දිවයිනේ ප්‍රදේශ රැසකට සිදුවී ඇති විදුලිය
බිඳවැටීමට හේතුව කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ග බිඳවැටීමක් බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.
ඒ හේතුවෙන් මහවැලි බලාගාරවලින්
විදුලිය නිෂ්පාදනය නැවති ඇති බව සඳහන් ය.
මේ වන විටත් එය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු වෙන බව ද විදුලිබල අමාත්‍යාංශය පැවසීය.
මේ වනවිට කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, පොළොන්නරුව ආදි දිස්ත්‍රික් ගණනාවක ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටී ඇතැයි වාර්තා වේ.