fbpx
තවත්

    Dell Concept Store මාතරට

    උසස්ම තත්වයේ පරිගණක සහ පරිගණක ආශ‍්‍රිත සියලුම උපාංග ජනතාවට සමීප කරමින් Dell concept store නවතම ප‍්‍රදර්ශනාගාරය Dell – Singer සහ Sell-X එකතුවෙන් මාතර නගරයේදී විවෘත වෙයි.

    දකුණු ලක පළමු Dell Concept Store ලෙස මෙය විවෘතවූයේ දකුණු ලක පරිගණක අලෙවියේ ප‍්‍රමුඛයා වන Sell – X Computers සහ Dell එකමුතුවෙනි.

    Dell Laptop පරිගණක සහ Desktop පරිගණක වල සිට සියලුම පරිගණක උපාංග එකම තැනකින් මිලදී ගැනීමේ අවස්ථාව Dell concept store හරහා උදාකර ඇත්තේ ඉහළම ඩෙල් තාක්ෂණය දකුණු පළාතේ පාරිභෝගික ජනතාව අතට ලබාදෙමිනි. පරිගණක ක‍්‍රීඩා සදහා යොමුවන අය සදහා වෙන්වූ Computer Gaming Corner අත්දැකීමද Dell concept store හි සුවිශේෂී අංගයකි.

    ඩෙල් පරිගණක අලෙවියේ වර්ධනයක් අත්කරදෙමින් හය වැනි Dell Concept Store මාතරට ගෙන ඒමට හැකියාව ලැබීම පරිගණක අලෙවියේ අලුත් පිටුවක් පෙරලන බව Singer Sri Lanka මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා පැවසුවේය.

    ‘‘Singer Sri Lanka සමාගම Dell බෙදාහැරීම ආරම්භ කළ අවස්ථාවේදී අප සමග අත්වැල් බැදගත් මුල් දස දෙනා අතර Sell-X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ සිටිනවා. Dell නිෂ්පාදන සම්බන්ධයෙන් මාතර ප‍්‍රදේශයට අලුත් අත්දැකීමක් ලබාදීමට අපිට හැකියාව ලැබෙනවා තිබෙනවා. Dell – Singer කියන්නේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල වර්ධනයක් ලබාගත් එකමුතුවක්. Dell concept store තුලින් එම වර්ධනය අත්කරගැනීමට රුකුලක් ලැබුණා’’ ජගත් පෙරේරා සදහන් කළේය.

    ලංකාවේ අංක එකේ සන්නාමය ලෙස Singer Sri Lanka වසර ගණනාවක් අඛණ්ඩව පිදුම් ලබන විට අංක එකේ පරිගණක සන්නාමය වූ Dell සන්නාමය Sell – X සමග එක්වී Dell නිශ්පාදන පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරමින් සිටින බව Singer Sri Lanka ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු ජයන්ත පෙරේරා පැවසුවේය.

    ‘‘අද සිංගර් ශ‍්‍රී ලංකා සමාගමටත් ඩෙල් ආයතයටත් විශේෂ දවසක්. ඒ ලංකාව පුරා Dell concept store හරහා අලුත්ම තාක්ෂණය ජනතාවට ලබාදෙමින් යන මේ ගමනේ දකුණුලකට පැමිණිමට හැකියාව ලැබිම නිසා. Sell-X සමග එක්ව සාමාන්‍ය පරිගණකයක් අලෙවි කරනවා වෙනුවට සම්පූර්ණ තාක්ෂණ විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා’’ජයන්ත පෙරේරා සදහන් කළේය.

    2003 වසරේදී පරිගණක පහකින් ආරම්භ කළ Sell-X ආයතනයට Singer Sri Lanka සහ Dell සමග එක්ව දකුණේ පාරිභෝගිකයින්ට නවීන ඩෙල් තාක්ෂණය හදුන්වාදීමට අවස්ථාව ලැබීම නැවුම් පියවරක් බව Sell-X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ පැවසුවේය.

    ‘‘ලංකාවේ තිබෙන සියලුම පරිගණක සන්නාමවල අංක එක, දෙක, තුන යන ස්ථානවල සිටින අලෙවිකරුවා ලෙස Dell නිශ්පාදන සදහා පමණක් වෙන්වූ ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට අවස්ථාව ලැබීම විශේෂිතයි. නවීන පරිගණක වල සිට භාවිතා කළ පරිගණක දක්වාත්, සියලුම දෘඩාංග විසදුම් ලබාදීම කටයුතු කරන අප ලංකාව පුරාම ක‍්‍රියාත්මක ජාලයක් පවත්වාගෙන යන්නේ හොදම පරිගණක විසදුම් පාරිභෝගිකයා අතට පත් කිරීමටයි’’ සමීර බෝපගේ සදහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.