fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දවස්වල මුදල් ගසාකෑමේ ජාවාරමක් ගැන හෙළිදරව්වක්

    මේ දවස්වල මුදල් ගසාකෑමේ ජාවාරමක් ගැන හෙළිදරව්වක්

    විදෙස් රැකියා සපයා දෙන බව පවසා, වංචනික පිරිසක් විසින් මුදල් ගසා කෑමේ ජාවාරමක් සිදුකරන බවට තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල්, දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා ලබාදෙන බව පවසමිනි.

    සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු කෙරේ.

    මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කරයි.

    ජපානයේ රැකියා සඳහා දෙරට අතර ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවා ගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් එය සිදු කෙරේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරන බවයි.

    මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරන බව ඔවුන් සඳහන් කරයි.

    අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කරන අතර
    මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.