තවත්

    කාටත් අමතක වූ පොදු ප්‍රවාහනයේ සෞඛ්‍ය නිර්ණායක ඉදිරියේදී දැඩි වෙයි

    0

    බස්රථ වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී පනවා ඇති සෞඛ්‍ය නිර්ණායක මේ වනවිට බස් රියදුරන්ට මෙන්ම මගීන්ට ද අමතකව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

    මුල් කාලයේදී එම⁣ සෞඛ්‍ය නිර්ණායක ඉතාම හොදින් ක්‍රියාත්මක වූ බවද ඔහු සදහන් කළා.

    මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සඳහා පනවා ඇති සෞඛ්‍ය නිර්ණායක තදින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    එසේ නොවුනොත් ඉදිරියේදි කොවිඩ්19 වයිරස ව්‍යාපෘතිය පාලනය කරගත නොහැකි වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසුවා.

    පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000ක්

    0

    පළාත් පාලන ආයතන මඟින් මාසයකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000 ක් නිපදවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    මෙමගින් කැළිකසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු සදහන් කළේය.

    ඒ අනුව වසවිසෙන් තොර කාබනික කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පළාත් පාලන ආයතන මගින් දිය උපරිම සහයෝගය ලබා දෙන බවද ඔහු පැවසීය.

    බස්නාහිර කුඹුරු අක්කර 80000ක් පුරන් වෙලා

    0

    වගා නොකිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ කුඹුරු අක්කර 80,000ක් පමණ පුරන්ව තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පවසයි.

    එම ප්‍රමාණය දිවයිනේ අනෙක් පළාත්වල පුරන් කුඹුරුවලින් 50% ක ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.

    මිනිස් ශ්‍රමය නොමැතිවීම, ජනතාව වගා කටයුතුවලින් ඉවත්වීම ආදී කරුණු හේතුවෙන් ඉඩම් පුරන් වී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය.

    රටපුරා ගෑස් පිපිරීමේ සුලමුල හෙළිකරන්නැයි විපක්ෂ නායකයා කියයි

    0

    ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බැවින් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා අතිශය බරපතළ තත්ත්වයක් රටේ උද්ගතව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පැවසීය.

    මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පසුගිය දා (26) දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රමාණවත් පිලිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් නොලැබිණු බව ඔහු කියා සිටී.

    එබැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීම අපේක්ෂා කරමින් විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

    ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායකවරයා අසනු ලබනු ලැබූ ප්‍රශ්නය මෙසේය.

    “ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බව වාර්තා වේ. මෙම සියලුම පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපයීම සිදු කරනු ලබන්නේ සමාගම් දෙකක් මගින් ය. පසුගිය කාලසීමාව තුළ වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ, කොට්ටාව හා නිකවැරටිය යන ප්‍රදේශවල දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සමග ලංකාවේ ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධයෙන් භීතියක් ජනතාව තුළ හටගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් මවිසින් පසුගිය සෙනසුරාදා දින එනම්, 2021 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා යම් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එම පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීමට මෙම ගැටලුව ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි.

    මෙහි මූලාරම්භය සිදු වනුයේ, මෙම වසරේ මුල් භාගයේ දී ලීටර 18 ක හයිබ්‍රිඩ් නමින් හඳුන්වාගත් ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමත් සමග ය. පාරිභෝගික ජනතාව නොමඟ යවමින්, අධික ලාභයක් ලැබීම සඳහා මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇත.

    එසේම, පාරිභෝගික අධිකාරිය හෝ වෙනයම් අදාල රාජ්‍ය ආයතනයක් හෝ නිසි පරිදි දැනුම්වත් කොට මෙය සිදු නොකළ හෙයින් එම ක්‍රියාව නැවැත් වූ බවත්, එම ගෑස් වෙළඳපොළෙන් ඉවත් කළ බවත් ගරු රාජ්‍ය අමාත්‍යතුමා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ගරු රාජ්‍ය අමාත්‍යතුමාට අනුව එම වංචනික ක්‍රියාව අවසන් විය. එය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇත. කෙසේ වෙතත් ගෑස් කාන්දු වීම් මගින් පිපුරුම් අනතුරු රටපුරා වාර්තා වේ. ලීටර 18 ගෑස් සිලින්ඩර වංචාවේ දී අනාවරණය වූ එක් ප්‍රධානතම ගැටලුවක් වනුයේ, සංයුතිය වෙනස් කොට ගෑස් සිලින්ඩරයේ බර අඩු කිරීමයි. දෙවැනි බරපතලම ගැටලුව වූයේ, අප වැනි ඝර්ම කලාපීය රටකට කිසිසේත් ම නොගැලපෙන සංයුතියකට ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන්, බියුටේන් මිශ්‍රණ ප්‍රතිශත වෙනස් කිරීමයි. එනම්, ගරු රාජ්‍ය අමාත්‍යතුමා මෙම සභාවට පැහැදිලි කළ අයුරින් මෙම වංචාව සදහා ගෑස් සිලින්ඩරයක එතෙක් පැවති බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය 70:30 සිට 50:50 දක්වා වෙනස් කර ඇත.

    මෙම සංයුතියේ වෙනස සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා තිබෙන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ හා සපුගස්කන්ද පිරිපහදුව රසායනාගාර හිටපු ප්‍රධානී විසින් මෑතකදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කොට තිබිණ. ඒ සම්බන්ධයෙන් වන Intertek වාර්තාව එය වැඩිදුරටත් තහවුරු කරයි.

    සංයුතියේ වෙනස නිසා සිලින්ඩරය තුල හටගන්නා දැඩි පීඩනය, ගෑස් සිලින්ඩරයේ වැල් එකට හෝ රෙගියුලේටර් කොටස් වලට ඔරොත්තු නොදීමෙන් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වී යෑමේ ඉඩකඩක් හටගනී. මේ සම්බන්ධයෙන් රජයේ රසායනාගාර පරීක්ෂණ වාර්තා කෙසේ වෙතත් බියට පත් මහජනතාව සබන් දියර හා ජලය යොදා ගනිමින් ගෑස් කාන්දු වන සිලින්ඩර රට පුරා තවමත් ඇති බවට බොහෝ වීඩියෝ පට සමාජ ජාල වලට මුදා හැර ඇත.

    මෙසේ ගෑස් කාන්දු වීමක් නිසා බරපතළ හානි සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමන්ට, ගරු විෂයභාර අමාත්‍යවරුන්ට මෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ද සිදු කළ බවට සාක්ෂි මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

    බෙදුම්වාදීන්ගේ පිපුරුම් වලින් වසර තිහකට ආසන්න කාලයක් බැට කෑ සහ, ආගමික අන්තවාදීන්ගේ පිපුරුම් වලින් නැවතත් මරණ බිය ඇති කර ගත් අප රටේ ජනතාවට සිදුව ඇත්තේ ආරක්ෂිත යැයි විශ්වාසයෙන් මිලටගත් ගෑස් සිලින්ඩරයක් කුමන මොහොතේ පිපිරේදැයි යන බියෙන් මුළුතැන්ගෙට යාමටයි.

    ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

    1. ගෘහස්ථ පරිභෝජනය සඳහා වෙළඳපොලේ විකුණනු ලබන ගෑස් සිලින්ඩරයක සංයුතිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතිය කවරේ ද? එහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතියේ ප්‍රමිතිය සඳහන් නොවන්නේ නම් දැනට හදුනාගෙන ඇති අනෙකුත් ප්‍රමිතීන් ගෑස් සැපයුම සිදු කරන ආයතන දෙකම අනුගමනය කරන බවට රජයට සහතික විය හැකි ද? ඒ සම්බන්ධයෙන් මෙම වසරේ දී සිදු කළ පරීක්ෂණ වාර්තා සභාගත කරන්නේ ද?

    2. 2021 ජනවාරි පළමු වනදා සිට අද දක්වා මෙම සමාගම් දෙක විසින් ගෑස් ආනයනය සඳහා සිදුකළ ඇනවුම් ප්‍රමාණයන් කවරේ ද? එසේ මිලදී ගත් රටවල් හා ආයතන කවරේ ද? ඒවායේ සම්පූර්ණ පිරිවිතරයන් හා වටිනාකම් සභාගත කරන්නේ ද? එම එක් එක් ඇණවුම වෙනුවෙන් ඉල්ලා සිටි ඇණවුමේ සඳහන් ප්‍රොපේන් බියුටේන් සංයුතිය සභාගත කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

    3. ඒ අනුව 50:50 සංයුතියන්ගෙන් මෙරටට ගෙන්වූ ගෑස් ධාරිතාවය මෙට්‍රික් ටොන් කොපමණ ද? එම සංයුතියේ ගෑස් සිලින්ඩර කීයක් වෙළඳපොළට නිකුත් කළේ ද? ඒ සියල්ල වෙළඳපොලෙන් මේ වන විට ඉවත් කර තිබේ ද? ඒ සම්බන්ධයෙන් රජයට සහතික විය හැකි ද?

    4. ප්‍රමිතියෙන් තොරවීම නිසා වෙළඳපොළෙන් ඉවත් කළේ යැයි අමාත්‍යතුමා විසින් පැවසූ ගෑස් සඳහා සිදු කළේ කුමක් ද? ඒ සියල්ල විනාශ කළේ ද? ප්‍රති නැව්ගත සිදු කළේ ද? නැතහොත් වෙනයම් කාර්යයක් සඳහා යොදා ගත්තේ ද? මෙසේ ප්‍රමිතියෙන් තොර සියලු ගෑස් වෙළෙඳපොළෙන් මෙන්ම ශ්‍රී ලංකා භූමියෙන් ද ඉවත් කොට ඇති බවට විගණනයක් සිදු කර ඇත් ද? එම විගණන වාර්තාව සභාගත කරන්නේ ද? නොඑසේනම් ඒ මන්ද?

    5. බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් නියමිත පරිදි වෙළඳපොලෙන් ඉවත් නොවීම හෝ නැවත වෙළඳපොළට මුසු වීම හෝ එම ගෑස් පිරවූ අවස්ථාවේ හානි වූ ගෑස් සිලින්ඩර නිසා හෝ මෙම පිපිරීම් ඇතිවීමේ ඉඩකඩක් ඇතිවිය හැකියි. එම නිසා වර්තමාන රජය විසින් අකර්මණ්‍ය කළ තෙල් පිරිපහදුවේ මේ වන විට භාවිතා නොකරන රසායනාගාරය හා වෙනත් සුදුසු රසායනාගාර භාවිතා කොට කඩිනමින් සැලකිය යුතු සාම්පල පරීක්ෂාවක් දිවයින පුරා සිදු කිරීම සුදුසු නොවේ ද? එසේ නම්, එය සිදු නොකරන්නේ මන් ද?” යනුවෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

    ගෑස් ප්‍රශ්නය ගැන ඉදිරි පැය 48 තුළ තීරණයක්

    0

    ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ දී ජනාධිපතිවරයා විසින් ඊට අදාළ සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයක් ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

    “දැනට ගෑස් ටැංකිවල පිපිරීමක් ගැන කොහෙවත් වාර්තා වෙලා නෑ. නමුත් ඒ ආශ්‍රිත පිපිරීම් ගැන වාර්තා වෙලා තියෙනවා. එහිදී සංඛ්‍යාත්මකව ඒ පිළිබඳ බැලුවහම යම් අස්වාභාවික තත්ත්වයක් තියෙනවා කියන කාරණය අපි පිළිගන්නට ඕන. දැන් ඊයේ ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා පාර්ලිමේන්තුවට. ඒ වගේම අද පෙරවරුවේත් එතුමා එවැනි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 2015 ඉඳලා මේ වසර දක්වා එවැනි පිපිරීම් දෙසිය තිස් තුනක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ගේ පැහැදිලි කිරීමේ තිබුණා . එසේනම් වසරකට විය යුත්තේ 35ත් 40ත් අතර සංඛ්‍යාවක්. එතකොට මාසෙකට තුනක් හතරක් වැනි සංඛ්‍යාවක් විය හැකියි. නමුත් සමහර වර්ෂවල දී කිසිදු ආකාරයක මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා නෑ. එවැනි වර්ෂ තුන හතරක් තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ අස්වාභාවික භාවයක් මෙතැන තියෙනවා කියලා.

    පළවෙනි කාරණය තමයි මේක අස්වාභාවික තත්ත්වයක්. දෙවෙනි කාරණය තමයි ගෑස් ටැංකි පිපිරීමක් කොහෙවත් වෙලා නෑ. තුන්වැනි කාරණය තමයි රාජ්‍ය ආයතන ඇතුළේ මේ නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් නියාමන ආයතනයක් තිබිලා නෑ. ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා පැහැදිලිව කිව්වා මෙහි පීඩනය මැන බැලීම සඳහා රස පරීක්ෂකවරයාට යම් අධිකාරි මේ බලයක් තිබෙනවා. ඔවුන්ට ඒ අවබෝධය තිබෙනවා නමුත් මෙහි සංයුතිය සඳහා, මම තාක්ෂණවේදී ඉන්නේ මේ පිළිබඳ විෂය දැනුම ඇති කෙනෙක් නෙමෙයි, මේ පිළිබඳ සොයා බැලීම සඳහා එම නියාමන ආයතනයක් තිබුනෙ නෑ. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මොරටුව විශ්ව විද්‍යාලයටත් ඒ පිළිබඳව තොරතුරු ලබාදී තිබෙනවා එම පරීක්ෂණ කටයුතු කෙරෙනවා. අද දවසේ තවත් එවැනි පිපිරීම් ආශ්‍රිතව ස්ථාන 12ක වෙච්ච සිදුවීම් පිළිබඳ අදත් ලබාදෙනවා කියන කාරණය.

    ජනාධිපතිතුමත් මං හිතනවා මේ සියලුම පාර්ශව එකට එකතු කරලා මේ පිළිබඳ කඩිනමින් සොයා බැලීම සඳහා අවශ්‍ය තීරණයක් අද හෝ හෙට ප්‍රකාශයට පත් කරයි කියලා අපි අපේක්ෂා කරනවා.

    ජනතාව තැති ගැනීමකින් බියකින් ඉන්නවා ඒ ගැන අපි කණගාටු වෙනවා. රජයක් විදියට අපට වගකීමක් තිබිය යුතුයි ඒ පිළිබඳ නියාමනයක් ආයතනයක් තිබුණේ නෑ කියලා අපිට වගකීමෙන් මිදෙන්න බෑ. ප්‍රාථමික බොළඳ ප්‍රකාශ කරනවා නෙමෙයි මේක අපේ වගකීම. මේ නියාමනයට අපි ආණ්ඩුවක් විදියට අවතීර්ණ වෙලා තියනවා මේ සිදුවීම් වෙන්න කලින් තමයි සැප්තැම්බර් මාසේ විෂය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳ දැන්වීම් පවා දාලා කටයුතු පටන් ගත්තේ. කනගාටු විතරක් නෙමේ අප ලැජ්ජාවටත් පත් වෙන්න ඕන, ප්‍රමාද වෙලා හරි මේ නියාමනය කිරීම සඳහා සඳහා වූ ක්‍රියාමාර්ග වේගවත් කිරීමට කටයුතු කිරීම සුබදායි වැඩදායි වේවි.

    මේ පිළිබඳ හොඳ විසඳුමක් ඉදිරිි පැය 48 ඇතුළත ලැබේවි කියලා අපි අපේක්ෂා කරනවා. ” යැයි ද කැබිනට් ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේය.

    මිල මට්ටු කරන්න මියන්මාරයෙන් හාල්

    0

    මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460 බැගින් මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් එම සහල් ආනයනය කිරීමට ‍‍ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

    අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි සහල් මෙට්‍රික්ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට 2021 සැප්තැම්බර් 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත පදනම්ව මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 20,000ක්, මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස‍‍‍ වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නත්තල‍ට රට වහන්නේ නෑ

    0

    උත්සව සමයේදී රට වසා දැමීමක් සිදුනොකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබේ.

    මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    “නැවත රට වසාදැමීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ. ඉතාම අපහසුවෙන් ඉතාම ජයග්‍රාහි ලෙස එන්නත්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අප නැවත රට විවෘත කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මේ රටේ සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කරලා කියන එක. මේ රටේ සෑම පුද්ගලයෙකුම ආරක්ෂා වනතෙක් කිසිවකුත් ආරක්ෂාකාරී නැහැ.

    රටේ අති විශාල පිරිසක් පූර්ණ ඉන්නත් කරනයට ලක් වෙලා තිබෙනවා. පාසල් දරුවන් පවා එන්නත්කරණයට ලක් කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ අපි ආරක්ෂිතයි කියන කාරණය. අපි ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා උත්සව සමයේ දී වගකීමක් සහිතව තමන්ගේ ආරක්ෂාව තමුන්ගේ දරු පවුල්වල ආරක්ෂාව සලසා ගෙන සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කරන්න කියලා.

    නමුත් මෑතකදී අපට වාර්තා වී ඇති omicron කියන ප්‍රභේදය වර්ධනය වෙමින් පවතිනවා. අද වන විට රටවල් කිහිපයක් සිය දේශසීමා වසා දමා තිබෙනවා. භයානක අනතුරක් ලෝකය හමුවේ තිබෙන බව ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඉතින් අපි සෑම කෙනෙක්ම එන්නත් ලබා නොගත් අය ඉන්නවනම් කරුනාකරලා ඔවුන් හැකි ඉක්මනින් එන්නත ලබාගන්න. ඒ වගේම ආරක්ෂාකාරීව කටයුතු කරන්න. එහෙම නොවුණොත් රට නැවතත් ගැටලුසහගත තැනකට යන්න ඉඩ තියෙනවා.

    මෙරට ආර්ථික ආරක්ෂාවත් සමාජ ආරක්ෂාවක් රැඳී තිබෙන්නේ ජනතාවගේ කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මතයි. සෞඛ්‍ය බලධාරීන්ගේ පවා ඉල්ලීම නොතකා පසුගියදා උද්ඝෝෂණ පෙළපාළි රැසක් පැවැත්වුණා. ඉතාමත් කනගාටුවට කාරණයක්. සෞඛ්‍ය අංශවල ඉල්ලීම්වලට අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. රට වසා දැමීමක් පිළිබඳ අපි නිල වශයෙන් සාකච්ඡා කරලා නෑ” යැයි ද කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

    ඡන්ද වියදම් අඩුකරන නීති හැදේ

    0

    මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසාලන නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා යෝජිත සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් අනුමත කර ඇත.

    ශ්‍රී ලාංකික පුරවැසියන් සතු පරමාධිපත්‍ය බලයේ මුලිකාංගය සර්වජන ඡන්ද බලයයි.

    එය ඡන්ද විමසීමකදී ජනතා කැමැත්ත ‍වශයෙන් නිදහස් හා සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය.

    ඡන්ද විමසීමකදී කිසියම් අපේක්ෂකයකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතාවගේ කැමැත්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැක.

    ඡන්ද විමසීම්වලදී තරගවදින අපේක්ෂකයන් නැතහොත් පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට භාජනය වී ඇති අතර, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිරීති පනවා ඇත.

    ඡන්ද විමසීම්වලදී ඇති වන නීති විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පවතින අණපනත් සංශෝධනය කිරීමට අදාළව 2017 ඔක්තෝබර් මස 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යූහය හා නීතිරීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇත.

    එම කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් මෙලෙස අනුමත කර ඇත.

    ගෑස් ප්‍රශ්නය ගැන හෙට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

    0

    ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් හෙට පෙරවරු 9.00ට රැස්වන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට පවසා තිබේ.

    මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරා දා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

    ලිහිසි තෙල්වල විද්‍යාත්මක සංදර්භය හා දේශීය පරීක්ෂණවල අනාගතය

    1

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා
    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය
    සාමාජික: ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS)
    ශ්‍රී ලංකා භෞතික විද්‍යායතනය (IPSL)

     

    චලනයවිමකදී ඊට අදාළ ගැටෙන පෘෂ්ඨ අතර ගෙවීම අවම කිරීමටත්, ප්‍රතිරෝධය නිසා ඇතිවන උෂ්ණත්වය අවම කර තබාගැනීමටත් අප ලිහිසි තෙල් යොදාගන්නවා. ඒ වාගේම මලකඩ බැඳීමට හේතුවන ඔක්සිකරණ අවහිර කරන්නත් ලිහිසි තෙල් නොහොත් ලුබ්රිකන්ට් තෙල් වලට පුළුවන්. තරල තුල සිදුවන හයිඩ්රොලික් යාන්ත්‍රික බලය සම්ප්‍රේක්ෂණය කිරීමට පමණක් නොව විදුලි ට්‍රාන්ස්ෆෝමර වලට මෙන්ම ජලය-දුවිල්ල වලක්වා මුද්‍රා කිරීමටත් මේ ලිහිසි තෙල් පාවිච්චි කරනවා.

    ඔස්බෝන් රෙනොල්ඩ් (1842-1912) නම් වූ පර්යේෂකයා ජර්නල්බෙයාරින් තුල චලනය වන ශාෆ්ට් එකක් සඳහා මුලින්ම ලිහිසිතෙල් රිංගවා කල පරීක්ෂණයකින් අනතුරුව චලනවේගය වැඩිවන බවට මුල්වරට තහවුරු කරගත්තා. ඊට හේතුව ලෙස සොයාගත්තේ මෙම තෙල් වල අඩංගු දුස්ශ්‍රාවීතාවත් චලනයේ දී ඇතිවන පීඩනයත් නිසා පෘෂ්ඨ වෙනවෙනම චලනයට තුඩු දෙන බවයි. තවද ජර්නල් බේයාරීමක් හෙවත් වළලු බෙයාරිමක් ඇසුරෙන් වේගය, බර, දුස්ශ්‍රාවීතාව, තෙල් කොටසේ ඝනකම හා ප්‍රතිරෝධය අතර සම්බන්ධයක් ගඩනැගීමටත් ඔහුට පුළුවන් වුනා. මුලරට එවවැන්නක ප්‍රතිරෝධතා සංගුණකයට නැතහොත් හ්ර්සි අගයට සමීකරනයකුත් ඔහුගේ සොයාගැනීම් අතර වනවා.

    හ්ර්සි අගය (ZN)/P = (ලිහිසි තෙල්වල දුස්ශ්‍රාවීතාව x චලන වේගය) / බෙයාරීමේ පිඩනය.
    ප්‍රතිරෝධතා සංගුණකය µ යනු (ZN)/P වේ.

    කෙසේ වෙතත් එක් එක් යෙදවුම අනුව ගැලපෙන ලිහිසිතෙල යොදාගැනීම වැදත් වනවා. රුපයේ පරිදි මැද කැරකැවෙන ලෝහ ශාෆ්ට්-දන්ඩේ බර වැඩිවීත්, කරකැවීමට පටන් ගන්නාවිටත් අවසන් වන විටත්, සෙමින් කරකැවෙන විටත් එහි බර හා ස්වභාවය නිසා ලෝහ පෘෂ්ට දෙක ගැටෙන ප්‍රවනතාව වැඩිවෙනවා. ඒ නිසා ගැලැපෙන දුස්ශ්‍රාවීතාව සහිත ලිහිසි තෙලක් යොදා ගන්න වෙනවා. අපි හිතමු නියමිත දුස්ශ්‍රාවීතාවයට වඩා වැඩි ලිහිසි තෙලක් අපි යොදා ගත්තා යැයි කියලා. එහෙමවුනොත් වෙන්නේ තෙල් අණුඅණු අතර චලනයට අදාළ වන ප්‍රතිරෝධය වැඩිවී අතිරේඛ හා අනවශ්‍ය උෂ්ණත්වයක් ජනනයවීමෙන් ශක්ති හානියක් සිදුවවීමයි. (හයිඩ්රෝඩයිනමික් අවස්තාව) මේ ගැටලුවට නම් විශේෂයෙන් සැදූ ෆුලි ෆෝමියුලේටඩ් තෙලක් භාවිතා කලයුතුවනවා. ෆුලි ෆෝමියුලේටඩ් තෙලක විශේෂයෙන් අධි උෂ්ණත්වවලටත්, අධි පීඩනවලටත් ඔරොත්තුදෙන මෙටලික් ඇඩිටිව් ජාති වගේම ගෙවීම වලකන සන්යෝගද අන්තර්ගතවනවා. තවත් ෆුලි ෆෝමියුලේටඩ් තරල තියනවා වෙනස් ක්‍රියාවලියක් සිදුකරන. ඒ ගැටෙන පෘෂ්ඨවල ඇති ඇසට නොපෙනෙන රළු පෘෂ්ඨ සමග ක්‍රියාකර සුවිකාර්ය පටලයක් නිර්මාණය කිරීමයි. එමගින් ප්‍රතිරෝධය අවමකර උෂ්ණත්වය අවම කරවනවා. “ඉලාස්ටෝහයිඩ්රොඩයිනමික්” ලිහිසිකරණය ට භාජනය වන්නේ අන්න ඒ පෘෂ්ඨ අතර නොගැලපෙන පිහිටීම් (formation) ඇතිවිටයි. තවද පෘෂ්ඨ වල රළු බව නිසාද ගැටෙන අවස්තාවේ ඇතිවන අධිපිඩනයද සැලකිල්ලට ගෙන එය වලකාලීමට අධි පීඩනවලටත් ඔරොත්තුදෙන ඇඩිටිව්ස් වර්ග යොදාගෙනයි එක්. එක් ආකාරයේ ෆෝමියුලේටඩ් තරල වර්ග නිෂ්පාදනය කරන්නේ. ඉතින් “ඉලාස්ටෝහයිඩ්රොඩයිනමික්” අවස්ථාවට යොදවන තෙල් තට්ටුවේ ඝනකම නම් හයිඩ්රෝඩයිනමික් අවස්තාවේදී යෝදාගන්න තෙල් තට්ටුවට වඩා අඩුයි. හැබැයි වරද්දගන්නෙපා මම අදහස් කලේ තෙල්වල ඝනකම නෙවි තෙල් තට්ටුවේ නැත්නම් තෙල් ප්රෝෆයිලයේ ඝනකම ගැනයි.

    අපි දන්නා කරුණ නම් පෙට්‍රෝලියම් කියන්නේ ස්වාභාවිකව හමුවන හයිරෝකාබන් වලටයි. බොරතෙල් පෙට්‍රෝලියම් වල ගැස්, බිටුමින් වර්ග,වැක්ස් වර්ග අඩන්ගු වනවා කිව්වොත් නිවැරදියි. කාබනික ද්‍රව්‍ය පොලව යට ඉතා විශාල කාලයක් අධික උෂ්ණත්වයටත් පිඩනයටත් ලක්වෙලා පෙට්‍රෝලියම් ලෙස හමුවුනත් ලතින් භාෂාවෙන් “පෙට්‍රා” කියල කියන්නේ පාෂාණ වලටත් “ඔලියුම්” කියල කියන්නේ තෙල් වලට බවත් ඔබ දැනසිටියාද? ඉතින් එම වචන එක්කොට තමයි පෙට්‍රෝලියම් කියල අද අපි භාවිතා කරන්නේ.

    ඇතටම පොලව යට පාෂාණ යටින් පෙට්‍රෝලියම් හමුවුනත් සමහර අවස්ථා තියනවා පීඩනය අධිකවෙලා පිපිරීම් සහිතව පොලව මතුපිටට තාර ලෙස ලගාවන. කෙසේවෙතත් ආදී මානවයා පවා පෙට්‍රෝලියම් වලවල් ගැන දන සිටි බවටත් ඔවුන් ඒවා අඳුනාගෙන තිබුනේ සතුන් වැටි මියයන අනාරක්ෂිත පරිසර හැටියට බවටත් ඉපැරණි මුඋලාශ්‍ර තහවුරු කරනවා. ඉතින් ඔය පෙට්‍රෝලියම් ආසවනය කරලා පිරිපහදු කරලා තමයි වෙන වෙන ඉන්ධන හා අතුරු නිෂ්පාදන සාදන්නේ.

    රූපයෙන් දැක්වෙන්නේ බොරතෙල් ආසවනය (distillation) කිරීමෙන් ලබාගන්නා නිෂ්පාදනයි. නොයෙකුත් ආකාරයේ හයිඩ්රෝකාබන් දාම වල ප්‍රමාණය අනුව තමයි වෙන වෙනම පෙට්‍රෝලියම් නිෂ්පාදන හඳුනාගන්නේ. උදාහරනයක් ලෙස හයිඩ්රෝ කාබන්වල ප්‍රමාණ අනුව සැහල්ලුම හා කුඩාම දාමය ඇත්තේ ගෑස්වලටයි.

    දැන් ඔය කෘඩ් ඔයිල් නොඑසේනම් බොරතෙල් ආසවනයෙන් තමයි බේස් ඔයිලුත් උකහා ගන්නේ. බේස් ඔයිල් සාමාන්‍යයෙන් උදාසීන ප්‍රතික්‍රියකයක්. අප පාවිච්චිකරන ලිහිසි තෙල්වල බේස් ඔයිල් තමයි සියයට 85-95 ත් අතර තියෙන්නේ. ඉතුරු ටික තමයි ඔය ඊට එක්කරන “ඇඩිටිව්ස්” විශේෂ. එම නිසා මේ ලිහිසි තෙල්වල භෞතික ලක්ෂණ වලට වැඩි ප්‍රමාණයක් බලපාන්නේ මේ බේස් ඔයිල් වල ගුණාංග කියල පැහැදිලියි නේද?. බේස් ඔයිල් වර්ග තුනක් තියනවා. බයලොජිකල් (ජෛව), මිනරල් (ඛනිජ), සින්තටික් (කෘතීම) යනුවෙන් ඒවා වෙන්වෙනවා. බයලොජිකල් (ජෛව) ඔයිල් සාමාන්‍යයෙන් බෙහෙත් හා ආහාර තාක්ෂණයට යෝදාගන්නා අතරම මුලාශ්‍ර ලෙස සත්ව හා ශාක කොටස්වලින් නිස්සාරනය කරගන්නවා. ඉතින් ඔය පාම් ඔයිල් වර්ග කැස්ටර් ඔයිල් වර්ග වලට අයත්වන කාණ්ඩය උදාහරණ ලෙස පෙන්වවා දිය හැකිවනවා.

    ගියර පද්ධති, බෙයාරින්, වාහන හා කර්මාන්ත සඳහා යොදාගන්නා ඇන්ජින්, ටර්බයින වගේ සාමාන්‍ය උෂ්ණත්ව වල යාන්ත්‍රික මෙවලම් වලටත් මිනේරල් ඔයිල් තමයි යෝදාගන්නේ. හැබැයි ඊට ඔබ්බට ගිහින් අධිඋෂ්ණත්ව විශේෂ කාර්යන් සඳහා නම් සින්තටික් ඔයිල් වර්ග තමයි පාවිච්චිකරන්නේ. කොහොම වුනත් ලිහිසි තෙල්වර්ගය අනුව තමයි යාන්ත්‍රයක ජීවකාලය රඳා පවතින්නේ. වර්තමාන ලිහිසි තෙල් වලනම් තවත් අතිරේඛ ලක්ෂණ තිබෙනවා. ඒවානම් ජල ප්‍රතිරෝධී බව, මල බැඳීම නැතිකිරීමේ හැකියාව, සලකන උෂ්ණත්ව පරාසයක නියත ස්ථාවරත්වය, ප්‍රතිරෝධඋෂ්ණත්ව යාන්ත්‍රික කොටසින් බැහරට යොමුකිරීමේ ඇති හැකියාව වගේ දේවල් තමයි. කොහොම වුනත් විවිධ අවශ්‍යතාවයන්ට සරිලන විවිධ ලිහිසිතෙල් නිපදවීමට මිනිසා මේ වෙද්දී සමත්වෙලා තියනවා. ඒවගේම ඒවයේ ලක්ෂනද අවශ්‍ය පරිදි වෙනස්කොට සකසා ගැනීමටත් නිෂ්පාදකයාට පුළුවන්.

    සාමාන්‍යයෙන් රථවාහන සඳහා තමයි වැඩිපුරම පෙට්‍රෝලියම් ලිහිසි තෙල් වර්ග යොදාගන්නේ. ලොව වටා කොපමණ රථවාහන ඇද්ද?

    ලොවවටා කොපමණ පෙට්‍රෝලියම් ලිහිසි තෙල් වර්ග නා නා පැහැයෙන් ඒවා තිබුනත් මුලද්‍රව්‍ය විශ්ලේෂනයෙන් ඒවා අධ්‍යයන කරන්නට පුළුවන්. මේවායේ කාබන් 83%-87% පරාසයකත් හයිඩ්රිජන් 11%-14% අතර අගයක හමුවන අතර ඉතිරිය ඔක්සිජන්, නයිට්‍රිජන්, සල්ෆර්, හා ලෝහ සංයෝග වනවා. ඉතින් මුලද්‍රව්‍ය විශ්ලේෂනයේදී මේවායේ භෞතික මෙන්ම රසායනික ලක්ෂනත් කුඨ වාණිජ පරමාර්ථයෙන් වෙනත් නොමනා සන්යෝග එකතුකර තිබේද යන්නත් සොයාගන්නට පුළුවන්.
    බොරතෙල් පිරිපහදුවේදී 26-40 අතර හයිඩ්රොකාබන් දාම බේස් ඔයිල් ලෙස වෙන්කරගන්නවා.මෙම අනු ආසවනයෙන් ලබාගන්නා පෙට්‍රල් ඩිසල් වල ඇති අනු වලට සාපේක්ෂව ටිකක් විශාලයි. ඒ ලබාගන්නා බේස්ඔයිල් වල අඩංගු අපිරිසිදු කාරක ඉවත් කිරීම පිරිපහදුව මගින් තවදුරටත් සිදුකරගනු ලබනවා.

    බේස් ඔයිල් ලබාගන්නා පිරිපහදුවෙදී පහත දැක්වෙන පියවර ඇසුරෙන් සිදුකරගනු ලබනවා:

    • ආසවනය (Atmospheric distillation)-බොරතෙල් වලින් බේස් ඔයිල් වෙන්කරගැනීම
    • රික්තකයක් යටතේ ආසවනය (Vacuumed distillation)-තරමක් විශාලවන අණු වලට හානිනොවී වෙන්කරගැනීමට
    • පිරිපහදුව (Refining)- වෙනත් අපිරිසිදු කාරක ඉවත්කිරීම
    • ඇස්ෆල්ට් ඉවත් කිරීම (De-asphalting)- තාර ඉවත් කිරීම
    • වැක්ස් ඉවත්කිරීම (Dewaxing)- අඩු උෂ්ණත්ව පරාස වල කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඉවහල් වේ
    • මිශ්‍ර කිරීම (Blending)- අවශ්‍ය ප්‍රමිතියේ බේස් ඔයිල් සමග අනෙකුත් මෙටලික් වගේ සංයෝග එකතුකිරීම.

    මෙලෙස ලුබ් ඔයිල් නැතහොත් ලිහිසි තෙල් අපේ රටේ ඇති වාගන ඇනිජින් සඳහා බහුලව යොදාගන්නවා. සරලවම බැලුවොත් පෙට්‍රල් ඇනිජින්, ඩීසල් ඇනිජින්, මෝටර් සයිකල් ඇන්ජින්, බර වාහන, සැහැල්ලු වාහන, මැනුවල්, ඔටෝ වශයෙනුත් විවිධ ලුබ් ඔයිල් වර්ග භාවිතා වෙනවා. ඉතින් මේ ඔයිල් වර්ග පරීක්ෂා කිරීමට දේශීය වශයෙනුත් අන්තර්ජාතික වශයෙනුත් ප්‍රමිතිකරණ තියනවා. බොහෝවිට International Organization for Standardization (ISO), American Society for Testing and Materials (ASTM) වගේ ප්‍රමිතිකරණ ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන්. SLS කියන්නේ දේශීය ප්‍රමිතිය කියන එකනම් ඔයාල කොහොමත් දන්නවනේ. ඉතින් මේ ලුබ් ඔයිල් වලටත් බොහෝ ISO, ASTM යනාදී ලොව පිළිගන්නා ප්‍රමිති තියනවා.

    අඛණ්ඩව වැඩිවන ඉල්ලුම හමුවේ ලංකාවේ ලුබ්ඔයිල් ඇතුළු අනෙකුත් පෙට්‍රෝලියම් නිෂ්පාදන පරීක්ෂා කරගැනීමට වෙනමම නවීන පර්යේෂණාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනය මගින් අලුතෙන් ආරම්භකොට තිබන බව ඔබ දන්නවාද? එහි ඇති නවීන විශ්ලේෂණ උපකරණ මගින් ඉහත කි ප්‍රමිතීන්ට යටත්වන වෙනවෙනම පරීක්ෂණ සිදුකරන්නට ඇති හැකියාව සහිතව හා දේශීය වශයෙන් කාලීන අවශ්‍යතාවයක් ලෙසත් දූරදර්ශි ඉදිරි උපාය සැලසුම් සහිතවයි මෙම පරීක්ෂනාගාරය ප්‍රතිස්ථාපනය කර ඇත්තේ. විවිධ වූ පෙට්‍රෝලියම් නිෂ්පාදන, වගේම ජෛව ඉන්ධන වුනත් පරීක්ෂා කිරීමේ හැකියාවද ඇතිවයි මෙම පරීක්ෂනාගාරය ප්‍රතිස්ථාපනය කරන ලද්දේ. මෙතෙක් අපේ රටේ පැවති අවශ්‍යතාවයක් මින් ශාක්සාත් වනවා. කාර්මික තාක්ෂණ ආයතනය රජයේ ආයතනයක් නිසා ජාතික නියාමන කටයුතු වලට සම්බන්ධවෙමේ අපේක්ශාව පමණක් නොව දේශීය කර්මාන්ත කරුවන්ට, ව්‍යවසායකයන්ට, හා පර්යේකයන්ටත් විද්‍යාත්මක පරීක්ෂන පහසුකම් සපයා දීමක්ද මෙහි අරමුණු අතර වෙනවා. කොටින්ම අපේ රට පෙට්‍රෝලියම් ආශ්‍රයෙන් කරණ පර්යේශන දායකත්වය අඩු හෙයින් මේ හරහා දේශීය පර්යේෂණ වලටත් මුලපිරීමක් සිදුවෙනවා. ඒ වාගේම නව යාන්ත්‍රණයක් වෙළඳපලේ නිර්මාණය කිරීමටත් මෙමගින් හැකිවන බවට මත පලවෙමින් තිබෙනවා . හුදෙක් අන්තර්ජාතික තලය හා එක්වීමක් ද ඉදිරියේදී අපීක්ෂිතයි. තවද නුදුරු අනාගතයේදී මෙම විද්‍යාගාරය ප්රමිතිකරණය සඳහා වූ ජාත්යන්තර සංවිධානය (International Standard Organization) ප්‍රමිතීන්ට අනුකූලව (ISO 17025) ප්‍රතීතනය විමට අපේක්ෂා කරනවා. තුන්වන පාර්ශවයේ ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමට නිෂ්පාදනයට සම්බන්ධ නැති පර්යේෂනාගාරයකට ඇති හැකියාව (issuing of unbiased standard certification) නවීන ලෝකයේ පිළිගන්නා කරුණක් වන නිසාත් මෙම පරීක්ෂනාගාරය ආරම්භ කිරීම තවත් අතකින් වැදගත් වනවා.

    කාර්මික තාක්ෂණ ආයතතනයේ නවීන පෙට්‍රෝලියම් හා ලුබ්-ඔයිල් පරීක්ෂණාගාරය

    විශේෂයෙන් මෙම ලිපිය හරහා ලුබ් ඔයිල් පිලිබඳ දැනුමක් ලබාදීම අරමුණු වුන නිසා Appearance, Volatility, Fluidity, Stability, Corrosiveness, Water sediment, Change of state, Electric Behavior, Combustion, Partial esidual behavior, Behavior in water, Behavior in air, Formatting characteristics වගේ ලුබ් ඔයිල් ප්‍රමිතියානුකුල පරීක්ෂණ පහසුකම් මෙමගින් ලබාගත හැකි බවත් කිවයුතුමයි. එපමණක් නොව අනෙකුත් පෙට්‍රෝලියම් හා ජෛව ඉන්ධන වලට අදාළවත් වන පරීක්ෂණ එකම වහලක් යටතේ කරගැනීමට හැකියාවක්ද මෙම පරීක්ෂ්නාගාරයට තිබෙනවා.

    මේ හා බද්ධ වූ බොහෝ පරීක්ෂණ වර්ග තිබෙන නිසා පාඨකයාට අදහහසක් ගැනීමට එක් භෞතික ලක්ෂණයක් පමණක් ගෙනැහැර බලමු. දැන් පෙට්‍රෝලියම් නිෂ්පාදනයක Appearance එහෙමත් නැතිනම් පෙනුම වගේ භෞතික ලක්ෂණයක් පැහැය (Colour) හා අනවශ්‍ය අංශුමය කොටස් මුසුවීම (Particulate contamination) වගේ පරාමිතික වලින් හොයාගන්න පුළුවන්. ඒකෙනුත් පැහැය කියන කොටස ගැන අවධානය යොමුකලොත් පැහැය කියන භෞතික ලක්ෂණය Tintometer නම් වන පරීක්ෂණ උපකරණය යොදාගෙන සාම්පලයයේ ප්‍රමානාත්මකව තහවුරු කරගන්න පුළුවන් වනවා.

    මෙහිදී එම පරීක්ෂණ ASTM D1500 ප්‍රමිතීන් ප්‍රකාරව සිදුකරයුතුවනවා. එහෙම කරන පරීක්ෂණ වාර්තාව ලෝකේ කොහේ වුනත් පිලිගන්නවා. ඒ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකුල වන නිසයි. ඉතින් මෙනන මේ වගේ එකිනෙකට වෙනස් විශ්ලේෂණාත්මක පරීක්ෂණ උපකරණ බොහෝ ප්‍රමාණයකිනුයි කාර්මික තාක්ෂණික ආයතනයේ පෙට්‍රෝලියම් හා ලුබ්රිකන්ට් පරීක්ශනාගාරය සමන්විතවන්නේ.

    යම් භාණ්ඩයක ගුණාත්මක බව හෝ භාවිතයට නිර්දේශිත බව කියාපාන්නේ ප්‍රමිති සහතිකයක් තුළිනුයි. ආනයන අපනයන හා භාවිතයේ දී පමණක් නොව ගබඩා කිරීම් සම්බන්ධවත් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවත් පරීක්ෂනාත්මක නව සොයාගැනීම් සම්බන්ධවත් අලෙවිකරණ මෙවලමක් වශයෙනුත් පරීක්ෂණ වාර්තා ඉතා වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඒත් මෙම පරීක්ෂණ වාර්තාද සම්මත පරීක්ෂණාගාර වලින් ලබාගත යුතුවනවා. සම්මත පරීක්ෂනාගාරවල තියන එක් ලක්ෂණයක් තමයි විශ්ලේෂණ උපකරණ හැම එකක්ම අඛන්ඩව ක්‍රමාංකනය කර පවත්වාගැනීම. සරලවම කිව්වොත් අපි මනිනදේ හරියටම මැනෙනවාද කියන කාරණය. ක්‍රමාංකනය සේවාවන් පවත්වා ගැනීමටත් පිරිවැයක් දරන්න වෙනබව මතක් කලයුතුයි.කෙසේ වෙතත් කාලයට ගැලපෙන නවීන විද්‍යාව සමඟ එක්ව ජාත්යාන්තරය හා කරට කර සිටගන්න පුළුවන් තැනකට අපේ රට නගා සිටුවන එක තමයි පුරවැසියන් වශයෙන් අපේ වගකීම වන්නේ.

    පොලිස්පති ගැන පොලිස්පති කී දේ

    0

    රාජ්‍ය නායකයෙක් තරමට පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් බැදී සිටින බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    ඒ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලෙහි සාක්ෂිකරුවෙක් ලෙස ඊයේ සාක්ෂි ලබාදෙමිණි.

    පොලිස්පතිවරයාට පියවරක් ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයකින් ලබාදෙන තොරතුරක් නිශ්චිත බුද්ධි තොරතුරක් විය යුතුමදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එසේ ප්‍රකාශ කළේය.

    " නැහැ. සෑම විටම රාජ්‍ය බුද්ධි අංශයෙන් නිශ්චිතම බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. පොලිස්පතිවරයා තමයි පවතින තොරතුරු වර්ධනය කිරීමට සහ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ. එබැවින් යම් දෙයක් විය හැකි කියලා තියෙනවා නම් ඒ දේ වුණොත් මොනාද කරන්නේ කියන තැන ඉඳලයි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හෙට යම් ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා කියලා තොරතුරක් ආවොත් අද එය වුනොත් කියන අවදානම අරගෙනයි ආරක්ෂිත වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ." යැයි එහිදී සඳහන් කරමින් සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබුවේ තමාට ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශකින් තොරතුරක් ලැබුණහොත් තමා එය හොඳින් අධ්‍යයනය කර, බුද්ධි අංශ සහ වෙනත් පළපුරුදු විශේෂඥයන් සමඟ සාකච්ඡා කර පියවරගන්නා බවය.

    ඔබට අති රහස්‍ය වාර්තාවක් ලැබුණහොත් ඔබ එය එලෙසින්ම පහළ නිලධාරින් වෙත යවන්නේ දැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේය.

    "මම එසේ කරන්නේ නැහැ. මම කරන්නේ එම වාර්තා හොඳින් අධ්‍යනය කරලා, අවශ්‍ය උපුටා ගැනීම් කරලා පොලිස්පතිවරයාගේ සුදුසු නියෝග සමඟ පහළට යවන එක. මොකද රාජ්‍ය නායකයෙක් තරමටම පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා මම නියෝග දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න බැහැ." යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු දුන්නේය.

    පොලිස්පතිවරයා ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි අධිකරණය හමුවේ සී.ඩී. යික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

    ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇති බව මෙන්ම තමාට නොලැබුණේ යැයි කීමේ හැකියාවක් පොලිස්පතිවරයාට නොමැති බවත් සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    අත්‍යවශ්‍ය අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අංශ වල සාමාජිකයින් කැඳවා සාකච්ඡා කර තීරණ ගැනීමේ බලතල පොලිස්පතිවරයාට ඇති බව ද සී.ඩී. වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

    පොලිස්පතිවරයා රජයෙන් වැටුප් ලබන පුද්ගලයකු පමණක් නොවන අතර ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයකු වන ඔහු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රභල අන්දමින් කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය. රටේ විධායකය ගන්නා තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා බවද සී.ඩී. විකුමරත්න මහතා අවධාරණය කළේය.

    සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

    0

    ප්‍රේමදාස පාලන සමයේදී මෙරට දැවැන්ත දේශපාලන චරිතයක් වූ හිටපු අමාත්‍යවරයෙක්ද වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

    කොළඹ මහා නගර සභාවේ 1979 සිට 1989 දක්වා කාලය තුළ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

    රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවූ ඒ මහතා මෙරට දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙස සැලකෙන පුද්ගලයෙකි.

    අද එන්නත් මධ්‍යස්ථාන 145ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 145කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 30.11.2021

    විදුලිය බිඳවැටුණ හේතුව මෙන්න..

    0

    දිවයිනේ ප්‍රදේශ රැසකට සිදුවී ඇති විදුලිය
    බිඳවැටීමට හේතුව කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන්‌ මාර්ග බිඳවැටීමක්‌ බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

    ඒ හේතුවෙන්‌ මහවැලි බලාගාරවලින්‌
    විදුලිය නිෂ්පාදනය නැවති ඇති බව සඳහන්‌ ය.

    මේ වන විටත් එය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු වෙන බව ද විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

    මේ වනවිට කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, පොළොන්නරුව ආදි දිස්ත්‍රික් ගණනාවක ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටී ඇතැයි වාර්තා වේ.

    රසායන විද්‍යාවෙන් ජාත්‍යන්තරයට යන්න ඔබ සුදානම් ද?

    0

    අ.පො.ස උසස් පෙළ (local or UK syllabus) සඳහා රසායන විද්‍යාව විෂයයක් ලෙස අනුගමනය කරන සිසුන්ට ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් 2022 හි මූලික තේරීම් විභාගය දැන් සහභාගී විය හැකියි. 2022 ජූලි 1 දිනට වයස අවුරුදු 20 ට අඩු නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකියි.
    වැඩිදුර විස්තර සඳහා https://www.web.ichemc.edu.lk/cosl/ වෙත පිවිස විස්තර දැනගත හැකියි.

    මේ තේරීම් විභාගයෙන් තේරී පත් වන සිසුන්ට චීනය විසින් සත්කාරකත්වය දරන 54 වැනි ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් (IChO) තරගයට සහභාගී විය හැකියි. ජාත්‍යන්තර  IChO යනු රසායන විද්‍යාව හා සම්බන්ධ ගැටළු විසඳීමේදී ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ සංජානන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලොව පුරා සෑම තරාතිරමකම සිටින ද්විතීයික පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද තරඟයකි. 2021 වසරේ තරඟය ජපානය විසින් ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා පවත්වන ලදී. න්‍යායාත්මක විභාගය දුරස්ථ විභාගයක් ලෙස 2021 ජූලි 28 වන දින පවත්වන ලදී. රටවල් 79 කින් ඉහළ දක්ෂතා ඇති උසස් පාසල් සිසුන් 312 දෙනෙක් ICHO 2021 සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ දුරස්ථ න්‍යාය විභාගය රසායන විද්‍යා ලංකා ආයතනයේ මූලස්ථානයේදී පවත්වන ලදී.

    2021 වසරේ පැවති 53 වැනි ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් (IChO) තරගයේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට කෙළඹි ආරච්චිගේ අචිර හංසිඳු (ගාල්ල මහින්ද විද්‍යාලය), නදුන් නවීන්ද්‍ර රාජපක්ෂ (මහනුවර ධර්මරාජ විද්‍යාලය) සහ මනුජය ප්‍රවීන් විජේසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය) ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

    රසායන විද්‍යා ඔලිම්පියාඩ් ශ්‍රී ලංකා (COSL) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ නිල සංවිධායකවරයා වන්නේ ලංකා රසායන විද්‍යා ආයතනයයි (IChem). මේ වසරේ 2021 මැයි 30 වැනි දින පැවති ජාතික තරගයේ හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් සිව්දෙනා ICHO 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට තෝරා ගන්නා ලදී. ජාතික විශ්වවිද්‍යාලවල සහ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් මෙම කණ්ඩායම පුහුණු කරන ලදී. ආචාර්ය චින්තක රත්නවීර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය) සහ ආචාර්ය ඉරේෂිකා ද සිල්වා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය) ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයන් වූහ.

    මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ දෙවැනි වරටත් ICHO සඳහා සහභාගි වූ බැවින් මෙය සැබවින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. 2020 දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත් අතර තුර්කියේ සත්කාරකත්වය දරන ICHO 2020 හිදී ගෞරවනීය ලෙස සඳහන් කර ඇත.

    චීනය විසින් සත්කාරකත්වය දරන ICHO 2022 සඳහා හොඳම කණ්ඩායම තෝරා ගැනීම සඳහා COSL 2022 හි මූලික වටය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ජාතික තරඟයට සහභාගී වීමට කැමති අයට වැඩි විස්තර සඳහා https://www.web.ichemc.edu.lk/cosl/ හරහා COSL වෙබ් අඩවියට පිවිසිය හැක.

    දිස්ත්‍රික් කිහිපයක විදුලිය බිඳවැටෙයි

    0

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලිය බිඳවැටී ඇතැයි වාර්තා වේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, හෝමාගම, පාදුක්ක ආදී ප්‍රදේවලට ද විදුලිය මේ වනවිට බිඳවැටී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයට ද මෙලෙස විදුලි බිඳවැටීම් සිදුව ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ද මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ද විදුලිය මේ වනවිට බිඳවැටී ඇතැයි සඳහන් ය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද විදුලිය බිඳ වැටී ඇත.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලද විදුලිය බිඳවැටී තිබේ.

    “ඔමික්‍රෝන් ගෝලීය අවදානමක් විය හැකියි” – WHO

    0

     

    ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ගෝලීය වශයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවද එමගින් දරුණු ප්‍රතිඵල ඇති කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අද පැවැත්වූ විශේෂ හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇති අතර එන්නත්කරණ වැඩසටහන කඩිනම් කරන මෙන් සිය සාමාජික රටවල් එකසිය අනූ හතරෙන්ම ඉල්ලීමක්ද කර ඇත.

    ඔමික්‍රෝන ප්‍රභේදයේ තුල විශාල විකෘතිතා ප්‍රමාණයක් දැකගත හැකි බවත් ඉන් ඇතැමක් වසංගත තත්ත්වයේ ගමන් පථය පිළිබඳ බලපෑමක් එල්ල කළ හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධායනය පෙන්වා දෙයි.

    ඒ අනුව මෙම නව ප්‍රභේදය අතිශය අවදානම් සහඟත බවද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගෙබි්‍රයෝසස් පවසා ඇතතේ ජාත්‍යන්තර වශයෙන් ඉදිරි වසංගත තත්ත්ව පාලනය කිරීමට එකඟතාවයකට පැමිණය යුතු බවයි.

    නව වෛරස ප්‍රභේදය හේතුවෙන් තවමත් මරණ වාර්තා වී නොමැති අතර එන්නත් මගින් වෛරසය පාලනය කිරීමට ප්‍රතිශක්තිය ඇති කිරීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවද එහිදී ප්‍රකාශ කර ඇත.

    අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

    0

    හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.

    හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

    මේ මාසෙට ගෑස් කාන්දුවීම් සමඟ හටගත් පිපුරුම් 17 ක් – 2015 ඉදන් මේ දක්වා 233 ක්

    0

    නොවැම්බර් මාසයේ මේ මොහොත දක්වා රටපුරා නිවෙස් හා අවන්හල් ආශ්‍රිතව සිදුවූ ගෑස් කාන්දුවීම් මුල්කරගෙන සිදුවූ ගිනි ගැනීම් සහ පිපුරුම් 17 ක් වාර්තා වී තිබේ.

    වැලිගම පිහිටි කුඩා හෝටලයක ඉකුත් 04 වෙනිදා ඇතිවුණු පිපුරුම සහ ගිනි ගැනීමත් සමඟ ගෑස් කාන්දුවීම්,ගිනි ගැනීම් සහ පිපුරුම් කෙරෙහි සමාජ අවධානයට යොමු වූ අතර මේ මොහොත වන විට 17 වන පිපුරුම සහ ගිනි ගැනීම වාර්තා වන්නේ හැටන් හී පිහිටි අවන් හලකිනි.

    වැලිගම, වැලිකන්ද, අලව්ව, රත්නපුර, කොළඹ කුරුදුවත්ත, හෝකන්දර, නිකවැරටිය, ආරච්චිකට්ටුව, කල්මුණේ, කෑගල්ල, අහංගම, ජා-ඇල, පාදුක්ක, හංවැල්ල, කිලිනොච්චිය, යාපනය සහ හැටන් යන ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ.

    මෙසේ ගෑස් කාන්දුවීම් සහ ඒ සමඟින් සිදුවන පිපුරුම් සහ ගිනි ගැනීම් සම්බන්ධයෙන් රටතුළ ඇතිවී තිබෙන ආන්දෝනාත්මක ත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී පවසන්නේ 2015 වසරේ සිට මෙවන් සිදුවීම් 233 ක් වාර්තා වී ඇති බවය.

    කෙසේ වෙතත් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල ජනතාව චෝදනා කරන්නේ ගෑස් ටැංකිවලින් ගෑස් කාන්දුවීම් සිදුවන බවකි. සබන් පෙන දමා ඔවුන් ඒවා වීඩියෝකර සමාජ මාධ්‍යජාල වෙතද මුදාහැරීමට මේ වන විට පටන්ගෙන තිබේ.

    65 නැති කර 10,000ක් ඉල්ලා අද විරෝධයක්

    0

    රාජ්‍ය සේවකයන්ට ලබන අයවැයෙන් රුපියල් 10000ක වැටුප් වර්ධකයක්, අවුරුදු 65 විශ්‍රාමික වයස් සීමාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් කොළඹ මහනගර සභාව ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය.

    සියලුම විදේශිකයන්ට ජපානයේ දොර වැසේ

    0

    Omicron ප්‍රභේදය මතුවීම හේතුවෙන් විදේශ පුරවැසියන්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබේ.

    අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සඳුදා මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර එය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

    “අපි Omicron ප්‍රභේදය හසුරුවන්නේ දැඩි අර්බුදයක හැඟීමකින්,” කිෂිඩා වාර්තාකරුවන්ට පැවසීය. ‘එය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනේ, එබැවින් අපගේ දේශසීමා පාලන පියවර තවදුරටත් ශක්තිමත් කිරීම දෙස අපි දිගටම සැළකිලිමත් වෙනවා.’

    නව තහනම ජපානයට යන විදේශීය සිසුන්, අභ්‍යාසලාභීන් සහ කම්කරුවන් සහ කෙටි සංචාර සඳහා ව්‍යාපාරික සංචාරකයින් ආවරණය කරන බව එරට වාර්තා පවසයි.

    සති තුනකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ලිහිල් කිරීම යටතේ, එන්නත් කරන ලද ව්‍යාපාරික සංචාරකයින්ට දින තුනක් වැනි කෙටි නිරෝධායනයකින් ජපානයට යා හැකිය.

    දකුණු අප්‍රිකාව, අසල්වැසි රටවල් සහ ඔමික්‍රොන් රෝගීන් ඇති වෙනත් රටවලින් ආපසු පැමිණෙන ජපන් ජාතිකයින්ට රජයේ පාලිත පහසුකම්වල නිරෝධායනය කිරීමට සිදුවනු ඇතැයි කිෂිඩා පැවසීය.

    ඩොලර් හිඟයෙන් අත්‍යවශ්‍ය ආහාර බහලුම් වරායේ ගොඩගැසේ

    0
    Container Freight

    ආනයනික ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

    එම ආනයන වෙනුවෙන් මෙරට මුදල් වලින් සියළු ගෙවීම් බැංකු වෙත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් එම භාණ්ඩ මෙරටට අපනයනය කළ සමාගම්වලට ඩොලර්වලින් කෙරෙන ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් මෙසේ භාණ්ඩ නිදහස්කර ගැනීමට නොහැකිව වරායේ සිරවී ඇතැයිද ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

    සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.

    දහම් සිරිසේන මීළග මහා මැතිවරණයට

    0

    මීළඟ පැවැත්වෙන මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තමන් ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සදහන් කරයි.

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩ සටහනකදී ඒ බව ඔහු පවසනු ලැබීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ දහම් සිරිසේන මහතාය.

    පළමුවරට රුසියාවෙන් ශ්‍රී ලංකාවට පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මාන පදක්කම” වෛද්‍ය සමන් වීරසිංහට

    0

    ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය” අග්‍රාමාත්‍ය උපදේශක සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මොස්කව් නුවර දී පසුගිය (25) දා ප්‍රදානය කර ඇත.

    ශ්‍රී ලාංකිකයකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

    රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂය සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා විසින් වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මෙම සුවිශේෂී සම්මාන පදක්කම පළඳවන ලදි.

    විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා වර්ධනය කරමින් රාජ්‍ය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට එරට  විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධවන රුසියානු පුරවැසියන් හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව මෙම සුවිශේෂී සම්මානය ප්‍රදානය කරයි.
    “රුසියානු සමූහාන්ඩුවේ වීරයා” සම්මානයෙන් පිදුම් ලද අභ්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් මහතා ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා සමඟ මෙම සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා වසර ගණනාවක් තිස්සේ ඉටු කළ සුවිශේෂ කාර්යභාරය ඇගයීම ද මෙම සම්මාන ප්‍රදානයට සමඟාමීව සිදුවිය.

    වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015-2018) රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා ඉහළ දැමීමට වටිනා මෙහෙවරක් ඉටු කළ අතර අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට අමතරව, ශ්‍රී ලංකා – රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන  ලේකම් ලෙස ද කැලණිය රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස ද දෑ හිත කාමී මෙහෙවරක නිරත වී සිටියි.

    මොස්කව් නුවර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය සහ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් එක්ව සිටියහ.

    කටානේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය මතුවේ

    0
    Explosive sign yellow with stripes, 3D rendering

    කටාන කලුවාරිප්පුව නිවෙසක සඟවා තිබූ පොටෑසියම් නයිට්ට්‍රෙට් කිලෝ 23 අධික ප්‍රමාණයක් සහ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත්ව ඇත.

    ගිනි අවිය විදේශයක නිෂ්පාදිත වායු රයිෆලයකි. ඊට අමතරව කඩුවක් සහ උල් පිහි දෙකක්ද ඔහුගේ පදිංචි නිවසේ තිබී සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදු විමර්ශනය සඳහා කටාන පොලිසියට භාරදී ඇති අතර අද දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඔමික්‍රෝන් සුළුවට ගන්න හිතන්නවත් එපා..

    0

    කොවිඩ් – 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.

    අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. ‘ඔමික්‍රොන්’ (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

    දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.

    ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

    රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.

    ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර “අවධානය යොමු කළ යුතු ප්‍රභේද” වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.

    පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.

    එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

    සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.

    සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවුඩයකි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-29

    0
    භෞතික විද්‍යාවේ වැදගත් නියමයක් වන ඩොප්ලර් ආචරණය සොයාගත් ක්‍රිස්ටියන් ඩොප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1803 නොවැම්බර් 29 වන දිනයි
    භෞතික විද්‍යාවේ වැදගත් නියමයක් වන ඩොප්ලර් ආචරණය සොයාගත් ක්‍රිස්ටියන් ඩොප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1803 නොවැම්බර් 29 වන දිනයි

    භෞතික විද්‍යාවේ වැදගත් නියමයක් වන ඩොප්ලර් ආචරණය සොයාගත් ක්‍රිස්ටියන් ඩොප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1803 නොවැම්බර් 29 වන දිනයි

    ගෑස් ප්‍රමිතිය ගැන වාර්තාව අද

    0

    ගෑස් සිලින්ඩර්වල සංයුතිය පරීක්ෂා කර බැලීමේ විමර්ශනයේ වාර්තාව අද ලැබෙනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් කැඳවීමට ද රජය තීරණය කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර ඇති සාම්පල සලකා බලා එම වාර්තාව ලබා ගන්නා බවයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය ජාතික ප්‍රශ්නයක් බවත්, මෙය කල් දැමීමට හෝ බෝල පාස් කිරීමට හැකි ප්‍රශ්නයක් නොවන බවත් තමාගේ වගකීම වී ඇත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට හැකි පියවර ගැනීම බවත් තමා ඒ කටයුත්ත ඉටු කරන බවත් ය.

    ගෑස් සිලින්ඩර් පිපිරීමට හේතුව සොයා බැලීම සඳහා දිවයින පුරා තනි සාම්පල 20 ක් ලබා ගෙන තිබුණි.

    මේ වන විට ගෑස් පිපිරීම් සිද්ධීන් අටකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 125ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන ගණනාවකදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 29.11.2021

    දිස්ත්‍රික් 3කට නායයාම් රතු නිවේදන – තවත් 5ක් අවදානම්

    0
    landslide
    file photo

    දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කරයි.

    ඒ මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ය.

    එමෙන්ම කළුතර ,මාතලේ ,නුවරඑළිය ,කොළඹ , සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    එම නිවේදනය පහතින් දැක්වේ.