fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේන ගුවන් කලාප තහනම යුද ප්‍රකාශ කිරීමක් - පුටින්

    යුක්‍රේන ගුවන් කලාප තහනම යුද ප්‍රකාශ කිරීමක් – පුටින්

    යුක්‍රේන ගුවන් කලාපය යම් රටක් විසින් රුසියාවට තහනම් කිරීමට ගනු ලබන තීරණය අදාල රට තමන් සමඟ යුද ප්‍රකාශ කිරීමටක සමාන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් අනතුරු තිබේ.

    ජනාධිපති පුටින් අද දින එරට කාන්තා ගුවන් සේවිකාවන් පිරිසක් මොස්කව් නුවරදී හමුවූ අවස්ථාවේද මෙම ප්‍රකාශය කර ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

    රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රධානම පදනම වන්නට ඉඩ ඇත්තේ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් දිගින් දිගටම නේටෝ සංවිධානයෙන් යුක්‍රේන ගුවන් කළාපය රුසියාවට තහනම් කිරීමට කරණු ලබන ඉල්ලීමත් සමඟ බවට අනුමාන කළ හැකිය.

    මේ අතර ජනාධිපති පුටින් විසින් බටහිර රටවල් විසින් සම්බාධක පැනවීම රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට සමාන ක්‍රියාවක් බවඳ සඳහන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    “අප රටට පනවා ඇති සම්බාධක අපිට එරෙහිව යුද ප්‍රකාශ කිරීමකට සමාන ක්‍රියාවක් ඒත් දෙවියන්ට පිං සිදුවන්න තවමත් තත්ත්වය එතරම් දුර දිග ගොස් නැහැ.” යනුවෙන්ද ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හුදෙක් එරට වෙසන රුසියානු බස කතාකරන ජනතාව ආරක්ෂා කිරීම උදෙසා සිදු කළ ක්‍රියාවක් පමණක් බවද ප්‍රකාශ කර ඇත.

    රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ගුවන් කළාපය තහනම් කිරීම සහ එමගින් ඇති විය හැකි තත්ත්වය පිළිබඳ අනතුර ඇඟවීමක් කළද යුක්‍රේන ජනාධිපතිවරයා දිගින් දිගටම සිය රටේ ගුවන් කළාපය රුසියාවට තහනම් කරන ලෙස නේටේ සංවිධානයෙන් ඉල්ලුම් කරමින් සිටියි.

    කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම නේටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත. යම් ආකාරයකින් නේටෝ සංවිධානය යුක්‍රේන ගුවන් කළාපය රුසියාවට තහනම් කළාපයක් බවට පත්කළහොත් එය නේටෝ සංවිධානය යුක්‍රේන අර්බුදයට සම්බන්ධ කරගැනීමක් ලෙස පෙන්වා දිය හැකිය.

    ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා දිගින් දිගටම යුක්‍රේන අර්බුදයට නේටෝව සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටින අතර යම් අයුරකින් නේටෝව මීට සම්බන්ධ වුවහොත් එය යුරෝපා කළාපය පුරා විහිදුනු යුධ ගැටුමක් බවටද පත්වීමට ඉඩ පවතියි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.