fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් කොල්ලකන ගැහැණු එක්ක 6ක් අත්අඩංගුවට

    පොලිස් වෙසින් කොල්ලකන ගැහැණු එක්ක 6ක් අත්අඩංගුවට

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මහමඟ ගමන්කරන කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල සහ පිරිමින්ගේ මුදල් පසුම්බි කොල්ලකෑම්වල නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත කොල්ලකල්ලියක 06 දෙනෙක් පිළියන්දල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කොල්ලකෑම්වල නිරත රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට ගොස් අලෙවි කරනුයේද කාන්තාවන් දෙදෙනා බවත් ඇතැම් අවස්ථාවලදි ඔවුන්ද කොල්ලකෑම්වලට සම්බන්ධව ඇති බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

    කැස්බෑව, හොරණ, කහතුඩුව, මොරගෙහහේන, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවල කොල්ලකෑම් 15ක් මෙම කොල්ල කල්ලිය විසින් කර ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම කල්ලිය විසින් යතුරු පැදිලිවල ගමන්කරන අතර තුර කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලවලට අමතරව අත් බෑග්ද කොල්ලකා ඇතැයි පොලීසිය කියයි.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 26ත් 46ත් අතර වයස්වල පසුවන්නන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.