fbpx
තවත්
    මුල් පිටුවspecialසුද යාම හෙවත් ඇඟ උණුකරවා යාම

    සුද යාම හෙවත් ඇඟ උණුකරවා යාම

    අදහස් දැක්වීම – වෛද්‍ය කේ.ඩී.පියුමි ටානියා ජයවර්ධන
    රක්වාන ආයුර්වේද රෝහල

    ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමෙන් පසු ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය මත අවර්ණ තරලයක් යෝනි මාර්ගය තුළින් ස්‍රාවය වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි .මෙම යෝනි ස්‍රාවය සුදු පැහැයට ආසන්න වර්ණයකින් වැඩි ප්‍රමාණයකින් ස්‍රාවය වීම සුදයාම,ඇඟ උණුකරවා යාම ලෙස හඳුන්වනු ලබයි. ශ්වේතප්‍රදරය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ මෙයයි.

    මෙම යෝනි ස්‍රාවය

    • කිරි කැටිති මෙන් විය හැකිය
    • දුර්ගන්ධය පැවතිය හැකිය .
    • යෝනි කණ්ඩු (කැසීම්)පැවතිය හැකිය .
    • ලා කහ,ලා කොළ වැනි විවිධ වර්ණ විය හැකිය.
    • ශ්වේතප්‍රදර හේතුව අනුව යෝනි ස්‍රාවයේ ගුණ වෙනස් වේ

    ශ්වේතප්‍රදරය සඳහා ශාරීරික හේතු ,මානසික හේතු හා විවිධ රෝග තත්වයන් බලපානු ලබයි.

    3d rendered illustration of the female anatomy
    • යෝනි මාර්ගයේ ආසාත්මිකතාවයන්
    • candida වැනි යීස්ට් ආසාදන
    • උපත් පාලන ඖෂධ භාවිතය (හෝර්මෝන මඟින් pH අගය වෙනස් වීම නිසා සාමාන්‍ය බැක්ටීරියා අධික වර්ධනය )
    • දියවැඩියාව ,ගැබ්ගෙල පිිළිකා වැනි රෝග තත්ව
    • මානසික ආතතිය හා අධික ද්වේශය
    • ගර්භිනීභාවය
    • ක්ලැමිඩියා,ගොනෝරියා,ට්‍රයිකොමොනියේසිස්,ගාර්ඩිනෙල්ලා වැනි ලිංගාශ්‍රිත රෝග

    මැදිවියේදී සුදයාම දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකිය.
    සුදයාම සහිතව යෝනි කණ්ඩු තත්වයක් පවතී නම් මැදිවියේ පසුවන ඔබ රුධිරගත සීනි පරීක්ෂාවක් කර ගැනීම වඩා සුදුසුයි .

    සුදයාමෙන් කෙට්ටු වෙනවාද ?

    සුදයාම හා සමාන වූ ලක්ෂණ සහිත සුදු පැහැති තරලයක් ස්‍රාවය වන වෙනත් රෝගයක් ආයුර්වේදයේ සෝම රෝගය නමින් දක්වා ඇති අතර එම රෝගයේදී ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය තරල ප්‍රමාණයේ අඩුවීමක් සිදු වේ.එමඟින් ශරීරය කෙට්ටු වීම සිදුවිය හැකිය.සුදයාමට හේතුවන කාරණය මත ශාරීරික දුර්වලතා ඇති වේ.

    ශ්වේතප්‍රදරය, වෙනත් රෝගයක ලක්ෂණයක් වන බැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් වී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.මේ සඳහා බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාරත් , නිවැරදි විහරණ අනුගමනයත් සුව වීම සඳහා ඉතා වැඳගත් ය.

    බැක්ටීරියා හා යීස්ට් ආසාදන තත්වයක් නම් දින කිහිපයකින් සුව වේ.සුව වීම හා නොවීම ශ්වේතප්‍රදර හේතුව මත රඳා පවතී.

    ගංසූරිය,නුග,අත්තික්කා,බෝ පොතු වර්ග තැම්බූ වතුරේ මිනිත්තු 20 ක් පමණ වාඩි වී සිටීම ස්ථානික ප්‍රතිකාරයක් ලෙස නිවසේදීම ඔබට භාවිතා කළ හැකිය . යෝනි ධූපන,යෝනි පිචු ,යෝනි ශේක ආදී සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමද ශ්වේතප්‍රදර චිකිත්සාවේදී යොදා ගනී

    උපදෙස් හා හිත ආහාර යෝනි ප්‍රදේශය මෘදු සබන් වර්ගයක් භාවිතයෙන් මඳ උණුසුම් ජලයෙන් දිනකට කිහිප වරක් පිරිසිදු කිරීම හා පවිත්‍ර කිරීමෙන් පසු ඉදිරියේ සිට පිටුපස දෙසට පිසදැමීම කළ යුතුයි.එමඟින් රෝගීකාරක බැක්ටීරියා ,දිලීර වෙනත් ස්ථාන වල ස්පර්ශ වීම වළකයි.

    100% කපු පිරිසිදු යට ඇඳුම් භාවිතය තෙත් වූ යට ඇඳුම් භාවිත නොකිරීම ආදී නිවැරදි පිළිවෙත් අනුගමනය රෝගය වළක්වා ගැනීමට ඉතා වැඳගත් වේ.

    3.උළුහාල් ,කොත්තමල්ලි ,සුදුළුණු වැනි කුළුබඩු වර්ග,ග්‍රීන් ටී ,බත් කැඳ වැනි පාන වර්ග, Probiotics අඩංගු යෝගට් වැනි ආහාර ශ්වේතප්‍රදර රෝගයට සුදුසුයි .උෂ්ණාධික ආහාර වලින් වැළකිය යුතුයි .

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.