fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රසායනික ද්‍රව්‍ය හොරට නිෂ්පාදනය කළ කම්හල ක් වැටලේ

    රසායනික ද්‍රව්‍ය හොරට නිෂ්පාදනය කළ කම්හල ක් වැටලේ

    හෝමාගම මාකුඹුරේ පිහිටි බලපත්‍ර නොමැතිව රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ස්ථානයකට මුද්‍රා තැබීමට පියවරගත් බව පොලිස් මූලස්ථානය අද නිවේදනය කළේය.

    මධ්‍යම පරිසර අධිකාරිය හා මහරගම නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් අදාල ස්ථානය නිරීක්ෂණයකර ඊයේ එම මුද්‍රා තැබීම සිදුකර තිබේ.

    ජනාධිපති කාර්යාල පරිසර ආරක්ෂක හා විශේෂ පැවරුම් ඒකකයට ලද මහජන පැමිණීල්ලක් මත හෝමාගම පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    මෙම රසායනික නිෂ්පාදන ස්ථානය පවත්වාගෙන යමින් අනවසරයෙන් හා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය හා පළිබෝධ නාශක නිෂ්පාදනය කර ගබඩා කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් ඉදිරි නීතිමය පියවර ගනු ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇති බවත් හෝමාගම පොලීසිය විසින් අපරාධමය ක්‍රියාවක් අනාවරණය වන්නේ දැයි සොයා බලන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.