fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගුරු- විදුහල්පතිවරුන් පාර්ලිමේන්තුවට යාමේ සූදානමක්

    ගුරු- විදුහල්පතිවරුන් පාර්ලිමේන්තුවට යාමේ සූදානමක්

    අයවැය ඉදිරිපත්කරන ලබන 12 වෙනිදා ගුරු විදුහල්පතිවරු බොරැල්ල ආයුර්වේද වටරවුමට රැස්ව පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පාගමනකින් ගමන් කිරීමට සැළසුම්කර ඇතැයි බුද්ධි අංශ බලධාරීන්ට දැනුම්දී තිබේ.

    පෙරවරු 9.00 ට පාගමන ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බවත් ඒ සදහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු කැදවීමට මේ වන විටත් සංවිධාන කටයුතු සිදුවෙමින් ඇති බවත් බුද්ධි අංශ සදහන් කරයි. ඒ සදහා ‍සෙසු වෘත්තීය සමිතිවල සහය ලබාගැනීමටද සාකච්ඡා පැවැත්වෙන බව බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කරයි.

    මේ අතර සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

    කොළඹ ලිප්ටන් වටරවුමේදී එම උද්ඝෝෂණය පැවැත්වීමට සැළසුම්කර ඇත්තේ පැසල් නිමවීමෙන් අනතුරුය. කොළඹ පාසල්වල ගුරු විදුහල්පතිවරුන් ප්‍රමුඛ සෙසු වෘත්තීය සමිතිවල සහය ද ඇතිව පැවැත්වෙන එම උද්ඝෝෂණයට සමගාමීව දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම එදින එම වේලාවටම උද්ඝෝෂණ පැවැත්වීමටද සැළසුම්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.