fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයින්ගේ ආරක්ෂාවට App එකක්

    සංචාරකයින්ගේ ආරක්ෂාවට App එකක්

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    තවද සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන්ම 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.