fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් කෝටි ගානක රන් කුට්ටි දෙකක් අමුතු විදිහකට...

    අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් කෝටි ගානක රන් කුට්ටි දෙකක් අමුතු විදිහකට උස්සලා

    අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල උණු කළ රන් කුඩ්ඩි දෙකක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු විසින් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ඊයේ සවස පැමිණිල්ලක් කර තිබේ.

    ඊට අනුව සොරා ගැනීමට ලක්ව ඇත්තේ පවුම් 44 ක රන් තොගයකි. දැනට පවතින වෙළඳ පොළ වටිනාකටම අනුව මෙම රන් වල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වනු ඇත.

    කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාල නඩු භාණ්ඩ ලෙස මෙම රන් කුට්ටි දෙක තිබී ඇති අතර ගබඩා භාරකරු පොලිසියට පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙක් බව සඳහන් වූ පුද්ගලයෙක් විසින් ඉකුත් 23 වෙනිදා මෙම රන් කුට්ටි දෙක රැගෙන ගිය බවය. මැණික් හා ස්වණාභරණ අධිකාරියට ඉදිරිපත්කර වාර්තථාවක් ගැනීමට ඇතැයි කියමින් එම රන් කුට්ටි දෙක එම නිලධාරියා රැගෙන ගිය බවද ගබඩාභාරකරු පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් පවසනුයේ එසේ නිලධාරියෙක් ඉල්ලූ සැණින් නඩු භාණ්ඩ නිකුත් කරන්නේ නැති බවත් ඊට අධිකරණ නියෝගයක් තිබිය යුතු බවයත්ය. ගබඩාභාරකරු මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී සඳහන්කර ඇත්තේ තමාට නියෝගයක් පෙන්නූ බවකි. එහෙත් ඔහු ඒ කියන අධිකරණ නියෝගයේ පිටපතක් ලබා ගෙන ලේඛන ගත නොකිරීම ගැටළුවක් බව පොලීසිය කියයි.

    එසේම මෙම රන් කුට්ටි දෙක නඩු දෙකකට අදාල බැවින් අධිකරණ නියෝග දෙකක් තිබිය යුතු බවත් කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාල නඩු දෙකකට අදාල නඩු භාණ්ඩ දෙකක් එසේ සී.අයි.ඩී. යැයි කියූ නිලධාරියෙකුට ලබාදීමට ගැටළු සහගත බවත් මේ ගැන කළ මූලික විමර්ශනයේදි පෙනී ගොස් තිබේ.

    යම් පොලිස් නිලධාරියෙක් නඩු භාණ්ඩයක් නඩු භාාණ්ඩ ගබඩාවෙන් ලබාගන්නේ නම් එම නිලධාරියාගේ නම තනතුර හැදුණුම්පත් අංකය ආදී තොරතුරු සටහන් තබාගැනීම සාමාන්‍යෙයන් සිදුවන ක්‍රියාවකි. එහෙත් ඒ කිසිවක් නඩු භාණ්ඩ ගබඩාභාරකරු සටහන්කරගෙන නොමැති බැවින් මෙම රන් භාණ්ඩ අතුරුදන්වීම දැඩි සැකයට තුඩු දෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.