fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නත්තල‍ට රට වහන්නේ නෑ

    නත්තල‍ට රට වහන්නේ නෑ

    උත්සව සමයේදී රට වසා දැමීමක් සිදුනොකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබේ.

    මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    “නැවත රට වසාදැමීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ. ඉතාම අපහසුවෙන් ඉතාම ජයග්‍රාහි ලෙස එන්නත්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අප නැවත රට විවෘත කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මේ රටේ සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කරලා කියන එක. මේ රටේ සෑම පුද්ගලයෙකුම ආරක්ෂා වනතෙක් කිසිවකුත් ආරක්ෂාකාරී නැහැ.

    රටේ අති විශාල පිරිසක් පූර්ණ ඉන්නත් කරනයට ලක් වෙලා තිබෙනවා. පාසල් දරුවන් පවා එන්නත්කරණයට ලක් කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ අපි ආරක්ෂිතයි කියන කාරණය. අපි ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා උත්සව සමයේ දී වගකීමක් සහිතව තමන්ගේ ආරක්ෂාව තමුන්ගේ දරු පවුල්වල ආරක්ෂාව සලසා ගෙන සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කරන්න කියලා.

    නමුත් මෑතකදී අපට වාර්තා වී ඇති omicron කියන ප්‍රභේදය වර්ධනය වෙමින් පවතිනවා. අද වන විට රටවල් කිහිපයක් සිය දේශසීමා වසා දමා තිබෙනවා. භයානක අනතුරක් ලෝකය හමුවේ තිබෙන බව ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඉතින් අපි සෑම කෙනෙක්ම එන්නත් ලබා නොගත් අය ඉන්නවනම් කරුනාකරලා ඔවුන් හැකි ඉක්මනින් එන්නත ලබාගන්න. ඒ වගේම ආරක්ෂාකාරීව කටයුතු කරන්න. එහෙම නොවුණොත් රට නැවතත් ගැටලුසහගත තැනකට යන්න ඉඩ තියෙනවා.

    මෙරට ආර්ථික ආරක්ෂාවත් සමාජ ආරක්ෂාවක් රැඳී තිබෙන්නේ ජනතාවගේ කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මතයි. සෞඛ්‍ය බලධාරීන්ගේ පවා ඉල්ලීම නොතකා පසුගියදා උද්ඝෝෂණ පෙළපාළි රැසක් පැවැත්වුණා. ඉතාමත් කනගාටුවට කාරණයක්. සෞඛ්‍ය අංශවල ඉල්ලීම්වලට අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. රට වසා දැමීමක් පිළිබඳ අපි නිල වශයෙන් සාකච්ඡා කරලා නෑ” යැයි ද කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.