තවත්

    මියන්මාරයේ යකඩ ගැහැණිය යළිත් සිපිරිගෙට

    0

    මියන්මාරයේ අවුන්ග් සාන් සුකී හට එරට අධිකරණය විසින් වසර හතරක සිර දඬුවමක් නියමකර තිබේ.

    රටතුල අසමගිය ඇති කිරීම සහ නිරෝධාන නීති රීති උල්ලංඝනය කිරීම යන චෝදනා වලට වරදකාරිය කරමින් ඇයි මෙම සිර දඬුවම නියමකර ඇති බව වාර්තාවේ.

    ඇයට එරෙහිව චෝදනා එකොළහක් එල්ලවී ඇති අතර ඇයට අතිරේකව එරට හිටපු ජනාධිපතිවරයා හටද වසර හතරක සිර දඬුවම් නියමවී ඇත.

    ඉකුත් පෙබරවාරි මාසයේදී මියන්මාරයේ බලය හමුදා කුමන්ත්‍රනයක් හේතුවෙන් සුකීගේ දේශපාලන පක්ෂයෙන් ගිලිහී ගිය අතර එතැන් පටන් එරට තුල දැඩි හමුදා නීති ක්‍රියාත්මක විය.

    දැනට 76 වන වියේ පසුවන ඇයට එරෙහිව දූෂණ චෝදනාද එල්ලවී ඇති අතර චෝදනා සියල්ල සඳහා ඇය වරදකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමටද ඉඩ පවතින බවට වාර්තවේ.

    සුකී මියන්මාරය කළ සේවය අගයමින් ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවූ අතර 2017 වර්ෂයේදී රෝහින්‍යා සරණාගතයින් සම්බන්ධනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් ඇය ජාතන්‍යන්තරය තුල දැඩි විවේඡනයට ලක්වූවාය.

    ප්‍රියන්ත දියවඩනගේ දේහය කොළඹට

    0

    පාකිස්ථානයේ සියල්කොට්හිදී පසුගිය 3 වැනිදා අන්තවාදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත දියවඩනගේ දේහය කොළඹට රැගෙන විත් තිබේ.

    ඒ ලාහෝර් සිට ශ්‍රීලන්කන් ගුවන්සේවය අයත් එයාර්බස් A330 UL186 දරන ගුවන් යානයෙනි.

    පාකිස්ථාන බලධාරීන් විසින් ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත දේහය භාරදීමට කටයුතු කර ඇත.

    ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් මහතා මහ කොමසාරිස්වරයා හමුවී සියල්කොට් හිදී ශ්‍රී ලාංකික කළමනාකරු මරා දැමූ බිහිසුණු අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේය.

    ගෑස් සිලින්ඩර් අලුත් සීල් එකකින්

    0

    Litro Gas Lanka විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) කොන්දේසිවලට අනුකූලව ගෘහස්ථ LP ගෑස් බෙදා හැරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    මෙම නව ගෘහස්ත ගෑස් සිලින්ඩර තොගයේ සුදු පසුබිමක රතු ලාංඡනයක් සහිත පොලිතීන් මුද්‍රා සහ කපාටවල ලිට්‍රෝ ගෑස් ලංකා ලාංඡනය ද ඇතුළත් බව ඔවුහු පවසති.

    මේ අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර කහ සහ නිල් වර්ණවලින් යුක්ත වන පොලිතින් මුද්‍රාවක් ද ඇත.

    ගෑස් සමාගම් දෙක විසින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොග බෙදා හැරීම අද සිට ආරම්භ කර ඇත.

    පසුගියදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් ගණනාවක් වාර්තා වීමෙන් පසු පාරිභෝගික කටයුතු අධිකාරියේ නිරීක්ෂණය යටතේ නව ගෑස් සිලින්ඩර තොග බෙදා හැරීම සිදු කෙරේ.

    මේ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් ද පත් කෙරුණු අතර අදාළ බලධාරීන් විසින් ගෑස් සාම්පල ද පරීක්ෂාවට ලක් කරන ලදී.

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම රජයේ නියෝගයෙන් කෙටිකාලීනව අත්හිටුවීමෙන් පසුව, බලධාරීන් දැන් කොන්දේසි යටතේ ගෑස් බෙදා හැරීමට අවසර දී ඇත.

    ඉන්දු-ලංකා විදේශ ඇමතිවරු අබුඩාබිහිදී සාකච්ඡාවක

    0

    අබුඩාබි නුවර පැවැත්වෙන 5 වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා පැවැත්වූහ.

    ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික කටයුතු මෙන්ම පුද්ගලාන්තර මුලපිරීම් කලාපීය සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම් යනාදී ප්‍රධාන විෂය කරුණු මෙම සාකච්ඡාව තුළ අන්තර්ගත විය.

    අන්තවාදී ප්‍රහාරයට ලක්වූ ප්‍රියන්ත වෙනුවෙන් විරෝධතා

    0

    පාකිස්තානයේ අන්තවාදීන් පිරිසක් විසින් සිදුකල ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය හෙලා දකිමින් කොළඹ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය අසල අද විරෝධතාවක් පැවති අයුරු.

    රටටම විදුලිය බිඳවැටීමේ සැකයට තුඩු දෙන හේතු රැසක් ලංවිම ලොක්කෝ හෙළිකරති

    0

    රටපුරා එකවර විදුලි විසන්ධි වීම ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව සැක කළ හැකි බොහෝ සාධක තිබෙන බව ලංකා විදුලි මණ්ඩලයේ ජේෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය එච් එම් විජේකෝන් මහතා පැවසීය .

    කිසිදු කාලගුණ විපර්යාසයක් සිදු නොවූ දින දෙකක එක ළඟ විදුලි බිදවැටීම් සිදුවූ බවද එම නිසා ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කළ යුතු බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජේකෝන් මහතා කීය.

    එම සාධාරණ පරීක්ෂණයෙන් පසුව එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව තහවුරු වුවහොත් එම පිරිසට එරෙහිව උපරිම දඬුවම් ලබාදිය යුතු බවද විජේකෝන් මහතා සඳහන් කළේය.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ළඟම ලංවිම ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසූයේ එකවර දිවයිනටම විදුලිය විසන්ධි වූ පසුව විනාඩි 40ක් තුළ අවශ්‍ය තාක්ෂණික පියවර ගත්තේ නම් නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීම නතර කර ගැනීමට තිබූ බවය.

    එහෙත් එවැන්නක් සිදු නොකර නොරොච්චෝල ගල්අඟුරු ගල් අඟුරු බලාගාරයද බිඳ වැටීමට සැලැස්වීම තවත් සැකයට තුඩු දෙන බවද නන්දික පතිරගේ මහතා කීය.

    විදුලිය බිඳ වැටීම නිසා සිදු වූ හානිය කෝටි ගාණක් වන අතර ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ බව ද හෙතෙම සඳහන් කළේය.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමණාකාරිත්වයේ තනතුරු දරන නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    දියවැලට ගසාගෙන ගිය තරුණයින් තිදෙනෙකුගේ සිරුරු හමුවේ

    0

    මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී අතුරුදන්ව සිටි තරුණයින් තිදෙනෙකුගේ සිරුරු අද (06) උදෑසන වන විට නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.

    වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් තිදෙනා දියවැලට ගසාගෙන ගොස් අතුරුදන් වූයේ ඊයේ (05) සවස් කාලයේදීය.

    නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් විසින් ඒ එක්තරුණයෙකුගේ සිරුරක් ඊයේ සවස් කාලයේදීම සොයාගත් අතර සෙසු දෙදෙනාගේ සිරුරු සොයා ගන්නේ අද උදෑසනය.

    ශිවලිංගම් ෂකිලන් (26) , මනෝහරන් දනුෂන් (27) සහ විජය කුමාර් දර්ශන් (26) යන තරුණයින් තිදෙනා මෙසේ මියගොස් තිබේ.

    අධිකාරියේ තීන්දුවලට ගෑස් සමාගම් එකඟවිය යුතුයි

    0

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා තීන්දුවලට ගෑස් සමාගම් අනිවාර්යයෙන් එකඟවිය යුතු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ගෑස් පුපුරා යෑම සම්බන්ධ ගැටළුවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් ඉතාම වටිනා තීන්දු තීරණ රාශියක් මේ වනවිටත් ගෙන තිබෙන බව හෙතම සඳහන් කළේය.

    එම ඇතැම් තීන්දු දැනටමත් ක්‍රියාත්මක කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදි සම්පූර්ණ වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මහින්ද -රාජිත -පාඨලී කතාබහක (🎥)

    0

    පාර්ලිමේන්තු පරිශ්‍රයේ විරෝධතාවක නිරතවීමට සැළසුම් කරමින් සිටි රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ ඉමිතියාස් බාකිර් මාකාර් ඇතුළු පිරිසක් හමුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) පෙරවරුවේ අතීත ආවර්ජනයක නිරත වී තිබේ.

    “කෝ.. විරෝධතාවට මන්ත්‍රීවරු මදිනේ..” යැයි කී අග්‍රාමාත්‍යවරයා “මතක නේ.. අපි ඉස්සර කොහොමද මේ වගේ විරෝධතා කළේ…” යැයි මන්ත්‍රී රාජිත සහ පාඨලී දෙස බලමින් ප්‍රකාශ කර ඇත.

    එහි දී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද අතීත දේශපාලන සටන් පිළිබඳ සිහිපත් කර තිබේ. සමගි ජනබලවේගය සිය ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලමින් අද දින පාර්ලිමේන්තුවේ විරෝධතාවයක නිරත වූයේය.

    බැදුම්කර නඩුවේ චෝදනා 22 න් 11 කින් රවී නිදහස්

    0

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ මාර්තු මස 31 වනදා නිකුත් කළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි ගොනු කළ චෝදනා 22 න් 11 කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස්  ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නිදහස් කළේය.

    ඒ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එම චෝදනා 11 විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණය හමුවේ කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමිනි.

    අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැදවනු ලැබීය

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනාවලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවය.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

    නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට ඒ අනුව අධිකරණය නියම කළේය.

    සජබය මැතිසබෙන් එළියට ඇවිත් කරන දේ

    0

    සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කරමින් වැයශීර්ෂ විවාදයට සහභාගි නොවී මැතිසබෙන් පිටත පාර්ලිමේන්තු පරිශ්‍රයේ විරෝධතාවක නිරත වෙති.

    ඒ අතරතුර මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සජබය මෙලෙස විවාදය මඟහැර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කලින් දැරූ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනෙන බැවින් අද ඔහු විසින් පෙර කළ සියලු වංචා හෙළිවන නිසා බවය.

    අද විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

    “සජබය යූඑන්පීය මේ කරන දේ අලුත් දෙයක් නෙවෙයි. ඊටත් වැඩිය මම දකින්නේ නිවාස අමාත්‍යංශ විවාදය. විපක්ෂ නායකතුමා කරපු වංචාවල් ඔක්කොම සම්පුර්ණයෙන්ම අද එළිවෙනවා. ඒ නිසා ඉතාමත්ම උපක්‍රමශීලීව මනුෂ නානායක්කාර නමැති මන්ත්‍රීවරයා කරපු ජරා වැඩේ වහලා, ඔහුට ගහන්න ගියා කියලා ඒක යටපත් කරලා, වෙන දෙයක් වෙන්න පෙන්නලා හිමීට මාරු වෙච්ච තමයි කළේ පැනලා එක තමයි කලේ. අනුර දිසානායක මැතිතුමා කියපු විදියට මේක හොයන්න මන්ත්‍රී කණ්ඩායමක් දාන එකේ වැඩක් නෑ. ඒක එතුමම කියපු එක හොඳයි. එක්කෝ තනියම කරන්න ඕන. තනියම දැම්මහම ඒකනෙ දෙපැත්තේ අය නෑ කියලා වෙන අදහසක් ඉදිරිපත් වෙනවා. මේ ගැන හොයල බලල තීන්දුවක් අරගන්න කියලා මම ඉල්ලනවා.”

    සජබ පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමේ තීන්දුව අද

    0

    තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු සැසි සදහා සහභාගි වනවාද නැද්ද යන්න කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ අද (6) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා newswaveLK වෙත පැවසීය.

    අයවැය විවාදය අතරතුර දී තමාට කතා කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබානොදෙන බව මනූෂ නානායක්කාර (ස.ජ.බ) පැවසීමත් සමඟ පෙරේදා (4) පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

    එම අවස්ථාවෙදී ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු හා රාජ්‍ය අමාත්‍යවරයකු තමාට පහරදීමට උත්සහ ගත්බව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතුරු පාර්ලිමේන්තුවට නොපැමිනෙන බව පවසමින් සමඟි ජන බල වේගයේ මන්ත්‍රීවරුන් 4 වැනිදා සභාගැබෙන් පිටව ගියෝය.

    ප්‍රියන්තගේ දේහය ලාහෝර් ගුවන්තොටට

    0

    සියල්කොට්හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ දේහය කොළඹට රැගෙන ඒම සඳහා ලාහෝර් ගුවන් තොටුපළ වෙත රැගෙන යාම අද පෙරවරුවේ සිදුකරන බව පකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් දේහය මෙරටට රැගෙන ඒමට නියමිතය.

    මෙතරම් කෙටි කාලයක් තුළ මෙම ස්ථාන මාරුව සිදු කිරීමට පකිස්තාන රජය සහ පන්ජාබ් පළාත් ආණ්ඩුකාරවරයාගේ නොමද සහය අගය කරන බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කළේය.

    මහවැලි ගඟේ පස් දෙනෙක් ගිලෙති – දෙදෙනෙක් බේරා ගැනේ

    0

    පේරාදෙණිය, කලුගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනාමින් සිටි පස් දෙනෙකු ඊයේ (05) සවස දියේ ගිලී තිබේ.

    ඒ අයගෙන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇති අතර එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත. 20 හැවිරිදි මවක් සහ එම මවගේ 02 හැවිරිදි දරුවා අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

    මියගොස් ඇත්තේ, 20 හැවිරිදි මහනුවර මාපනාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අතුරුදන් වු අය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අද දිනයේත් මෙහෙයුම් කටයුතු සිදුකරන බව පොලීසිය පවසයි.

    මැතිසබේ වෙච්ච අවුල් ගැන හොයන්න කමිටුවක්

    0

    පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

    ඒ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ වාර්තා වූ නොසන්සුන්කාරී සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සඳහා ය.

    එම සිද්ධීන් හේතුවෙන් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් මැති සබේ කටයුතුවලට සහභාගි නොවී පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටිති.

    පරණ යොන් වීදියේදී ෆවාස් මැරූ ඝාතකයෝ සියල්ල වමාරයි

    0

    කෙසෙල්වත්ත පරණ යොන් වීදියේදී “ෆවාස්“ නැමැති පුද්ගලයාව කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙක් ඝාතනයට යොදාගත් කඩු සහ මන්නා 04 ක් සහ ඔවුන් එම ඝාතනයෙන් පසු පළා යාමට යොදාගත් මෝටර් රථයක්ද සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මොහොමඩ් කාමිල් මොහොමඩ් ෆවාස් නොහොත් ෆවාස් නැමැති පුද්ගලයා ඝාතනය වන්නේ පෙරේදා (04) රාත්‍රී කාලයේදීය. ඔහුද කෙසෙල්වත්තේ දිනුකගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

    සිය ගෝලබාලයින් යොදා කොන්ත්‍රාත් මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම් සහ කප්පම් ගැනීම්වල නිරත වෙමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ ඩුබායි හී රැදී සිටි දිනුක එරටදී මිය යන්නේ මෑතකදීය. ඔහුගේ මරණින් පසු කල්ලියේ නායකත්වයට ගැටුම් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    ඝාතනයට ලක්වූ ෆවාස් කල්ලියේ නායකයා වීමට උත්සහ දරමින් මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට නියනකින් පහරදී ඝාතනය කිරීමට බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා නිදහස ලබා ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම ඝතනයට බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ බිරිද වෙනත් පුද්ගලයෙක් සමඟ ජීවත්වීමට පටන්ගෙන ඇති බවත් බිරිඳව ඝාතනය කිරීමටද ඔහු පසුගිය දිනවල උත්සහයකද නිරතව ඇති බවටද තොරතුරු ලැබී ඇත.

    ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව කෙසෙල්වත්තේ පිහිටි වෙළද සැල්වලින් කප්පම් ගැනීමටත් අවන්හල්වලින් ආහාර ගෙන මුදල් නොගෙවීමටත් පෙළඹි ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් පොලීසියට විටෙන් විට දැනුම් දී තිබී ඇති අතර පොලීසිය ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා යම් විමර්ශනයක නිරතව සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.

    කපා කොටා ඔහුව ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඔහුව ඝාතනය කිරීමේ උථ්සහයක්ද තිබී ඇත. ඒ ගැන ෆවාස් විසින් මිය යාමට දින දෙකකට පමණ පෙර පොලීසිය දැනුවත්කර තිබී ඇති බවටද තොරතුරු විමර්ශනයේදී හෙළිවී තිබේ.

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 116කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 06.12.2021

    විදුලිබල ඉංජිනේරුවන් සහ ජනපති අතර හමුවක්

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ කොළඹ දී පැවැත්වේ.

    ජනාධිපතිවරයා හා ඉංජිනේරු සංගමයේ එම සාකච්ඡාව කොළඹ ජනාධිපති කාර්යාලයේ දී හෙට පස්වරු 2ට පමණ පැවැත්වෙන බවද ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.

    යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව එහිදී ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයාට කරුණු දක්වන බවද සඳහන් කළේය.

    යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය විකිණීමට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය ඉකුත් සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් ඉකුත් සිකුරාදා සිට එම ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළේය .

    ප්‍රියන්තගේ දේහය රජයේ වියදමින් දිවයිනට – විමර්ශන වාර්තාවත් ඉල්ලයි

    0

    පසුගියදා පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ හෙට (6) වැනිදා රජයේ වියදමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වන බව විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත.

    ඒ අනුව එම අවශේෂ කොටස් මියගිය ප්‍රියන්තගේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතව තිබේ.

    ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.

    විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ මේ වන විට සාකච්ඡාවල නිරතව සිටින බවද විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය සදහන් වේ.

    නත්තල් තෑග්ගට තුවක්කුවට වෙඩි උණ්ඩ ඉල්ලු ඇමරිකානු දේශපාලනඥයා

    0

    ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයෙකු සහ සිය පවුලේ සමාජිකයින් ගිණි අවි අතැතිව සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් නත්තල් සුබ පැතුම් එක් කිරීමට සමාජ ජලා මාධ්‍ය වල පළකරීමත් සමඟ එරට ජනතාව අතර දැඩි කතා බහක් නිර්මාණය වී ඇත.

    ඇමරිකාවේ කෙන්ටකී නියෝජනය කරන තෝමස් මසී නැමති එම කොන්ග්‍රස් සභිකයා මෙම ඡායාරූප පළ කර ඇත්තේ “සුබ නතත්තලක්, නත්තල් සියේ අපිට උණ්ඩ ගෙන එන්න” යනුවෙන් සඳහන් කරමිනි.

    මෙම ඡායාරූපය පළ කිරීමට දින කිහිපයකට පෙර ඇමරිකවේ මිචිගන් හී පාසලක සිසුවෙකු විසින් වෙඩි තැබීමක් සිසුන් සිව්දෙනෙකු මරණට පත්වීමත් සමස්ථ රටේම අවධානය දිනාගෙන ඇති මොහොතකය.

    ඇමරිකානු නීතිය අනුව සිවිල් වැසියන්ට ගිණි අවියක් ලඟ තබා ගැනීමට හැකියාව පවතින අතර එරට නීතිය අනුව පූර්ණ ස්ව්‍යංක්‍රීය ගිනි අවි සිවිල් වැසියන්ට ලඟතබා ගැනීමට නොහැකි වුවත් ඊට බොහොසෙයින් සමාන අර්ථ ස්ව්‍යංක්‍රිය ගිණි අවි ලඟ තබා ගැනීමට අවස්ථාව හිමිවේ.

    රටක ජනගහනයට සාපේක්ෂව වැඩියෙන්ම ගිනි අවි පවතින්නේ ඇමරිකා එක්සත් ජනපද තුල වන අතර මේවන විට එරට තුල ගිනි අවි වලට විරෝධීව හඬක් නැගෙමින් පවතී.

    කෙසේ වෙතත් එරට බොහොමයක් දේශපාලඥයින් ගිනි අවි ලඟ තබා ගැනීමට සහ පළකරමින් සිය දේශ පාලන කටයුතු මෙහෙයවන අතර ඇතැමුන් සිය මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී ප්‍රසිද්ධිය ගිනි අවි අතැතිව සිටීමටද පෙළෙඹුණු අවස්ථා වාර්තා වේ.

    විදුලි විසන්ධි වීම් වෙන්න පුළුවන් – ලංවිම

    0

    නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරය බිඳවැටීම හේතුවෙන් දිනකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය අද පවසා තිබේ.

    නොරෙච්චෝලේ බලාගාරය ඉකුත් සිකුරාදා ජාන කටයුතු නතර කළ හෙයින් ජාතික විදුලිබල විදුලිබල පද්ධතියට මෙගාවොට් 600 ක ධාරිතාවක් අහිමි වන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    නොරෙච්චෝලේ බලාගාරය යළි ජනන කටයුතු ආරම්භ කරන තෙක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    තව දින දෙකකින් පමණ නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කිරීමෙන් පසු විදුලි විසන්ධි වීම් නගර කරනු ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන්සේවය මාලදිවයින් ගැන් දූපත වෙත යළි ගුවන්ගමන් අරඹයි

    0

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපතෙහි Addu Atoll වෙත නැවත වරක් ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඒ අනුව ඊයේ (4) දින සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සතිපතා ගැන් දුපත වෙත මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. UL119 යටතේ ගුවන් යානය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10:40 ට කොළඹ සිට ගැන් දක්වා පිටත් වන අතර, එය එදිනම පස්වරු 13:05 ට Gan සිට ආපසු කොළඹ බලා පැමිණෙනු ඇත.

    Gan offers a distinct, ofGan දුපත සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දෙන අතර මාල දිවයිනේ ප්‍රසිද්ධ සුදු වැලි වෙරළ පමණක් නොව, සශ්‍රික හරිත පිරිසරය සහ දේශීය සංස්කෘතිය අත්විඳීමට ද සංචාරකයින්ට අවස්ථාව උදා වනු ඇත. එසේම සංචාරකයින්ට මසුන් ඇල්ලීමේ චාරිකා වලට අමතරව මාල දිවයිනේ අසල්වැසි දූපත් නැරඹීම මෙන්ම Addu Nature Park උද්‍යානයේ සතුන් නරඹීම මෙන්ම විනෝද චාරිකා භුක්ති විඳිය හැකිය. Dolphin cruises; diving, snorkeling; surfing, canoeing, jet skiing, and paddle boarding අත්දැකීම ලබා ගැනීමට ද සංචාරකයින්ට අවස්ථාව උදා වේ. වඩාත් සුඛෝපභෝගී නිකේතනයක් සොයන සංචාරකයින්ට සුඛෝපභෝගී පහසුකම් ලබා ගැනීමට හැකි අතර Gaafu atoll වෙත ද ළඟා විය හැකි වේ.

    2016 වසරේ දෙසැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකන් ගුවන් සේවය Gan දුපත වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළ පළමු සහ එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත් විය. සංචාරකයින්ට සෘජුවම මාලදිවයිනට පියාසර කිරීමට හැකි වූ අතර මාලේ හරහා ගමන් කරන්නේ නම් වියදම් කරන කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටද ඉඩ සැලසිනි. Male සහ Gan යනු යුරෝපය, මැදපෙරදිග සහ ඈත පෙරදිග සිට සුඛෝපභෝගී නිවාඩු ගත කිරීමට පැමිණෙන්නන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලයේ වඩාත්ම ප්‍රසිද්ධම නිවාඩු ගමනාන්ත දෙකකි. COVD – 19 වසංගතය ආරම්භ වීමත් සමඟ 2020 මාර්තු මාසයේදී Gan වෙත මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට ගුවන් සමාගමට සිදු විය. නමුත් මෙම දෙසැම්බර් මාසයේ දී නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ Gan වෙත සෘජුවම පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් පත් වෙනු ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය, “අපි Gan වෙත මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා වගේම මෙම ගමනාන්තය වෙත නැවත වරක් සෘජුවම පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සංචාරක සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ඉදිරි මාසවල දී මාලදිවයින වෙත ගුවන් ගමන් සඳහා වැඩි ඉල්ලුමක් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වෙනස්ම වූ අත්දැකීමක් සොයන අයට Gan දූපත වඩාත් සුදුසු වේවී.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ලන්ඩනය; ෆ්රැන්ක්ෆර්ට්; පැරිස්; දෝභා; ඩුබායි; දමාමි සිට පැමිණෙන සංචාරකයින් Gan වෙත ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති අතර කොළඹ හරහා පහසු සම්බන්ධතාව ද ලබාගත හැකි වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “පසුගිය වසරේ කාල සීමාව හා සසඳන විට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව ගමනාන්ත හඳුන්වා දෙමින්, පවතින ගමනාන්ත වෙත පියාසර සංඛ්‍යාත වැඩි කරමින් සහ Gan වැනි ගමනාන්ත වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කරමින් ක්‍රමානුකූලව මෙහෙයුම් පුළුල් කරමින් සිටිනවා. මාලදිවයින සැමවිටම ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තයක් වන අතර මාලදිවයිනේ ගමනාන්ත දෙකකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ඒ වගේම වසංගත කාලය තුළ පවා කිසිදු බාධාවකින් තොරව මාලේ වෙත මෙහෙයුම් දිගටම කරගෙන ගිය එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    SriLankan Airlines  Head of World Wide Sales and Distribution Dimuthu Tennakoon

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතත්තා ” Diamond ‘ ප්‍රමිතිය පසුගිය දා හිමි විය. මීට පෙර 2021 ජනවාරියේ දී පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදු කළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදු කළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය ද හිමිවිය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් ටිකට් පත් කාර්යාලවලින් හෝ ඔවුන් කැමති සංචාරක නියෝජිතයා හරහා තම ටිකට්පත් වෙන්කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර +941177719 අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.

    ජාතික ජනබලවේගයේ පළමු සම්මේලනය 20දා

    0

    ජාතික ජනබල වේගයේ පළමු ජාතික මහා සම්මේලනය ලබන 20 වැනිදා පැවැත්වෙන බව එම පක්ෂයේ ප්‍රාකාශකයකු සදහන් කළේය.

    එහෙත් සම්මේලනය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද හෙතම කියා සිටියේය.

    මෙම සමුළුව සදහා විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙකුටද ආරාධනා කර ඇත.

    සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වීමට නියමිතය.

    ඉදිරි ජනාධිපතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීම සදහා වන තම පක්ෂයේ ජාතික සැලැස්ම මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇතැයිද එම ප්‍රකාශකයා newswaveLK වෙත කියා සිටියේය.

    Dell Concept Store මාතරට

    0

    උසස්ම තත්වයේ පරිගණක සහ පරිගණක ආශ‍්‍රිත සියලුම උපාංග ජනතාවට සමීප කරමින් Dell concept store නවතම ප‍්‍රදර්ශනාගාරය Dell – Singer සහ Sell-X එකතුවෙන් මාතර නගරයේදී විවෘත වෙයි.

    දකුණු ලක පළමු Dell Concept Store ලෙස මෙය විවෘතවූයේ දකුණු ලක පරිගණක අලෙවියේ ප‍්‍රමුඛයා වන Sell – X Computers සහ Dell එකමුතුවෙනි.

    Dell Laptop පරිගණක සහ Desktop පරිගණක වල සිට සියලුම පරිගණක උපාංග එකම තැනකින් මිලදී ගැනීමේ අවස්ථාව Dell concept store හරහා උදාකර ඇත්තේ ඉහළම ඩෙල් තාක්ෂණය දකුණු පළාතේ පාරිභෝගික ජනතාව අතට ලබාදෙමිනි. පරිගණක ක‍්‍රීඩා සදහා යොමුවන අය සදහා වෙන්වූ Computer Gaming Corner අත්දැකීමද Dell concept store හි සුවිශේෂී අංගයකි.

    ඩෙල් පරිගණක අලෙවියේ වර්ධනයක් අත්කරදෙමින් හය වැනි Dell Concept Store මාතරට ගෙන ඒමට හැකියාව ලැබීම පරිගණක අලෙවියේ අලුත් පිටුවක් පෙරලන බව Singer Sri Lanka මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා පැවසුවේය.

    ‘‘Singer Sri Lanka සමාගම Dell බෙදාහැරීම ආරම්භ කළ අවස්ථාවේදී අප සමග අත්වැල් බැදගත් මුල් දස දෙනා අතර Sell-X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ සිටිනවා. Dell නිෂ්පාදන සම්බන්ධයෙන් මාතර ප‍්‍රදේශයට අලුත් අත්දැකීමක් ලබාදීමට අපිට හැකියාව ලැබෙනවා තිබෙනවා. Dell – Singer කියන්නේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල වර්ධනයක් ලබාගත් එකමුතුවක්. Dell concept store තුලින් එම වර්ධනය අත්කරගැනීමට රුකුලක් ලැබුණා’’ ජගත් පෙරේරා සදහන් කළේය.

    ලංකාවේ අංක එකේ සන්නාමය ලෙස Singer Sri Lanka වසර ගණනාවක් අඛණ්ඩව පිදුම් ලබන විට අංක එකේ පරිගණක සන්නාමය වූ Dell සන්නාමය Sell – X සමග එක්වී Dell නිශ්පාදන පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරමින් සිටින බව Singer Sri Lanka ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු ජයන්ත පෙරේරා පැවසුවේය.

    ‘‘අද සිංගර් ශ‍්‍රී ලංකා සමාගමටත් ඩෙල් ආයතයටත් විශේෂ දවසක්. ඒ ලංකාව පුරා Dell concept store හරහා අලුත්ම තාක්ෂණය ජනතාවට ලබාදෙමින් යන මේ ගමනේ දකුණුලකට පැමිණිමට හැකියාව ලැබිම නිසා. Sell-X සමග එක්ව සාමාන්‍ය පරිගණකයක් අලෙවි කරනවා වෙනුවට සම්පූර්ණ තාක්ෂණ විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා’’ජයන්ත පෙරේරා සදහන් කළේය.

    2003 වසරේදී පරිගණක පහකින් ආරම්භ කළ Sell-X ආයතනයට Singer Sri Lanka සහ Dell සමග එක්ව දකුණේ පාරිභෝගිකයින්ට නවීන ඩෙල් තාක්ෂණය හදුන්වාදීමට අවස්ථාව ලැබීම නැවුම් පියවරක් බව Sell-X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ පැවසුවේය.

    ‘‘ලංකාවේ තිබෙන සියලුම පරිගණක සන්නාමවල අංක එක, දෙක, තුන යන ස්ථානවල සිටින අලෙවිකරුවා ලෙස Dell නිශ්පාදන සදහා පමණක් වෙන්වූ ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට අවස්ථාව ලැබීම විශේෂිතයි. නවීන පරිගණක වල සිට භාවිතා කළ පරිගණක දක්වාත්, සියලුම දෘඩාංග විසදුම් ලබාදීම කටයුතු කරන අප ලංකාව පුරාම ක‍්‍රියාත්මක ජාලයක් පවත්වාගෙන යන්නේ හොදම පරිගණක විසදුම් පාරිභෝගිකයා අතට පත් කිරීමටයි’’ සමීර බෝපගේ සදහන් කළේය.

    “ආගමික අන්තවාදී- ත්‍රස්තවාදී තර්ජන මඬින්න කලාපයේ රටවල් එක්විය යුතුයි” – ජනපති

    0

    ඉන්දියානු සාගර කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහි ව සටන් කිරීමට කලාපයේ සියලු රටවල සම්බන්ධීකරණයක අවශ්‍යතාව ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

    ඒවා ප්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නො කළ හොත්, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බව හෙතෙම පැවසීය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධි ක්‍රියාකාරකම්වල ස්ථානය බව ද පිළිගත යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම කලාපයේ රටවලට සැලකිය යුතු ගැටලුවක් ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඬපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන් බවද පැවසීය.

    වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලු දෙනා සහයෝගයෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ජීවිත අතිවිශාල ගණනාවක් බේරා ගැනීමේ කටයුත්ත මිල කළ නොහැකි වුව ද, වසංගතයට එරෙහි ව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදු විය.

    ආර්ථික ක්‍රියාකාරකම්වල ද සීඝ්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කර ඇති බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම අභියෝගය ජයගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන සහයෝගය මත පමණක් බව ද කියා සිටියේය.

    සෑම පුරවැසියෙකු ම එන්නත් කරන තුරු කොවිඩ් – 19 අවසන් නොවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් හා එසේ කිරීමට හැකියාව ඇති සියලු ජාතීන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද පැවසීය.

    ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය හා සලකා බලන කල, රටවලට ඔවුන්ගේ ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිදු ගෝලීය ආයතනයක් ඉදිරිපත් වී නොමැත. වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එක සේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරා ගැනීමට සිදු ව තිබේ.

    දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක් වී ඇති ආර්ථිකයක් සහිත රාජ්‍යයන්ට පවතින තත්ත්වය ඉතා දුෂ්කර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතයෙන් පසු බලවත් පරිශ්‍රමයක් දරන දුප්පත් රටවල ණය ගෙවීම සඳහා සමාව දීමට, ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාලසීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන් ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කෙරෙනු ඇති බව ද පැවසීය.

    වසංගතය අත්දැකීම් අනුව එක රටක ඇති අහිතකර තත්ත්වයන් සීඝ්‍රයෙන් පුළුල් වූ කලාපයකටත් අවසානයේ මුළු ලෝකයටත් බලපෑම් ඇති කළ හැකි ය. වසංගතය, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලු විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්තයක් වශයෙන් ලෝකය ම එක් ව කටයුතු කළ යුත්තේ එබැවිනි. පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කර ම අභියෝගයක් විය හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    X-Press පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නො වේ. MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න සාමූහික පරිශ්‍රමයකින් සාර්ථකව මැඬපැවැත්වීය. මෙම සිදුවීම් දෙක ම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය, සාගර ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාව බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    නව ආම්පන්න සහිත යාත්‍රා මඟින් අනන්‍ය ආර්ථික කලාපයෙන් බැහැර සීමාවන්වල මසුන් ඇල්ලීම (පන්න කිරීම) කලාපයේ පවතින සැලකිය යුතු ගැටලුවකි. එමඟින් දේශීය අනන්‍ය ආර්ථික කලාපයේ මසුන් ඇල්ලීම මත යැපෙන දුප්පත් ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වේ. අනාගතයේදී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්‍යතාව පවත්වා ගැනීම සඳහා එවැනි ගැටලු අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා තිරසරභාවය සම්බන්ධ එවැනි ගැටලු සම්බන්ධීකරණයට කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ද යෝජනා කළේය.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේදී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයයේ සුරක්ෂිතතාව හා සාම්ප්‍රදායික නො වන අභියෝග” පිළිබඳ සංවාදයට ගනු ලැබී ය.

    “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් මෙවර සමුළුව පැවැත්වේ.

    ඉන්දියන් සාගරය හරහා බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් වෙනුවෙන් වේදිකාවක් ලෙස ක්‍රියා කළ හැකි ඵලදායී සාකච්ජාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා මඟ පෙන්වූ බවත්, සාගරයේ සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අපගේ අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමත් පරිසර දූෂණය හේතුවෙන් දැනටමත් සිදු වී ඇති හානි අවම කිරීමටත්, අප අද ම ක්‍රියාත්මක විය යුතු බවත් ඔමාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සායිඩ් බාඩ්ර් බින් හමාඩි බින් හමූඩ් අල් බුසයිඩි මහතා සමුළුවේ විශේෂ දේශනය සිදු කරමින් පැවසීය.

    වැඩිපුර වගකීම් දැරීමට, වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට, ප්‍රමුඛතාවය දීමට ඉන්දියානු සාගර ජාතීන්ට අද සිදු ව තිබේ. කොවිඩ් වසංගතය නිසා බලපෑමට පත් ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීමට වග වීම, පිළිගැනීම තුළින් කඩිනම් නව සාමාන්‍යකරණයකට යා යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් සඳහන් කළේය.

    රටවල් 18ක විදේශ අමාත්‍යවරු, රටවල් 40කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ දෙසීයකට අධික පිරිසක් සමුළුවට සහභාගී වී සිටිති.

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර තව පරක්කු වෙයි

    0

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙන්වීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කෘෂිකාර්ම අමාත්‍යංශය අවධාරණය කරයි.

    නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙන්වන නියෝජිතයා ගිවිසුම්ගතවූ පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මෙම ගැටලුකාරි තත්ත්වය උද්ගතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

    කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයටකට එළැඹෙන බව කෘෂිකාර්ම අමාත්‍යාංශය newawaveLk කළ විමසීමක දී සඳහන් කළේය.

    එමෙන්ම මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සෘජුව මැදිහත්වී ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි, අමාත්‍යාංශය පොහොර ලේකම් කාර්යාලයට හා රජයේ පොහොර සමාගම් වෙත දැනුම් දී තිබේ.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05

    0
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත‍්‍රස්තවාදී ග්‍රහණයෙන් යාපනය බලකොටුව අත්පත් කරගත්තේ 1995 දෙසැම්බර් 05 වන දිනයි
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත‍්‍රස්තවාදී ග්‍රහණයෙන් යාපනය බලකොටුව අත්පත් කරගත්තේ 1995 දෙසැම්බර් 05 වන දිනයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත‍්‍රස්තවාදී ග්‍රහණයෙන් යාපනය බලකොටුව අත්පත් කරගත්තේ 1995 දෙසැම්බර් 05 වන දිනයි

    සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ යළි ඇරඹේ

    0

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ මෙහෙයුම් දෙසැම්බර් 07 වැනිදා යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා තිබේ.

    නොවැම්බර් 15 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයකට තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගෙන තිබුණි.

    එම කාලය සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය සපයා ගැනීමට හැකි බැවින් රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සීමිත විදේශ සංචිත කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් බැවින් මෙම තීරණයට එළැඹි බව නොවැම්බර් මාසයේ තීරණය ප්‍රකාශයට පත් කරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05

    0
    සිංහල ගීත ක්ෂේත‍්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ පණ්ඩිත් අමරදේවයන් උපත ලැබුවේ 1927 දෙසැම්බර් 05 වන දිනයි
    සිංහල ගීත ක්ෂේත‍්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ පණ්ඩිත් අමරදේවයන් උපත ලැබුවේ 1927 දෙසැම්බර් 05 වන දිනයි

    සිංහල ගීත ක්ෂේත‍්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ පණ්ඩිත් අමරදේවයන් උපත ලැබුවේ 1927 දෙසැම්බර් 05 වන දිනයි

    ගෑස් පිපිරුම්වලට වන්දි ඉල්ලා නඩු දාන්න යයි

    0

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාලයේ ගෑස් ටැංකි පුපුරා යෑමෙන් සිදුවූ අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබදීම සදහා අධිකරණය හමුවේ නඩු පවරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

    ලබන සතියේ මෙම නඩු පැවරීමි සිදු කරන බවත් අනතුරු සම්බන්ධ තොරතුරු මේවනවිට ලබාගනිමින් සිටින බවත් ඔහු සදහන් කළේය.

    එමෙන්ම නඩු පැවරීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බවද රංජිත් විතානගේ මහතා පැවසී