තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේදී අක්‍රමිකතා ඇතිවූ දරුවන්ට ලැබෙන විසඳුම

    සාපෙළ විභාගයේදී අක්‍රමිකතා ඇතිවූ දරුවන්ට ලැබෙන විසඳුම

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ඇති වු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවු සිසු දරුවන් සියලුදෙනාට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

    විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන් කිහිපදෙනෙකුට සිදුවු අසාධාරණයන් සම්බන්ධව ලැබුණු පැමිණිලිවලට අදාළව කරුණු විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණි.

    එලෙස අසාධාරණයට ලක්වු දරුවන් සහ දෙමාපියන් ද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියහ.

    පැය 3කට ආසන්න කාලයක් අදාළ පැමිණිලි විභාග කිරීම සිදුවු අතර මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම මත අදාළ ගැටලුවට විසඳුම් ලැබුණු බව මාපියෝ ප්‍රකාශ කළහ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එවැනි අක්‍රමිකතා සිදුවූ කිසිදු සිසු දරුවකුට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබව බවයි.

    එමෙන්ම මිනුවන්ගොඩ පාසලක භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවට සිසු දරුවන් කළ ‍චෝදනාවට පිළිතුරු දුන් කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එය මුළුමනින්ම විභාග ශාලාපතිගේ ඇතුළු කාර්ය මණ්ඩලයේ වරදක් බවයි.

    එවැනි අවස්ථාවල ගන්නා ක්‍රියාමාර්ග අකුරටම ක්‍රියාත්මක කරන බව හෙතෙම කීය.

    පසුගිය දින කිහිපයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවු බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධව සිසු දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා එල්ල විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img