තවත්

    “දැන් ඉන්න ඇමතිගේ විදුලි බිල මං ගෙවන්නේ මොකටද?”

    0

    තමා විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරය දරන සමයේ භාවිත කළ කොළඹ පිහිටි රජයේ නිල නිවාසයේ විදුලි බිල්පත තවමත් තමාගේ නමින් නිකුත් වන බවට සමගි ජනබලවේගයෛ් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

    මෙය නිරවුල් කරන ලෙස ඔහු විසින් පසුගිය 28 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය ලිඛිතව දැනුම් දුන් බව ද එම ලිපිය ඉදිරිපත් කරමින් කියාසිටී.

    තමාගේ ධුර කාලය අවසන් වූ 2019 වසරේදී එම නිලනිවාසය විදුලි සන්දේශ, විදේශ රැකියා, ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට භාරදුන් නමුත් තවමත් තමාගේ නමින් බිල්පත් නිකුත් කරන බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ චෝදනාවයි.

    අදාළ ලිපිය ඉදිරිපත් කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

    “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අයට මට අපහාස කිරීමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම මගේ නීතිඥවරුන්ට උපදෙස් දුන්නා. මට කොළඹ කිසිම නිවසක් අයිති නැහැ. මම 2019 දී භාර දුන් රජයේ නිවසේ බිල්පත් සඳහා මම වගකියන්නේ නැත. බිල්පත් නොගෙවන්නේ නම් දැන් එම නිවසේ සිටින ඇමතිවරයා වගකිව යුතුය.” යනුවෙන් මන්ත්‍රීවරයා පවසා සිටියි.

    දශක 4ක් තිස්සේ මෙරට තුළ සිඟා කෑ ඉන්දීයයා මියයයි

    0

    දිවයිනේ විවිධ ස්ථානවල වසර 39 ක පමණ කාලයක් තිස්සේ සිගාකමින් ජීවත් වූ ඉන්දීය ජාතිකයෙකු පුත්තලම මූලික රෝහලේදී මිය ගොස් ඇත.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් පමණ වන සෙවනෝ රාමසාමි යන අයෙකු බවට හදුනා ගෙන ඇත.

    පුත්තලම නගරයේ සිගාකමින් සිට ඇති මිය ගොස් ඇති අය පසුගිය 08 වැනිදා හදිසියේම රෝගී වී ඇත.

    එම අවස්ථාවේදී නගරයේ සිටි අය ඔහුව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එදිනම ඔහු මිය ගොස් ඇත.

    මල සිරුර හදුනා ගැනීමට හෝ බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මිය ගොස් ඇති අය සතුව තිබූ බෑගයක් පරීක්ෂා කිරීමට රෝහල් සේවකයින් කටයුතු කර ඇත.

    එම අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් සිටින්නේ ඉන්දීය ජාතිකයෙකු බවය.

    1983 වර්ෂයේ මෙරටට පැමිණ ඇති හෙතම දිවයිනේ විවිධ ස්ථානවල සිගාකමින් ජීවත් වී ඇති බවද අනාවරණය වී ඇත.

    නුවරඑළිය – කොටගල සිට ඔහු පසුගිය 03 වැනිදා පුත්තලමට පැමිණ ඇති බවද පොලීසිය මේ වන විට අනාවරණය කර ගෙන ඇත.

    තරුණියකට අතවර කළ බන්ධනාගාර නියාමකයෙකු අත්අඩංගුවට

    0

    නීතිඥවරයෙකුගේ කාර්යාලයේ සේවය කරණ තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන බන්ධනාගාර නියාමකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

    පසුගිය 11 වැනිදා සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයට අනියුක්තව සේවය කරමින් සිටි නියාමකවරයෙකුවය.

    හෙතෙම ඇල්පිටිය – ඇත්කදවුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන අයෙකි.

    හලාවත අධිකරණ සංකීර්ණය ආසන්නයේ ඇති නීතිඥ කාර්යාලයක අදාල තරුණිය සේවය කරමින් සිට ඇත.

    එම කාර්යලයට පැමිණ ඇති සැකකාර බන්ධනාගාර නියාමකවරයා කාර්යාලයේ සේවය කරමින් සිටි තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇත.

    පසුව සිද්ධියට මුහුණ දුන් තරුණිය නීතිඥවරයෙකුද සමග පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

    අනතුරුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

    සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-13

    0
    නිදහස් සටනේ කැපී පෙනෙන වීරයකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා උපත ලැබුවේ 1809 මාර්තු 13 වන දිනයි
    නිදහස් සටනේ කැපී පෙනෙන වීරයකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා උපත ලැබුවේ 1809 මාර්තු 13 වන දිනයි

    නිදහස් සටනේ කැපී පෙනෙන වීරයකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා උපත ලැබුවේ 1809 මාර්තු 13 වන දිනයි

    ඉන්දියාවෙන් වැරදිලා පත්තුවුන මිසයිලය ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහවීත්මක් ඉල්ලයි

    0

    ඉන්දියාව විසින් පාකිස්ථානය වෙත අතවැරදීමකින් එල්ල කළ බව කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වන ලෙසත් මතුව පවතින තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මැදිහත්මක් අවශ්‍ය බවත් පාකිස්ථානය ඉල්ලා සිටියී.

    ඉකුත් 9 වැනිදා ඉන්දියාව විසින් පාකිස්ථානයට මිසයිල ප්‍රහාරය් එල්ල වූ  අතර එය නඩත්තු කටයුත්තකදී සිදුවූ අත්වැරදීමකින් සිදුවූවක් බව ඉන්දියාව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවද ඉන්දියාව විසින් නිවේදනය කළේය.

    මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිඳු ජීවිව හෝ දේපල හානියක් වාර්තා නොවීය. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානය සිය දැඩි අප්‍රසාදය පළකර අතරම ඉන්දියාව විසින් අභ්‍යයන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්වීමටද සිය බරපතල විරෝධය පළකර තිබේ.
    ඒ අනුව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවද මැදිහත්විය යුතු බවයි.

    මේ අතර පාකිස්ථානය විසින් ඉන්දියාවෙන්  සිය මිසයිල පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහ යලිත් මෙලෙස අත්වැදරීමකින් මිසයිල එල්ලවීම වැලැක්වීම සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

    ඉන්දියාව සහ පාකිස්ථානය සතුව න්‍යෂ්ටික අවි පවතින අතර යම් ආකාරයකින් දෙරට අතර න්‍යෂ්ටික ගැටුමක් ඇති වුවහොත් කළාපයේ මෙන්ම ගෝලීය බලතුලනය මෙන්ම ආරක්ෂාවටද දැඩි බලපෑමක් එල්ල වනු ඇත. 

    යුදහමුදා භටයින්ගේ කරමතින් ඉදිවන පරෙවි දූපතේ තාවකාලික පාලම

    0

    මාතර පරෙවි දූපත වෙත ගමන් ගැනීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා වෘත්තීය නිපුණත්වය ප්‍රදර්ශනය කරමින් තාවකාලික පාලමක් කඩිනමින් ඉදිකරමින් පවතී.

    ඒ පරෙවි දූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය වෙත ප්‍රවිෂ්ට වීමට ස්ථාපිත කර තිබු එල්ලෙන පාලම පසුගියදා හදිසියේ කඩා වැටිමත් සමඟ ය.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් මාතර නගරයත් පරෙවි දූපතත් යා කරන තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් ආරම්භ කරන ලදී.

    මෙමගින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත් බැතිමතුන්ට ගමනාගමනයට පහසුව සැලසෙනු ඇත.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් 14 වන රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය, 16 වන වැඩපල ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකාය, 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකාය, 613 වන බලසේනාව සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු තවමත් සිදුකරමින් පවතී.

    මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ප්‍රධාන ක්ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.

    තාවකාලිකව ඉදිකරනු ලබන මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී කඩිනමින් අවසන් කිරීමට නියමිතව ඇත.

    බස් ගාස්තුත් වැඩිවෙයි ද? සාකච්ඡාව අද

    0

    ඉන්ධන සහනාධාරයක් ලබාදීමේ හැකියාවක් නොමැති වුවහොත් බස් ගාස්තු සංශෝධනයකට යාම සිදු වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඒ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් රථ සංගම් අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිත ය.

    ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් රථ හිමියන් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

    0

    අද (13) රටපුරා විදුලි කප්පාදු සිදුකරන කාලසටහන මෙසේය.

    E-13-03-2022-Power-Interruption-Schedule-full-1

    විදුලි කප්පාදුව නිදහස් වන ප්‍රදේශ

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (2)

    අද (13) එන්නත් මධ්‍යස්ථාන 66ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 66 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination-Centers-on-13.03.2022

    සෙම්ගෙඩි ප්‍රදාහය සඳහා ආයුර්වේදය තුලින් සහනය

    0
    Uses tonsil to check throat. Young pediatrician works with little female visitor in the clinic
    Uses tonsil to check throat. Young pediatrician works with little female visitor in the clinic

    බොහෝ දෙනා පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස සෙම් ගෙඩි ප්‍රදාහය හඳුනා ගන්න පුළුවන්. මේ තත්වය ස්ට්‍රෙප්ටොකොකයි විෂබීජය නිසා හටගන්නා බව නවීන මතයයි. උෂ්ණදායි ආහාරපාන වැඩිපුර ගැනීමෙන් ද මේ තත්ත්වය ඇති වීමට ද පුළුවන්. මේ තත්වය වලකා නොගත්හොත් භයානක අතුරු ප්‍රතිපල ඒමටද පුළුවන්.

    සෙම්ගෙඩි ප්‍රදාහය ආයුර්වේදය තුළ හඳුන්වන්නේ හනු සන්ධි ආශ්‍රිතව උගුරේ අභ්‍යන්තරයේ කෂ හා රක්තය දූෂණය වීම නිසා ඇතිවන අධික වේදනාව, දැවිල්ල, පැසවීම සහිත වූ වල්කපු ගෙඩියක ආකාරයේ ගත් ඉදිමුම කුණ්ඛතේරී ලෙස ආයුර්වේදය තුළ දී හඳුන්වනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම් ගෙඩි ප්‍රදාහය ලෙස හඳුන්වනවා.

    Dark-haired man wearing scarf while having tonsillitis
    Dark-haired man wearing scarf while having tonsillitis

    මෙහිදී මූලික ලක්ෂණ ලෙස උගුරේ වේදනාව, කෙළ හා ආහාරපාන ගිලීමේ අපහසුව, කටහඬ වෙනස්වීම, සමහර අවස්ථාවලදී උණ, සිරුරේ දුබල ගති හුස්ම ගැනීමේ අපහසුතා යන මේවා ප්‍රමුඛ ලක්ෂණ වේ.

    සාමාන්‍යයෙන් සෙම් ගෙඩි ප්‍රදාහය අපි අහල අත්විඳලා තියෙන්නෙ සෙම්ප්‍රතිශ්‍යාව හරහා හටගන්නා බවයි. සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ වෛරස් ආසාදනය වීම නිසා රෝගී තත්වයක් නිසා එම වෛරස් සෙම්ගෙඩි ආසාදනය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව සමගම සෙම්ගෙඩි ආසාදනය ඉදිමෙනවා.

    මීට අමතරව බැක්ටීරියා ආසාදනය වීම නිසාත් සෙම්ගෙඩි ඉදිමෙනවා. නාසය, මුඛය හරහා මේ විෂබීජය ඇතුළු වෙන්න පුළුවන්. මීට අමතරව හිස් කබලේ මුහුණ ආශ්‍රිත වාත කුටීර වල සෙම පිරීම නිසාත් සෙම්ගෙඩි හට ගන්න පුළුවන්.

    සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කෙනකුගේ සුළු ආසාදන තත්ත්වයක් හමුවේ වුවද නිතර සෙම්ගෙඩි ඉදිමීම ලක් වීමට පුළුවන්.

    සෙම්ප්‍රතිශ්‍යාව සමග අවුරුද්දට වරක් දෙවරක් සෙම්ගෙඩි ඉදිමුම ඉන්න පුළුවන්. නමුත් නිතර නිතර ඉදිමුම අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. ප්‍රතිකාර නොකර නොසලකා හැරීම භයානක වෙන්න පුළුවන්.

    ප්‍රතිශක්තිකරණය දුර්වල බව හා භයානක තත්ත්වය නම් ආසාදනයන්ට ප්‍රතිරෝධී සිරුරේ නිපදවන සමහර සංඝටක හෘදය / ස්නායු සෛල / වකුගඩු / සන්ධි වැනි අවයවවලට හානි වීමට පුළුවන්.

    කුඩා දරුවන්ට නිතර නිතර සෙම්ගෙඩි ප්‍රදාහය එනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් ලබා ගත යුතුයි.

    ඒ වගේම නිතර නිතර සෙම් රෝග ඇතිවීමට විවිධ හේතු බලපායි. පීනස , ඇදුම , දේශගුණික / කාලගුණික වෙනස්කම් , සමහර ආහාර පාන , දූවිලි , සුවඳ විලවුන් , මානසික තත්ව වලදී සිදුවන වෙනස්කම් නිසා සෙම් රෝග එන්න පුළුවන්.

    Sick woman having sore throat, tonsillitis, feeling sick, suffering from painful swallowing, angina
    Sick woman having sore throat, tonsillitis, feeling sick, suffering from painful swallowing, angina

    ඔබට නිතර නිතර සෙම්ගෙඩි ආසාදනය ඇති වෙනවා නම් නිවසේදී කල හැකි අත් බෙහෙත්
    මද රස්නෙ උතුරට ලුණු දමා උගුර සේදීම.
    ඇඹුල් දොඩම් / ගම්මිරිස් / ඉඟුරු ඉස්ම දිව මත තබා සෙම ඉවත් කිරීම.
    හීනි මදුරුතලා කොළ / ගම්මිරිස් ඇට තැම්බූ ජලයෙන් උගුර සේදීම.
    කාමරංකා පොතු තැම්බූ ජලයෙන් උගුර සේදීම.
    උණ අවස්ථාවේදී පස්පංගුව තම්බා පානය.
    ක්ලේශ්මාව තෙල් හෝ බටු තෙල් උගුරේ බාහිර ආලේපනය.

    මේවා කරමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.

    විශේෂයෙන් මෙවැනි අපහසුතා නිසා මව්කිරි හෝ ආහාර ගැනිම ප්‍රතික්ෂේප කරන විට අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

    ඒ වාගේම
    මද රස්න උණු වතුර නිතර භාවිතය.
    පිරිසිදු ආහාර පාන ගැනීම.
    AC / fan අවම භාවිතය.
    පීනස / සෙම / කෝටරක ප්‍රදාහය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම .
    පිරිසිදු වටපිටාව.
    සෙම් වඩන ආහාර උදා ; අලුත් කෙසෙල් / පිපිඤ්ඤා / මෑ කරල් / වම්බටු / එළකිරි / ඇඹුල් කෙසෙල් / බණ්ඩක්කා වැනි ආහාර ගැනීම අවම කිරීම.

    සුදුසු වෛද්‍ය උපදෙස් හා නිවැරදි ජීවන පැවැත්ම හරහා මෙවැනි ආසාදන වලින් ඔබට අත් මිදීමට හැකියාව ලැබේවි.

    වෛද්‍ය උපදෙස් ;
    බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යාතනයෙහි කථිකාචාර්ය
    ආයුර්වේද වෛද්‍ය S.P.A.S. නිශාන්.
    BAMS (ගෞරව) Colombo University.

    සෞදි ආරාබිය 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත් මක කරයි

    0

    සෞදි අරාබිය සිය විශාලතම සමූහ මරණ දඬුවම ක්‍රියාත්මක කරමින්ඊයේ(12) දිනයේ 81 දෙනෙකු මරා දමා ඇත.
    ‍ඝාතන සහ සටන්කාමී කණ්ඩායම්වලට අයත් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන් 81 දෙනෙකුට මෙලෙස මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. මෑත ඉතිහාසයේ සෞදි රජය එක් දිනක් තුළ ක්‍රියාත්මක කළ විශාලතම මරණ දඬුවම මෙය වේ.

    1979 දී මක්කම ග්‍රෑන්ඩ් පල්ලිය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සටන්කාමීන් 63 දෙනකු සඳහා 1980 ජනවාරි මස සිදු කළ සමූහ ඝාතනයේ සංඛ්‍යාව පවා අභිබවා යමින් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

    සල්මාන් රජු සහ ඔහුගේ ඔටුන්න හිමි පුත් මොහොමඩ් බින් සල්මාන් කුමරු යටතේ සෞදි අරාබිය වැරදිකරුවන්ගේ හිස ගසා දැමීම දිගටම සිදු වේ.

    මෙලෙස ඝාතනයට ලක්වූවන්ගෙන් සමහර දෙනෙකු අල්-කයිඩා, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සහ යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ආධාරකරුවන් බව සෞදි ආරංචි මාර්ග සඳහන් කරයි.

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ

    0

    2021 වසර සඳහා වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රියේ නිකුත් කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    ගාල්ල, පිටිගල විද්‍යාදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    කොරෝනා වයිරස ව්‍යාපෘතිය හේතුවෙන් පසුගිය වසරේදී පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුනේ නැහැ.

    එය පැවැත්වුනෙපසුගිය ජනවාරි මස 22 වැනිදායි. ඒ සඳහා විභාග අපේක්ෂකයින් 340,508 දෙනෙක් පෙනී සිටියා.

    අද (12) එන්නත් මධ්‍යස්ථාන 89ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 89 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination-Centers-on-12.03.2022

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද (12) දිනයේදීත් බොහෝ ප්‍රදේශවල පැය 3යි විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    එම කාලසටහන පහත දැක්වේ.

    E-12-03-2022-Power-Interruption-Schedule-full-1

    නිදහස් කෙරෙන ප්‍රදේශ

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (2)

    සිපෙට්කෝත් තෙල් මිල උස්සයි

    0

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

    ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්,

    ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්,

    සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින්, සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 254ක්

    ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින්, ඒ අනුව ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176ක් වනු ඇත.

    ගෘහ උපකරණ මිලත් ඉහළට

    0

    වෙළෙඳපොළේ ඇති ගෘහ උපකරණවල ඉදිරියේදී මිල ගණන් ඉහල යනු ඇති බව ආනයන සමාගම් පවසයි.

    ඒ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට ආනයනය සීමා පැනවීමට පසුගියදා රජය ගත් පියවරත් සමඟයි.

    ජංගම දුරකතන හා උපාංග ද මිල ඉහළ යනු ඇති බවට ආනයනකරුවෝ පවසති.

    ඇතැම් භාණ්ඩ ආනයන සමාගම් විසින් මිල ඉහළ යාම් පිළිබඳ මේ වනවිටත් ජනතාවට දන්වා ඇත.

    සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

    0

    ලබන සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කලේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීම මේ අනුව නතර කෙරෙන බවයි.

    සජිත්ට ගෞරව නාමයක්

    0

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද (11) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය.

    ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.

    සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු කථානායක කරු ජයසූරිය මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෙරට විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    පුටින්ව මරන්න ෆේස් බුක් අවසර දෙයි

    0

    ෆේස් බුක් වෙබ් අඩවිය විසින් සිය වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති වෙනස් කරමින් රුසියානු ජනාධිපතිවරයාට, හමුදාවන්ට සහ රුසියානු ජාතිකයින්ට විරුද්ධව වෛරී ප්‍රකාශ සඳහා අවසර දී ඇතැයි වාර්තාවේ.

    රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට ෆේස් බුක් වෙබ් අඩවියේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම විසින් එම සමාගමේ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීම්කරනු ලබන පිරිස් සඳහා විශේෂ ඊමේල් පණිවුඩයක් යොමුකරමින් මෙම අවසරය ලබා දී තිබේ.

    අදාල ඊමේල් පණිවුඩය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො මරා දැමිය යුතු බවට කරන ප්‍රකාශ කිසිඳු අයුරකින් වෛරී ප්‍රකාශයක් ලෙසින් නොසලකන ලෙසට දැනුම් දී තිබේ.

    “රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ අපි විසින් තාවකාලිකව සාමන්‍ය තත්ත්වයේදී පළකිරීමට අවසර නොදෙන දේශපාලනමය අදහස් පළකිරීමට අවසර දීමට පියවර ගත්තා. එහිදී සාමන්‍ය තත්ත්වයකදී රුසියානු ආක්‍රමණිකයන්ට මරා දැමිය යුතු යැයි පැවසෙන ප්‍රකාශ වලට ඉඩ නොදුන්නද මෙහිදී අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. කෙසේ වුවත් අපි තවමත් රුසියානු ජනාතාව ඉලක්ක කරගෙන සිදුකරන වෛරී ප්‍රකාශ සඳහ පනවා තිබූ වාරණය එලෙසම ක්‍රියාත්මක වෙනවා” යනුවෙන් මෙටා සමාගමේ ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    මේ අතර රුසියානු රජය විසින් එරට අධිකරණයෙන් මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස නම් කරන මෙන් ඉල්ලා තිබේ. එසේම රුසියානුවන් විසින් ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම සීමා කරන මෙන්ද අදාල අංශ වලින් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

    ටැක්සි ගාස්තුත් ඉහළට

    0

    ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කුලී ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරන්නේ ත්‍රීරෝද රථ ධාවනයේදී දෙවැනි කිලෝමීටරයට අයකළ රුපියල් 45 ක මුදල රුපියල් 50 දක්වා ඉහළ දැමිය යුතු බවයි.

    එහෙත් පළමු කිලෝමීටරයට දැනට අයකරනු රුපියල් 80 ක මුදල වෙනස් නොකරන බවද ඔහු සඳහන් කළේය.

    ඉන්දියාවෙන් ගෙන්වු දුම්රිය මැදිරි ධාවනය අත්හිටුවයි

    0

    ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි ධාවනය කිරීම අත්හිටවූ බව ලොකොමෝටිව් ඉංජිනේරු සංගමය පවසයි.

    එහි සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, ධාවනයේදී දෝෂ මතුවීම හේතුවෙන් එම මැදිරි ඉවත් කළ බවයි.

    මැතිසබේ කතාකරන මන්ත්‍රී ලැයිස්තුවෙනුත් ගම්මන්පිළ ඉවතට

    0

    පාර්ලිමේන්තුවේ කථාකිරීමට නියමිත මන්ත්‍රී ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර තිබේ.

    බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී ඊයේ පාර්ලිමේන්තුවේ පිළිතුරු කතාව කිරීමට නියමිතව බව ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඔහු තනතුරෙන් නෙරපා හරින ලද අතර, කතා කිරීමට කාලය ලබා දෙන ලෙස ඉල්ලා මාර්තු 7 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.

    ඔහුට කතා කිරීමට අවසර දිය නොහැකි බව මාර්තු 8 වනදා ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය දැනුම් දුන් බව ඔහු පැවසීය.

    “බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී 10/3 පාර්ලිමේන්තුවේ පිළිතුරු කතාව කිරීමට මට නියමිතව තිබුණා. මා කාර්යාලයෙන් නෙරපා හරින ලද බැවින්, මම කතා කිරීමට වේලාවක් ඉල්ලා 7/3 ලිඛිත ඉල්ලීමක් කළා. 8/3 දින, ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය මට දන්වා සිටියේ මට කතා කිරීමට අවසර දිය නොහැකි බවයි.

    මම ඊට පස්සේ ජොන්ස්ටන් ඇමැතිතුමාට කතා කළා. ඔහු කිව්වා ‘අපි බලමු’ කියලා. පසුව ඔහුගේ කාර්යාලය මට දන්වා සිටියේ මම 3/3 වෙනකම් බලශක්ති ඇමතිවරයා ලෙස සිටියත් ලැයිස්තුව පිරී ඇති නිසා මට කතා කිරීමට අවසර දිය නොහැකි බවයි. මට සාධාරණයක් කරන්න කියලා මම කතානායකතුමාට මේ වන විට පැමිණිලි කරලා තියෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ ඡන්ද 136,331ක් ලබාගෙනයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීම යනු මගේ ඡන්දදායකයින්ට ඔවුන්ගේ හදවතේ සහ මනසේ ඇති දේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම යන්නයි. පාර්ලිමේන්තුවේ කතා කිරීමට මට ඇති අයිතිය කථානායකවරයා විසින් ආරක්ෂා කරනු ඇතැයි මම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි” යැයි ද ගම්මන්පිළ මන්ත්‍රීවරයා කීය.

    පාන්ගෙඩිය රුපියල් 30කින් හා සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට

    0

    ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ නැන්වීමට අද දහවල් රැස්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

    ඒ අනුව සියළුම බේකරි නිෂ්පාදන අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කීය.

    ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 110ත් 130ත් දක්වා ඉහළ යනු ඇත.

    අමෙරිකානු තානාපතිනිය Floating Market ගිහින්

    0

    මෙරටට අලුතින් පත්වූ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ඊයේ පිටකොටුවේ පිහිටි පාවෙන වෙළඳපොළ වෙත ගොස් තිබේ.

    එහි වෙළෙඳ හිමියන් සමඟ කෙටි කතාබස්වලට නිරත වූ ඇය පවසන්නේ පාවෙන වෙළෙඳපොළ අපූරු අත්දැකීමක් බවයි.

    එහි ව්‍යවසායකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන ගැන දැනගැනීමට හැකිවීම සතුටක් බව ඇය කියාසිටියි.

    ඇය මෙරටට ලැබූ පත්වීමෙන් පසුව සිංහල භාෂාව කතා කිරීමට ද ඉගෙන ගනිමින් සිටින්නීය.

    දකුණු කොරියාවේ සියෝල්හි උපත ලද ඇය අමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා අමෙරිකානු පුරවැසියෙක් ලෙස එරට රජයට සේවය කරමින් සිටින්නීය.

    ආසියාවේ දෙවැනි වේගවත්ම වයස්ගත ජනගහනය ලංකාවේ

    0

    ආසියානු කලාපයේ ජපානයට පසුව වේගයෙන්ම වයස්ගත ජනගහනයක් සිටින රට ශ්‍රී ලංකාව බව රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    ඇය පවසන්නේ මේ වනවිට මෙරට තුළ අවුරුදු 60ට වැඩි 17%ක වැඩිහිටි ජනගහනයක් සිටින බවය.

    ඇය මේ බව අනාවරණය කළේ අද පාර්ලිමේන්තුවේදීය.

    ජාතික වැඩිහිටි කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් මෙරට තුළ වැඩිහිටියන් මිලියන 3.8ක් පමණ සිටින බව ඔහු පුරෝකථනය කර තිබේ.

    2025 වනවිට 20% දක්වා වැඩිවේ යැයි අපේක්ෂා කරන බව පවසන රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ ඊට පෙර මෙරට තුළ ජනගහනයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව ය.

    මෙරට තුළ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයන්ගේ අවුරුදු 72-73ක් කාන්තාවන් අවුරුදු 79 ක් ලෙස 2012 සමීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

    විශ්‍රාම වයස අවුරුදු 65 බවට අයවැයෙන් තීරණය කිරීම පිළිබඳවද ඇය මෙහිදී ප්‍රශංසා කළාය.

    අවුරුදු 60-69 වයස්වල අය තරුණ වැඩිහිටියන් ලෙස ද අවුරුදු 70-79 වැඩිහිටි ජනගහනය සහ අවුරුදු 80ට වැඩි අය වයෝවෘද්ධ අය ලෙස හඳුන්වන බව ද ඇය අවධාරණය කළාය.

    පාන් මිලත් අද මැදියමේ සිට ඉහළ යන ලකුණු

    0

    තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් සූදානම් වේ.

    මිල තීරණය කිරීම සම්බන්ධයෙන් අද දහවල් විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී ගනු ලබන තීරණයන්ට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩි කෙරන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

    තිරිඟුපිටි මිලත් දැනෙන තරමින් ඉහළට

    0

    තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩ්බ් සමාගම් පියවර ගෙන තිබේ.

    සෙරන්ඩිබ් සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 35කින් අද සිට වැඩි කර ඇති අතර ප්‍රීමා සමාගම තීරණයකර ඇත්තේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35ත් 45ත් අතර මිලකින් වැඩි කිරීමටය.

    අද දවස තුළ ප්‍රීමා සමාගම තිරිඟුපිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

    ශෂී විරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබාදීම කල්යයි

    0

    විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවිංශ මහත්මිය සම්බන්ධයෙන් වූ විදෙස්ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ලබන මැයි 06 වෙනිදා නිකුත් කරන බව ප්‍රකාශ කළේය.

    එම නඩුව අද කැදවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාය.

    ශෂී වීරවංශ මහත්මිය අද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

    අද විදුලිය කැපෙන කාලසටහන

    0

    අද (11) දිනයේදී විදුලි කප්පාදුව සිදුුවන වේලාවන් පිළිබඳ මහජන උපයෝගීතා කොමිසම කාලසටහන නිකුත් කර තිබේ.

    E-11-03-2022-Power-Interruption-Schedule-full

    නිදහස් කරන ලද ප්‍රදේශ

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3

    ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

    0

    මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු අද සිට සියයට 27 කින් ඉහළ දැමීමට තීරණය වී තිබේ.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරනුයේ විනිමය අනුපාත ඉහළයාම මේ තත්ත්වය හේතුවී ඇති බවය.