fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සෞදි ආරාබිය 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත් මක කරයි

    සෞදි ආරාබිය 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත් මක කරයි

    සෞදි අරාබිය සිය විශාලතම සමූහ මරණ දඬුවම ක්‍රියාත්මක කරමින්ඊයේ(12) දිනයේ 81 දෙනෙකු මරා දමා ඇත.
    ‍ඝාතන සහ සටන්කාමී කණ්ඩායම්වලට අයත් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන් 81 දෙනෙකුට මෙලෙස මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. මෑත ඉතිහාසයේ සෞදි රජය එක් දිනක් තුළ ක්‍රියාත්මක කළ විශාලතම මරණ දඬුවම මෙය වේ.

    1979 දී මක්කම ග්‍රෑන්ඩ් පල්ලිය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සටන්කාමීන් 63 දෙනකු සඳහා 1980 ජනවාරි මස සිදු කළ සමූහ ඝාතනයේ සංඛ්‍යාව පවා අභිබවා යමින් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

    සල්මාන් රජු සහ ඔහුගේ ඔටුන්න හිමි පුත් මොහොමඩ් බින් සල්මාන් කුමරු යටතේ සෞදි අරාබිය වැරදිකරුවන්ගේ හිස ගසා දැමීම දිගටම සිදු වේ.

    මෙලෙස ඝාතනයට ලක්වූවන්ගෙන් සමහර දෙනෙකු අල්-කයිඩා, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සහ යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ආධාරකරුවන් බව සෞදි ආරංචි මාර්ග සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.