fbpx
තවත්

    බ්‍රිතාන්‍ය සුපර් මාකට්වල මත්පැන් විකුණන අලුත්ම ක්‍රමය

    0

    බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළෙඳසැල් විසින් මත්පැන් මිලදී ගන්නා පාරිභෝගිකයින්ගේ වයස නිර්ණය කිරීමට ස්ව්‍යංක්‍රීය කැමරා පද්ධතියක් යොදා ගැනීම තීරණය කර තිබේ.

    ඒ අනුව මත්පැන් මිලදී ගන්නා පාරිභෝගකයින්ගේ වයස නිර්ණය කිරීමට ඔවුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කිරීමට වැය වන කාලය අවම කරමින් කාර්යක්ෂම සේවයක් සැපයීමට මෙම තාක්ෂණය යොදා තීරණය කර ඇත.

    මෙම නව ක්‍රමවේදය අනුව පාර්භෝගිකයා එකඟ වන්නේ නම් ඔවුන්ගේ වයස නිර්ණය කිරීම කැමරා පද්ධිතිය හරහා සිදුවනු ඇති අතර එහිදී පාරිභෝගිකයා වයස අවුරුදු 25 අඩු බවට අනාවරණය වුවහොත් ඔහුගේ හැදුනුම් පත වෙළෙඳසැලේ සේවකයෙකු විසින් පරීක්ෂා කෙරනු ඇත.

    යොටි නැමැති සමාගමක් හරහා මෙම වයස නිර්ණය කිරීමේ තාක්ෂණය ක්‍රියාත්මක වන අතර එම සමාගම පවසන අන්දමට පුද්ගලයින් එක් ලක්ෂ විසි පන්දහසකට අධික පිරිසක් යොදා ගනිමින් නිර්මාණය කළ ඇල්ගොරිතමයක් ඔස්සේ වයස් නිර්ණය කිරීම සිදුකරයි.

    “අපගේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීමට නොවේ”- ජනපති (📸)

    0

    අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවන බවත් සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට හැකි නමුත් ඒ සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී මේ වනවිට පැවැත්වෙන 74 වැනි ජාතික නිදහස් සැමරුම් රාජ්‍ය උත්සවයේදීය.

    “අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවෙයි. සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි.”

    “අපගේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ සිදු කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීමට නොවේ. මොනම හේතුවක් නිසාවත් අන්තවාදයට යළි හිස ඔසවන්නට රජය ඉඩ දෙන්නෙ නෑ.

    රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එරට සමාජ ආර්ථික දේශපාලන වශයෙන් වඩාත් ශක්තිමත් වූ විටයි. මට රටේ නායකත්වය ලැබුනේ ඉතා දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත අර්බුද රැසකට මුහුණ දීමට අපට සිදු විය. මගේ ඉදිරි ධුර කාලය තුළ රටේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය සියළු සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. කුමන බාධක ආවත් අපේ රටේ බහුතර ජනතාව එම සැලසුම් වලට සහාය දුන්නොත් ඒ සියල්ල ඉටු කරගත හැකියි.”

    ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින්.

    අති පූජනීය ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි. සෙසු පූජා ප්‍රසාදීන්ව හන්සේලාගෙන් ද අවසරයි.

    ගරු අග්‍රාමාත්‍යතුමති.
    ගරු කථානායකතුමනි.
    ගරු අග්‍රවිනිශ්චයකාර තුමනි.
    ගරු විපක්ෂනායකතුමනි.
    ගරු අමාත්‍යවරුනි, ගරු ආණ්ඩුකාරවරුනි,
    ගරු රාජ්‍ය අමාත්‍යවරුනි.
    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,
    ගරු තානාපතිවරුනි, මහ කොමසාරිස්වරුනි,
    ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන සියලුම රාජ්‍ය නිලධාරීනි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, සහ යුද්ධ හමුදාධිපතිතුමනි, නාවික හමුදාධිපතිතුමනි, ගුවන් හමුදාධිපතිතුමනි, පොලිස්පතිතුමනි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
    සම්භාවනීය අමුත්තනි,
    රණවිරුවනි.
    සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි. ආදරණීය දූ දරුවනි.

    නිදහස් රටක ගෞරවාන්විත පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් ඉතිහාසය පුරා විවිධ රටවල ජනතාව අරගල කර තිබෙනවා, සටන් වැදී තිබෙනවා. විශාල පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේත් වසර 2500කට වැඩි ඉතිහාසය තුළ විවිධ කාල වකවානුවල දී විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ දුටුගැමුණු, වළගම්බා, මහා පැරකුම්බා, විජයබාහු, සවෙනි පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ රජවරු විදේශිකයන්ගෙන් රට මුදා ගෙන එක්සේසත් කළා.

    අවසාන වශයෙන් වසර 450 ක පමණ කාලයක් පැවති යුරෝපීය යටත් විජිත පාලනයන්ගෙන් අපේ රට නිදහස් වී දැනට වසර 74ක් වෙනවා. නිදහසින් පසුවත් දශක 3කට ආසන්න කාලයක් ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් හරහා මේ රට දෙකඩ කිරීමේ උත්සාහයකට එරෙහිව සටන් කරන්නට අපට සිදු වුනා.

    අද වන විට ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අප එහි අභිමානවත් පුරවැසියන්.

    ඉතිහාසය පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් අපේ රටට පූර්ණ නිදහස ලබාගැනීමට සහ ලබා ගත් නිදහස තහවුරු කිරීමට ඇප කැප වුනු සියලු දේශප්‍රේමීන්ට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.

    ජාති, ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම අද රටේ ඕනෑම ප්‍රදේශයක නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබෙනවා. ස්වාධීන මතයන් දැරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. රට තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහසක් තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන්ට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා තම මහජන නියෝජිතයන් පත්කර ගැනීමටත්, කැමති අයට දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමටත් නිදහස තිබෙනවා.

    මෙය අප සියලු දෙනාගේම සතුටට හා අභිමානයට හේතුවක්.

    නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් තිබෙනවාක් මෙන්ම වගකීම් ද තිබෙනවා.

    ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි. වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ.

    රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට, සමාජ, දේශපාලන හා ආර්ථීක යන සියලු අංශවලින් ශක්තිමත් වූ විටයි. ඒ සඳහා සක්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේම ජනතාවටත් තිබෙනවා.

    රටක් නිසි දිශානතියකට මෙහෙයවීමේ දී ඒ සඳහා රටේ සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අතහැර දමන්නට අප සූදානම් නැහැ. අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවෙයි.

    අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගත හැක්කේ. ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැප කිරීම් කළොත් පමණයි අපට මුහුණ දෙන්නට වන අභියෝග ජයගත හැක්කේ.

    අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ.

    රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලු හා අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රම වේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවල දී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවෙන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා.

    ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්න වලින් පළායාම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැම විටම සූදානම්.

    ලෝකය වෙනස් කළෙත්, වෙනස් කරන්නේත් ධනාත්මක අදහස් තිබෙන, අනාගතය දෙස සුබවාදී ව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා.

    සෑම දියුණු රටකම සමාජ ප්‍රගමනයට හේතු වූයේ ඒ රටවල නායකයන්ගේ හා ජනතාවගේ තිබුණ සුබවාදී අදහසුයි.

    අතීතයේ අපේ රජවරුත් රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි සුවිසල් නිර්මාණ කළේ එවැනි සුභවාදී චින්තනයකිනුයි. මින්නේරිය වැව, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, යෝධ ඇළ වැනි නිර්මාණ කළ විශිෂ්ට වාරි තාක්ෂණයක් එදා අපට තිබුණා. සීගිරිය වැනි නගර නිර්මාණ අදත් ලොව විස්මයට පත් කරනවා. ලංකාව පුරාතන ලෝකයේ සුප්‍රකටම නාවික කේන්ද්‍රස්ථානයක්. එදා අපට එවැනි දේ කරන්නට පුළුවන්කම තිබුණා නම් අනාගතයේත් ලෝකය සමග තරග කරන්නව අපට පුළුවන් විය යුතුයි.

    ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අපි අප ගැන තබන විශ්වාසයයි.

    දුෂ්කර කාල හැමදාමත් ඒ ලෙසම පවතින්නේ නැහැ. දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ උපකාරයක් නොවෙයි. ඒ නිසා අපි සියලු දෙනාටම විශාල වගකීමක් තිබෙනවා, මේ අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්නට.

    මෑතකාලීන ඉතිහාසයේත් අපි බරපතල ගැටලුවලට මුහුණ දී ඒවාට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ත්‍රස්තවාදය කිසි විටක යුද්ධයකින් පරාජය කළ නොහැකිය කියා එදා සර්ව අසුබවාදීන් දිගින් දිගටම කියද්දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න වැනි අභීත හමුදා නායකයන් ත්‍රස්තවාදය පරාජය කළ හැකිය යන ධනාත්මක චින්තනය ඔවුන් යටතේ සටන් කළ හමුදා නිලධාරීන්ට කා වැද්දුවා. පසුකාලීනව නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ වසර 3 1/2 ක වැනි කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරන්නට අපට හැකි වුනේ අපේ හැකියාවන් ගැන අප තුළ තිබූ විශ්වාසය නිසායි.

    අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවෙයි. සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි.

    කොවිඩ් -19 වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අපි කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව ඉලක්කගත ජනගහනයෙන් 85% කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී, රෝග තත්ත්වය පාලනය කොට, සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාවට උත්ප්‍රේරක මාත්‍රාව ද ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලු ම එන්නත් ලංකාවට ගෙන්වා අවසන්.

    ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලු වලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යාමට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීමයි. රජයක් වශයෙන් අපි අවධානය යොමු කොට තිබෙන්නේ ඒ සඳහායි.

    ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනම දියුණු කළ යුතුයි. දේශීය නිෂ්පාදනය දිරි ගන්වන ගමන්ම අපනයන ආදායම වැඩි කරගත හැකි මාර්ග ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වූ අපේ ජාතික ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි වුනත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී මීට වඩා ක්‍රියාශීලී දායකත්වයක් සෑම ක්ෂේත්‍රයකම තිබිය යුතුයි.

    අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී ආයෝජන අත්‍යවශ්‍යම සාධකයක්. ආයෝජන දිරිගැන්වීමට රජය හැම විටම කටයුතු කරන අතර, අපට දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝ අවශ්‍යයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති, නවීන තාක්ෂණ දැනුම අවශ්‍ය වන කර්මාන්ත, ගෝලීය වෙළඳපොළ අවස්ථා අපට විවෘත කරන නව ව්‍යාපාර ආදිය සඳහා විදේශීය ආයෝජන වැදගත් වෙනවා. දේශපාලන අරමුණු මුල්කරගෙන දේශීය හෝ විදේශීය ආයෝජන වලට එරෙහිව වැරදි මත ජනගත කරන්නට උත්සාහ කරන පිරිස් ගැන ජනතාව වඩාත් පරීක්ෂා කාරී විය යුතුයි.

    ව්‍යවසායකත්වය දිරිමත් නොකොට ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් නොකොට, අපට ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට බැහැ. විවිධ අවදානම් මැද්දේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කොට තවත් අයට රැකියා හා ආදායම් ඉපයීමේ අවස්ථා ලබා දෙන ව්‍යවසායකයන්ට මීට වඩා ගෞරවයකින් හා මිත්‍රශීලී ලෙස සැලකීමට අපට වගකීමක් තිබෙනවා. රටේ සංවර්ධනයට ව්‍යවසායකයන්ගේ දායකත්වය හොඳින් වටහා ගෙන පවතින නීතිමය රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය සියලු උපකාර කඩිනමින් කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදීත්, ආයෝජනයන් සඳහා අනුමැතීන් ලබා දීමේදීත් සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වාලීමට කටයුතු කිරීම හරහා රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය වඩාත් සක්‍රීය කිරීමට පුළුවන්.

    වඩා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් මේ අවස්ථාවේ රටේ සිදු වෙමින් පවතිනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක් ම රටේ ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් ලබා දිය හැකි ශිල්පයක් හෝ කර්මාන්තයක් ප්‍රගුණ කරන්නට උත්සාහ ගත යුතුයි. තමන් තෝරාගත් ක්ෂේත්‍රය තුළ තම දැනුම වැඩිකර ගැනීමට මෙන්ම හැකි නම් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ හරහා රටේ ආර්ථීක ක්‍රියාවලියට ඍජුව ම දායක වීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

    ගොවිපළේ, කම්හලේ, වැඩපොළේ දහදිය හෙළන වැඩ කරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඒ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා.

    රටට විදේශ විනිමය සපයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපට විශාල සම්පතක්. පසුගිය කාලයේ ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණ විශාල කැපකිරීම් කරමින් අපට සහයෝගය දුන් ආකාරය අපට අමතක වී නැහැ. ඔවුන් නිරන්තරයෙන් අපේ ආර්ථිකයට ලබා දෙන ශක්තිය අප ඉතාමත් අගය කොට සලකනවා. මම ආරාධනා කරනවා, සියලු ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරනා ලෙස. එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක්‍රීය ව දායකවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

    අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදුවෙනවා. අපි සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරාවි.

    දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට විටම විචාර කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සැම බුද්ධියෙන් කටයුතු කරන්නට කියා දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හදුනා ගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.

    අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකින බවටත්, අපේ රටේ ඒ කීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත්, රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව අප හැම විටම සුරකිනවා.

    සංස්කෘතික නිදහස සෑම ජනවර්ගයකටම වැදගත්. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පාරම්පරික සිරිත් විරිත්, සාරධර්ම හා අපේකම ආරක්ෂා කිරීම මූලික වගකීමක් ලෙස අපි සලකනවා. පසුගිය කාලයේ විවිධ තර්ජනයන්ට ලක් වී විනාශ වෙමින් තිබුණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කොට ඒවා වැඩි දියුණු කරන්නට අප කටයුතු කොට තිබෙනවා.

    අපි නීතියේ ආධිපත්‍ය සුරකින, ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරන රටක්. පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර, ඉදිරියේදීත් එවැනි සිදුවීම්වලට ඉඩ තබන්නේ නැහැ.

    මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදයට හිස ඔසවන්නට අප ඉඩ දෙන්නේ නැහැ. රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා.

    ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ අප විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි.

    අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමුව තුළ හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දේශීය ව්‍යවසායකත්වය දිරිගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථිකයේ නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීම වැනි අප විසින් හඳුනා ගත් ප්‍රමුඛතාවල කිසිදු වෙනසක් වී නැහැ.

    ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා අප කැපවී සිටිනවා.

    මට රටේ නායකත්වය පැවරුණේ ඉතා දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටලු රැසකට විසඳුම් සොයන්නට අපට සිදු වුනා. ඒ සියලු දුෂ්කරතා මැද සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන්නට අපේ රජයට හැකියාව ලැබුණා.

    මගේ ඉතිරි ධූර කාලය තුළ රටේ තිරසාර සංවර්ධනයක් උදා කර ගැනීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොන තරම් බාධක ආවත් අපේ රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුබවාදී ව බලා ඔවුන්ගේ නිසි දායකත්වය ලබා දුන්නොත් අපට ඒ අරමුණු ඉටුකර ගන්නට පුළුවන්.

    නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කර ගත් අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා එකතු වන ලෙස සියලු ම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට ඉත සිතින් මම ආරාධනා කරනවා.

    ඔබ සැමට ස්තුතියි.
    තෙරුවන් සරණයි!

    74 වැනි ජාතික නිදහස් දිනය අදයි

    0

    74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 04) උදෑසන නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වේ.

    ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්’ යන තේමාව යටතේ මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.

    කොවිඩ් මාර්ගෝපදේශන්ට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය සැළසුම් කර ඇත.

    භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි.

    සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි.

    74 වැනි නිදහස් දින ප්‍රධාන සැමරුම පෙරවරු 08.13 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සමඟ ආරම්භ වන අතර නිදහස ලබාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරමින් කටයුතු කළ වීරෝදාර සියලු පිරිස් අනුස්මරණය සඳහා විනාඩි දෙකක නිහඬතාව පැවැත්වීම සිදු වේ.

    ඉන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදුකරන අතර ඉන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපතිවරයාට පිරිනමන සම්මාන මුරපෙළපාළිය පැවැත්වීම සිදුවේ. ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය , ජාතික ශිෂ්‍ය භට බළකාය, මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ආචාර පෙළපාලිය හා සන්නද්ධ රථ පෙළපාළිය ද ඉන් පසුව පැවැත්වේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර නිදහස් දින සැමරුම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පැවැත්වෙන අතර ජෛව බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම සිදුවේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව ගාලුමුවදොරහි දී සිය සම්ප්‍රදායානුකූල ආචාර වෙඩි මුර 25 පවත්වා මාතෘ භූමිය වෙත සිය ආචාරය දක්වන අතර ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ගුවන් යානා 26 ක් නිදහස් දින සැමරුමට එක් වේ.

    ජාතික නිදහස් සමරුවට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක් පිරිනැමේ.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලදී.

    ඒ අනුව, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයට, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලැබීය.

    අද දිනයේ දී බන්ධනාගාර ගත සිරකරුවන් 197 දෙනෙකු ජනපති පොදු සමාව ලබා නිදහස් වීමට ද නියමිතය.

    අද(04) එන්නත් මධ්‍යස්ථාන 85ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 85කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    ISIS නායකයාව ඇමරිකාව ඝාතනය කරයි

    0

    ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් විසින් අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයාව සිරියොවේ වයඹ දෙසින් පිහිටි ඉඩලිව් ප්‍රදේශයේදී ඝාතනය කර තිබේ.

    අද පෙරවරුවේ දියත් කළ ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුමකදී අයි එස් අයි එස් නායක අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව ඝාතනය කිරීමට හැකි වූ බව ඇමරිකා එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තු තහවුරු කරයි.

    ඒ අනුව ලොව වැඩියෙන්ම අවශ්‍ය කර තිබූ ත්‍රස්ථ නායකයෙකු වන අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව නම් කළ තිබූ අතර 2019 වර්ෂයේදී අයි එස් අයි එස්නායක අබු බකාර් අල් බග්දාදිව ඝාතනය කිරීමෙන් පසු අයි එස් අයි එස් සංවිධානයේ නායකත්වට පත්ව විය.

    ඇමරිකානු රජය පවසින අන්දමට මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊට ළමුන් හයදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකුද ඇතුලත් බවත් වාර්තාවේ.

    පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන කර්බි ප්‍රකාශ කර සිටියේ මෙහෙයුම ඉතා සාර්ථක බවත් එහිදී කිසිදු ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

    මෙහෙයුම සම්බන්ධනේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලෝකය වඩාත් යහපත් ස්ථානයක් කිරීමට මෙම මෙහෙයුම් දියත් කළ බවත්ය.

    කිව්වට අහන්නෙම නෑ – රාජ්‍ය ආයතනවලට යළි දැනුම්දීමක්

    1

    පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ
    විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රාජ්‍ය ආයතනවලින් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොලැබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලිය භාවිතය අවම කිරීමට කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සහ පළාත් පාලන ආයතනවලින් නිසි දායකත්වයක් නොලැබෙන බවයි.

    ඒ හේතුවෙන් සිය කොමිසම ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට අදාළ ආයතන වෙත නැවතත් ලිඛිතව දැනුම් දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිකම අතහරී

    0

    අරුන්දික ප්‍රනාන්දු මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව හෙතෙම පවසා ඇත.

    අරුන්දික මහතා කටයුතු කරන ලද්දේ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අවසන් ගමන් යයි

    0

    නාසා ආයතනය විසින් 2030 වර්ෂයෙන් පසු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පැසිපික් මුහුදට කඩා වැට්ටවීමට තීරණය කර ඇත.

    ඒ අනුව මෙතෙක් අභ්‍යාවකාශ මෙහෙයුම කටයුතුවල නිරතවූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 2030 වර්ෂයෙන් පසුව විශ්‍රාම ගැන්වීමට නාසා ආයතනය සැලසුම්කර තිබේ.

    දැනට සැලසුම්කර ඇති පරිදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පැසිපික් මුහුදේ පොයිට් නීමෝ වෙත කඩා වැට්ටවීමට නියමිතය.

    ඒ අනුව ඉදිරියේදී  අභ්‍යාවකාශ මෙහෙයුම සඳහා පුද්ගලික අංශයට වැඩි ඉඩක්දීමට නියමිත බවද නාසා  ආයතන සඳහන් කරයි.

    අද වන විට පුද්ගලික අංශය තාක්ෂණික වශයෙන් සහ මූල්‍යමය වශයෙන් පෘථිවි කක්ෂයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා අවශ්‍ය සහය නාසා ආයතනයට ලබාදීමත් හැකියාව පවතිනවා. ඒ අනුව අපි ලබාගත් දැණුම පුද්ගලික අංශය සමඟ බෙදා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නාසා ආයතනයේ වානිජ අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ෆිල් මැක්ඇලිස්ටර්  සඳහන් කරයි.

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන කඩා වැට්ටවීමට සැලසුම්කර ඇති ප්‍රදේශය සුවිශේෂීය. පැසිපික් මුහුදේ පිහිටි පොයින්ට් නීමෝ නැමති මෙම ප්‍රදේශය සමුදුරේ මිනිස් වාස භූමියකින් දුරින්ම පිහිටි ස්ථානය වේ. එයට ආසාන්නම භූමිය සැතපුම් 2000ක දුරකින් පිහිටා තිබේ.

    ඒ අනුව මෙම ප්‍රදේශය මිනිස් වාස භූමියකින් දුරස්ථව පිහිටීම හේතුවෙන් අභ්‍යාවකාශ සුනුබුන් පෘථිවියට පතිත කරවීමට බහුලව යොදාගනු ලබයි.

    දැනට වාර්තා වන අන්දමට 1971 සිට අභ්‍යාවකාශ මෙහෙයුම් වල නිරතවන  රටවල් අභ්‍යාවකාශ සුනුබුන් කොටස් 263කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පතිත කරවා ඇත.

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 408 ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරයි.

    නිදහස් උත්සවය වර්ජනය කරන්න අගරදගුරු හිමි තීරණයක් ගනී

    0

    හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී නොවීමට තීරණය කර තිබේ.

    ඒ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාලව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමිනි.

    අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.

    රන්ජන්ට හෙට නිදහස?

    0

    ⁣බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය සිනමා නළු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංජන් රාමනායක මහතාට හෙට (4) දිනයේදී නිදහස ලැබෙනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මිනිස්කම වෙනුවෙන් රංජන් රාමනායක මහතාට පූර්ණ නිදහසක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටී.

    සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට අද (3) බන්ධනාගාරයට පැමිණි අවස්ථාවෙදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

    මේ අතර ‘වැලිකඩින් එළියට එනකොට ඔබ දකින්න කැමතියි’ යනුවෙන් සටහනක් රංජන් රාමනායක මහතා‍ගේ නිල ෆේස්බුක් ගිණුමේ පලකර තිබේ.

    කිලෝමීටර 300 කට වඩා දිග සංචාරක ඇවිදින මංතීරුවක්

    0

    සංචාරක සංවර්ධන අධිකාරිය හා යුරෝපා සංගමය ඒකාබද්ධව කිලෝමීටර 300 ට වඩා වැඩි දිගකින් යුතු සංචාරක ඇවිදීමේ මංතීරුවක් නිර්මාණය කීරීමට තීරණය කර තිබේ.

    මධ්‍යම කඳුකරය ද ඇතුළු සමස්ත දිවයින පුරාම ව්‍යාප්ත වන ආකාරයෙන් මෙම ඇවිදින මංතීරුව නිර්මාණය කෙරෙන අතර ඒ සදහා යුරෝ මිලියන 5.7 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.

    හෙරිටේජ් ට්‍රේලර්ස් යනුවෙන් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමය විසින් මූල්‍ය සහය ලබාදීමට නියමිතව තිබේ.

    මෙරට ඉතිහාසය, සංස්කෘතිය,දේශීය ආහාපාන මෙන්ම ප්‍රදේශීය ජන ප්‍රජාවගේ ජන ජීවිතය පිළිබඳව බහුවිධ අත්දැකීම් සංචාරකයන්ට ලබාදීම මෙම මංතීරුව ඉදිකිරීමේ අරමුණ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එමෙන්ම මෙම ඇවිදීමේ මංතීරුව මගින් සංචාරක කේෂ්ත්‍රයේ නව රැකියා අවස්ථාවන් රැසක් උදාවනු ඇතැයිද එම අධිකාරිය විශ්වාසය පළ කරයි.

    මත්ද්‍රව්‍ය අරන් වාහන පදින අය අල්ලන්න විශේෂ මෙහෙයුමක්

    0

    මත්ද්‍රව්‍ය භාවිතාකර රථවාහන පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත්කරන බව රථවාහන අංශය භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරයි.

    මත්පැන් භාවිතා කිරීම සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණ සිදු වුනත් ගංජා හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන පදවන රියදුරන් කොටු කර ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ බව අජිත් රෝහන මහතා කීය.

    නමුත් මෙම සතියේ සිට අඛණ්ඩව එම මෙහෙයුම් ආරම්භකරන බවත් ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට ඇති බවත් අජිත් රෝහන මහතා සඳහන් කළේය.

    “මුලින් පරිප්පු ගේන්න ඕන- වාහන ලංකාවේ හදමු”

    0

    ශ්‍රී ලංකාව දේශීයව වාහන නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

    වාහන ආනයනය තහනම ඉදිරියේදී ඉවත් කරන්නේ ද යන්න පිළිබඳ රජයේ ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

    ඇමැති බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ “වාහන ගෙන්වන්න කලින් පරිප්පු ගේන්න ඕන. හෙට උදේ වන විට පරිප්පු කන්ටේනරයක් නිදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි මම බලන්නේ. අපි කෙසේ හෝ දේශීයව මෝටර් රථ නිෂ්පාදනය කරමු” යැයි ඔහු පවසා තිබේ.

    මේ අතර, ඉදිරියේදී විදුලි වාහන ආනයනය කිරීමට රජය ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

    2022 ජනවාරි 18 වැනි දින පැවැති ශ්‍රී ලංකා 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    අද(03) එන්නත් මධ්‍යස්ථාන 105ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 105කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    පරිසර ඇමතිටත් කොවිඩ්

    0

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

    කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් කරගත් කොවිඩ් පරීක්ෂණයෙන් ඒබව තහවුරු වී ඇත.

    පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකට කොවිඩ් වෛරසය පසුගිය දිනවල ආසාදනය විය. මෙතෙක් කොවිඩ් ආසාදිත වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු ගණන 47 කි.

    පකිස්තානුවන් 07 ක් සමඟ මෙරටට මත්කුඩු රැගෙන පැමිණි යාත්‍රාවක් අල්ලයි

    0

    පකිස්තානයේ සිට මෙරටට හෙරෙයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගෙන පැමිණෙමින් තිබූ ඉරානයට අයත් බහුදින යාත්‍රාවක් සමඟ ඉරාන් ජාතිකයන් 07 දෙනෙක් කොටුකර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    සති කිහිපයක් තිස්සේ ගැඹුරු මුහුදේ රැකවල් යොදා කළ මෙහෙයුමකින් පසු ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම වැටලීම කර ඇත්තේ ඉකුත් 06 වෙනිදාය.

    එහිදී නාවික හමුදාවේ ප්‍රහාර යාත්‍රා එම බහුදින යාත්‍රාවට ආසන්න වනවාත් සමඟ එහි සිටි ජාවාරම්කරුවන් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොග මුහුදට හලා ඇති බව සඳහන්ය. එම මත්ද්‍රව්‍ය තොග මුහුදට දමන අයුරු ඡායාරූප සහ වීඩියෝගත කිරීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

    කෙසේ වෙතත් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී සිටි එම ජාවාරම්කරුවන් සහ යාත්‍රාව නාවික හමුදාව විසින් අද කොළඹ වරාය වෙත රැගෙන විත් ඇත.

    මෙම මෙහෙයුම දියත්කර ඇතේ මඩකලපුව කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මඩකලපුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයැවීමෙනි.

    මෙයට පෙරද අවස්ථා දෙකකදී ගැඹුරු මුහුදේදී මෙම පොලිස් කණ්ඩායමේ තොරතුරු මත කළ වැටලීම් වලින් පකිස්තානුවන් 16 දෙනෙක් සමඟ හොරොයින් කිලෝ 506 ක සොයාගෙන තිබුණි.
    විමර්ශන වලින් හෙළිවී ඇති අතර මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායි හී රැදී සිටින මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසිනි. මේ වන විට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වන්නේ ඔහු විසින් බවට තොරතුරුද විමර්ශන වලින් හෙළිවී තිබේ. එම ජාවාරමේ මෙරට නියෝජිතයන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිවී ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වන විට සිදුකරමින් ඇත්තේ ජාත්‍යන්තරයේද සහය ඇතිවය.

    රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

    0

    රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය සිසුන්ට පහරදීම මෙහෙයවා ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා විසින් බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අත්අඩංගුවටගත් පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් ඒ බව ප්‍රශ්න කිරීමේදී හෙළි කිරීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් 23 වියැති රන්දිල ජෙහාන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. එම අවස්ථාවේදී ඔහු නීතීඥයින් පිරිසක් සමඟ ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

    ඒ අනුව මේ වන විට එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය ඇමතිවරයාගෙග් පුත්‍රයා එම පහරදීමට පැමිණි බීම්.එම්.ඩබ්ලිබ්. වර්ගයේ මෝටර් රථයද කළුබෝවිල තිබී පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

    මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අත්අඩංගුවටගත් වෛද්‍යපීඨයේ තෙවැනි වසරේ සිසුවා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පාසල් මිතුරන් බවත් ඔවුන් මේ වන විට එකට එක්ව ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින බවත් පොලිස් විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇත.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා පැමිණි එම මෝටර් රථය කුළී පදනම මත ලබාගත්තක් බවත් එම වාහනය රාජ්‍ය අමාත්‍යවරයා සහ වෛද්‍ය පීඨ සිසුවා සම්බන්ධ ව්‍යාපාරික ආයතනයට කුළී පදනම මත ලබාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා එම පහරදීමට පැමිණි බව වීඩියෝ දර්ශනවලින්ද පැහැදිලිව අනාවරණය වී ඇති බවත් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සඳහන් කළේය.

    සෙසු පිරිස සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට හදුනා ගැනීම් සිදුකරමින් සිටින අතර ඒ අය අතර වැඩි දෙනෙක්ම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ සමීපතයින් බවට සැකයක් පොලීසියට ඇති වී තිබේ. බොහෝ දෙනෙක් මීගමුව සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

    වාර්තා තබමින් හබල් ඔරුවෙන් ලෝ වටා යන කාලිස් ලංකාවටත් ඇවිත්

    0

    ලෝක ප්‍රසිද්ධ ලැට්වියානු ජාතික කාලිස් නම් තරුණ වාර්තා තබන්නා අද ලංකාවට පැමිණියා.

    ඒ මහ සාගරය ඔස්සේ ඔරුවක් හබල් ගාමින් ලොව වටා ගමන් කිරීමේ වාර්තාව අතරතුරයි.

    ශ්‍රී ලංකා මුහුදු තීරයට සේන්දු වූ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය මැද ගාල්ල වරායට සේන්දු වූවා.

    එහිදී ඔහු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක රුවන් නානායක්කාර මහතාද සම්බන්ධ වී සිටියා.

    දින හතරක් ශ්‍රී ලංකාවේ ගත කරන ඔහු නැවතත් එම වාර්ථාගත සංචාරයේ මීළඟ පියවර ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා.

     

    ‘තම්බපවනී’ බලන්න ගිය ජනපති තීරණයක් ගනී

    0

    ඉන්ධන අර්බුදය හමුවේ විදුලි අර්බුදයකට රට මුහුණ දී සිටින වකවානුවක, තම්බපවනී සුළං විදුලි බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති තවත් මෙගාවොට් 50ක් ලබාගැනීම පිළිබඳ ප්‍රගතිය විමසා බැලීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම “තම්බපවනී” සුළං විදුලි බලාගාරය අද (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    ජනාධිපතිවරයා නව සුළං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල සැපයුමක් සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2014 වසරේ දී “තම්බපවනී” සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සැලසුම් කෙරිණ.

    ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහ දෙකටම මුහුණ දෙන මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ දිගින් කිලෝමීටර් 13ක් සහ හෙක්ටයාර 150 ක භූමි භාගයක් ඒ සඳහා තෝරා ගනු ලැබීය.

    උසින් මීටර් 90ක් වන ටර්බයින සහිත කුලුනු තිහක් බලාගාරය සතු වේ.

    බමන තල (සුළං පෙති) කරකැවීමේ විශ්කම්භය මීටර් එකසිය විසි හයක් වන අතර කුලුනකින් මෙගාවොට් 3.45 ක විදුලිය උත්පාදනයක් සිදු වේ.

    නඩුකුඩා ග්‍රිඩ් උප පොළ හා මන්නාරම පුදුකාමන් දක්වා කි.මි 36ක් දිවෙන සම්ප්‍රේෂණ පද්ධතියක් ව්‍යාපෘතියට අයත්ය.

    සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 103.5 කි.

    මෙමගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 08කට වඩා අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    ප්‍රශස්ත විදුලි සැපයුමක් වෙනුවෙන් විශේෂ තාක්ෂණික ක්‍රම රැසක් සහිත පරිසර හිතකාමී, මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මෙය පුනර්ජනනීය විදුලි උත්පාදනයක් කරා යන ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

    මේ වන විට සුළං විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව 248කි.

    කෙටිකාලයක් තුළ එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම චාරිකාවේ අපේක්ෂාව වූ අතර බලාගාරයේ සියලු මෙහෙයුම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    2030 වසර වන විට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි.

    පරිසර හානියකින් තොරව අඩු වියදම් විදුලි උත්පාදනය ප්‍රවර්ධනය මගින් අනාගතයේ දී පාරිභෝගිකයාට ගෙවීමට වන විදුලි බිල අඩු කිරීම ද එමගින් අපේක්ෂා කෙරේ.

    ඩෙන්මාර්කය කොරෝනා වැටකඩුලු බිඳදමයි

    0

    ඩෙන්මාර්කය විසින් එරට තුල පනවා තිබූ සියලුම කොරෝනා මර්ධන සීමා පැනවීම් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව තව දුරටත් කොරෝනා වෛරසය සමාජමය වශයෙන් අවදානම්කාරී රෝගයක් නොවන බවටත් ඩෙන්මාර්ක රජය විසින් තීරණය කර ඇත.

    මෙම නවතම තීරණයත් සමඟ ඩෙන්මාර්ක වැසියන්ට තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, එන්නත්  කාඩ්පත් ලඟ තබා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ නිරෝධායනය වීම යන කාරණා පිළිපැදීමට අවශ්‍ය නොවනු ඇත.

    යුරෝපා කලාපය තුල කොරෝනා පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කළ පළමු රට බවට ඩෙන්මාර්කය පත්වන අතර ඉදිරියේදී එරට වැසියන් දැඩි ලෙස කොරෝනා පරීක්ෂා කිරීමකදට භාජනය නොකිරීමටද රජය තීරණය කර තිබේ.

    ඔමික්‍රෝන් ප්‍රභේදය අසාදනය වූවන් විශල වශයෙන් වාර්තාවන තත්ත්වයක් පවතින විටත ඩෙන්මාර්කය මෙලෙස කොරෝනා වෛසරය නොසලමින් කටයුතු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

    කෙසේ වෙතත් එරට රජය පවසන පරිදි මිලියන හයකට ආසාන්න ජනතාවක් වෙසෙන ඩෙන්මාර්කයේ මේවන විට කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබනුයේ පුද්ගලයින් 30කු පමණක් බවත් එබැවින් එරට ආසාදිතයින් ඉහළ ගියද රෝගයේ දරුනු බව පහව ගොස් ඇති බවද රජය වැඩිදුරටත් පෙන්වාදෙයි.

    කැලණිතිස්සේ එකක් නවතී

    0

    කැලණිතිස්ස බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබේ.

    ඒ ඉන්ධන අවසන් වීම නිසා බව විදුලි බල මණ්ඩලය පවසයි.

    මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගා වොට් 165 කි.

    කෙසේවෙතත් සතියක් යනතුරු ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පොරොන්දු වී තිබුණි.

    නයිට් ක්ලබ් ඇරියොත් වෙන දේ..

    0
    Group of dancing young people enjoying night in club

    කොළඹ නගර සීමාවේ පිහිටි රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අනුමැතියක් ලබාදී නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    අනුමැතියකින් තොරව විවෘතව පවතින රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවද ඔහු පැවසීය.

    ඔහු සදහන් කරන්නේ රාත්‍රි සමාජ ශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට දරන්නාවූ ප්‍රයත්නයන් ඉතාමත්ම අවම මට්ටමක පවතින බවය.

    එමෙන්ම පොදු ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි පිලිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට පරිසර පොලීසිය සමඟ එක්ව කටයුතු කරන බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

    “මා වෙත එන්න..”

    0

    ජාතික නිදහස් දිනය යෙදෙන අනිද්දා (04) දිනයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නවතම ගීතය එළි දැක්වීමට නියමිතව තිබේ.

    ඉටු නොවූ පූජනීය ආදර කතාව (unfulfilled sacred love story) ලෙස නම් කර ඇති මෙම ගීතය රණවිරුවකුගේ ආදරය හා බැඳුණු අමරණීය මතකය සිහිගන්වයි.

    රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඇතුළු රණවිරුවන්ට සමීප අත්දැකීම් අළලා ග්‍රන්ථ කිහිපයක් රචනා කළ ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නවතම නිර්මාණය මෙය වේ.

    මා වෙත එන්න ගීතයේ පූර්ව ප්‍රචාරක වීඩියෝ පටය අද දින නිකුත් වී තිබිණි.

    රට පුරා පාසල් ලබන 7 දා සිට නිවාඩු

    0

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි සියළු ශ්‍රේණි 2022 පෙබරවාරි මස 07 සඳුදා දින සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව 2022 මාර්තු 07 සඳුදා දින පාසල් යළි ආරම්භ කෙරේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසී ය.

    මාර්ග නීති කඩන බස්වල වීඩියෝ යවන්න අංකයක්

    0

    බස්රථ ධාවනයේදී මාර්ග නීති උල්ලංඝණය කිරීම ඇතුළු නීති විරෝධී කටයුතුවල නියැලෙන අන්තර් පළාත් බස් රථ සේවකයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම 071-2595555 යන නව දුරකථන අංකය හදුන්වාදී තිබේ.

    ඒ අනුව බස්රථ ධාවනයේදී සේවකයන් සිදුකරන විවිධ නීති විරෝධී ක්‍රියා පිළිබඳව වීඩියෝ දර්ශන වට්ස්ඇප්, වයිබර් සහ ඊමෝ යන සමාජ මාධ්‍ය ජාලා හරහා ඉහත දුරකථන අංකයට යොමු කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඔහු සදහන් කළේ එම වීඩියෝ දර්ශන අදාල නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධ පරීක්‍ෂණවලදී සාක්‍ෂියක් හැටියට යොදාගැනීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම ජාතික ගමනාගමන කොමිසමේ ක්ෂණික දුරකථන අංකය වන 1955 අංකයට අඛණ්ඩව පැමිණි කළ හැකි බවත් තව දුරටත් මගී ජනතාවට ආරක්‍ෂාව සැළසීම සඳහා මෙම නව අංකය හදුන්වා දුන් බවත් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් සදහන් කළේය.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 7000ක්

    0
    train
    file photo

    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7000ක් පමණ පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

    අනුමත කාර්ය මණ්ඩලය 21000ක් වුවත් මේවනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වන්නේ සේවකයන් 13000ක් පමණක් යැයිද ඔහු පැවසීය.

    මේ හේතුවෙන් දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑම ගැටළුවක්ව ඇතැයිද හෙතෙම සදහන් කළේය.

    සේවක පුරප්පාඩු සම්පූර්ණ කරමින් අනුමත කාර්ය මණ්ඩල ලබා ගැනීම සදහා ඊයේ (1) දිනයේදීද ප්‍රවාහන බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

    කෙටිකලක් තුළ සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණහොත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

    රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයකට ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

    0
    sarath weerasekara

    රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට තමා පොලිස්පතිවරයාට නියෝග කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත්කරමින් සදහන් කරනුයේ බස්නිහාර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියටතේ කැලණිය කොට්ඨාශයභාර පොලිස් අධිකාරීවරයා යටතේ මේ වන විටත් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

    අමාත්‍යවරයා විසින් එම පහරදීම සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වීඩියෝ පණිවුඩය මෙසේය.

    රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට පහරදුන් මැරයන් පැමිණි පොල් සංවර්ධනයේ වාහනය රියදුරු සමඟ අත්අඩංගුවට

    0

    රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය සිසුන්ට පහරදීමට පැමිණි මැර පිරිස පැමිණි පොල් සංවර්ධන මණ්ඩලයට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    පොල් සංවර්ධන මණ්ඩලයේ රියදුරෙක්ද එම වාහනය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි කැලණිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා සඳහන් කළේය.

    අද අළුයම් කාලයේදී මෙම පහරදීම සිදුවී ඇති අතර එම පහරදීමෙන් වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ සිසුන් 03 දෙනෙක් සහ පහරදීමට පැමිණි කණ්ඩායමේ සිටි තෙවැනි වසරේ සිසුවෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

    පහරදීමට පැමිණී කණ්ඩායමේ සිටින තුවාල ලැබූ සිසුවා මීගමුව රෝහලේත් සෙසු වෛද්‍ය සිසුන් රාගම රෝහලේත් ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා කීය.

    මෙම ගැටුමට මුල නවක වදයක් බවට පෙනී යන බව ද රොහාන් ඩයස් මහතා සඳහන් කළේය.

    පිටස්තර කණ්ඩායමක් රැගෙන පැමිණි වෛද්‍ය සිසුවාට ඊයේ දින කිසියම් පිරිසක් පහරදී ඇති බව පවසන බවත් ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකල බව ඔහු සදහන් කරන බවත් පොලීසිය කියයි.

    පිටස්තර කණ්ඩායම රැගෙන පැමිණි වෛද්‍ය සිසුවා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුගෙ පාසල් මිතුරෙක් බවත් එම මිත්‍රකමට පොල් සංවරධන මණ්ඩලයේ රියදුරු ඇතුළු කණ්ඩායමක් රැගෙන පැමිණ මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    වෛද්‍ය සිසුවා අදාල රාජ්‍ය ඇමතිවරයාගේ පුතා සමඟ යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවද අනාවරණය වී ඇත.

    මෙම පහරදීමට රාජ්‍ය ඇමතිවරයාගේ අනුදැනුමක් හෝ සම්බන්ධයක් ඇතැයි පෙනී නොයන බව පොලීසිය කියයි. පිටස්තර කණ්ඩායම රැගෙන පැමිණි වෛද්‍ය සිසුවාගේ මව් පියන්ද වෛද්‍යවරුන් බව පොලීසිය සදහන් කරයි.

    මෙම පහරදීමට සම්බන්ධ පිටස්තර පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් අද දවස තුළ පොලීසියට භාරවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

    හිස්බුල්ලාගේ ඇප ගැන දුන් තීන්දුව

    0

    නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීමේ තීන්දුව පෙබරවාරි 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දී තිබේ.

    ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස විස්සකට ආසන්න කාලයක් රදවාගෙන සිටී.

    අදම ලැබුණොත් කපන්නේ නෑ – ලංවිම

    0

    අද දිනයේදී අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ප්‍රමාණයට දැවි තෙල් සහ ඩීසල් ලද හොත් කිසිදු ප්‍රදේශයකට අද (02) විදුලි කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මහජන උපයෝගිීතා කොමිසම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටී.

    මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙතෙක් අවසර ලබා නොදෙන බවයි.

    පෙර නොදන්වා ඊයේ දෙවරක්ම බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කර තිබුණේ එවැනි පසුබිමකදීය.