fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වෛද්‍ය-හෙද 100ක් පුහුණු කළොත් 40ක්ම රට අතහැර යනවා"

    “වෛද්‍ය-හෙද 100ක් පුහුණු කළොත් 40ක්ම රට අතහැර යනවා”

    මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත්, එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (22) පස්වරුවේ එක් වෙමිනි.

    මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබා දී තිබෙන බවත් “ලයිසියම් කැම්පස්” ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එසේම කෘත්‍රීම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යාම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මෙයා මේවා කියවන්නේ පුද්ගලික වීශ්ව විද්‍යාල ටිකක් දාගන්න , නැත්නම් රටට ආදරයට නෙමේ. දොස්තරලාට 35000.00 වැඩි කරලා ඒ ගොබිලයන්ගේ කට වැහුව්වා.

    ඔබේ අදහස් දක්වන්න.