fbpx
තවත්
    මුල් පිටුවspecialන්‍යෂ්ටික බෝම්බ හෙළන අමෙරිකාවේ අලුත්ම ගුවන් යානය

    න්‍යෂ්ටික බෝම්බ හෙළන අමෙරිකාවේ අලුත්ම ගුවන් යානය

    ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව සිය නවතම න්‍යෂ්ටික බෝම්බ හෙලන යානය වන B-21 ඊයේ එළිදක්වනු ලැබීය.

    මෙම යානය ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි යානය නිෂ්පාදනය කරණු ලබන නෝත්‍රොප් ග්‍රුමන්ගේ සමාගමේ කර්මාන්ත ශාලාවකදී පැවති විශේෂ උත්සවයකදී එළිදක්වන ලදී.

    ඒ අනුව මෙම නව ගුවන් යානය සීතල යුද සමයේ සිට එක්සත් ජනපදය භාවිතා කළ B2 ගුවන් යානය වෙනුවට ඉදිරියේදී භාවිතා කිරීමට නියමිතය.

    එක්සත් ජනපදය වසර 30 කට පසු පළමු වරට නිෂ්පාදන කළ මෙම නව ගුවන් යානය සඳහා ඩොලර් මිලියන 700 පමණ වැය විය හැකි බවට අනුමාන කරයි. මෙම ගුවන් යානයට න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික ආයුධ රැගෙන යා හැකිය.

    මෙම යානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ, එය “විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් ඇමරිකාව සතු කල්පවත්නා වාසි පිලිබඳ සාක්ෂියක්” බවයි.

    ආරක්ෂක ලේකම් ඔස්ටින් පැවසුවේ මෙම යානය එක්සත් ජනපද බලඇණියේ දැනට පවතින බෝම්බ හෙලන යානාවලට වඩා සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන ඇති බවයි. මෙම යානය අති නවීන ගුවන් ආරක්ෂක පද්ධති වලින් පවා සැඟවී සතුරු ඉලක්ක විනාශ කිරීමේ හැකියාවක් පවතින බවද හෙතෙම පැවසීය.

    ” වසර පනහක පමණ කාලයත් අධ්‍යයනය කරමින් දියුණුව කළ තාක්ෂණය මෙම ගුවන් යානය නිපදවීමට යොදාගෙන තියෙනවා.” යනුවෙන්ද ඔහු පැවසීය.

    මෙම ගුවන් යානයේ විශේෂත්වයක් වන්නෙ තවමත් වැඩිදියුණු කර නොමැති නව ආයුධ පවා ඇතුළත් කිරීමට ඉඩ සලසන පරිදි එය නිර්මාණය කර තිබීමයි.

    මෙහිදී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ නව
    B-21 ගුවන් යානයේ පළමු නිල ගුවන් ගමන ලබන වසරේ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව මෙම මාදිලියේ ගුවන් යානා හයක් දැනට නිෂ්පාදනය වෙමින් පවතින අතර, නිෂ්පාදකයා පැවසුවේ, ඒවා “ඊළඟ පරම්පරාවේ රහසිගත” විශේෂාංගයක් වනු ඇති බවත්, එය නිශ්චිතව දක්වා නොමැති “නව නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ ද්‍රව්‍ය” භාවිතා කරන බවත්ය.

    එක්සත් ජනපද ගුවන් හමුදාව අවම වශයෙන් ගුවන් යානා 100 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද උත්සවයේදී අනාවරණය විය.

    එක්සත් ජනපදය මීට පෙර යොදාගත් B2 ගුවන් යානය වලට සතුරු රේඩාර් පද්ධති මගහරිමින් ඉතා රහසිගතව සිය ඉලක්ක වෙත ළඟාවී ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතී.

    ඒ අනුව එක්සත් ජනපදය දැනට භාවිතා කරන B2 මේ වන විට භාවිතා කරන දියුණුතම ගුවන් යානා වර්ගය වන අතර එවා හීරේඩාර් පද්ධති මගහරවා යාමේ සුවිශේෂී තාක්ෂණයකින් අන්තර්ගත වේ.

    ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදය දැනට භාවිතා කරන B2 ලොව අනෙකුත් රටවල් ගුවන් යානා වලට වඩා පරම්පරා කිහිපයක් ඉදිරියෙන් පවතින අතර මෙම නව ගුවන් යානය තවත් දශක කීපයකට ජනපදයට ඇමරිකා එක්සත් ගුවනේ බලය අත්පත් කර දීමටත් සමත් වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.