තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු වතාවට කෝප් කමිටුවේ වෙච්ච දේට තීරණයක් ගන්නැයි දන්වයි

    පළමු වතාවට කෝප් කමිටුවේ වෙච්ච දේට තීරණයක් ගන්නැයි දන්වයි

    පසුගියදා සිදුවූ ඉල්ලා අස්වීම් ගණනාවකින් පසුව පුරප්පාඩු වූ සාමාජික ධුර වෙනුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා වෙනත් මන්ත්‍රීවරුන් නම් කරන ලෙස අදාළ පක්ෂවලට දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ යළි පත්කළ කෝප් සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීමට ප්‍රතිචාර වශයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම දැනුම්දීමේ සඳහනක් නොමැති බවයි.

    කෝප් කමිටුවේදී මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙය බවද ඔහු පවසයි.

    එම ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බව ඔහු පවසයි.

    පසුගියදා රෝහිත අබේගුණවර්ධන මහතා සභාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට කෝප් කමිටුවෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පමණ ඉල්ලා අස්විය.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, එස්. එම්. මරික්කාර්, අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානකියන් රාසමණික්කම්, ගාමිණී වලේබොඩ, හේෂා විතානගේ, ඩිලාන් පෙරේරා යන මහත්වරු කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img