fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙවන පාසල් වාරය අද සිට - අතරමැද පන්තිවලට සිසුන් ගන්නේ නෑ

    තෙවන පාසල් වාරය අද සිට – අතරමැද පන්තිවලට සිසුන් ගන්නේ නෑ

    2022 වසරේ තෙවන පාසල් වාරය අද (05) ආරම්භ වේ.

    තෙවන පාසල් වාරය 2023 වසරේ මාර්තු මස 24වන දින අවසන් වීමට නියමිතය.

    2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම අද සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුවය.

    ඒ, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙන් පසුව බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.