තවත්

    ජනපතිගේත් හද කම්පා කළ සද්දන්තයාගේ නික්මයාම

    0

    සුවහසක් ලාංකිකයන්ගේ ගෞරවයටත් ආදාරයටත් පාත්‍රවූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තියා ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිවේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

    “2005 වසරේ සිට මේ දක්වා මහනුවර දළදා පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරවය පෙරදැරි මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාගේ නික්ම යාම අසා මම ඉමහත් සංවේගයට පත් වුණෙමි.

    පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කරමි.” යැයි ද ජනාධිපතිවරයා කියාසිටී.

    “හිටපු කාලේ මොකද කළේ?” – සජබ කාර්යාලය ඉදිරිපිට විරෝධයක්

    0

    සමගි ජන බලවේගය කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට අද පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

    හිටපු රජය බලයේ සිටියදී ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද යන්න දැන ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ඇතුළු පිරිසක් මෙම විරෝධතාවක එක්ව සිටි බව සඳහන් ය.

    කාර්යාල පරිශ්‍රයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එහි නවතා තිබූ වාහනවලද පුවරු සවිකර තිබූ බවයි වාර්තා විය.

    පසුව පිරිස පරිශ්‍රයෙන් විසිර ගිය බව ද සඳහන් වේ.

    පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ 1400ක්

    0

    පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා අද (7)සිට සිසුසැරිය බස්රථ 1,400ක් පමණ යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

    එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියේ ඒ අතර ලංගම බස්රථ 700ක් පමණ වන බවය.

    මේ හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනයට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඔහු සඳහන් කළා.

    ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 130 දක්වා ඉහළට

    0

    ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල නැවත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

    ඒ අනුව අද වන විට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 130 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙසේ බොර තෙල් බැරලයක මිල මෙතරම් ඉහළ අගයක් වාර්ත වී ඇත්තේ 2008 වසරෙන් අනතුරුවය.

    දෙමටගොඩ රුවන්ගේ සහ චමින්දගේ රුපියල් කෝටි 114ක වත්කම් තහනම් – ඒත් එම වත්කම් තාමත් පරිහරණයේ

    0

    පාතාලයේ මත්කුඩු ඡාවාරම්කරුවන් වන දෙමටගොඩ චමින්ද සහ රුවන් නැමැති දෙසොයුරන්ට අයත් රුපියල් කෝටි 114 ක පමණ මුදල් සහ දේපොල තහනම් කිරීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් සහ දේපොළ පිළිබද විමර්ශන කොට්ඨාශය සමත්ව ඇත.

    සොයාගත් මොවුන්ට අයත් වාහන, රන් භාණ්ඩ, මුදල් හැරුණු කොට නිවාස සහ ගොඩනැගිලි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් භුක්ති විදිමින් සිටිති. ඊට හේතුවී ඇත්තේ එම දේපොල සම්බන්ධයෙන් විගනනයක් කිරීමට ඇති බැවින් විගණනය ප්‍රමාදවීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    දෙමටගොඩ පිහිටි ගොඩනැගිලි කිහිපයක් ඔවුන් විවිධ ව්‍යාපාරික ස්තානයන්ට බදුදී තිබෙන බවත් ඇතැම් ගොඩනැගිලිවල ඔවුන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කෙසේ වෙතත් දෙමටගොඩ රුවන්ට සහ චමින්දට අයත් දේපොල රැසක් සොයාගෙන ඇතත් දෙමටගොඩ නගරයේ දෙමටගොඩ පොලීසිය ආසන්නයේ ඇති ඉකුත් ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේදී දේශපාලන කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පොලීසියේම තොරතුරු අනාවරණය කළේය.

    ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ එවන් ගොඩනැගිල්ලක් ගැන තොරතුරු ඇති බවත් යම් විමර්ශනයකින් පසු අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

    පොලීසියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනු ලැබුවේ මේ වන විට නීති විරෝධීව මුදල් උපයන ලද පුද්ගලයින් 1,100 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවය. මේ වන විට එසේ නීති විරෝධීව මුදල් උපයා ඇති බව විමර්ශනවලින් තහවුරු වූ 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවසීය.

    ජාතික උරුමයක් වූ නැඳුන්ගමුවේ රාජා හස්තියා මියයයි

    0

    ඇසල පෙරහරේ ශ්‍රී දළදා වහන්සේ රැගත් කරඬුව ඇතුළු ප්‍රධාන පෙරහර මංගල්‍ය රැසක සදාතුක කරඬු වැඩම වූ සැමගේ ගරු බුහුමන් වලට ප්‍රාප්ත වූ නැදුන් ගමුවේ රාජා හස්තියා අද උදෑසන මිය ගොස් ඇත.

    මිය යන විට රාජාගේ වයස අවුරුදු 69 කි.

    1953 වසරෙහිදී පමණ මයිසූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙක්වන රාජා ජාතික උරුමයක් ලෙස නම්කර සිටියේය.

    රාජා ඇතුළු ඇත් පැටවුන් දෙදෙනෙක්

    ඉන්දියාවේ මයිසූර් මහරාජාගේ ඥාතියෙකුගේ නිදන්ගත රෝගයක් සුවපත් කිරීම හේතුවෙන් ත්‍යාගයක් ලෙස මහරාජාගෙන් පිළියන්දල නීලම්මහර විහාරස්ථානයේ වැඩවාසය කළ දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේ නමකට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනෙකුගෙන් එක් ඇත්පැටවෙක් ලෙස සැළකෙන්නේ නැඳුන්ගමුවේ රාජාය. අනිත් ඇත්පැටවා වන්නේ ගංඟාරාම විහාරස්ථානයේ සිටි නවම් රාජාය.

    අද (07) එන්නත් මධ්‍යස්ථාන 95ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 95 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    වාහනෙන් පාරේ පිස්සු නැටුවොත් දඩ කොළේ ගෙදරට

    0

    මහමාර්ගයේ අනාරක්ෂිත ලෙස රථවාහන හසුරුවන්නන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම මෙරටදී ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33 ක් නිරීක්ෂණය වන සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

    එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සඳහන් වේ.

    ජනතාව හා දේපළවල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාශය මගින් අපරාධයක් සිදු වීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරීක්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ෂණ කටයුතු සඳහා සහභාගි වීම වැනි කාර්යයන් සිදුකරනු ඇති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    කැබිනට්ටුවට එන්නෙ නෑ – වාසු ජනපතිට ලියයි

    0

    අමාත්‍යධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ට සාධාරණය කරනතුරු තමන් යළි කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

    එමෙන්ම තමන් මින් ඉදිරියට ජලසම්පාදන අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමෙන් දිගටම වැළකී සිටින බව ද ඇමතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .

    විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බව නානායක්කාර මහතා හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා පැවති මාධ්‍ය හමුවේදීද ප්‍රකාශ කළේය.

    බඩගින්න වෙනුවෙන් කුණුකොල්ලෙට යන වකුගඩු

    0

    තලේබාන් පාලනයට නතුවීමත් සමඟ දැඩි ආර්ථික සහ සමාජීය අභියෝගයට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානයේ වැසියන් මේ වනවිට සිය ජීවිතය ගැටගසා ගැනීමට වකුගඩු විකිණීම අරඹා ඇති බවට වර්තා වේ.

    ප්‍රංශ පුවත් සේවය විසින් පසුගියදා පළකල නවතම වාර්තාවට අනුව මේවන විට ඇෆ්ගන් වැසියන් සිය බඩගින්න වෙනුවෙන් මෙලෙස වකුගඩු විකිණීම සිදුකිරීම ඉතා සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ.

    ඒ අනුව ප්‍රංශ පුවත් සේවය පළකර විශේෂ වාර්තාව සිංහල බසින් ලෙස මෙලෙස පළකරන්නෙමු.

    ඇෆ්ගනිස්ථානයේ බටහිරින් පිහිටි හේරත් නගරය ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයකට පටබැඳී ඇත්තේ වෙනස්ම නමකි. මෙම ගම්මානය බොහො දෙනෙකෙු හඳුන්වන්නේ “එක් වකුගඩුවක් ඇත්තන්ගේ ගම්මානය” වශයෙනි.  

    අධික දරිද්‍රතාවෙන් පෙළෙන මෙම ගම්මානයේ වැසියන් බොහොමයක් මේවන විටත් සිය වකුගඩු විකුණා අවසන්ය.

    ඇෆගනිස්ථාය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වූයේ නූරුඩ්ඩීන් වැනි ඇෆ්ගන් වැසියන්ටය.
    තලේබාන් සංවිධානය බලයට පැමිණීමට පෙර නූරුඩ්ඩීන් කර්මාන්ත ශාලාවක සේවය කළ අතර පාලන බලය වෙනස් වීමත් සමඟම නූරුඩ්ඩීන්ගේ වැටුප් කපා හැරීමත් සමඟ රැකියාවෙන් ඉවත්වූයේ වැඩි වැටුපක් සහිත රැකියාවක් ලැබෙන ඇතැයි අපේක්ෂාවෙනි.

    කෙසේ වෙතත් නූරුඩ්ඩීන් හට ඔහු බලාපොරොත්තු වූ පරිදි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අතර දහස් ගණනක් වූ රැකියා අහිමි ඇෆ්ගන් වැසියන් අතරට ඔහුද එක්විය.

    මෙම තත්ත්වයත් සමඟ කෙටිකාලීන විසඳුමක් ලෙස සිය වකුගඩුව විකිණීමට ඔහු තීරණ කළේය.

     “මට ඒක මගේ දරුවන්ගේ නාමයෙන් කරන්න වුනා.ඇත්තටම මට වෙනත් මඟත් තිබුනේම නැහැ” යනුවෙන් නූරුඩ්ඩීන් ප්‍රකාශ කළේය.  

    “මම එදා ගත්ත තීරණයට දැන් ගොඩක් දුක්වෙනවා.” යනුවෙන් සිය නිවස ඉදිරිපිට දුර්වර්ණ වූ ඇදුමි සිටි නූරුඩ්ඩීන්ගෙ පැවසීය.

    “මට තවදුරටත් වැඩකරන්න බැහැ. මම විශාල වේදනාවකින් පීඩා විඳිනවා. මට කිසිම බරක් උස්සන්න බැහැ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    මෙම තත්ත්වයත් සමඟ නූරුඩ්ඩීන්ගේ පවුලේ සාමාජිකයින් හට සිය 12 හැවරිදි පුතු විසින් වීදිවල සපත්තු පිස දැමීමෙන් උපයන මුදලින් දිවි ගෙවාගැනීමට ගැනීමට සිදුව තිබේ.  

    නූරුඩ්ඩීන්ගේ ඇතුලු පිරිස විකුණන වකුගඩු සඳහා ලැබෙන්නේ ඇමරිකානු ඩොලර එක්දහස් පන්සීයක් වැනි ඉතාම සුළු මුදලකි.

    කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය තුල වකුගඩු විකිණීම සම්බන්ධයෙන් නිසි තීතිමය තත්ත්වයක් නොමැති අතර ඒ හේතුවෙන් මෙලෙස වකුගඩු විකිණීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ.

    “වකුගඩු ලබාදීමට අදාලව කිසිම නීතියක් නැහැ. ඒ නිසා  ශරීර අංග විකිණීම සම්බන්ධයෙන් කිසිම නියාමනයක් සිදුවෙන්නේ නැහැ. ඒත් ශරීර අංගය පරිත්‍යාග කරන පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍ය කරනවා.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ සේවය කළ ප්‍රමුඛ පෙළ් ශල්‍ය වෛද්‍යවරයකු වන මොහොමඩ් වකිල් මාටින් පැවසීය.

    මේ අතර හේරත් හී වකුගඩු ආශ්‍රීත ශල්‍යකර්ම සිදුකරන වෛද්‍ය මොහොමඩ් බස්සීර් ඔස්මානි පවසන්නේ පරිත්‍යාග කරන්නාගේ කැමැත්ත වකුගඩු ලබාගැනීමට අතිශය වැදගත් බවයි.

    “අපි වකුගඩුව පරිත්‍යාග කරන්නාගෙන් ලිඛිත කැමැත්තක් ලබාගන්නවා. ඒ වගේම අපි පරිත්‍යාග කරන්නා ඊට කැමැත්ත පළකර බවට සානාථ කරන වීඩියෝවක්ද ලබාගන්නවා. ඒත් අපි කිසිම අවස්ථාවක පරිත්‍යාග කරන්නා  හෝ බද්ධ කරන පුද්ගලයා කොහෝ සිට පැමිණි පුද්ගලයෙක්ද කියලා සොයා බැලීමක් කරන්නේ නැහැ. මොකද ඒක අපිට රාජකාරියක් නෙමෙයි.”  යනුවෙන් ඔහු සඳහන් කළේය.

    මෙවැනි නිසි නියාමනයන් නොමැති තත්ත්වයක් හමුවේ මුදල් අවශ්‍ය බොහොමයක් ඇෆ්ගන් වැසියන් තැරැව්කරුවන් හරහා වකුගඩු විකිණීම සිදුකරනු ලබයි. එහිදී තරැව්කරුවන් වකුගඩු අවශ්‍ය ධනවත් රෝගීන් සමඟ සම්බන්ධ වී මෙම වකුගඩු වෙළෙඳාම සිදුකරයි.

    එහිදී වකුගඩු ලබාගන්නා පුද්ගලයා හට රෝහල් ගාස්තු ඇතුලු සියලුම වියදම් සඳහා මුදල් වැය කිරීමට සිදුවේ. මෙහිදී වකුගඩු ලබාගැනීමට පැමිණෙන බහුතරය ඉන්දියානුවන් හා පාකිස්ථානුවන් බවට ද වාර්තාවේ.

    මෙහිදී ප්‍රංශ පුවත් සේවයට හමුවූ අයිසිටා හටද සිය දරුවන් තිදෙනගේ කුසට ආහාරයක් දීමට නොහැකි තත්ත්වයක් උදා වීමත් සමඟ ඇයට ඉතිරිව වූයේද සිය වකුගඩුවක් විකිණීම පමණයි.

    ඒ අනුව ඇය සෘජුව තැරැව්කරුවෙකු හමුවී සිය අවශ්‍යතාවය පැවසා ඇති අතර පසුව ඇමරිකානු ඩොලර් 2700ක වකුගඩුවක් විකිණීමට ඇයට හැකිව තිබේ.

    “මට ඒක කරන්න සිදුවුනා. මගේ සැමියාට රැකියාවක් තිබුනේ නැහැ. අපි විශාල ණය බරකින් දැඩි ලෙස පීඩාවට පත්වෙලයි සිටියේ.”යනුවෙන් ඇය පැවසුවාය.

    මේ අතර මේ වන විට දෛනික වැටුප් ලබන කම්කරුවකු වන අයිසිටාගේ සැමියාද ඇයගත් තීරණයම ගැනීමට අපෙක්ෂා කරයි. ඒ ඔවුන්ට වෙනත් මඟක් පෙනෙන තෙක් මානයක නොමැති නිසාවෙනි.

    මෙම ගම්මානයේ වාසය කරන එකම පවුලක සහෝදරයින් පස්දෙනාම ගතවූ වසර හතරක කාලයේදී වකුගඩුව බැගින් විකුණා ඇත. එහෙත් තවමත් ඔවුන් පීඩා විදින ආර්ථික අර්බුදවලින් මුදා ගැනීමට එය සමත්ව නොමැත.

    “අපි තාවමත් අන්ත දුගී ජීවිතයක් ගත් කරන්නේ“ යනුවෙන් ගුලාම් නෙබී සිය තුවාල කැලල පෙන්වමින් පැවසීය.

    මේ අතර දරුවන් දෙදෙනකුගේ මවක් වූ 19 හැවිරිදි ශකිලා කියාසිටියේ තමන්ද එක් වකුගඩුවක් ඇමරිකානු ඩොලර් 1500කට විකුණා දමා ඇති බවයි. “බඩගින්නත් එක්ක අපිට වෙන කරන්න දෙයක් නැහැ.” යනුවෙන්ද ඇය පැවසුවාය.  

    ශකිලා මෙන්ම තම දරුවන්ගේ බඩකට පිරවීමට වෙර දරන අසිසා තමන්ගේ වකුගඩුව විකිණීමට අවස්ථාව ලැබෙන තෙක් මඟ බලාගෙන හිදින්නියකි.

    “මගේ දරුවන් පාරවල්වල හිඟා කනවා. මම මගේ වකුගඩුව විකුණුවේ නැත්තම් මගේ අවුරුද්දක වයස දුව විකුණන්නයි වෙන්නේ” යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් ඇයි පැවසුවාය.

    මෙලෙස දිගහැරුනේ ජීවිතයම කුණුකොල්ලටය විකිණෙන ඇෆ්ගන් වැසියන් කිහිපදෙනෙකු පිළිබඳ පමණයි. මෙවැනිම තවත් දහස් ගණනක් එරට ජීවිතය යදිමින් ජීවත්වෙනු ඇත.

    තෙල් නැතිදා අල්ලන පන්දම්

    0

    පවතින ඉන්ධන අර්බුධයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් පසුගිය දා (05) වැනිදා රාත්‍රීයේ හලාවත නගරයේදී පවත්වන ලදි.

    සමගි බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට හලාවත නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ද එක්ව සිටියේය.

    පන්දම් දල්වා ගෙන උද්ඝෝෂණයේ නිරත වූ විරෝධතාකරුවන් අනතුරුව නගරය වටා පෙළපාලියක්න් ගමන් කරන ලදි.

    පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර,හලාවත නගරාධිපති තුෂාන් අබේසේකර යන මහත්වරුන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

    පෙට්‍රල් බෝම්බවලින් පහරදෙන හැටි කියාදුන් BBC මාධ්‍යවේදියා

    0

    බීබීසී පුවත්සේවයේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු පෙට්‍රල් බෝම්බවලින් නිවැරැදිව සතුරා ප්‍රහාර එල්ල කරන අයුරු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සෙ පළකර තිබේ.

    ජෙරමි බොවෙන් නැමැති මෙම මාධ්‍යවේදියා බීබීසී පුවත්සේවයේ මැදපෙරදිග සිදුවීම් පිළිබඳ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.

    ඔහු විසින් ඊයේ දිනයේදී සිය නිල ට්විටර් ගිණුමේ පෙට්‍රල් බෝම්බ  රුසියානු හමුදාවන්ගේ යුද ටැංකිවලට සාර්ථකව පහරදෙන අයුරු දැක්වෙන උපදෙස් මාලාවක් පළ කර තිබේ.

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ බටහිර මාධ්‍ය විසින් රුසියානු මාධ්‍ය ආයතන සහ එහි මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණය පිළිබඳ දැඩි විවේචන එල්ල කරනු ලැබීය.

    ඉස්කෝලෙ ඇරඹුණත් යන්න වෑන් නෑ

    0

    පාසල් ආරම්භ කළ ද ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් සහ බස් රථවලට ඩීසල් නොමැතිකම හේතුවෙන් ධාවනය කිරීමට හැකියාවක් නැතැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

    ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළද කිසිදු විසඳුමක් නොලැබුණු බව ද මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

    එම නිසා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවද හෙට බොහෝ පාසල් බස් රථ හා වෑන් රථ ධාවනය නොවන බවද සභාපතිවරයා කීය.

    පාසල් කිහිපයක් හෙට සිට වැසේ

    0

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සදහා පාසල් කිහිපයක් හෙට (7) සිට මේ මස 12 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

    කොළඹ රාජකීය විද්‍යාලය, කෑගල්ල කෑගලු විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල ඌව මහා විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් විද්‍යාලය යන විදුහල් හෙට සිට දොළොස් වැනි දා දක්වා වසා තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    සාමාන්‍ය පරිදි අනෙකුත් පාසල් හෙට ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    විදේශ ඇමති ජිනීවාහිදී සාකච්ඡා වට කිහිපයක් පවත්වයි

    0

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය, එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත සයිමන් මෑන්ලි මහතා, ඉරානයේ නිත්‍ය නියෝජිත එස්මයිල් බ්ගායි මහතා සහ ඉරානයේ අධිකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය කසන් ගරිබබාඩි මහතා හමුවී සාකච්ඡා පැවැත්වී ය.

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ විදේශ අමාත්‍යාාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු ද විදේශ අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

    බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමෙයි

    0

    මේවනවිට වෙළෙඳපලේ පවතින උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සදහන් කරනවා.

    එමෙන්ම තිරිඟු පිටි, මාගරින් හා බිත්තර මිලද ඉහළ ගොස් ඇති බැවින් බේකරි කර්මාන්තය දැඩි අවධානමකට මුහුණ දී තිබෙන බවද ඔහු පවසනවා.

    නිෂ්පාදන වියදම ඉහළ යෑම සහ අමුද්‍රව්‍ය හිඟය නිසාවෙන් පාන් සහ අනෙකුත් බේකරි කෑම වර්ග නිෂ්පාදන මේ වනවිට ඉතාම අවම මට්ටමක පවතින බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    රංගන ශිල්පී බර්ටි අවසන් ගමන් යයි

    0

    ප්‍රවීණ ප්‍රහාසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක (98) මහතා අභාවප්‍රාප්ත වෙයි.

    ඉවත් කරනලද විමල්ට ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍ය ආරක්ෂාව

    0

    අමාත්‍යධූරයෙන් ඉවත් කරනලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂකයන් දෙදෙනෙකු පමණක් ලබා දෙනවා.

    ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණා.

    නමුත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ට තව දුරටත් කැබිනට් අමාත්‍යවරුන්ට හිමි ආරක්ෂාව ලැබෙනු ඇත.

    අද (06) එන්නත් මධ්‍යස්ථාන 65ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 65 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    යුක්‍රේන ගුවන් කලාප තහනම යුද ප්‍රකාශ කිරීමක් – පුටින්

    0

    යුක්‍රේන ගුවන් කලාපය යම් රටක් විසින් රුසියාවට තහනම් කිරීමට ගනු ලබන තීරණය අදාල රට තමන් සමඟ යුද ප්‍රකාශ කිරීමටක සමාන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් අනතුරු තිබේ.

    ජනාධිපති පුටින් අද දින එරට කාන්තා ගුවන් සේවිකාවන් පිරිසක් මොස්කව් නුවරදී හමුවූ අවස්ථාවේද මෙම ප්‍රකාශය කර ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

    රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රධානම පදනම වන්නට ඉඩ ඇත්තේ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් දිගින් දිගටම නේටෝ සංවිධානයෙන් යුක්‍රේන ගුවන් කළාපය රුසියාවට තහනම් කිරීමට කරණු ලබන ඉල්ලීමත් සමඟ බවට අනුමාන කළ හැකිය.

    මේ අතර ජනාධිපති පුටින් විසින් බටහිර රටවල් විසින් සම්බාධක පැනවීම රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට සමාන ක්‍රියාවක් බවඳ සඳහන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    “අප රටට පනවා ඇති සම්බාධක අපිට එරෙහිව යුද ප්‍රකාශ කිරීමකට සමාන ක්‍රියාවක් ඒත් දෙවියන්ට පිං සිදුවන්න තවමත් තත්ත්වය එතරම් දුර දිග ගොස් නැහැ.” යනුවෙන්ද ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හුදෙක් එරට වෙසන රුසියානු බස කතාකරන ජනතාව ආරක්ෂා කිරීම උදෙසා සිදු කළ ක්‍රියාවක් පමණක් බවද ප්‍රකාශ කර ඇත.

    රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ගුවන් කළාපය තහනම් කිරීම සහ එමගින් ඇති විය හැකි තත්ත්වය පිළිබඳ අනතුර ඇඟවීමක් කළද යුක්‍රේන ජනාධිපතිවරයා දිගින් දිගටම සිය රටේ ගුවන් කළාපය රුසියාවට තහනම් කරන ලෙස නේටේ සංවිධානයෙන් ඉල්ලුම් කරමින් සිටියි.

    කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම නේටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත. යම් ආකාරයකින් නේටෝ සංවිධානය යුක්‍රේන ගුවන් කළාපය රුසියාවට තහනම් කළාපයක් බවට පත්කළහොත් එය නේටෝ සංවිධානය යුක්‍රේන අර්බුදයට සම්බන්ධ කරගැනීමක් ලෙස පෙන්වා දිය හැකිය.

    ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා දිගින් දිගටම යුක්‍රේන අර්බුදයට නේටෝව සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටින අතර යම් අයුරකින් නේටෝව මීට සම්බන්ධ වුවහොත් එය යුරෝපා කළාපය පුරා විහිදුනු යුධ ගැටුමක් බවටද පත්වීමට ඉඩ පවතියි.

    ඇමරිකාව යුක්‍රේනයට අවි දුන්න හැටි

    0

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉකුත් වසරේ සිටි යුක්‍රේනයට ගිනි අවි ඇතුළු යුධෝපකරණ ලබාදී ඇති බවට වොෂින්ටන් පොස්ට් පුවත්පත වාර්තා කරයි.

    එම පුවත්වාර්තාවට අනුව ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට නවීනතම යුධෝපකරන ලබා දී ඇති අතර ඊට වීදි සටන් වලදී භාවිතා කිරීම සඳහා වූ අවිද ලබාදී ඇත.

    මේ අතර පෙන්ටගනයේ වාර්තා උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර ඇත්තේ යුක්‍රේනයට පුපුරණ ද්‍රව්‍ය, ගිණි අවි මෙන්ම ගුවන් යානා නාශක මිසයිල සහ යුධ ටැංකි නාශක මිසයිලද ලබාදී තිබේ.

    එක්සත් ජනපද ආරක්ෂ අංශ ඉහළ නිලධාරියෙකු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දිගින් දිගටම යුක්‍රේනයට අවශ්‍ය ආයුධ ලබාදීම සිදුකර ඇති බවත් එම ක්‍රියාව අඛණ්ඩව සිදුවූ බවයි.

    මේ අතර පෙබරවාරි මස මුලදී යුක්‍රේනයට ලබාදීමට යොජිත වූ යුධ ආධාර යුක්‍රේනයට මේවන විටත් ලබාදී අවසන් බවද තවත් එකස්ත් ජනපද ආරක්ෂක අංශවල ඉහළ නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත.

    රුසියානු රොකට් කාලතුවක්කු (MLRS) යුක්රේනයේ කෙර්සන් කලාපයේ යුක්රේන හමුදා බලමුළු වෙත සැල්වෝ ප්‍රහාර එල්ල කළ ආකාරය.

    ප්‍රයිවට් බස්වලට අද සිට තෙල් දෙන හැටි

    0

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම මහතා පවසයි.

    ඒ අනුව ලංගම ඩිපෝ 45 දී පෞද්ගලික හා සංචාරක බස්රථ සඳහා ඉන්ධන ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    චීනයේ උත්තරීතර රාජ්‍ය බලායතනයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ

     
    13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ දී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් සහ එහි නියෝජියෝ තුන් දහසක් සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

    මෙම වසරේ චීන ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රධාන ඉලක්ක මෙන්ම රජයේ පරිපාලන ක්‍රමෝපායන් මෙහිදී පැහැදිලි කෙරිණ. රාජ්‍ය මෙහෙවර මෙන්ම ජනජීවිතයට කේන්ද්‍රගත සැලසුම් වාර්තාව මෙන්ම ජාතික අයවැය වාර්තාව ද ඊට ඇතුළත්ය.

    චීන රජයේ කාර්ය වාර්තාව මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවේ, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා  විසිනි.මෙම වසරේ චීනයේ සංවර්ධනය මුහුණ පාන අවදානම් හා අභියෝග රැසක් පවතින බව එම වාර්තාවෙන් ප්‍රකාශ කෙරිණ. එහෙත් චීන ආර්ථිකයේ තිරසර යහපත් වර්ධන ප්‍රවණතාව වෙනස් නොවන නිසා එවැනි පීඩනයන්ට ඔරොත්තු දිය හැකි බවයි චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

    විදේශ ආයෝජන සක්‍රීය ලෙස ආකර්ෂණය කර ගන්නා චීන විවෘත වෙළඳපොළ විවිධ රටවල ව්‍යවසායන්ට  වඩා වැඩි අවස්ථා ලබාදෙනු ඇතැයි ද එම රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ.

    රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

    0

    යුක්රේනයේ විල් වැසියන්ට මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීම වෙනුවෙන් එරට වේලාවෙන් අද(05) පෙරවරු 6 සිට සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට රුසියාව කටයුතු කර ඇත.

    මරියුපෝල් සහ වොල්නොවාකා සිට මානුෂීය කොරිඩෝව පවත්වාගෙන යමින් සිවිල් වැසියන් සඳහා පිටවීමේ මාර්ග පවත්වාගැනීමට යුක්රේන පාර්ශවය ද එකඟ වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    නව පාසල් වාරයේ සිසුන් කැදවීම කණ්ඩායම් ක්‍ රමයට

    0

    නව පාසල් වාරය ලබන සඳුදා (07) ආරම්භවීමත් සමඟ කණ්ඩායම් ක්‍රමයට සිසුන් පාසල් වෙත කැදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව පංතියක සිසුන් 20 අඩු සංඛ්‍යාවක් සිටීනම් එම සිසුන් පාසල් පවත්වන සෑම දිනකම කැදවීමත් ඊට වඩා සිසුන් සිටීනම් සිසුන් කණ්ඩායම් ක්‍රමයට කැදවන ලෙසත් විදුහල්පතිවරුන්ට මේ වන විටත් උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    සිසුන් සංඛ්‍යාව 21ත් 40 ත් අතර සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් ලෙසත් සිසුන් 40 ට වැඩි පිරිසක් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා කැදවිය යුතු බවටත් විදුහල්පතිවරුන් දැනුවත්කර තිබෙන බවද එම නිලධාරියා පැවැසීය.

    මෙසේ කණ්ඩායම් ක්‍රමයට සිසුන් කැදවීමේදී පාසල් වෙත නොකැදවෙන සිසුන් වෙනුවෙන් විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයක් භාවිතා කරමින් විෂය නිර්දේශ ආවරණය කළ යුතු බවද විදුහල්පතිවරුන් දැනුවත්කර ඇති බව වැඩිදුරටත් එම නිලධාරියා සඳහන් කළේය.

    “විමල් – උදය ගියාම ඇතිවිය හැකි දේශපාලන වෙනස මේ මොහොතේ වැදගත් නෑ”

    0

    විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන තත්ත්වයන් මේ මොහොතේ එතරම් වැදගත් නොවන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ මොහොතේ රටේ ඇති ප්‍රධාන ගැටළුව වන ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය වී ඇති බවයි.

    අමාත්‍යධූර දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බිහිකිරීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් කළ සේවය කිසිවිටෙකත් අමතක නොකරන බවද හෙතෙම පැවසීය.

    මහනුවර ඉඳන් ඇල්ලට සංචාරක දුම්රියක් අද සිට

    0

    දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් අද(05) සිට මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ පෙරවරු 7.00ට මහනුවරින් ගමන් ආරම්භ වන මෙම දුම්රිය පස්වරු 2.20 ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවයි.

    එමෙන්ම නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 9.35 ට මහනුවරට ළඟාවීමට නියමිතව බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

    බටහිර මාධ්‍ය කිහිපයක් රුසියාවේ අවහිර කරයි

    0

    යුක්රේනය ආක්‍රමණය පිළිබඳ රුසියා විරෝධී තොරතුරු හිතාමතා පළකරන බවට චෝදනා කරමින් බීබීසී ඇතුළු බටහිර ස්වාධීන මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකට ප්‍රවේශය සීමා කිරීමට රුසියාව කටයුතු කර තිබේ.

    BBC, ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන Meduza, German Broadcaster Deutsche Welle සහ එක්සත් ජනපදයේ අරමුදල් සපයන Radio Free Europe/Radio Liberty සහ Svoboda හි රුසියානු භාෂා වෙබ් අඩවිය වෙත ප්‍රවේශය සීමා කර ඇති බව රුසියාව නිවේදනය කර ඇත.

    රුසියාවේ නීති බලධාරීන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන තිබේ.

    මහින්දව මරන්න හැදූ මහ කොටියෙක් ජීවිතාන්තය දක්වා හිරේට

    0

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහුව ඝාතනය කිරීමට උත්සහ දැරූ සහ අකුරුස්ස ගොඩපිටියේ පල්ලියක පැවති උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර විශාල පිරිසක් ඝාතනය කිරීම ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ එල්.ටී.ටී.ඊ.යේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකුවන තංගවේලු නිමලන් නැමැති ත්‍රස්තවාදියාට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදී ඇත.

    ආර්.ඩී.එක්ස් අඩංගු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 02 ක් පමණ තම සන්තකයේ තබා ගැනීම හෝ පාලනය යටතේ තබා ගැනීම යන චෝදනාවට වරදකරු වීම නිසාය.

    මෙම නඩුව 2011 වසරේ සිට විභාග වී ඇති අතර තීන්දුව ප්‍රකාශයටපත්කරනු ලැබුවේ ඉකුත් 28 වෙනිදා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    එල්.ටී.ටී.ඊ. සංංවිධානයේ හිටපු බුද්ධි අංශයේ නායකයෙක් ලෙස සැළකෙන මුත්තප්පන් යටතේ කටයුතු කළ බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙක් එම කාල වකවානුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ප්‍රහාර තොරතුරු හෙළිවූ බවද එම නිවේදනයේ සඳහන්ය. රජයේ පාලන ප්‍රදේශය තුළ විශාල වශයෙන් ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන්, ප්‍රහාර සඳහා යොදා ගැනීමට සූදානම්කරතිබූ අධි බලැති බෝම්බ, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, සංග්‍රාමික උපකරණ විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවද එම නිවේදනයේ සඳහන්ය.

    එසේ අත්අඩංගුවට ගත් තංගවේලු නිමලන් යන සැකකරුට විරුද්ධව 2007 වසරේ මැයි 28 දා රත්මලානේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැගත් ට්‍රකි රථයකට පැති බෝම්බයක් එල්ලකර නිලධාරීන් ඝාතනය කිරීමට තැත් කිරීම, 2009 පෙබරවාරි 07 වෙනිදා වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල මාලිගාපිටියේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තිබුණු ජන රැලියේ වේදිකාව අසල බෝම්බයක් අටවා එය පුපුරවා හැර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම, අකුරුස්ස ගොඩපිටියේදී 2009 මාර්තු 03 වෙනිදා පල්ලියක පැවැති උත්සවයකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් යොදා අමාත්‍යවරයෙක් ඇතුළු පුද්ගලයින් 46 දෙනෙක් තුවාල කිරීම සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙක් ඝාතනය කිරීම, 2009 අගෝස්තු 05 වෙනිදා ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල ක්‍රීඩාංගනයේ පැවති ජන රැලියේදී බෝම්බයක් පුපුරා හැර එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නඩුද මේ වන විට විභාග වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කඩාවැටුණු පාලම වෙනුවට පරෙවි දූපතට මාස 6න් අලුත් පාලමක්

    0

    මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීමට තිබූ කඩාවැටුණු පාලම වෙනුවට නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) පස්වරුවේ නියෝග කිරීමත් සමඟ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද (05) පෙරවරුවේ එම ස්ථානයට යාමට නියමිතය.

    පාලමේ ඉදිකිරීම් මාස 06ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

    ඊයේ පෙරවරුවේ එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නො හැකි තත්ත්වයක් උද්ගත ව ඇති බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් පාලමක් තනාදෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

    රන් දූපතට පිවිසීමට ඉදි කර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන් ව පැවතිණ.

    සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.