනතුරට තමාගේ ඇති වගකීම් නිසිලෙස ඉටුකරන්නේද? (ලංකාව වැනි කුඩා රටක තම ක්ෂේත්‍රයේ සියලුම දෙනා දන්නා හදුනන පුද්ගලයන්ය. ලකුණු ලබා දීම හෝ නොදීම යන දෙකම පුද්ගලික හේතු මත සිදුවිය හැක)

    — — — — — — — — — — — — — — — — — — —

    මේ සියලු ප්‍රශ්න වලට පිළිතුර “ඔව්” මේ සටහන මින් ඉදිරියට සාකච්චාවක් අනවශ්‍යය.

    වැස්ස නිසා 4000ක් පීඩාවට – අදත් අකුණු අවදානමක්

    0

    අද දිනයේත් ඇතැම් ප්‍රද‍ේශවලට තද වැසි පැවතිය හැකි අතර තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

    පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 1142කට අයත් 4382 නෙකු පීඩාවට පත්ව සිටිති.

    පුද්ගලයන් 5 දෙනකු මියගොස් ඇති අතර 1 අයකු තවමත් අතුරුදන් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    නිවාස 646කට හානි සිදුවී තිබේ. ආරක්ෂිත ස්ථාන 9ක පවුල් 63කට අයතත් 251 දෙනකු රඳවා සහන සලසයි.