fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිය නැති කතුන් එක්වන Raid Amazones ලබන වසරේ ලංකාවේ

    බිය නැති කතුන් එක්වන Raid Amazones ලබන වසරේ ලංකාවේ

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවය, පැරිස් සහ කොළඹ අතර සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමඟ, ලොව විශාලතම කාන්තා වික්‍රමාන්විත චාර්කාව වන Raid Amazones 2022 හි නිල ගුවන් හවුල්කරු බවට පත්ව තිබේ. Raid Amazones යනු ප්‍රංශ ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන විවිධ ක්‍රීඩා ඉසව්/ක්‍රියාකාරකම් හරහා ජයග්‍රහණය කරා යන වික්‍රමාන්විත චාරිකාවකි.

    2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන මාලාවක් – සීගිරිය, හබරණ, කවුඩුල්ල සහ මොරගහකන්ද, පාරිසරික සුන්දරත්වය, සංස්කෘතික උරුමයන් සහ අව්‍යාජ ගැමි ජීවිතයේ ගුණාංග වලින් පොහොසත් වන අතර එමඟින් උත්සවයට අද්විතීය විචිත්‍රවත් පසුබිමක් ලබා දෙනු ඇත. පළමු අදියර 2022 මාර්තු 13-23 දක්වා සහ දෙවන අදියර 2022 මාර්තු 27 සිට අප්‍රේල් 6 දක්වා පිළිවෙළින් පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළුව 550 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

    ප්‍රංශ ජාතිකයින් අතර වඩාත් ඉල්ලුමක් ඇති ක්‍රීඩා තරඟයක් වන මෙහි ආකෘතිය වන්නේ කුඩා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඔරු පැදීම, පැදීම, ධාවනය, දුනු ශිල්පය වැනි ත්‍රාසජනක අභියෝග රාශියකට සහභාගී වීමයි. ඔවුන්ගේ විඳදරාගැනීම, කණ්ඩායම් හැඟීම සහ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී පරීක්ෂා කරයි.

    සෑම වසරකම, මෙම උත්සවය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක පැවැත්වෙන අතර එමඟින් පුරවැසියන්ගේ ජීවන රටාව, පාරිසරික සුන්දරත්වය සහ සංස්කෘතිය වැනි ආවේනික ලක්ෂණ ගෝලීය මාධ්‍ය හරහා ලොවට ප්‍රදර්ශනය කෙරේ. Connaissance de Ceylan 2022 සංස්කරණයේ නිල හැසිරවීමේ සහකරු වනු ඇත.
    ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, මෙරට සංචාරක ප්‍රවර්ධන ප්‍රයත්නවල පුරෝගාමියෙකු වන අතර, මේ හරහා අනාගතයේදී ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට ප්‍රංශයේ සිට පැමිණෙන බොහෝ සංචාරකයින් පොළඹවනු ඇතැයි අපේක්ෂා කරයි.

    (වමේ සිට දකුණට) සංචාරක අමාත්‍ය ගරු. ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, Raid Amazones හි ජීන් ලුවී කොනේසා මහතා සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු සමඟින්.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.