fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාරක යානයට චීනය බැල්ම හෙලයි

    දකුණු චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාරක යානයට චීනය බැල්ම හෙලයි

    දකුණු චීන මුහුද ආසානයේදී කඩා වැටුණු ඇමරිකානු නාවික හමුදාවට අයත් නවීනතම ප්‍රහාරයානය චීනය අතට පත්වීම වැලැක්වීමට එක්සත් ජනපදයට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබේ.

    ලොව නවීනතම තාක්ෂණයෙන් සමන්විත එෆ්35 මාදිලියේ ප්‍රහාරක ගුවන් යානයක් ඉකුත් දා ඇමරිකා නාවික හමුදාවට අයත් යූඑස්එස් කාල් වින්සන් ගුවන්යානා ප්‍රවාහක නෞකාවට ගොඩබෑමට යාමේදී අනතුර පත්විය.

    එහිදී අනතුරට පත් ගුවන් යානය මුහුදට කඩා වැටුණු අතර යානයේ නියමුවා යානයෙන් මීදි ජීවිතය ආරක්ෂා කරගැනීමට සමත්වූ අතර අනතුරින් නෞකාවේ සිටි නාවිකයින් හය දෙනෙකුට තුවාලද සිදුවිය.

    ප්‍රහාරක යානාව කඩා වැටුණු දකුණු චීන මුහුදේ කොටසක් තමන්ටද අයත් බවට චීන ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාල කාලාපය තුල මුහුදු පතුලේ යානයේ සුන්බන් පවතී නම් එය මුදා ගැනීමට චීනයේ සෘජු මැදිහත් වීමක් සිදුවීමට ඉඩ ඇත.

    ඒ අනුව චීනය විසින් මේවන විටත් යානාය කඩා වැටුණු ස්ථානය පිළිබඳ අවදානයෙන් පසුවෙනු ඇතැයි යුධ විශ්ලේෂඛයින් පවසයි. එබැවින් මෙම යානය යම් ආකාරයකින් චීනය ගොගැනීමක් සිදු කළහොත් ඇමරිකානු නාවික හමුදාව භාවිතා කරන නවීන යුද තාක්ෂණය චීනය අතට පත්වීමේ අවදානමක්ද පවතී.

    ඇමරිකාන ඩොලර් මිලියන සියයකට ආසන්න වටිනාකමින් යුත් මෙම යානය ප්‍රධාන වර්ග තුනකින් නිර්මාණය කරනු ලබයි. ඒ අනුව එෆ්35 ඒ යානය ගුවන් හමුදාවටත් එෆ්35බී මැරීන් බලකායටත් එෆ්35සී නාවික හමුදාවටත් නිර්මාණය කරනු ලබයි.

    එහිදී නාවික හමුදාවට නිපදවන ගුවන් යානය සමාන්‍ය ගුවන් යානයකට වඩා වෙනස් අකාරයකින් හැසිරවිය හැකි අතර එම යානය සිරස් අතර ගොඩබෑමට හැකියාව පවතින අතර සාමාන්‍ය ගුවන් යානයකට වඩා අඩු ධාවන පථයක ගුවන් ගත වීමටද හැකියාව පවතී.

    මෙම යානය රේඩාර් පද්ධති මඟහරිමින් ගමන් කිරීමේ හැකියාව පවතින අතර සතුරු යානාවලට නොපෙනී සිය ඉලක්ක වෙත ගොස් පහරදීමටද හැකියව පවතී.

    එෆ්35 යානය ඇමරිකාවට අතිරේකව මහා බි්‍රතාන්‍ය, ජපානයද භාවිතා කරන අතර මෑතකදී ෆින්ලන්තයට යානා මිලදී ගැනීමට කැමැත්ත පලකර ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.