fbpx
තවත්
    මුල් පිටුවspecialබඩගින්න වෙනුවෙන් කුණුකොල්ලෙට යන වකුගඩු

    බඩගින්න වෙනුවෙන් කුණුකොල්ලෙට යන වකුගඩු

    තලේබාන් පාලනයට නතුවීමත් සමඟ දැඩි ආර්ථික සහ සමාජීය අභියෝගයට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානයේ වැසියන් මේ වනවිට සිය ජීවිතය ගැටගසා ගැනීමට වකුගඩු විකිණීම අරඹා ඇති බවට වර්තා වේ.

    ප්‍රංශ පුවත් සේවය විසින් පසුගියදා පළකල නවතම වාර්තාවට අනුව මේවන විට ඇෆ්ගන් වැසියන් සිය බඩගින්න වෙනුවෙන් මෙලෙස වකුගඩු විකිණීම සිදුකිරීම ඉතා සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ.

    ඒ අනුව ප්‍රංශ පුවත් සේවය පළකර විශේෂ වාර්තාව සිංහල බසින් ලෙස මෙලෙස පළකරන්නෙමු.

    ඇෆ්ගනිස්ථානයේ බටහිරින් පිහිටි හේරත් නගරය ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයකට පටබැඳී ඇත්තේ වෙනස්ම නමකි. මෙම ගම්මානය බොහො දෙනෙකෙු හඳුන්වන්නේ “එක් වකුගඩුවක් ඇත්තන්ගේ ගම්මානය” වශයෙනි.  

    අධික දරිද්‍රතාවෙන් පෙළෙන මෙම ගම්මානයේ වැසියන් බොහොමයක් මේවන විටත් සිය වකුගඩු විකුණා අවසන්ය.

    ඇෆගනිස්ථාය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වූයේ නූරුඩ්ඩීන් වැනි ඇෆ්ගන් වැසියන්ටය.
    තලේබාන් සංවිධානය බලයට පැමිණීමට පෙර නූරුඩ්ඩීන් කර්මාන්ත ශාලාවක සේවය කළ අතර පාලන බලය වෙනස් වීමත් සමඟම නූරුඩ්ඩීන්ගේ වැටුප් කපා හැරීමත් සමඟ රැකියාවෙන් ඉවත්වූයේ වැඩි වැටුපක් සහිත රැකියාවක් ලැබෙන ඇතැයි අපේක්ෂාවෙනි.

    කෙසේ වෙතත් නූරුඩ්ඩීන් හට ඔහු බලාපොරොත්තු වූ පරිදි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අතර දහස් ගණනක් වූ රැකියා අහිමි ඇෆ්ගන් වැසියන් අතරට ඔහුද එක්විය.

    මෙම තත්ත්වයත් සමඟ කෙටිකාලීන විසඳුමක් ලෙස සිය වකුගඩුව විකිණීමට ඔහු තීරණ කළේය.

     “මට ඒක මගේ දරුවන්ගේ නාමයෙන් කරන්න වුනා.ඇත්තටම මට වෙනත් මඟත් තිබුනේම නැහැ” යනුවෙන් නූරුඩ්ඩීන් ප්‍රකාශ කළේය.  

    “මම එදා ගත්ත තීරණයට දැන් ගොඩක් දුක්වෙනවා.” යනුවෙන් සිය නිවස ඉදිරිපිට දුර්වර්ණ වූ ඇදුමි සිටි නූරුඩ්ඩීන්ගෙ පැවසීය.

    “මට තවදුරටත් වැඩකරන්න බැහැ. මම විශාල වේදනාවකින් පීඩා විඳිනවා. මට කිසිම බරක් උස්සන්න බැහැ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    මෙම තත්ත්වයත් සමඟ නූරුඩ්ඩීන්ගේ පවුලේ සාමාජිකයින් හට සිය 12 හැවරිදි පුතු විසින් වීදිවල සපත්තු පිස දැමීමෙන් උපයන මුදලින් දිවි ගෙවාගැනීමට ගැනීමට සිදුව තිබේ.  

    නූරුඩ්ඩීන්ගේ ඇතුලු පිරිස විකුණන වකුගඩු සඳහා ලැබෙන්නේ ඇමරිකානු ඩොලර එක්දහස් පන්සීයක් වැනි ඉතාම සුළු මුදලකි.

    කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය තුල වකුගඩු විකිණීම සම්බන්ධයෙන් නිසි තීතිමය තත්ත්වයක් නොමැති අතර ඒ හේතුවෙන් මෙලෙස වකුගඩු විකිණීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ.

    “වකුගඩු ලබාදීමට අදාලව කිසිම නීතියක් නැහැ. ඒ නිසා  ශරීර අංග විකිණීම සම්බන්ධයෙන් කිසිම නියාමනයක් සිදුවෙන්නේ නැහැ. ඒත් ශරීර අංගය පරිත්‍යාග කරන පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍ය කරනවා.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ සේවය කළ ප්‍රමුඛ පෙළ් ශල්‍ය වෛද්‍යවරයකු වන මොහොමඩ් වකිල් මාටින් පැවසීය.

    මේ අතර හේරත් හී වකුගඩු ආශ්‍රීත ශල්‍යකර්ම සිදුකරන වෛද්‍ය මොහොමඩ් බස්සීර් ඔස්මානි පවසන්නේ පරිත්‍යාග කරන්නාගේ කැමැත්ත වකුගඩු ලබාගැනීමට අතිශය වැදගත් බවයි.

    “අපි වකුගඩුව පරිත්‍යාග කරන්නාගෙන් ලිඛිත කැමැත්තක් ලබාගන්නවා. ඒ වගේම අපි පරිත්‍යාග කරන්නා ඊට කැමැත්ත පළකර බවට සානාථ කරන වීඩියෝවක්ද ලබාගන්නවා. ඒත් අපි කිසිම අවස්ථාවක පරිත්‍යාග කරන්නා  හෝ බද්ධ කරන පුද්ගලයා කොහෝ සිට පැමිණි පුද්ගලයෙක්ද කියලා සොයා බැලීමක් කරන්නේ නැහැ. මොකද ඒක අපිට රාජකාරියක් නෙමෙයි.”  යනුවෙන් ඔහු සඳහන් කළේය.

    මෙවැනි නිසි නියාමනයන් නොමැති තත්ත්වයක් හමුවේ මුදල් අවශ්‍ය බොහොමයක් ඇෆ්ගන් වැසියන් තැරැව්කරුවන් හරහා වකුගඩු විකිණීම සිදුකරනු ලබයි. එහිදී තරැව්කරුවන් වකුගඩු අවශ්‍ය ධනවත් රෝගීන් සමඟ සම්බන්ධ වී මෙම වකුගඩු වෙළෙඳාම සිදුකරයි.

    එහිදී වකුගඩු ලබාගන්නා පුද්ගලයා හට රෝහල් ගාස්තු ඇතුලු සියලුම වියදම් සඳහා මුදල් වැය කිරීමට සිදුවේ. මෙහිදී වකුගඩු ලබාගැනීමට පැමිණෙන බහුතරය ඉන්දියානුවන් හා පාකිස්ථානුවන් බවට ද වාර්තාවේ.

    මෙහිදී ප්‍රංශ පුවත් සේවයට හමුවූ අයිසිටා හටද සිය දරුවන් තිදෙනගේ කුසට ආහාරයක් දීමට නොහැකි තත්ත්වයක් උදා වීමත් සමඟ ඇයට ඉතිරිව වූයේද සිය වකුගඩුවක් විකිණීම පමණයි.

    ඒ අනුව ඇය සෘජුව තැරැව්කරුවෙකු හමුවී සිය අවශ්‍යතාවය පැවසා ඇති අතර පසුව ඇමරිකානු ඩොලර් 2700ක වකුගඩුවක් විකිණීමට ඇයට හැකිව තිබේ.

    “මට ඒක කරන්න සිදුවුනා. මගේ සැමියාට රැකියාවක් තිබුනේ නැහැ. අපි විශාල ණය බරකින් දැඩි ලෙස පීඩාවට පත්වෙලයි සිටියේ.”යනුවෙන් ඇය පැවසුවාය.

    මේ අතර මේ වන විට දෛනික වැටුප් ලබන කම්කරුවකු වන අයිසිටාගේ සැමියාද ඇයගත් තීරණයම ගැනීමට අපෙක්ෂා කරයි. ඒ ඔවුන්ට වෙනත් මඟක් පෙනෙන තෙක් මානයක නොමැති නිසාවෙනි.

    මෙම ගම්මානයේ වාසය කරන එකම පවුලක සහෝදරයින් පස්දෙනාම ගතවූ වසර හතරක කාලයේදී වකුගඩුව බැගින් විකුණා ඇත. එහෙත් තවමත් ඔවුන් පීඩා විදින ආර්ථික අර්බුදවලින් මුදා ගැනීමට එය සමත්ව නොමැත.

    “අපි තාවමත් අන්ත දුගී ජීවිතයක් ගත් කරන්නේ“ යනුවෙන් ගුලාම් නෙබී සිය තුවාල කැලල පෙන්වමින් පැවසීය.

    මේ අතර දරුවන් දෙදෙනකුගේ මවක් වූ 19 හැවිරිදි ශකිලා කියාසිටියේ තමන්ද එක් වකුගඩුවක් ඇමරිකානු ඩොලර් 1500කට විකුණා දමා ඇති බවයි. “බඩගින්නත් එක්ක අපිට වෙන කරන්න දෙයක් නැහැ.” යනුවෙන්ද ඇය පැවසුවාය.  

    ශකිලා මෙන්ම තම දරුවන්ගේ බඩකට පිරවීමට වෙර දරන අසිසා තමන්ගේ වකුගඩුව විකිණීමට අවස්ථාව ලැබෙන තෙක් මඟ බලාගෙන හිදින්නියකි.

    “මගේ දරුවන් පාරවල්වල හිඟා කනවා. මම මගේ වකුගඩුව විකුණුවේ නැත්තම් මගේ අවුරුද්දක වයස දුව විකුණන්නයි වෙන්නේ” යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් ඇයි පැවසුවාය.

    මෙලෙස දිගහැරුනේ ජීවිතයම කුණුකොල්ලටය විකිණෙන ඇෆ්ගන් වැසියන් කිහිපදෙනෙකු පිළිබඳ පමණයි. මෙවැනිම තවත් දහස් ගණනක් එරට ජීවිතය යදිමින් ජීවත්වෙනු ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.