fbpx
තවත්

    සාපෙළ දක්ෂයන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

    0

    අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

    ඊට අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.

    අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

    එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.

    මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ අදාළ නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතුය. එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළයුතුය.

    කලාප අධ්‍යාපන කාර්යාල වෙත විදුහල්පතිවරුන් විසින් ලබා දෙන අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් තෝරාගත යුතු අතර, ඉහළම සුදුසුකම්ලාභීන් 30 දෙනා තෝරාගෙන අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බැංකු ගිණුමේ පිටපතක් හා ඊට අදාළ අනෙකුත් විස්තර සම්පූර්ණ කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2023-02-03 දිනට පෙර ලබාදීමට කටයුතු කළයුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

    මීට අදාළ පුවත්පත් දැන්වීම ජනාධිපති අරමුදල මගින් 2022-12-05 දින “දිනමිණ” සහ “තිනකරන්” යන ජාතික පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ http://www.presidentsfund.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පසුගියදා (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

    අලුත්කඩේ උසාවියේ රන් අතුරුදන්වීමේ විමර්ශන සී.අයි.ඩී.යට

    0

    අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු උණුකරන ලද පවුම් 44ක රන් කැබලි දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    මෙම රන් තොගය අතුරුදන් වී ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු පැමිණ එය රැගෙන ගොස් නොව, ඊට එහා ගිය එකක් බව ද කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන්ට මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එහි සැකය කිහිප දෙනෙකු වෙත යොමු වී ඇත. එම පුද්ගලයින් වැඩි කල් නොගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනීවි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    බොරැල්ල සහ මාළිගාවත්ත පොලිස් ස්ථාන මගින් කළ විමර්ශනයකින් සොයාගත් මෙම රන් කැබලි දෙක නඩු දෙකකට අදාල ව නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත්කර තිබී ඇත.

    නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු ලෙස කටයුතුකරන ලිපිකරු විසින් පසුගිය 03 වෙනිදා කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලිකර ඇත්තේ නොවැම්බර් 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පොලිස් නිලධාරියෙක් විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාකිරීමට යැයි කියා එම රන් කැබලි දෙක රැගෙන ගිය බවය.

    පොලිස් වෙසින් කොල්ලකන ගැහැණු එක්ක 6ක් අත්අඩංගුවට

    0

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මහමඟ ගමන්කරන කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල සහ පිරිමින්ගේ මුදල් පසුම්බි කොල්ලකෑම්වල නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත කොල්ලකල්ලියක 06 දෙනෙක් පිළියන්දල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කොල්ලකෑම්වල නිරත රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට ගොස් අලෙවි කරනුයේද කාන්තාවන් දෙදෙනා බවත් ඇතැම් අවස්ථාවලදි ඔවුන්ද කොල්ලකෑම්වලට සම්බන්ධව ඇති බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

    කැස්බෑව, හොරණ, කහතුඩුව, මොරගෙහහේන, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවල කොල්ලකෑම් 15ක් මෙම කොල්ල කල්ලිය විසින් කර ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම කල්ලිය විසින් යතුරු පැදිලිවල ගමන්කරන අතර තුර කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලවලට අමතරව අත් බෑග්ද කොල්ලකා ඇතැයි පොලීසිය කියයි.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 26ත් 46ත් අතර වයස්වල පසුවන්නන්ය.

    ජල විදුලි වැඩ බිමෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්

    0
    Explosive sign yellow with stripes, 3D rendering

    මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ බිමකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ගම්පොල පොලිස් ස්ථානයට ලැබී තිබේ.

    එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ආරක්ෂක නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන් වන්නේ ඇමෝනියා නයිට්‍රේට් තොගයක් මෙසේ අතුරුදන්ව ඇති බවය. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය සැකකරයි.

    හරකෙක් කළ හදියක් – 23ක් රෝහලේ

    0

    කිලිනොච්චිය ප්‍රදේශයේදී අතිසුඛෝපභෝගී බස් රථයක් අද(05) අලුයම අනතුරට ලක්වීමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    කොළඹ සිට යාපනය බලා ධාවනය වූ මෙම බසය 155 වැනි කිලෝමීටර කණුව අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකු ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

    සිද්ධියෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

    ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද සඳහන් ය.

    තෙවන පාසල් වාරය අද සිට – අතරමැද පන්තිවලට සිසුන් ගන්නේ නෑ

    0

    2022 වසරේ තෙවන පාසල් වාරය අද (05) ආරම්භ වේ.

    තෙවන පාසල් වාරය 2023 වසරේ මාර්තු මස 24වන දින අවසන් වීමට නියමිතය.

    2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම අද සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුවය.

    ඒ, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙන් පසුව බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද(05) දිනයේත් රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    ආනයනික ලොකු ළූණු – ටින් මාළු බදු සංශෝධනයක්

    0

    ආනයනික ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබේ.

    ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත.

    දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය.

    උ.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු ගැන තීන්දුවක්

    0

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ පසුව ප්‍රතිඵල ඉහළ යාම මත යම් සිසුන් පිරිසකගේ කඩයිම් ලකුණු ඉහළ ගියහොත් අනෙක් සිසුන්ගේ කඩඉම් ලකුණු පහළ යාමක් සිදු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

    ප්‍රතිඵල වෙනස් වීම මත සිසුන්ගේ කඩඉම් ලකුණු ඉහල පහල යාම සාමාන්‍ය පරිදි සිදුවන නමුත් කඩයිම් ලකුණු ඉහළ නැංවීම මිස තවත් පිරිසකගේ කඩයිම් කඩයිම් ලකුණු පහළ නොදැමීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබෙන බව එම කොමිෂන් සභාව කියයි.

    එමනිසා නැවත සමීක්ෂණ ප්‍රතිඵල හේතුවෙන් කිසිදු දරුවකුගේ කඩයිම් ලකුණු පහළ නොයන බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

    විදුලි කැපිල්ලක් නෑ කීවට ගාලු කොටුව සංචාරකයන් කළුවරේ

    0

    මේ මස පළමුවැනිදා සිට සංචාරක කලාපවල විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දිනපතා විදුලිය කපා හරින බවට එහි ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

    ගාල්ල කොටුව ප්‍රදේශයට ඉකුත් දින කීපයේදීම සාමාන්‍ය පරිදි දහවල් සහ රාත්‍රී කාලයේදී විදුලිය කපා හැරි බව ද එම නිසා ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් බලවත් අසරණතාවයකට පත්වූ බවද ඔවුහු පවසති.

    මේ දිනවල ගාල්ල ප්‍රදේශයේ සංචාරකයින් බහුලව ගැවසෙන අතර විදුලිය කපා හැර ඇති අවස්ථාවලදී ඔවුන් වෙළඳසැල් වෙත නොපැමිණෙන බවද ව්‍යාපාරිකයෝ පවසති.

    මේ මස පළමුවෙනි දින සිට රුහුණේ සහ ඇල්ල ප්‍රදේශයේ සංචාරක කලාපවලට විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉකුත්දා නිවේදනය කළේය.

    එන සතියේ මැකො ඡන්දය ප්‍රකාශයට පත්කරයිද?

    0

    පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නැති හෙයින් මේ සතිය තුල එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

    දැනට පවතින වාතාවරණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යම් හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා නීතිමය බාධාවක් ඇති කළහොත් එහි වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය සම්මත කිරීම නිසාත් නව මැතිවරණ කොමිසමක් ස්ථාපිත කර නැති නිසාත් මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොවන බව ද ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසීමට අවශ්‍ය නැති බවද පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

    මෙවැනි අන්තර්කාලීන තත්වයන් යටතේ හිටපු මැතිවරණ කොමසාරිස්වරුන් වන දයානන්ද දිසානායක සහ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් ඡන්ද විමසීම් ගණනාවක් පැවැත් වූ බව ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ .

    පාසල් 3 වැනි වාරය හෙට ඇරඹේ – උසස් පෙළට යන සිසුන්ට පණිවුඩයක්

    0

    රජයේ පාසල්වල 2022 වසරේ තුන්වැනි වාරය හෙට (05) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව තුන්වැනි වාරය හෙට සිට 2023 වසරේ මාර්තු මස 24 වැනි දින දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    තෙවන වාරය තුළ එනම් ජනවාරි මාසයේදී අධ්‍යයන පොදු අධ්යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම කාලය තුළ සිසුන්ට අතරමැද නිවාඩුවක් හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

    මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2022 වසරේ අපොස සා පෙළ ප්‍රතිපල මත උසස්පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින් විෂය ධාරාව ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාල පාසලට යොමු කිරීම සිදුකළ යුතු බව ය.

    අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන අයදුම්පත් බාර නොගන්නා බවද එම අමාත්‍යාංශය කියයි.

    කොවිඩ් හෝටල් නිරෝධායනයේදී හමුදා ලොක්කන්ගේ නෝනලාගේ ගිණුමට සල්ලි ගිහින්

    0

    “කොවිඩ් කාලේ විගමනික ශ්‍රමිකයන් සූරා කෑව බව අපි පිළිගන්නවා. ඔවුන් අපිත් එක්ක, රටත් එක්ක තරහා වෙන්නත්, ඩොලර් නොඑවන්නත් ප්‍රධාන හේතුව ඒකයි. හෝටල් නිරෝධායනය හරහා හමුදාවේ ලොකු ලොක්කන්ගේ නෝනලාට ගිණුමට මුදල් ගියා. තොරතුරු හෙට අනිද්දාට එළියට එයි. අපිටත් ඕනෑ විදේශගත ශ්‍රමිකයාගෙන් හූරා කෑ අය සොයා ගන්නයි.” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    ‍මේ අතර විදේශ රැකියා නියෝජිතායතන 400ක් තාවකාකිලව තහනම් කළ බව ද පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    “විදේශ රැකියා නියෝජිතායතන අපි තදින්ම නියාමනය කරනවා. ඩොලර් නැතිව උණ්ඩියල් විදියට මුදල් ගෙන්වාගත් නියෝජිතායතනත්, සංචාරක වීසා මගින් යවලා, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතන වගේ නියෝජිතායතනත් 400ක් දැනට තාවකාලිකව තහනම් කරලා තියෙනවා.”

    “ඉස්සර ලක්ෂ හතහමාරක් වුණ විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍ර දීමේ ගාස්තුව ලක්ෂ තිහක් කරනවා. බලපත්‍රය නිකුත් කරන්නේ නිසි අධීක්ෂණ ක්‍රියාවලියකින් සහ බලපත් හිමියා සම්බන්ධ දැඩි අධ්‍යයනයකින් පසුව පමණයි.” යැයි ද අමාත්‍යවරයා එහිදී කීය.

    රට ඉඳන් එවන විදෙස් මුදල් බලෙන් රුපියල් කරන කතා බොරු – මහබැංකුව

    0

    විදෙස්ගතව රැකියාවල නියුතු ලාංකිකයන් මෙරටට එවන ලද විදේශ විනිමය බලහත්කාරයෙන් රුපියල් බවට හරවන්නේ යැයි පැතිරෙන කටකතා මුලුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

    එමෙන්ම ඔවුන්ගේ විදේශ මුදල් මත බදු පනවා ඇතැයි පැවසීම ද අසත්‍ය බව මහබැංකුව අවධාරණය කර සිටී.

    ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට ඔවුන්‍ වෙත ලබාදෙන දිරිදීමනා ද එලෙසින්ම තවදුරටත් ලබාදෙන බවය.

    ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති ප්‍රකාශය පහතින් දැක්වේ.

    “විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍යයි.

    විදේශ ප්‍රේෂණ මත කිසිදු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශීය විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කළ හැක.

    තවද, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු හෝ වෙනසක් නොමැතිව බුක්ති විඳිය හැක.”

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ පෞද්ගලීකරණයම නෙවෙයි

    0

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂණයකට භාජනය කොට, අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම එමගින් සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් විස්තර කරමින් පැවසීය.

    එමෙන්ම අමාත්‍යවරයා එහිදී පැවසූයේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවයි.

    එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    කලක් තිස්සේ පාඩු ලබන මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ.

    දිස්ත්‍රික් ගණනාවකට අද මහ වැසි

    0

    අද (04) දිනයේදී බස්නාහිර, වයඹ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අද විදුලිය කැපෙන වේලාව

    0

    අද(04) දිනයේත් පැය 2 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    න්‍යෂ්ටික බෝම්බ හෙළන අමෙරිකාවේ අලුත්ම ගුවන් යානය

    0

    ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව සිය නවතම න්‍යෂ්ටික බෝම්බ හෙලන යානය වන B-21 ඊයේ එළිදක්වනු ලැබීය.

    මෙම යානය ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි යානය නිෂ්පාදනය කරණු ලබන නෝත්‍රොප් ග්‍රුමන්ගේ සමාගමේ කර්මාන්ත ශාලාවකදී පැවති විශේෂ උත්සවයකදී එළිදක්වන ලදී.

    ඒ අනුව මෙම නව ගුවන් යානය සීතල යුද සමයේ සිට එක්සත් ජනපදය භාවිතා කළ B2 ගුවන් යානය වෙනුවට ඉදිරියේදී භාවිතා කිරීමට නියමිතය.

    එක්සත් ජනපදය වසර 30 කට පසු පළමු වරට නිෂ්පාදන කළ මෙම නව ගුවන් යානය සඳහා ඩොලර් මිලියන 700 පමණ වැය විය හැකි බවට අනුමාන කරයි. මෙම ගුවන් යානයට න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික ආයුධ රැගෙන යා හැකිය.

    මෙම යානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ, එය “විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් ඇමරිකාව සතු කල්පවත්නා වාසි පිලිබඳ සාක්ෂියක්” බවයි.

    ආරක්ෂක ලේකම් ඔස්ටින් පැවසුවේ මෙම යානය එක්සත් ජනපද බලඇණියේ දැනට පවතින බෝම්බ හෙලන යානාවලට වඩා සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන ඇති බවයි. මෙම යානය අති නවීන ගුවන් ආරක්ෂක පද්ධති වලින් පවා සැඟවී සතුරු ඉලක්ක විනාශ කිරීමේ හැකියාවක් පවතින බවද හෙතෙම පැවසීය.

    ” වසර පනහක පමණ කාලයත් අධ්‍යයනය කරමින් දියුණුව කළ තාක්ෂණය මෙම ගුවන් යානය නිපදවීමට යොදාගෙන තියෙනවා.” යනුවෙන්ද ඔහු පැවසීය.

    මෙම ගුවන් යානයේ විශේෂත්වයක් වන්නෙ තවමත් වැඩිදියුණු කර නොමැති නව ආයුධ පවා ඇතුළත් කිරීමට ඉඩ සලසන පරිදි එය නිර්මාණය කර තිබීමයි.

    මෙහිදී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ නව
    B-21 ගුවන් යානයේ පළමු නිල ගුවන් ගමන ලබන වසරේ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව මෙම මාදිලියේ ගුවන් යානා හයක් දැනට නිෂ්පාදනය වෙමින් පවතින අතර, නිෂ්පාදකයා පැවසුවේ, ඒවා “ඊළඟ පරම්පරාවේ රහසිගත” විශේෂාංගයක් වනු ඇති බවත්, එය නිශ්චිතව දක්වා නොමැති “නව නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ ද්‍රව්‍ය” භාවිතා කරන බවත්ය.

    එක්සත් ජනපද ගුවන් හමුදාව අවම වශයෙන් ගුවන් යානා 100 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද උත්සවයේදී අනාවරණය විය.

    එක්සත් ජනපදය මීට පෙර යොදාගත් B2 ගුවන් යානය වලට සතුරු රේඩාර් පද්ධති මගහරිමින් ඉතා රහසිගතව සිය ඉලක්ක වෙත ළඟාවී ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතී.

    ඒ අනුව එක්සත් ජනපදය දැනට භාවිතා කරන B2 මේ වන විට භාවිතා කරන දියුණුතම ගුවන් යානා වර්ගය වන අතර එවා හීරේඩාර් පද්ධති මගහරවා යාමේ සුවිශේෂී තාක්ෂණයකින් අන්තර්ගත වේ.

    ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදය දැනට භාවිතා කරන B2 ලොව අනෙකුත් රටවල් ගුවන් යානා වලට වඩා පරම්පරා කිහිපයක් ඉදිරියෙන් පවතින අතර මෙම නව ගුවන් යානය තවත් දශක කීපයකට ජනපදයට ඇමරිකා එක්සත් ගුවනේ බලය අත්පත් කර දීමටත් සමත් වනු ඇත.

    රාජ්‍ය නිලධාරීන්ට වරප්‍රසාදයක් අහිමි වෙයි

    0

    රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ නිල කාර්යයන් සඳහා ලබාදී ඇති රජයේ වාහන ඔවුන් විශ්‍රාම යාමේදී පැවරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් තීන්දුවක් ගෙන තිබේ.

    ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

    සංචාරකයින්ගේ ආරක්ෂාවට App එකක්

    0

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    තවද සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන්ම 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

    තානාපති කාර්යාලවලට බිහිසුණු පාර්සල් ඇවිත් – යුක්‍රේනයෙන් හදිසි නියෝගයක්

    0

    යුරෝපා රටවල් කිහිපයක පිහිටි යුක්‍රේන තානාපති කාර්යාල වෙත සත්ව ඇස් බහාලු පාර්සලය බැගින් ලැබී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

    විශේෂිත වර්ණයක් සහ සුවඳක් සහිත දියරයක පොඟවා ඇති ඇසුරුම් සහිත මෙම බිහිසුණු ආකාරයක් ගත් පාර්සලය අවසාන වරට ලැබී ඇත්තේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයට ය.

    මෙවැනිම සත්ව ඇස් බහාලු පාර්සලය බැගින් හංගේරියාව, නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රෝඒෂියාව, ඉතාලිිය, නේපාලය, චෙක් ජනරජය ආදි රටවල යුක්‍රේන තානාපති කාර්යාල වෙත යවා තිබේ.

    මෙම පාර්සලය ලද වහාම එම තානාපති කාර්යාලවල ආරක්ෂාව දැඩි කොට පොලිස් සුනඛයන් යොදවා ඇත.

    වතිකානුවේ පිහිටි යුක්රේන තානාපතිවරයාගේ නිවසේ දොරටුව විනාශ කර ඇති බවත්, කසකස්තානයේ පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයට ව්‍යාජ බෝම්බ තර්ජනයක් ලැබී ඇති බවත් යුක්රේන බලධාරීහු පවසති.

    ‘අපි මෙම පණිවිඩයේ තේරුම අධ්‍යයනය කරමින් ඉන්නේ’ යනුවෙන් යුක්රේන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඔලෙග් නිකොලෙන්කෝ පවසයි.

    එමෙන්ම යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සියලුම යුක්‍රේන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල දැඩි ආරක්ෂාවක් යටතේ තබන ලෙස හදිසි නියෝගයක් ද නිකුත් කර තිබේ.

    කුඩුකාරයෙක් බේරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය ජාවාරම්කරු අත්අඩංගුවට

    0

    අවිස්සාවේල්ල තල්දූව නගරයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 2100ක් සමඟ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් පොලිස් නිලධාරීන්ට ලබාදීමට සූදානම් වූ පුද්ගලයෙකුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ සීතාවක කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ දැනුම්දීමකට අනුවය.

    අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කුඩු සමඟ හෂන් නිලූෂ ප්‍රේමලාල් නැමැති ජාවාරම්කරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    එම අවස්ථාවේදී එම ජාවාරම්කරුට සම්බන්ධ තවත් ජාවාරම්කරුවෙක් පොලිස් නිලධාරීන් මුණ ගැසී 50,000 මුදලක් ලබාදීමට කථාබහකරගෙන ඇති බවත් ඒ බව එම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව දැනුවත්කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානයට පැමිණි අමිතිරිගල පදිංචි අමිල සඳරුවන් නැමැති අය විසින් පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000ක මුදලක් ලබාදෙන අවස්ථාවේදිම අත්අඩංගුවට ගෙන ඇත.

    නයිජීරියාව රඳවා සිටින යාත්‍රාවේ ලාංකිකයන්ගේ අලුත්ම තත්වය

    0

    නයිජීරියානු මුහුදට ඇතුළු වීම හේතුවෙන් එරට බලධාරීන් විසින් රඳවා ගත් යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා තහවුරු කර තිබේ.

    ඒ එම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයාබැලීම සඳහා මහකොමසාරිස්වරයා එහි ගිය අවස්ථාවේදී ය.

    ඉන්දියාවේ, පෝලන්තයේ සහ පිලිපීනයේ මහ කොමසාරිස්වරු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එම්/ටී හෙරොයික් ඉදුන් (MIT Heroic IDUN) නමැති මෙම යාත්‍රාවට ගොස් තිබුණි.

    ආහාර, වෛද්‍ය පහසුකම්, විනෝදාස්වාද පහසුකම් ඇතුළුව ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම සියලු ආකාරයේ සහය නයිජීරියානු නාවික හමුදාව විසින් ඔවුන් වෙත සලසනු ලබන බව මහකොමසාරිස්වරයා පවසයි.

    මෙම නෞකාව පසුගිය අගෝස්තු මාසයේදී රඳවා ගැනුණි. ඊට අදාළ මීළඟ නඩු විභාගය ලබන ජනවාරි 11 වැනි දිනට නියමිත ය.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහ කොමසාරිස් කාර්යාලය මෙම තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරනු ඇත.

    යාලට පෝලිමේ..

    0

    යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීමට නැරඹීමට පැමිණි විශාලතම විදේශීය සංචාරකයින් පිරිස පසුගියදා (30) යාල වනෝද්‍යානයට පැමිණි අවස්ථාව පහත ඡායාරූපවලින් දැක්වේ.

    මෙවැනි විශාල සංඛ්‍යාවක විදේශිකයන් පිරිසක් යාල සිරි නැරඹීමට පැමිණියේ වසර දෙක හමාරකට පසු ය.

    ගෝලීය කොවිඩ් වසංගතයේ බලපෑම නිසා ඇතිවූ රට අගුලු දැමීම්, මෑතදී රට තුළ පැවති අරගල තත්ත්වයන් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටී තිබූ අතර මේ වනවිට එම තත්ත්වයන් සමනය වෙමින් පවතී.

    එබැවින් රට තුළ සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් දක්නට තිබේ.

    පොලිස් වෙසින් කොල්ලකෑමකට යමින් සිටි 8ක් අල්ලයි

    0
    two arrest

    නිධානයකින් ගොඩගත් බව කියන රත්තරන් තොගයක් පොලිස් වෙසින් කොල්ලකෑමේ සූදානමින් වෑන් රථයක නැගී බකමූණ බලා ගමන් කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් කරන ලද සෙබලෙක් ඇතුළු 08 දෙනෙකුගේ කණ්ඩායමක් අත්විලංගු ජෝඩුවක් සහ සෙල්ලම් පිස්තෝල 02ක් සමඟ නාවුල පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇලහැර මාර්ගයේ ගමන්කරමින් තිබුණු මෙම පිරිස රැගත් වෑන් රථය පෙරේදා සවස නාවුල මාරාගමුවේදී ක්ෂණික පොලිස් මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුන් සතුව තිබුණු සෙල්ලම් පිස්තෝග දෙක සහ අත්විලංගු ජෝඩුව හමුවීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව නාවුල පොලීසිය සඳහන් කළේය.

    ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්කර ඇති පුද්ගලයා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයේ ඇතිවුණු කැරැල්ලක් අතර තුර එම මාංචු කුට්ටම බන්ධනාගාරයෙන් සොරාගත් බවය. ගම්පහ අස්ගිරියේ සඳගිරිවත්තේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පිහියෙන් ඇන පුද්ගලයෙකුව ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබා ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. ඔහු පවසා ඇත්තේ තමා බන්ධනාගාරයෙන් එළියට එනවිට එම මාංචු කුට්ටම රැගෙන ආ බවය. පොලීසිය පවසනුයේ එසේ මාචු කුට්ටමක් සොරාගෙන සිරකරුවෙකුට පිටතට රැගෙන ඒම කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවය. එබැවින් ඒ ගැන වැලිකඩ බන්ධනාගාරයෙන්ද කරුණු විමසා බලන බව නාවුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පරගස්තොට,ගල්පාන, රඹුක්කන, ගම්පහ, නෑබඩ, මිල්ලෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 47ත් 23ත් අතර පසුවන්නන් බව පොලීසිය සදහන් කළේය. මෙම සැකකරුවන් අතර වෘත්තියෙන් රියදුරන් කම්කරුවන් මෙන්ම ඇල්මේනියම් කාර්මිකයෙකු සහ කට්ටඩියෙකුද සිටින බව පොලීසිය කියයි.

    බකමූණේ පුද්ගලයෙකු විසින් නිධානයකින් ගොඩගත් රත්තරන් තොගයක් අලෙවි කිරීමට සූදානම්කර ඇති බවත් එම රත්තරන් තොගය මිලදී ගැනීමට යන ගැණුම්කරුවන් ලෙස එහි ගොස් එම රන් තොගය පොලිස් වෙසින් කොල්ලකෑම සිය අදහස බව හමුදා සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. එසේ පොලිස් වෙසින් කොල්ලකෑමක් සඳහා හෝ රන් මිලදී ගැනීමට මෙතරම් පිරිසක් රැගෙන යාම අසාමාන්‍ය බව පොලීසිය කියයි. කට්ටඩියෙකුත් මෙම කණ්ඩායමේ සිටින බැවින් පොලීසිය සැකරනුයේ නිධානයක් ගොඩ ගැනීමට මෙම පිරිස ගමන් කරමින් සිට ඇති බවය. ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා ගැනීම සදහා සැකකරුවන් රදවාගෙන දින තුනක් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් කෝටි ගානක රන් කුට්ටි දෙකක් අමුතු විදිහකට උස්සලා

    0

    අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල උණු කළ රන් කුඩ්ඩි දෙකක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු විසින් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ඊයේ සවස පැමිණිල්ලක් කර තිබේ.

    ඊට අනුව සොරා ගැනීමට ලක්ව ඇත්තේ පවුම් 44 ක රන් තොගයකි. දැනට පවතින වෙළඳ පොළ වටිනාකටම අනුව මෙම රන් වල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වනු ඇත.

    කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාල නඩු භාණ්ඩ ලෙස මෙම රන් කුට්ටි දෙක තිබී ඇති අතර ගබඩා භාරකරු පොලිසියට පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙක් බව සඳහන් වූ පුද්ගලයෙක් විසින් ඉකුත් 23 වෙනිදා මෙම රන් කුට්ටි දෙක රැගෙන ගිය බවය. මැණික් හා ස්වණාභරණ අධිකාරියට ඉදිරිපත්කර වාර්තථාවක් ගැනීමට ඇතැයි කියමින් එම රන් කුට්ටි දෙක එම නිලධාරියා රැගෙන ගිය බවද ගබඩාභාරකරු පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් පවසනුයේ එසේ නිලධාරියෙක් ඉල්ලූ සැණින් නඩු භාණ්ඩ නිකුත් කරන්නේ නැති බවත් ඊට අධිකරණ නියෝගයක් තිබිය යුතු බවයත්ය. ගබඩාභාරකරු මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී සඳහන්කර ඇත්තේ තමාට නියෝගයක් පෙන්නූ බවකි. එහෙත් ඔහු ඒ කියන අධිකරණ නියෝගයේ පිටපතක් ලබා ගෙන ලේඛන ගත නොකිරීම ගැටළුවක් බව පොලීසිය කියයි.

    එසේම මෙම රන් කුට්ටි දෙක නඩු දෙකකට අදාල බැවින් අධිකරණ නියෝග දෙකක් තිබිය යුතු බවත් කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාල නඩු දෙකකට අදාල නඩු භාණ්ඩ දෙකක් එසේ සී.අයි.ඩී. යැයි කියූ නිලධාරියෙකුට ලබාදීමට ගැටළු සහගත බවත් මේ ගැන කළ මූලික විමර්ශනයේදි පෙනී ගොස් තිබේ.

    යම් පොලිස් නිලධාරියෙක් නඩු භාණ්ඩයක් නඩු භාාණ්ඩ ගබඩාවෙන් ලබාගන්නේ නම් එම නිලධාරියාගේ නම තනතුර හැදුණුම්පත් අංකය ආදී තොරතුරු සටහන් තබාගැනීම සාමාන්‍යෙයන් සිදුවන ක්‍රියාවකි. එහෙත් ඒ කිසිවක් නඩු භාණ්ඩ ගබඩාභාරකරු සටහන්කරගෙන නොමැති බැවින් මෙම රන් භාණ්ඩ අතුරුදන්වීම දැඩි සැකයට තුඩු දෙන බව පොලීසිය කියයි.

    මාකදුරේ ටියුෂන් පංතියේ සිසුවා වෙන්නප්පුවේ පිහිණුම් තටාකයේ ගිලී මිය යයි

    0

    පන්නල මාකදුරේ පිහිටි උපකාරක පංතියක සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් ලුණුවිල බොරලැස්සේ හෝටලයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටියදී එක් සිසුවෙක් දියේ ගිලී මිය ගොස් ඇත.

    මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    සදංකාව මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩී.අයේෂ් පෙරේරා නැමැති සිසුවා මෙසේ මියගොස් තිබේ.

    බොරලැස්ස ලුණුවිල පදිංචි මෙම සිසුවා ඇතුළු 80 දෙනෙකුගේ කණ්ඩායමක් වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටි හෝටලයට පැමිණ ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

    සිසුන් කිහිප දෙනෙකු මෙහිදී පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    චීනය උදව් නොකළොත් ‘චයිනා ගෝ හෝම්’ ළඟදීම – මන්ත්‍රී රාසමාණික්කම්

    0

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීන රජය කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව තුළ ‘ChinaGoHome’ ව්‍යාපාරයක් කඩිනමින් දියත් කරන බවත් තමා ඊට නායකත්වය දෙන බවත් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය වෙත අද අනතුරු අඟවා තිබේ.

    අද (02) පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු නම් මෙරටට සහය වීමට අවශ්‍ය නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බව ය.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ණයහිමියන්ගේ එකඟතා ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ඇනහිට ඇති බවට අදහස් දැක්වීම අතරතුර මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ය.

    තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ට්විටර් ඔස්සේ දිගින් දිගටම තමාව ‘Tag’ කරමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී සිය කනස්සල්ල පළකළේය.

    “I am speaking for the people of Sri Lanka. I have the privilege to speak in this House. The Chinese Embassy repeatedly tagging me on Twitter is a serious concern for Sri Lanka’s sovereignty. What does the Chinese Embassy have to do with matters discussed within this chamber…

    චීනය කියන්නේ ඩොලර් ට්‍රිලියන 20ක ආර්ථිකයක් තියෙන රටක්. රටක් වශයෙන් අපි එයාලට ණයවෙලා තියෙන්නේ බිලියන 7.4ක්. චීනය ඇත්තටම ලංකාවේ යාළුවා නම් එක්කෝ මේ ණය කපන්න ඔ්න. අපි මේ ණය මුළුමනින්ම කපාහරින්න කියන්නෙත් නෑ. අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලන්නේ. ඒකට හරි උදව් කරන්න…

    I would like to warn the Chinese, there will be a ‘china go home’ soon & I will Lead it.” යැයි ද ශානකියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ජනපතිගේ වැදගත් -රහසිගත ලේඛන ගෙනියන්න යුද හමුදාවෙන් බෑගයක්

    0

    ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

    මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද්දකි.

    ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක්(Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි.

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.

    ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මඟපෙන්වීම මත, යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.

    මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උප‍දෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇත.

    ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ මගින් දෛනිකව ලිපිගොනු විශාල ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයට යොමු කරන බවත්, එහිදී ලිපිලේඛන බහලුම් සඳහා වැයවන මුදල් අවම කර ගැනීමට සියලු අමාත්‍යාංශවලට මෙවැනි බෑගයක් භාවිතා කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය බෑග් ද යුද හමුදාවට නිෂ්පාදනය කළ හැකි බවත් පැවසීය.

    උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරන ලද මෙම බෑගය බාර ගැනීමෙන් පසු එය පරික්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිර්මාණ දායකත්වය සැපයූ සියලු ශිල්පීන් ඇගයීමට ලක් කළේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිය බරපතල වැඩ ඇතිව වසර 10ක් හිරේට

    0

    සුරා බදු වැරදි සඳහා අයකරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරිංචිආරච්චි මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 10කට සිරදඩුවම් අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියම කළේය.

    එසේ ඇයට සිරදඩුවම් නියම වූයේ පොදු දේපොල පනතේ වරදක් කරළ බවට පවරා තිබුණු නඩු දෙකකටය. ඒ එක් නඩුවකට වසර 05 බැගිනි.

    මේ වන විට අධිකරණය මඟහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නිකුත් කළේය.

    සිරදඩුවමට අමතරව ඇයට රුපියල් 22,500 ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා විසින් පනවනු ලැබීය.

    2000 වසරේ අප්‍රේල් මස 04 වනදා සහ 05 වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000 දඩ මුදලක් රුපියල් 1,500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ඇයට එරෙහිය ගොනුකර තිබුණි.

    විත්තිකාරිය අධිකරණය මඟහැර සිටි බැවින් මෙම නඩුව විභාග කෙරුණේ ඇය නොමැතිවය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරිය ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දුකරමින් මෙම තීන්දුව ඇයට එරෙහිව ප්‍රකාශයට පත්කරනු ලැබීය.