fbpx
තවත්

    හොරණින් බස් නෑ!

    0

    හොරණ නගරයෙන් ගමන් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් රථ අද උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබේ.

    මතුගම හොරණ මාර්ගයේ පෙලේගොඩ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දින කීපයක සිට ගමන් මාර්ගය වෙනස්කර බුලත්සිංහල සිට ධාවනය ආරම්භ කිරීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භකර ඇත.

    රාජකාරි සදහා මෙන්ම පාසල්වලට පැමිණෙන දරුවන් ද වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටී.

    ජනතාවට සිදුවන අසීරුතාව වැළැක්වීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ හොරණ සිට ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් වෙන් කෙරේ

    0

    වී කිලෝග්‍රෑම් 01 ක් අද සිට රුපියල් 75.00 කට වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට ද රජය පියවර ගෙන ඇත.

    2020 වසරේ මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 40,000ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊට අදාළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    බූස්ටර් දෙන්න ගෙන්වූ ෆයිසර්‌ කල් ඉකුත් වීමේ අවදානමක්

    0

    රජය විසින් දැවැන්ත මුදලක් වැය කොට තුන්වැනි මාත්‍රාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් තොගය මෙම වසරේ ජූලි මාසයට පෙර ලබා ගැනීමට ජනතාව උනන්දු නොවන්නේ නම්, කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

    එක්සත් ජනපද-ජර්මානු නිෂ්පාදනයක් වන Pfizer-BioNTech Covid-19 එන්නතෙහි බූස්ටර් තුන්වන මාත්‍රාව වෙනුවෙන් මෙලෙස ආනයනය කර ඇත.

    ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට රට තුළ පවතින Pfizer-BioNTech එන්නත් මාත්‍රාව 2022 ජූලි මාසයේ සිට කල් ඉකුත් වීමට නියමිත බවයි.

    “බූස්ටරයේ තුන්වන මාත්‍රාව ලෙස ලබා දීමට ආනයනය කරන ලද Pfizer-BioNTech එන්නත් මාත්‍රාව 2022 ජූලි මාසයේ සිට කල් ඉකුත් වීමට නියමිතයි. එබැවින් ඊට පෙර බූස්ටර තුන්වන මාත්‍රාව ජනතාව ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුවහොත් එන්නත් කල් ඉකුත් වීමේ අවදානමක් පවතිනවා.” මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

    බූස්ටර තෙවැනි මාත්‍රාව ලෙස ලබාදීම සඳහා Pfizer-BioNTech එන්නත් මාත්‍රාව මිලියන 14ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

    ඉන් මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ජනතාවට ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

    තවත් Pfizer-BioNTech මාත්‍රා මිලියන 11 කට ආසන්න ප්‍රමාණයක් රට තුළ ඇති බව ඔහු පැවසීය.

    අද එන්නත් මධ්‍යස්ථාන 125ක් රටපුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 125කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 25.01.2022

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-25

    0
    ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් උපත ලැබුවේ 1937 ජනවාරි 25 දිනයි
    ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් උපත ලැබුවේ 1937 ජනවාරි 25 දිනයි

    ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් උපත ලැබුවේ 1937 ජනවාරි 25 දිනයි

    විදුලි අර්බුයට හේතුව ඩොලර් විතරක් නෙවෙයි – PUCSL

    0

    රට පුරා විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය හෙට ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

    බලාගාරවල තත්වය පරීක්ෂා කොට අවසන් තීන්දුව ගන්නා බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කීය.

    ජනාධිපතිවරයාගේ නියෝගයෙන් රුපියල් බිලියන 93ක් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති හෙයින් තෙල් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

    විදුලි බලාගාර කාලයක සිට ස්ථාපිත නොවීම දිගුකාලීන විදුලි අර්බුදයක් උද්ගතව තිබෙන බව ද එවැනි තත්ත්වයක් ඇති විය හැකි යැයි ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2016 වසරේ සිට අනතුරු ඇඟ වූ බවද ජනක රත්නායක මහතා කීය.

    හෙට විදුලි කප්පාදුව ගැන ලංවිම කියන දේ

    0

    රට පුරා විදුලි කප්පාදුවකට සැලසුම් කර තිබුණද අද (24) සහ හෙට(25) යන දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසීය.

    යුගදනවි බලාගාරයේ තිබෙන දැවිතෙල් තොගයක් සපුගස්කන්ද බලාගාරයට ලබාදීමට නියමිත හෙයින් සපුගස්කන්ද බලාගාරය ජනන කටයුතු යළි ආරම්භ කළ හැකි බවද සුසන්ත පෙරේරා මහතා කීය.

    ඒ අනුව අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද අවශ්‍ය වුවහොත් එම කප්පාදුව සිදු කරන දින පසුව දැනුම්දෙන බවද ලංවිම වැඩබලන සභාපතිවරයා පැවසීය.

    ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටී

    0

    බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ විදුලි බිදවැටීම් වාර්තා විය.

    පානදුර මාලඹේ හෝමාගම පාදුක්ක යන ප්‍රදේශවලට පැයකට අධික කාලයක් මෙලෙස විදුලි බිදවැටීම් වාර්තා වී තිබුණි.

    අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද පස්වරුවේ පවසා තිබුණි.

    රුසියා – යුක්‍රේන අර්බුදය උණුසුම් වෙයි

    0

    රුසියානු යුක්ක්‍රේන අර්බුදය උත්සන්න කරමින් අතිරේක භටපිරිස් නැගෙනහිර යුරෝපයට පිටත්කර යැවීමට සූදානමින් පසුවන නේටෝ සංවිධානය සඳහන් කරයි.

    ඒ අනුව මේවන විට රුසියානු හමුදා භටපිරිස් ලක්ෂයකට ආසාන්න පිරිසක් යුක්රේන දේශසීමාව ආසන්නයේ කඳවුරු බැඳ සිටින බවද නේටෝ සංවිධානය පවසයි.

    එලෙස යුක්රේන දේශසීමාව ආසන්නයේ සිටින රුසියානු භට පිරිසන් ඕනෑම මොහොතක පහරදීමේ හැකියාවක් පවතින බවටද ඇමරිකාව අනතුරු අඟවා ඇත.

    පවතින තත්ත්වය හමුවේ ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ නෙදර්ලන්තය යුක්රේනයේ සහයට සිය හමුදාවන් යොමු කිරීමට සූදානමින් පසුවෙන බවද නේටෝ සංවිධානය පවසයි.

    ඒ අනුව බි්‍රතාන්‍ය රජය විසින් යුක්රේනයේ සිටින සිය තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් අඩක් මේවන විටත් යලි බි්‍රතාන්‍යට ගෙන්වා ගෙන ඇති අතර ඇමරිකානු රජය විසින්ට යුක්රේණයේ සිටින සිය තානාපති නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින් යලිත් ඇමරිකාවට පැමිණෙන ලෙස දැණුම්දී ඇතැයි වාර්තාවේ.

    කෙසේ වෙතත් රුසියාව විසින් තමන් යුක්රේනය ආක්‍රමාණය කිරීමට සුදානම් වන බවට ඇමරිකාව ප්‍රමුඛ බටහිරි රටවල් ව්‍යාජ තොරතුරු පතුරවමින් සිටින බවත් සත්‍ය වශයෙන්ම නේටෝ සංවිධානයේ ප්‍රහාරයක අවධානමට තමන් මුහුණ දී සිටින බවද පෙන්වා දෙයි.

    මේ අතර ඉකුත් සති අන්තයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්රේණයට අවි ආයුධ විශාල ප්‍රමාණයක් ලබාදීමට පියවරගෙන ඇති අතර අවස්ථා දෙකකදී මෙලෙස ආයුධ ලබාදීම සිදුකර ඇත.

    “ඇත්ත එළිවෙනකල් ආණ්ඩුවට එරෙහිව අරගල කරනවා” – අගරදගුරු හිමි

    0

    බොරැල්ල පල්ලියේ තිබූ ‍බෝම්බය පිළිබඳ සම්බන්ධ විමර්ශනය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලීසිය කරන නාටකය පැහැදිලිව පෙනෙන්නට ඇති බවත් සත්‍ය හෙළිවනතුරු ආණ්ඩුවට එරෙහිව අරගල කරන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

    උන්වහන්සේ පවසා ඇත්තේ මෙම විමර්ශනයේදී ආණ්ඩුවටට හෝ පොලීසියට ලිස්සා යාමට ඉඩ නොදෙන බවය.

    අගරදගුරු හිමියෝ වැඩිදුරටත් මෙලෙස කීහ.

    “මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි පොලීසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා.

    ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කෙනෙක් ගෙනාවද හොයන්න පුළුවන් වෙනවානේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක අර ‘මුනි’ කියන කෙනා පිට මේක දාලා අතහෝදගන්න පොලිසීය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. එහෙම දේවල් කරන්න අපිට ඉඩදෙන්න බැහැ සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට.

    ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලීසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරැද්ද හරිගස්සන් ඕනේ. මේ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලීසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්නට පෙර පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා.

    අනිත් එක ඒක විතරක් නෙමෙයි, අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බයත් මේ මනුස්සයාගේ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා පොලීසිය මිනිස්සුන්ට ගහලා තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරන් කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ අනෙක් තුන්දෙනාට වුණ අසාධාරණයට අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”

    කොවිඩ් එන්නත ගැන එන අලුත් ගැසට්ටුව

    0
    keheliya

    මින් ඉදිරියට මෙරට තුළ සම්පූර්ණයෙන් එන්නත් කළ අය ලෙස හඳුනා ගනු ලබන්නේ කොවිඩ්-19 ‍වයිරසයට එරෙහිව එන්නත් තුනම ලබා ගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා අද වැඩිදුරටත් පැවසීය.

    COVID-19 ට එරෙහිව නියමිත එන්නත් මාත්‍රා ලබාගෙන මෙරටින් කොවිඩ් තුරන් කිරීමටත් ඔබ‍ සැමගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    දකුණේ විසූ අනේපිඬු සිටුවරයා – බී.ආර්.දිසානායක

    0

    (අද දිනට යෙදී ඇති මහාදානපති බී.ආර්.දිසානායක මහතාගේ ගුණානුස්මරණ දිනය නිමිත්තෙනි)

    1911 ජනවාරි මස 28 වැනි දා වේහැල්ලේ මහ ‌බෙත්මේ වලව්වේ දී උපත ලද බැන්‌ටි රොබට් දිසානායකගේ මව්පියන් වූයේ දෙවුන්දරට ආසන්නයේ වූ කපුගම ග්‍රාමයේ ජීවත් වූ ඉඩම් හිමිවැවිලිකරුවකු මෙන්ම දෙවුන්දර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දැරූ අන්ද්‍රයස් කොර්නේලිස් දිසානායක මහත්මා සහ වේහැල්ලේ මහබෙත්මේ වලව්වේ විසූ ලුසී විජේසිරි ගුණතිලක වික්‍රමරත්න මහත්මියයි. විවාහයෙන් අනතරුව අන්ද්‍රයස් කොර්නේලිස් දිසානායක සිය බිරිදගේ නිවසෙහිම පදිංචි වූ අතර එම වලව්ව වනාහි පාරම්පරිකව දෙවුන්දර විස්ණු දේවාලයේ බස්නායක පදවිය හිමි වූ පරපුරේ නිවස විය.

    වේහැල්ලේ මහ බෙත්මේ වලව්ව

    මෙම වේහැල්ලේ බෙත්මේ වලව්වේ අභිමානවත් ඉතිහාසය නුවර යුගය දක්වා දිව යන අතර 17 වැනි සියවසේ දී මෙහි වාසය කළ විජේසිරි ගුණතිලක වික්‍රමරත්න දිසානායක ලොකු මහත්මයාට සහ ඔහුගේ කුමාරිහාමි වූ කඳුරුපොකුණේ නවරත්න පොඩි හාමිනේට දරුවන් තිදෙනෙක් වූහ. එවකට නවරත්නපොඩි මැණිකේගේ සහෝදරයා වූ කඳුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත හිමි තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ධූරය හෙබවූ අතර උන්වහන්සේ විසින් දිනයක් වලව්වට වැඩම කොට ආපසු විහාරයට වැඩියේ නැඟණියගේ දොළොස් හැවිරිදි දෙටු පුත් අප්පුහාමිද කැටුවය. සාමණේර නමක වීමට අවශ්‍ය බණ-දහම් ආදියෙහි දක්ෂ වූ අප්පුහාමි දරුවා 1693 දී පැවිදි භූමියට පත් කළ අතර ඒ ‘වේහැල්ලේ ධම්මදින්න’ නාමය ලබා දෙමිනි.

    පැවිදි වූ මුල් යුගයේ පටන් වැලිවිට සරණංකර හිමියන්ගේ ඇසුරට පත් වේහැල්ලේ ධම්මදින්න සාමණේරයෝ ඉතා අලංකාර ලෙස පුස්කොළ ලිවීමටත්, ධර්ම දේශනා පැවැත්වීමටත් හැකියාව ලැබූහ. මේ නිසා සරණංකර හිමියන් රජමාලිගයට වඩින අවස්ථාවලදී ධම්මදින්න සාමණේරයන් කැටුව ගිය බොහෝ අවස්ථා වල දී කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දහම් දෙසුවේ එම සාමණේර නම විසිනි. වසර විසිතුනක් මේ කටයුතුවල යෙදී ගම්රටවල් බලා වැඩම කිරීමට සිතූ වේහැල්ලේ සාමණේර හිමියන් ඒ බව රජුට දැන්වීමට වැඩි මොහොතේ මේ මනා රූපසම්පත්තියෙන් හා චතුර ධර්ම දේශනා ශක්තියෙන් හෙබි ධම්මදින්න හිමියන් සංඝරාජහිමියන්ගේ ද කැමැත්තෙන් කුට්ටාපිටිය ගම්වරය හා ශ්‍රීපාදස්ථානාධිපති ධූරය පිදීමට රජු කටයුතු කළේය.

    දිනක් වේහැල්ලේ හිමියන් බැහැ දැකීමට උන්වහන්සේගේ බාල සොයුරා පැමිණි අතර ඔහු රජදැක්ම සදහා හිමියන් සමග ගියේය. එහිදී ඔහු උඩරට රාජධානිය ලන්දේසීන්ගෙන් රැකගැනීමේ මුර කපොල්ලේ සේවය කරන බව දැනගත් කිර්ති ශ්‍රි රාජසිංහ රජු, ඔහු පිළිබදව පැහැදුනු අතර වේහැල්ලේ හිමි පිළිබඳ ඇති පැහැදීමත්, තරුණයා පිළිබඳ ඇති වූ විශ්වාසයත් නිසා සපරගමුව හා දකුණ යා කෙරෙන ප්‍රධාන මුරපොළ වූ ‘මුලමුර’ රැකීමේ ප්‍රධානියා ලෙස ඔහුට පත් වීමක් ලබා දුන්නේය. එය රජු සිදු කළේ තරුණයාගේ මවු-පිය පාර්ශ්ව දෙකෙහි නම් ගළපා ‘වේහැල්ලක නවරත්න දිශානායක පණ්ඩිත මුදියන්සේ’ යන නම්බු නාමය ද ගම්වරයක් ද ප්‍රදානය කිරීමෙනි. එම ගම්වරය ‘මොලමුරේ’ නම් විය. මෙම වේහැල්ලේ පරපුර පසුව ආවාහ විවාහ නිසා මොලමුරේ, විජේසිංහ, ඇමටියගොඩ, විජයවර්ධන ආදි මෙරට ප්‍රකට පරපුරවල් රාශියක් සමග සම්බන්ධ විය.

    දිසානායක පවුලේ දියණියන් 6 දෙනෙක් ද පුතුන් 5 දෙනෙක් ද වූහ. ඒ අතුරින් 9 වැනියා වූ බැන්ටි වයස අවුරුදු 7 වන විට කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කළ අතර කොළඹ පිහිටි සිටි වැඩිමහල් සහෝදරියගේ නිවසේ සිට පාසල් ගමන සිදු කරන ලදී. දිනක් බැන්ටිව බැලීම සදහා මව කොළඹ පැමිණි අවස්ථාවක ඔහුගේ වියදම් සදහා ශත 10 දී පැමිණි අතර ඔහු එය පරිස්සම් කර තබා ගෙන පිණ්ඩපාතයේ වැඩි ස්වාමීන් වහන්සේ නමකට මී කිරි බදුනක් ගෙන පූජා කළේය. මෙය සාමාන්‍යයෙන් මෙවැනි වයසක දරුවකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවීය.

    මෙසේ ඉතාම දක්ෂ ලෙස ඔහුට කණිෂ්ඨ විභාගයෙන් අනතුරුව අධ්‍යාපනය නතර කිරීමට සිදු වන්නේ පොල් මිල පහත හෙලීමෙන් දෙමව්පියන්ගේ ආදායම් මාර්ග අවහිර වීම නිසාය. ඉගෙන ගැනීම නතර කිරීමෙන් පසු ඔහු පොලීසියට, යුධ හමුදාවට හා දුම්රිය රියදුරු සේවයට බැදීමට අදහස් කළත් ඒ සියලු උත්සහයන් අසාර්ථක විය. පසුව ඔහු ගම්සභා ලිපිකාර තනතුරකට ඉල්ලුම් පත්‍ර යොමු කළ ද එය ලියාපදිංචි තෑපැලෙන් යොමු නොකිරීම නිසා අස්ථාන ගත විය. මින් අනතුරුව රැකියා සෙවීමේ අදහස සදහට අත්හැර දැමූ ඔහු තම පියා සතු කුඹුරු වගා කිරීම ආරම්භ කරන ලදී.

    ආරෝහ පරිනාම දේහයකින් යුතු බැන්ටි වී වගාවට අදාල සිදු ක්‍රියාදාමයන් නොබසු බස්නා වීර්යයකින් සිදු කරන ලදී. ඊට අමතරව පොල් එකතු කො‌ට කොප්පරා තැනීම ද ඔහු විසින් සිදු කරන ලදී. පසුව සිය සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වූ දෙනියායේ ඒ.ඒ.ඩබ්.රත්නායක රාළහාමිගේ වතුයායේ වසර දෙකක් පමණ සේවය කරන ලද අතර එම කාළයේ දී වතු වගාව පිළිබද මනා දැනීමක් ලබා ගැනීමට ඔහු සමත් විය. මේ වන විට 19 වන වියෙහි පසු වූ ඔහු රත්නායක පවුලේ බෑනාවරුන් හා ලේලිවරු සමග එක්ව දෙනියාය නගරයේ ව්‍යාපාර ආරම්භ කළ අතර එහි ලාභය කොටස්කරුවන් අතර ‌බෙදා ගත්හ. දෙනියායේ සිටි අවධියේ දී එහි ය ධර්මද්ජ පිරිවෙණේ බෙරලපනාතර ධම්මරතන නාහිමියන්ගේ ඇසුරට පත් වීම ඔහුගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂයක් වූවා සේය. උන්වහන්සේ එවකට එහි ආගමික හා සමාජයීය වශයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කරමින් සිටි අතර එම කටයුතු වලට සම්බන්ධ වීමට තරුණ බැන්ටිට අවස්ථාව ලැබුනි.

    දෙනියායේ වෙදළාම් කටයුතු වලින් පසු ගාල්ලට පැමිණි ඔහු ඉන් අනතුරුව සිල්ලර කඩයක් ආරම්භ කොට තොග වෙළදාම කළ අතර පසුව එහි කොටස්කරුවකුට තම කොටස ද පවරා ඉන් අස්විය. මේ අතර තවත් හවුල්කරුවන් දෙදෙනකු හා එක්ව කොටපොළ ප්‍රදේශයේ අක්කර 425 තේ සහ රබර් වත්තක් මිලදී ගත් අතර එය ක්‍රමයෙන් දියුණු කිරීමට ඔහු සමත් විය.

    1947 දී ඔහු විවාහ දිවියට පත් වන්නේ ගාල්ල මාගාල්ලේ බී.මාෂල් නම් වූ ව්‍යාපාරිකයාගේ දියණිය සමගය. බී. මාර්ෂල්ට අප්‍රිකාවේ සැන්සිබාර්හි පවා වෙළදව්‍යාපාර කටයුතු අයත්ව තිබූ අතර ඔහුගේ හදිසි වියෝවයෙන් දියණිය වෙත එම සියලු දේපල වලකීම පැවරුනි. විවාහයෙන් අනතුරුව එම දේපල දියුණු කිරීමේ වගකීම ද බැන්ටිට පැවරුනු නිසා වව්ලුගල නම් වූ අතිවිශාල වතුයාය ද දියුණු කරවා තේ කර්මාන්ත ශාලා ද ඉදි කරන ලදී. රක්වානේ ද ඉඩම් මිලදී ගත් ඔහු ගාල්ලේ සීමාසහිත ඊකෝට්ස් සමාගම ද මිලදී ගන්නා ලදී. ඊකෝට්ස් සමාගම විසින් සිදු කරන ලද්දේ වැවිලි නිශ්පාදන අපනයනය කිරීමයි. පසුව මාගාල්ල වෙළද සමාගම නමින් වෙළද සමාගමක් ආරම්භ කරන ලදී. එමගින් සකස් කරන ලද පොල් නිශ්පාදන, කොහු නිශ්පාදන හා පොල් කටු අගුරු අපනයන කිරීම ද ආරම්භ කරන ලදී. ඒ සදහා අවශ්‍ය පොල් සපයා ගැනීමට ලුණුවිල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් මිලට ගත්තේය. 1960 දශකය පමණ වන විට ඔහු ගාල්ලේ සිටින ධනවතුන් අතර ප්‍රමුඛ පෙළට පත් විය. ගාල්ල ප්‍රදේශයේ මෙතුමන්ව හදුන්වන ලද්දේ දිසානායක හාමු මහත්තයා නමින්ය.

    බී.ආර් දිසානායක මහතා හා කැතරින් දිසානායක මහත්මිය

    ධනය ඉපැයීම පමණක් සිය රාජකාරිය කොට නොගත් ඔහු එතෙක් සිදු කරමින් පැවති පුණ්‍ය කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම උදෙසා 1964 සැප්තැම්බර් මස 4 වෙනි දින ‘ සම්බෝධි සුභසාධක සමිතිය’ නමින් පුණ්‍යායතනයක් ආරම්භ කළ අතර 1974 පෙබරවාරි 24 දින අංක 57 දරණ ගැසට් පත්‍රයෙන් එය රජය පිලිගත් පුණ්‍යායතනයක් බවට පත් කරන ලදී. එහි ප්‍රධාන මූලස්ථානය ලෙස මාගාල්ලේ සම්‌බෝධි අබාධිත අනාථ නිවාස ඉදි කළ අතර එහි ම කොටසක ප්‍රදේශයේ අබාධිත දරුවන් උදෙසා උපකෘත පාසලක් ආරම්භ කරන ලදී. සෑම දිනකම එම ආබාධිත දරුවන් පිළිබදව තමන් විසින් ම සොයා බැලූ ඔහු දරුසෙනෙහසින් යුතුව ඔවුන්ව රැක බලා ගන්නා ලදී. මෙම සම්‌බෝධි භාරයට ආදයම් පිණිස ඔහු විසින් අක්කර 363 ක් යුතු වවුලුගල වතුයාය, අක්කර 132 කොටපොල වතුයාය, වරල්ලේ අක්කර 20 වතුයාය, බූවැලිආරේ අක්කර 326 ද, වව්ලුගල හා වරල්ලේ ‌තේ කර්මාන්ත ශාලා ඇතුලු තවත් වත්කම් ගණනාවක් පවරන ලදී.

    බූවැලිආර, කොටපොල ද තවත් ආබාදිත නිවාස ද්විත්වයක් ඇති කළ ඔහු ස්වකීය මහගෙදර වූ වේහැල්ලේ මහ ‌බෙත්මේ වලව්ව ද එම භාරයට පවරමින් එහි වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන ලදී. කල්යත්ම මෙම භාරයට ආබාධිත, වැඩිහිටි හා ළමා නිවාස 16 භාරකාරීත්වය පැවරුනු අතර මාගාල්ලේ වයෝවෘද්ධ භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ද ආරම්භ කරන ලදී. නිවාස නොමැති දුගී දුප්පතුන් ගණනාවක් වෙනුවෙන් ඔහු නිවාස ඉදි කරන ලද අතර වසර 40 අධික කාළයක් තම නිවසේ දිනපතා යාචක දානයක් පවත්වන ලදී. දිනපතා දහවල් පුද්ගලයන් 100-150 පමණ මෙම දන්සල පැවැත්වුවේය.

    රුහුණු වීශ්වවිද්‍යාලයේ වෛද්‍යය පීඨය වෙනුවෙන් දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කළ ඔහු තම බිරිදගේ ද අදහසකට අනුව කොටුවේ වොලංකා සමාගමට අයත්ව තිබූ ගොඩනැගිල්ල මිලදී ගෙන ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට පරිත්‍යාගය කළ අතර වර්තමානයේ දී එය දිසානායක ගොඩනැගිල්ල නමින් හැදින්වේ.

    මෙසේ දිසානායක යුවල විසින් විශාල සමාජ සුබ සාධක කාර්යන් සිදු කරගෙන යන අතර තුරදී 1978 අගෝස්තු මස 18 වැනි දින කැත්ලින් දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත විය. මෙයින් අනතුරුව තව තවත් පොදු කටයුතු කෙරෙහි සිදු යොමු කළ බැන්ටි වසර තිස්ගණනක් එම යුවල ජීවත් වූ මාගාල්ලේ සේනානි නම් වූ මහා මැදුර ආයුර්වේද රෝහලක් බවට පත් කරන ලද අතර ඔහු විසින් ම 1973 දී පිහිටුවන ලද ගාල්ලේ පිලිකා සංගමය විසින් ගාල්ලට පිලිකා රෝහලක අවශ්‍යතාවය පෙන්වා දීමෙන් අනතුරුව කැත්ලින් දිසානායක මහත්මියගේ සියලු රන් ආභරණ වෙන්දේසි කොට දාහත් ලක්ෂයක මුදලක් ගෙන එයින් කැත්ලින් දිසානායක අනුස්මරණ පිළිකා රෝහල නිම කරවා 1980 ජුලි 25 දින විවෘත කරන ලදී.

    1958 දී වවුලුගල අක්කර 51 භූමියක් වෙන් කොට ඔහු තනවන ලද ආරණ්‍ය සේනාසනය වර්තමානයේ සම්‌බෝධි ආරණ්‍යය යන නමින් හැදින්වේ. මෙම අවධියේ දී එවකට දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ පානදුරේ අරිධම්ම හිමියන්ගේ මුණ ගැසීම බැන්ටි මහතා තවත් ශාසනික කටයුතු වලට නැඹුරු වීමට හේතුවක් විය.

    ඇත් දළ යුවල ශ්‍රී දළදා මාලිගාවට පූජා කිරීමට පෙර ගාල්ලේ සේනානි නිවසේ තැම්පත් කොට තිබූ අයුරු

    ඒ අනුව තම භාර්යාවගේ පියාට අයත් ව සේනානි නිවසේ තැම්පත් කොට තිබූ අඩි 7 පමණ ද විෂ්කම්භය අගල් 20 පමණ ද වූ සුවිශාල ඇත් දළ යුවල ගාල්ලේ සිට නුවර දක්වා මහ පෙරහැරකින් වඩමවා ශ්‍රී දළදා මාලිගාවට ඔහු විසින් පූජා කළ අතර එම ඇත් දළ යුවල වර්තමානයේ දළදා මාලිගාවේ හදුන්කුඩමේ තැම්පත් කර ඇති එය එහි ති‌බෙන සුවිශාලම ඇත් දළ යුවල ලෙස ද ඇතැම් තැනක ලංකාවේ විශාලම ඇත්දළ යුවල ලෙස ද සදහන් වේ. මෙම සම්පූර්ණ පින්කම අරියධම්ම හිමියෝ කවියට නැගූහ.

    සම්මා සම්බුදු සිරි දළදා වෙත
    ඇත් දළ දෙක බැති සිතින් පුදා
    කළ මාහැගි පින්කම සිහියට ගෙන
    නිවන් පතා මතු පෙරුම් පුරා

    මහ සගරුවනට මහ දෙන පින
    මහ සග රුවටනහි සැප සලසන පින
    නිතර දෙවේලේ සිහිකොට පින්වත
    නිවන් පතා මතු පෙරුම් පුරා

    1982 දී තමන්ගේ සම්පූර්ණ මුල්‍ය දායකත්වයෙන් රුවන්වැලි මහා සෑය සුණු පිළියම් කිරීමට ඔහුට අදහසක් පහල වූ නිසා එවකට එහි නායක හිමියන්ගේ අනුදැනුම මත එම කටයුතු සිදු කළන ලදී. එය අවසානය පානදුරේ අරියධම්ම හිමියන් විසින් ශ්‍රී මහා ‌බෝධිය අභියස දී ‌සුවිශාල බෝධි පූජාවක් පවත්වන ලද අතර මේ පින්කම සදහා ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් විශේෂයෙන් යෙදවූයේය. එහි දී දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් ඔහුගේ වතු හා කර්මාන්ත ශාලාවල සේවකයන්, අබාධිත හා අනාථ නිවාස වල සියලු දෙනා ද හිතමිතුරෝ ආදී 2000 ක පිරිසක් අනුරාධපුරය බලා ගමන් කළහ.

    පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම ප්‍රචාරණ සේවාවට පහසු වනු පිණිස වෑන් රථයක් සියලු වියදම් හා රියදුරු සහිතව පූජා කළ ඔහු, කැකිරාවට නුදුරු තිරප්පනේ අක්කර 8 භූමි භාගයක විශාල ආරාමයක් තනවා ඒ හිමියන්ට පවරන ලදී. අරියධම්ම හිමියන් විසින් කොළඹ 7 උන්වහන්සේ වැඩ සිටි ආරාමයට සම්‌බෝධි නමින් නම් තබන්නේ ද දිසානායක මහතා හා ඔහුගේ සම්‌බෝධි භාරය පිළිබදව තිබු සබැදියාව සිහිපත් වනු පිණිසය. කැත්රින් දිසානායක මහත්මියගේ අභාවයෙන් පසු බැන්ටි මහතා මෙම පුණ්‍යකර්ම කටයුතු මනාව පවත්වා ගෙන යෑම සදහා නැවත වරක් විවාහ දිවියට ඇතුළත් වන අතර ඒ ක්ෂේත්‍රා ද සිල්වා මහත්මිය සමගයි. දිසානායක මහතා වයෝවෘද්ධ සමයේ හා එතුමන්ගේ අභාවයෙන් පසුව පවා එතුමිය මෙම කටයුතු මනාව පවත්වා ගෙන යන ලදී. ආරම්භක යුගයේ පටන් ම මේ කටයුතු වලට ඔහුට සෙවැල්ලක් මෙන් උපකාර කළ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනකු වූයේ ධර්මසේන අබේනායක රාළහාමි සහ වතුපරිපාලක ඩී.සී.හේවාවිදාන මහතාය.

    රුවන්වැලි සෑ පින්කම පැවැත්වූ දින පානදුරේ අරියධම්ම හිමි සහ රුවන්වැලි සෑ චෛත්‍යයරාමාධිකාරී නාහිමි සමඟ

    මේ ආකාරයේ මහා පුණ්‍ය කර්ම ගණනාවක් කළ ඔහු 1995 ජනවාරි මස 24 වැනිදි අභාවප්‍රාප්ත වූ අතර මිය ගිය පසුත් ඔහුගේ පරිත්‍යාගශිලීත්වයට ඉඩ දෙමින් ඔහු අදහස් කළ පරිදි එම දේහය රුහුණු වෛද්‍ය පීඨයට භාර දෙන ලදී.

    දකුණුලක ව්‍යාපාරියක ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන නාමයක් සනිටුහන් කළ බී.ආර්. දිසානායක හාමු මහතා ඉන් ඉදිරියට පා තබන්නේ මහා දානපතියකු ලෙස ය. මෙරට ශාසනයට මෙන්ම සමාජයට ඉමහත් සේවාවක් ඉටු කළ එතුමන්ගේ ගුණ අප සදා සිහිපත් කරමු.

    එම දළ යුගලය වර්තමානයේ දළදා මාලිගාවේ තැම්පත් කර ඇති අයුරු

    කුඩු කිලෝ 300ක් සහිත බෝට්ටුවක් අල්ලයි

    0

    පකිස්තානයේ සිට මෙරටට රැගෙන එමින් තිබුණු මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී කොටුකරගෙන තිබේ.

    රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම වැටලීම කර ඇත.

    එම බහුදින යාත්‍රාවේ 06 දෙනෙක් සිටින බවත් ඔවුන්ව මේ වන විට වැටලීමට සම්බන්ධ නාවික යාත්‍රාවේ රැදී සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.

    තෙල් සංස්ථාවට ඇති විදුලියේ ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝග

    0

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (24) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, “අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා.ජනාධිපති ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා.” යනුවෙනි.

    පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්!

    0

    පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට සහයෝගය ලබා දෙන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක බැංකු නියෝජිත පිරිසකගෙන් ඉල්ලා තිබේ.

    ලෝක බැංකු නියෝජිත පිරිසක් සමඟ කම්කරු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකර ඇති බව කම්කරු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    පෞද්ගලික අංශය තුළ ශක්තිමත් සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් බහුතර පිරිසක් රජයේ රැකියා පමණක් අපේක්ෂා කරන බවත් බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

    පානීය ජල සැපයුමත් අර්බුදයක

    0

    මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සැපයීමේ අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

    එහි සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බවයි.

    අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටි.

    ආරක්ෂක අමාත්‍යාංශයට විශ්ලේෂකයන් ලෙස ඒ.එස්..පී.ලා බඳවා ගනී

    0

    විශේෂ අංශ කිහිපය විශ්ලේෂණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට උප සේවා පදනම මත සහකාර පොලිස් අධිකාරීවරු 06 දෙනෙක් බදවා ගැනීමට තීරණය වී තිබේ.

    සයිබර් සහ වෝහාරික විශ්ලේෂක, භූ දේශපාලනික සහ උපාය මාර්ගික විශ්ලේෂක, ප්‍රතිත්‍රස්ත සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය පිළිබද විශ්ලේෂක, ආර්ථික විශ්ලේෂක (ජාතික ආරක්ෂාව) සහ සංඛ්‍යාන විශ්ලේෂක (ජාතික ආරක්ෂාව) යන අංශ වෙනුවෙන් මෙම සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමට නියමිතය.

    ඒ සම්බන්ධයෙන් සුදුසුකම් සම්පූර්ණකර ඇති උපාධිධාරීන්ගෙන් ආරක්ෂක අමාත්‍යාංශය අයදුම්පත් මේ වන විට කැදවා තිබේ.

    පාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

    0
    Vaccine

    වයස අවුරුදු 16-19 ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද ආරම්භ වී තිබේ.

    ඒ අනුව පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එහි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය.

    කළුකඩ මිලට යන සිමෙන්ති ජාවාරම

    0

    රටපුරා මේ වන විට ව්‍යාජ සිමෙන්ති හිඟයක් මවා කලුකඩ මිලට සිමෙන්ති අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    සාමාන්‍යෙයන් කිලෝ 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් පමණ වූවත් කලුකඩ මිලට අලෙවි වන්නේ රුපියල් 1800 ත් 2000 ත් අතර මිලකටය.

    මේ දිනවල සිමෙන්ති හිඟයැයි සදහන් වූවත් කලුකඩ මිලට ඕනෑ කරම් සිමෙන්ති මිලදී ගැනීමට ඇති බව අප ඒ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයකදී තහවුරු විය.

    ඇතැම් වෙළදුන් මෙම කූඨ ජාවාරමේ නිරතවන්නේ සිමෙන්ති තොග සිය ගබඩාවල ගබඩා නොකර ලොරි රථවලම තබාගෙනය.

    එසේ ඔවුන් ලොරි රථවලම තබාගෙන සිමෙන්ති අලෙවි කරනුයේ පාරිභෝගික අධිකාරිය හෝ වෙනත් අංශයක් පැමිණ ඔවුන්ගේ ගබඩා පරීක්ෂා කිරීමේදී සිමෙන්ති නැතැයි පැවසීමටය.

    ලොරි රථවල ඇත්තේ ඇනවුම් කල සිමෙන්ති ප්‍රවාහනයට සූදානමින් බව පවසමින් ජාවාරම්කරුවන් නීතියෙන් රිංගායන බව අපගේ නිරීක්ෂණයට ලක්විය.

    වාහන ආනයනය ගැන කැබිනට්ටුවට ගිය අලුත්ම යෝජනාව

    0

    විදුලි වාහන ආනයනයට පමණක් අවසර දීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් සඳුදා (24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

    “ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙනවා. ලෝකයම ඒ ගැන පමණක් කතා කරන මොහොතක අපි මේකට යන්න ඕන” යැයි මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා ඇත.

    වාහන ආනයනය ගැන කතා කරන විට විදුලි වාහනවලට ප්‍රමුඛත්වය දෙන බව පවසමින් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් සතුටට පත් වූ බවද අමරවීර මහතා පැවසීය.

    හිරුණිකාට එරෙහි ඩිපෙන්ඩර් නඩුව විභාගයට දින නියම වෙයි

    0

    දෙමටගොඩදී ඩිපෙන්ඩරයකින් තරුණයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස රදවා තබාගෙන පහරදීමක් සම්බන්ධයෙන් එිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපති ගොනුකර ඇති නඩුව ලබන මාර්ගු 23 වෙනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය.

    2015 වසරේ දෙසැම්බර් 21 වෙනිදා දෙමටගොඩ මහවිල උද්‍යානය ආසන්නයේ පිහිටි රෙදි පිළි වෙළද සැළක සේවයේ නිරතව සිටි අමිල ප්‍රියංකර නැමැති තරුණයෙක් මෙසේ පැහැර ගෙන තිබුණි.

    මෙම වරද සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 07 දෙනෙක් කොළඹ මහාධිකරණය හමුවේ මෙයට පෙර වරද පිළීගත් බැවින් ඔවුන්ට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිරදඩුවම් නියම කර එම දඩුවම වසර 12 කට අත්හිටුවනු ලැබීය.

    අමු කහ මිල පහලට

    0

    රුපියල් 1000 සීමාව ඉක්මවා ගොස් තිබුණු අමු කහ කිලෝවක මිල මේ වන විට රුපියල් 200 ත් 250 ත් අතර සිල්ලර මිලක් දක්වා පහල බැස තිබේ.

    ඊට හේතුව මේ වන විට කහ අස්වැන්න නෙළීමට පටන් ගෙන ඇති බැවිණි.

    කහ ආනයනය තහනම් කරමින් කහ වගාවට ගොවීන් පෙළඹවීමත් සමග ඉන්දියාවෙන් හොර පාරේ බෝට්ටු මගින් විශාල වශයෙන් කහ මෙරටට රැගෙ පැමිණියත් මේ වන විට එසේ මෙරටට කහ රැගෙන ඒම් සිදු නොවන බව නාවික හමුදා තොරතුරු සඳහන් කළේය.

    අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ ගොවීන්ගෙන් කහ මිලදී ගැනීමට කුළු බඩු මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මේ වන විට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්කර ඇති බවය.

    අජිත් රෝහන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන බවට පොලිස් මූලස්ථානයෙන් දැනුමක්

    0

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා පත්කරන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

    පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති ඒ සම්බන්ධයෙන් වූ ලිපියෙහි සඳහන් වන්නේ ස්ථීර මාධ්‍ය ප්‍රකාශකවරයෙක්පත්කරන තුරු අජිත් රෝහන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයේ වැඩ ආවරණය කිරීමට පත්කරන බවය.

    ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විරෝධතාවක් එල්ලවී නැති බැවින් ඉදිරි දින කිහිපය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයේ වැඩ ආවරණය කිරීමේ කටයුතු සඳහා අජිත් රෝහන මහතා පත්කෙරෙනු ඇත.

    මේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයේ කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතාය. ඔහු පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාය.

    “ආණ්ඩුව මං කී දේ ඇහුවා නම් අද මෙච්චර කොවිඩ් මරණ නෑ”- විපක්ෂ නායක

    0

    තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, මොවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පැවසීය.

    නමුත් ආණ්ඩුව කළේ ඒ කිසිවක් මායිම් නොකර සිටීම බවත් ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ආණ්ඩු බලය අතේ තියාගෙන ආණ්ඩුව නොකරන දේ, ආණ්ඩු බලයක් නැති සමගි ජන බලවේගය ඉටු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයෙන් හුස්මක් සහ සක්වල වැඩසටහන ඊට කදිම උදාහරණ යැයිද පැවසීය.

    රට ගොඩනගන වැඩපිළිවෙළත්, ඒ සඳහා වූ දැක්මත් සමගි ජන බලවේගය සතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා වංචාව දූෂණය මර්දනය මර්ධනය සහ තර්ජනයෙන් තොර ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය එක් වන ලෙස ද විපක්ෂ නායකවරයා ජනතාවට ආරාධනා කළේය.

    මාතර හක්මන ඌරුබොක්ක ප්‍රදේශයේ ඊයේ (23) සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්විය.

    වර්තමාන පාලනය යටතේ රට ජනතාවක් බලවත් ව්‍යසනයට ලක්ව ඇති බවත් මීට ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය වගකිව යුතු බවත් විරෝධතාකරුවන් පැවසූහ.

     

    අද එන්නත් මධ්‍යස්ථාන 102ක් රටපුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 102කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 24.01.2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ අද සිට වෙනසක්

    0

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය අද සිට අලුත් වෙයි.

    මෙතෙක් කලක් එය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් (full market capitalisation-weighting) ගණනය කිරීමක් සිදු විය.

    අද දිනයේ සිට එය චලිත වෙළෙඳ පොළ ප්‍රාග්ධනයක් අනුව බර තබමින් (public float-adjusted market capitalization) ගණනය සිදු කිරීම සැලසුම වී තිබේ.

    ඒ අනුව මෙහිදී අරමුණ වන්නේ එම ගණනය කිරීම සඳහා වන බර තැබීමේ ක්‍රමය වෙනස් කිරීම බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

    මේ අතරින් සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් ගණනය කිරීමේ අවස්ථාවේදී වැඩි ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත වැඩි බරක්ද, අඩු ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත අඩු බරක්ද තබමින් මෙම ගණනය කිරීම සිදු විය.

    එහෙත් මෙම නව ක්‍රමවේදය හරහා සමාගමක ප්‍රාග්ධනය යම් කිසි ආකාරයකට හැසිරවීමක් සිදු කරමින් මෙම සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරිම සිදු කරයි.

    අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

    0
    Election commission

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

    මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

    ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

    ඉදිරි සතිවලදී යූරියා මෙට්‍රික් ටොන් 15000ක්

    0

    රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ගත වූ දින කිහිපය තුල යූරියා මෙට්‍රික් ටොන් 1, 500ක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

    ඉදිරි සති කිහිපය තුළ යූරියා ඇතුළු රසායනික පොහොර මෙට්‍රික් ටොන් 12,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට නියමිත බව ද එම කාර්යාලය නිවේදනය කර සිටී.

    ඉතිරි රසායනික පොහොර තොග ගෙන්වීම සඳහා කළ ඇණවුම්වලට මේ වන විට අනුමැතිය ලැබී ඇති බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

    ඒ අනුව සෙසු රසායනික පොහොර තොග ඉදිරි සති කිහිපය තුළ කොටස් වශයෙන් නෞකා මගින් මෙරටට ගෙන්වීමට නියමිත බවයි එහි සදහන් වෙයි.

    අදාළ රසායනික පොහොර තොග යුක්‍රේනය ඇතුළු යුරෝපා රටවලින් මෙන්ම සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලින් මෙරටට ගෙන්වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    බස්වල හිටගෙන යද්දී වෙනම ගාස්තුවක්

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට මගීන් ගෙනයාමේ නීති උල්ලංගනය කිරීමට බස් රථ දිගින් දිගටම කටයුතු කිරීම නිසා හිටගෙන යන මගීන් සඳහා වෙනම ගාස්තුවක් හඳූන්වා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    බස් සේවකයින් දිගින් දිගටම වගකීමෙන් කටයුතු නොකරන්නේ ලබන සතිය වනවිට එම ගාස්තු ක්‍රමය හඳුන්වාදෙන බව ඔහු කීය.

    “මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා. අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න.

    අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව. එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවන්න. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    අමරබන්දුට ඩිප්‍රෙෂන්

    0

    කොරෝනා වසංගතයෙන් මදි නොකියන්න බැට කා සිටි අමරබන්දුගේ නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා ගෙදර මායියා ඉන් දිවි ගළවා ගත්තේ පෙර කළ පිනකින් වාගේය. ගෑස් බෝම්බවලට බියේ නැවතත් ඔහුගේ නිවසේ බත පිසෙන්නේ දර ලිපට පින් සිද්ධ වන්නටය. “දර ලිපේ උයන්නත් කෝ හාල්” මායියා කන් කෙදිරි ගෑවේ අමරබන්දු විසින් පකිස්තාන් බාස්මතී හාල් කිලෝවක මිලට නාඩු හාල් සේරුවක් ගෙදර ඇන්න ගිය දිනයේය. ඒ මදිවට කෙල්ලන් දහදෙනාට අමතරව අමරබන්දුගේ නගාගෙ බාල කොලුවා ගෙදරත් එක්ක තරහ වී අමරබන්දු සොයා පැමිණියේ ඉස්කෝලෙ යාම මග නවතා දමා අමතර ආදායමකට කියා ගෑස් පෝලිම්වල කුලියට හිටගෙන හිද ගෙදරට හසු වී දෙමහල්ලන් සමග ජල්ලි අල්ලා හිත් කහට කරගෙනය. දැන් කෙල්ලන්ට අමතරව බත් මිටක් කටට වැටෙන තුරු අමරබන්දුගේ ගෙදර ඌත් බලා හිදියි.

    රූපවාහිනිය රේඩියෝව දමන්නටද බැරිය, ඉතිරි අවුරුදු තුනේ පොරොන්දු වූ සියල්ල ඉෂ්ඨ කරනවා කරනවා කියා ගිගුම් දෙන සිංහ නාදය. මේ සියල්ලකින් හෙම්බත් වී මුහුණද කළු කරගත් අමරබන්දු ගෙපිල් පඩියේ ඇණ තියා ගත්තේ වෙන කළ හැකි කිසිවක් ඉතිරි නොමැති කලක මෙනි. එහෙත් ඔහුට එසේ සිටීමට ලැබුණේ මද වේලාවක් පමණි.

    ගෙතුල කුස්සි මුල්ලේ, සාලයේ, ඇදං මුල්ලේ ගෙදර එවුන්ම “අප්පොච්ච්ට ඩිප්‍රෙෂන්, ඩිප්‍රෙෂන්” යැයි ඇරඹි කසු කුසුව ඇසුණු අමරබන්දුගේ හිසට නැගුණු යකාට මුළුතැන්ගෙයි තිබූ වම්බටු කුට්ටි කොට නොව අමුවෙන්ම කන්නට දොළක් උපන්නේය. ඉන් ප්‍රථම හෙතම නිවසින් පිටතට පැන ගත්තේ හිස හැරුණු අත යෑමටය.

    ඔහේ ඇවිද ගිය අමරබන්දු ලන්දට රීටුවේ නිවෙසෙදී කරගන්නට අතපසු වූ බරක් සැහැල්ලු කරගැනීමේ රිසියෙනි. එදින අමරබන්දු හට එතරම් සුබ දවසක් නොවීය. ගිය කාරියද පසෙක ලා ලන්දෙන් පිටතට පැන ගත්තේ කවුරුන් හෝ පදුරු අස්සේ සැගව තමන් කොරන්නට ගිය දේ රහසේ බලාන උන් අසහනකාරයෙක් දුටු බැවිනි.

    “තොට අසහනෙද යකෝ.. වයසක මිනිහෙක්ට නිදහසේ දොට්ට පිළට යන්න විදිහක් නැහැ නොවැ” අමරබන්දු බෙරිහන්දෙන්නට වූයෙන් පදුරු තුල සැගව හුන් හැඩි දැඩි මිනිසා ද ඉන් ඉළියට පැන ගත්තේ අමරබන්දුගේ කට වසනු පිණිසය.

    “අනේ අංකල් කෑ ගහන්න එපා කියන තැනකට වදින්නං” කියමින් අමරබන්දුගේ ලතෝනිය හමුවේ රහස් මිනිසා බැගෑ පත් වන්නට වූයේය.

    “අංකල් .. කවද්ද බොල මම උඹෙ අංකල් උනේ..” අමරබන්දුගේ හිසට ආරූඪ වී සිටි යකා එසේ මෙසේ එකෙක් නොවන හැඩය.

    “අනේ.. අනේ.. අංකල් මම මේ රාජකාරියක් කරන්නේ.. කෑ ගහන්න එපා” ඔහු නැවතත් පින්සේණ්ඩු වන්නට වූයේය. ඉන් අමරබන්දුගේ කේන්තිය තවත් උග්‍ර විය.

    “මේ පදුරු අස්සේ හැංගිලා මොන රාජකාරිද බොල.. බලු අසහනකාරයො” ඔහු නැවතත් බැන වැදීය.

    “ඔය.. කිව්වට අහන්නේ නැහැනෙ” මම මේ උත්තම රාජවාසලෙන් නියම කොරාපු රාජකාරියක් අංකල් මේ කරන්නේ.. අනේ කෑ ගහන්න එපා” ඔහුගේ වදනින් අමරබන්දු තරමක් සැහැල්ලු වූයේය.

    “මොන රාජකාරිද බං මේ ලන්ද අස්සෙ” අමරබන්දු විමසුවේ තරමක සැකයෙනි.

    කරකියාගන්නට දෙයක් නොමැති කල රහස් මිනිසා තමන් සැගව හුන් පදුර ඈත් මෑත් කොට අමරබන්දු හට පෙන්වීය. ලන්ද තුල ගැට ගසා සිටි නරි රැලකි. එය දුටු අමරබන්දුට සිනහ පහළ විය.

    “මේ මොකෑ බොල මේ කැලේ හූ කියන නරි රැල ගැටගහල තියෙන්නේ.. මුං මොන වරදක් කළාටද” ඔහු නැගුණු සිනහව අතරින් විමසීය.

    රජවාසලෙන් ඕර්ඩර් දීල තියෙන්නෙ මේ හැම අස්සක් මුල්ලක් නෑර ඉන්න හූ කියන එකාල කුදලං එන්න කියලා..ඒකයි මේ” රහස් මිනිසා එසේ පැවසූ හෙයින් අමරබන්දු කොක් හඩ දී සිනහසුනේ එම විහිළුව ඔහුගේ මනස විරේක කරන්නටද සමත් එකක් බැවිනි.

    තිලංග ෆොන්සේකා