fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත්කඩේ උසාවියේ රන් අතුරුදන්වීමේ විමර්ශන සී.අයි.ඩී.යට

    අලුත්කඩේ උසාවියේ රන් අතුරුදන්වීමේ විමර්ශන සී.අයි.ඩී.යට

    අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු උණුකරන ලද පවුම් 44ක රන් කැබලි දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    මෙම රන් තොගය අතුරුදන් වී ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු පැමිණ එය රැගෙන ගොස් නොව, ඊට එහා ගිය එකක් බව ද කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන්ට මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එහි සැකය කිහිප දෙනෙකු වෙත යොමු වී ඇත. එම පුද්ගලයින් වැඩි කල් නොගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනීවි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    බොරැල්ල සහ මාළිගාවත්ත පොලිස් ස්ථාන මගින් කළ විමර්ශනයකින් සොයාගත් මෙම රන් කැබලි දෙක නඩු දෙකකට අදාල ව නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත්කර තිබී ඇත.

    නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු ලෙස කටයුතුකරන ලිපිකරු විසින් පසුගිය 03 වෙනිදා කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලිකර ඇත්තේ නොවැම්බර් 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පොලිස් නිලධාරියෙක් විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාකිරීමට යැයි කියා එම රන් කැබලි දෙක රැගෙන ගිය බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.