fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල්ගේ මංගල අයවැයට පාර්ශ්ව 102කින් යෝජනා

    බැසිල්ගේ මංගල අයවැයට පාර්ශ්ව 102කින් යෝජනා

    ලබන වසර සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ලබන 12 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙවර අයවැය ඔහුගේ මංගල අයවැය ද වේ.

    මෙවර අයවැය සකස් කිරීම සඳහා රාජ්‍ය, ව්‍යාපාරික, අධ්‍යාපන, ප්‍ර්‍රවාහන ආදී ක්ෂේත්‍ර ගණනාවකට අයත් පාර්ශ්ව 102කින් අදහස් හා යෝජනා ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

    ඒ අතරින් රාජ්‍ය හා පරිපාලන අංශ වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදර පක්ෂ නායකයින්, රාජ්‍ය ඇමතිවරුන්, පසුපෙළ මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් නායකයින්, එක් එක් දිස්ත්‍රික් දේශපාලන අධිකාරි, දිස්ත්‍රික් ලේකම්වරුන්
    ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් යෝජනා ලබාගෙන තිබේ. එමෙන්ම මෙරටට සහය දක්වන ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුවේ ද මෙරට සිටින විදේශිය තානාපතිවරුන්ගෙන් සහ විදේශියන්හි සිටින ශ්‍රීලංකා තානාපතිවරුන්ගෙන් ද අදහස් මේ සඳහා ලබාගෙන තිබේ.

    ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් තේ අපනයනකරුවන්ගේ සංගමය, කොළඹ තේ වෙළඳ සංගම්, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමය, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, පොල් ආශ්‍රිත උපස්ථර අපනයනකරුවන්ගේ සංගමය, පොල් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය, කර්මාන්ත අමාත්‍යාංශය – උපදේශක කමිටුව (කොහු අංශය), රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය, කුඩා හා මධ්‍යම රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්ලාස්ටික් කර්මාන්ත සංගමය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය, ලංකා පළතුරු සහ එළවළු නිෂ්පාදකයින්ගේ සැකසුම්කරුවන් සහ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය, කුළුබඩු කවුන්සිලය සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයින් සහ වෙළඳ සංගමය, මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය, නිවර්තන විසිතුරු මසුන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමය, වාත්තු සංවර්ධන සේවා ආයතනය, ශ්‍රී ලංකා මැණික් ස්වර්ණාභරණ සංගමය, ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය, බෝට්ටු ගොඩනැගීමේ තාක්ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනය, ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ කවුන්සිලය, ලංකා නැව් නියෝජිත සංගමය, බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගම්, ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ භාණ්ඩ ප්‍රවාහන සංගම්, හබ් මෙහෙයුම ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය, සිමෙන්ති බවුසර භාණ්ඩ ප්‍රවාහනය, ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගම් වලින් ද අදහස් හා යෝජනා ලබාගෙන ඇත.

    ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ තවත් අංශ නියෝනය කරමින් අත්‍යාවශ්‍ය ආහාර වෙළද භාණ්ඩ ආනයනකරුවන් හා වෙළදුන් සංගමය, ශ්‍රී ලංකා තොග වෙළදුන් සංගමය, ජාතික ඒකාබද්ධ ත්‍රීවිල් රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය, ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පාලස් ළමුන් ප්‍රවාහන සංගමය, ශ්‍රි ලංකා පොදුජන පුද්ගලික බස්රථ සංගමය, මල් අපනයන කරුවන්ගේ සංගමය, මල් හා විසිතුරු පැළ වවන්නන්ගේ සංගමය, මල් වගාකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේ සංගමය, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුව, පළාත් ආණ්ඩුකාරවරුන් හමුව, පළාත් සභා මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම, සහෝදර පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම, පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ ලංකා අපනයනකරුවන්ගේ එකමුතුව මගින් ද අයවැයට යෝජනා ලබාගෙන ඇත.

    මේ අතර මෙරට වෙනත් ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය, පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන දේශිය වෛද්‍යවරුන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන නීති ශිෂ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන නිතීඥ සංගමය, ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, ශ්‍රීලංකා පොදුජන සාමවිනිසුරු සම්මේලනය, ශ්‍රි ලංකා පොදුජන පෞද්ගලික බස් රථ හිමි සහ සේවක සංවිධාන එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන රණවිරු සංකල්පය, සමුපකාර ජාතික සංසදය, ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානය, ශ්‍රි ලංකා පොදුජන පොල් වගාකරුවන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන කුඩා රබර් වතුහිමියන්ගේ සම්මේලනය, රූපලාවන්‍ය නියෝජිත එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන ඖෂධ ප්‍රවර්ධකයින්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණ, ශාන්තිකර්ම වේදීන්ගේ සංවිධානය, ශ්‍රිලංකා පොදුජන ඇගලුම් නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන උපාධිධාරි සංගමය, ශ්‍රීලංකා පොදුජන පෙරපාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රීලංකා පොදුජන වෛද්‍ය පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන දහම් පාසල් සහ පිරිවෙන් ගුරු සංවිධානය, ශ්‍රී.ල.පොදුජන තරුණ සංවිධානය, ශ්‍රී.ල.පොදුජන කාන්තා සංවිධානය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා වෙළද සංවර්ධන සභාව, දේශිය ව්‍යාපාර සුරකීමේ සභාව, ලංකා වාණිජ මණ්ඩලය, වරලත් ගණකාධිකාරී සංගමය, ආහාරයට ගත හැකි තෙල් පිරිපහදු කරන්නන්ගේ සංගම්, සිනි ආනයනකරුවන්, සිමෙන්ති ආනයනකරුවන් සමඟ ද අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.