fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඇත්ත එළිවෙනකල් ආණ්ඩුවට එරෙහිව අරගල කරනවා" - අගරදගුරු හිමි

    “ඇත්ත එළිවෙනකල් ආණ්ඩුවට එරෙහිව අරගල කරනවා” – අගරදගුරු හිමි

    බොරැල්ල පල්ලියේ තිබූ ‍බෝම්බය පිළිබඳ සම්බන්ධ විමර්ශනය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලීසිය කරන නාටකය පැහැදිලිව පෙනෙන්නට ඇති බවත් සත්‍ය හෙළිවනතුරු ආණ්ඩුවට එරෙහිව අරගල කරන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

    උන්වහන්සේ පවසා ඇත්තේ මෙම විමර්ශනයේදී ආණ්ඩුවටට හෝ පොලීසියට ලිස්සා යාමට ඉඩ නොදෙන බවය.

    අගරදගුරු හිමියෝ වැඩිදුරටත් මෙලෙස කීහ.

    “මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි පොලීසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා.

    ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කෙනෙක් ගෙනාවද හොයන්න පුළුවන් වෙනවානේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක අර ‘මුනි’ කියන කෙනා පිට මේක දාලා අතහෝදගන්න පොලිසීය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. එහෙම දේවල් කරන්න අපිට ඉඩදෙන්න බැහැ සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට.

    ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලීසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරැද්ද හරිගස්සන් ඕනේ. මේ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලීසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්නට පෙර පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා.

    අනිත් එක ඒක විතරක් නෙමෙයි, අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බයත් මේ මනුස්සයාගේ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා පොලීසිය මිනිස්සුන්ට ගහලා තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරන් කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ අනෙක් තුන්දෙනාට වුණ අසාධාරණයට අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.