fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පරණ යොන් වීදියේදී ෆවාස් මැරූ ඝාතකයෝ සියල්ල වමාරයි

    පරණ යොන් වීදියේදී ෆවාස් මැරූ ඝාතකයෝ සියල්ල වමාරයි

    කෙසෙල්වත්ත පරණ යොන් වීදියේදී “ෆවාස්“ නැමැති පුද්ගලයාව කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙක් ඝාතනයට යොදාගත් කඩු සහ මන්නා 04 ක් සහ ඔවුන් එම ඝාතනයෙන් පසු පළා යාමට යොදාගත් මෝටර් රථයක්ද සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මොහොමඩ් කාමිල් මොහොමඩ් ෆවාස් නොහොත් ෆවාස් නැමැති පුද්ගලයා ඝාතනය වන්නේ පෙරේදා (04) රාත්‍රී කාලයේදීය. ඔහුද කෙසෙල්වත්තේ දිනුකගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

    සිය ගෝලබාලයින් යොදා කොන්ත්‍රාත් මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම් සහ කප්පම් ගැනීම්වල නිරත වෙමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ ඩුබායි හී රැදී සිටි දිනුක එරටදී මිය යන්නේ මෑතකදීය. ඔහුගේ මරණින් පසු කල්ලියේ නායකත්වයට ගැටුම් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    ඝාතනයට ලක්වූ ෆවාස් කල්ලියේ නායකයා වීමට උත්සහ දරමින් මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට නියනකින් පහරදී ඝාතනය කිරීමට බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා නිදහස ලබා ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම ඝතනයට බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ බිරිද වෙනත් පුද්ගලයෙක් සමඟ ජීවත්වීමට පටන්ගෙන ඇති බවත් බිරිඳව ඝාතනය කිරීමටද ඔහු පසුගිය දිනවල උත්සහයකද නිරතව ඇති බවටද තොරතුරු ලැබී ඇත.

    ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව කෙසෙල්වත්තේ පිහිටි වෙළද සැල්වලින් කප්පම් ගැනීමටත් අවන්හල්වලින් ආහාර ගෙන මුදල් නොගෙවීමටත් පෙළඹි ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් පොලීසියට විටෙන් විට දැනුම් දී තිබී ඇති අතර පොලීසිය ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා යම් විමර්ශනයක නිරතව සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.

    කපා කොටා ඔහුව ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඔහුව ඝාතනය කිරීමේ උථ්සහයක්ද තිබී ඇත. ඒ ගැන ෆවාස් විසින් මිය යාමට දින දෙකකට පමණ පෙර පොලීසිය දැනුවත්කර තිබී ඇති බවටද තොරතුරු විමර්ශනයේදී හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.